ජීවිතයේ සන්ධ්‍යා භාගයට ළං වූ පුද්ගලයෙක් සැදෑ කල අවර අහසේ මන්දාලෝකය දෙස බලා සිටියි. එළැඹි හුදෙකලාවේ හෙතෙම සිය අතීතයේ සුන’රුත් වූ පේර්මය පිළිබඳ ආවර්ජනයෙක යෙදෙයි. කවුළු දොරින් පැන ගිය ඒ කාල ප‍්‍රවාහය යළි නොඑළැඹෙන සිහිනයෙකි. එබැවින් ඒ දුර සැමැරුම් දහරේ වෙළී ගත කැරුම පමණි ඔහුට ඇති එක ම සුවය.
තනිකම
සැන්දෑ අහසේ
ඉරට මුවාවෙන්
කාලය කවුළු දොරින් මිය යනවා
ඈත අතීතෙන්
පියවර නඟමින්
කණ වැල අල්ලන්
කවුදෝ එනවා
බලාපොරොත්තුව
සිතට තුරුලු වී
ඈ එන පෙර මඟ බලා හිඳිනවා
දුකට මිහිර දෙන
පාළුව තනිකම
මා වට දැවැටී කඳුළු සලනවා
අදත් එදා මෙන්
නුපුබුදු සුවඳක්
ඒ අතරේ මා
ළයට දැනෙනවා....
සංගීත ඥානයෙන්, ගායන කෞශල්‍යයෙන් අනූන මෙරට ප‍්‍රමුඛ ශිල්පියකු වන ආචාර්ය දයාරත්න රණතුංගයන් ගේ ‘සැන්දෑ අහසේ’ නම් මේ ගීය මෙරට රසිකයනට ආගන්තුක වූවක් නො වේ. මෙයින් දසක තුනකට පෙරාතුව අපේ සරල ගීයේ සූක්ෂ්මාත්මතාව මේ යැයි ඉඟි කරන මේ නිමැවුම දයාරත්න රණතුංගයන් ගේ ම සංගීතයෙන් හා ගැයුමෙන් රමණීය වූවකි.
ආචාර්ය රණතුංගයෝ ස්වකීය නිර්මාණය පිළිබඳව මෙසේ පවසයි.
“මේ ගීතය ගැන කතා කරන කොට මගේ හිත 1960 දශකයේ අවසාන භාගය දක්වා දිව යනවා. ගීතයට අදාළ නොවූවත් මේ ටික මට නොකියාම බැහැ.
ඒ කාලේ ගීත ක්ෂේත‍්‍රයට කොහෙත්ම සම්බන්ධයක් නැති හෝටල් ක්ෂේත‍්‍රයේ රැකියාව කළ තරුණයෙක් මට නිතර ඔහු ලියූ ගී පදවැල් ගෙනැවිත් දෙනවා. ඔහු වැඩ කළේ ගෝල්ෆේස් හෝටලයේ.
මා ඔහු සමඟ මිතුරු වුණා. ඉඳහිට මාත් ගෝල්ෆේස් හෝටලය පැත්තට ගොස් ඔහු හමුවුණා. මෙතැන නම් ඔබට කොහෙත්ම ගැලපෙන තැනක් නොවෙයි” කියා මා ඔහුට කීවේ ඔහුගේ දක්ෂතා හඳුනාගත් බැවින්.
ඔහු ඒ කාලයේ ආධුනිකයකු වුවත් ප‍්‍රතිභාපූර්ණ ගීත රචකයෙක්. ඔහු නිසා ම මම ඔහු වැනි වූ ආධුනික ගීත රචකයන්ට අත දීම උදෙසා මියුරස වින්දන නම් වැඩසටහනක් ගුවන් විදුලියේ ඇරැඹුවා.
ඒ නිසා එවකට කරුණාරත්න අබේසේකර, චිත‍්‍රානන්ද අබේසේකර, ඩෝල්ටන් අල්විස්, සරත් විමලවීර වගේ ප‍්‍රවීණ ගීත රචකයන් කීප දෙනෙකු අතර පැවැති ගීත රචනා ශිල්පය ආධුනික දක්ෂයන් අතරටත් ගියා.
ඒ අතරින් බිහි වූ දක්ෂයන් අද ගීත රචනයේ ප‍්‍රවීණයෝ අජන්තා රණසිංහ, කුලරත්න ආරියවංශ, සමන් චන්ද්‍රනාත් වීරසිංහ, සිරි සමන් විජේතුංග වගේ කීප දෙනෙක් ඉන්නවා.
එයින් ප‍්‍රධානම රචකයෙක් තමයි ‘සැන්දෑ අහසේ ඉරට මුවා වී’ නම් වූ මේ අපූරු ගීතය ලියූ රචකයා. ඒ සුනිල් සරත් පෙරේරා. අද ඔහු ගුවන් විදුලි සංස්ථා සභාපතිවරයා.
මේ ගීතය සුනිල් සරත් පෙරේරා මට ලියූ මුල් ම ගීතයයි. එවකට ප‍්‍රවීණ ගීත රචකයන් ගේ ගී දෙස බලන විට මේ ගීයේ පදවැලේ අමුත්තක් තිබුණා. මා මෙය කීප වතාවක් අධ්‍යයනය කරමින් අර්ථ ගන්වමින් කියෙව්වා.
එසේ කියවද්දී මෙයින් කියැවෙන ගී සිතුවම මගේ හිතේ චිත‍්‍රණය වුණා. මින් කියැවෙන්නේ සිය පෙර ගමන් මඟ පිළිබඳව ආවර්ජනය කරන ජීවිතයේ සැඳෑ සුවයට අවතීර්ණ වූ පුද්ගලයකු ගේ සිතිවිලි.
මින් කියැවුණු අර්ථය සුන්දරයි. ශෘංගාරාත්මකයි. එහෙත් ඒ ශෘංගාරය සැඟවිලයි තිබෙන්නේ. විප‍්‍රලම්භ ශෘංගාරය මතු කරවනවා. ඒ සිතිවිලි ඔස්සේ සිත මෙහෙයවූ මට මේ සංගීත රටාව ඉබේටම සිහියට ආවා. මා ලද අත්දැකීම් හා මගේ සංගීත ඥානය යොදා මෙයට තනුවක් නිර්මාණය කළා.
මා යෙදූ තනුව නිර්මාණය කළේ රාගධාරී සංගීතය ඇසුරින්. මේ ගීතයේ සුන්දර බව මධුර බව තීව‍්‍ර වන කාලය හෙවත් ගාන සමයට එළැඹී මා ‘යමන් කල්‍යාණ’ රාගය ඇසුරු කොට ගීත තනුව නිම කළා. මේ ගීතය වාදනයට හා ගායනයට සුදුසුවන්නේ සැන්දෑ කාලයයි.
රාගධාරී සංගීතයේ ඒ ඒ කාල සමයයන්ට උචිතව ගායනා කරන රාග තිබෙනවා.
මේ අනුව දවස පුරා වෙහෙසි සැන්දෑ කාලයේ ගෙදරට එන අයකුට සැන්දෑ කාලය විවේකීව ගත කිරීමට මේ රාගය උදව් වෙනවා.
“සැන්දෑ අහසේ” ගීතයෙන් කියැවෙන්නේ ජීවිතයේ සැදෑ සමය ගෙවන අයකු සිය අතීතය පිළිබඳව සිතන සිතිවිලි. අතීතයේ සිට කණ වැල අල්ලාගෙන කවුදෝ එනවා ඔහු හඟිනවා. අතීතයේ තමා බලාපොරොත්තු වූ ඇඳිරිය තවමත් මඟ බලමින් සිටින අයුරු ඔහුට මැවී පෙනෙනවා. ඔහු විවේකීව සිය පාළුව තනිකම රස විඳින අයුරු ගීතයේ සංගීතයෙන් ද කියා පානවා.
මෙහිදී යමන් කල්‍යාණ රාගය මෙන් ම අප අසා පුරුදු නිතර ඇසුරු කරන හින්දි ගීත නිර්මාණයන් ගේ ආභාසයන් ද මට ලැබුණා. යමන් කල්‍යාණ රාගයෙන්ම ගැයෙන මුකේෂ් ගේ අන්ෂුබරී හයි, සාරංගා තෙර ආජාන් වැනි ගීතවල සංගීතය ද මා ගුරු කොට ගත්තා.
මේ ගීත අපේ සිතින් බැහැර කළ නො හැකි වූ හින්දුස්ථානි සංගීතයේ රාගධාරි සංගීතය ඇසුරින් නිමැවුණු ජනප‍්‍රිය ගීත. ඒ වගේ ම දැන් තනි වී සිටින අයකු ගේ සිතට දැනෙන පාළුව අඟවන්නට මේ ගීතයේ සංගීත රටා නිර්මාණය කළා. විශේෂයෙන් සිතාරයේ තත් පද ඔහුගේ සිතේ පවතින දුක ගම්‍ය කරනවා. එදා පුබුදු නොවූ සුවඳක් රැගෙන අතීතය කණ වැල අල්ලා ගෙන එනවා.
ඒ අද්භූත බවත් සංගීතයෙන් තීව‍්‍ර වෙනවා.
මේ ගීතය මටම සුදුසු ගීයක් ලෙසයි මට හැඟුණේ. මගේ කටහඬට හා ගායන විලාසයට මනා සේ ගැලැපෙන ගීයක් මෙය.
පාළුව තනිකම මකා ලන්නට සැන්දෑ සමයට උචිත වූ සංගීතයකින් සැරැසී ඇති මේ ගීතය හොඳ රසඥතාවෙන් යුතු ගීත රසිකයන් අතර සදා රැඳෙන ගීයක් වෙන්නට ඇති.
සුනිල් සරත් පෙරේරා අද ප‍්‍රවීණයකු වුව ද එකල අංකුර ගීත රචකයකු වශයෙන් කළ මේ නිර්මාණය සැබැවින් ම විශිෂ්ටයි. කාව්‍යෝචිතයි. ඔහුගේ ප‍්‍රතිභාව මා හඳුනා ගත් එක ගීයක් තමා මෙය.
මේ ගීතය ඒ යුගයේ සිට අද දක්වාත් ප‍්‍රබුද්ධ ශ‍්‍රාවකයන් අතර ජනප‍්‍රිය වීමෙන් එහි නිර්මාණාත්මක සාර්ථක බව මට හැෙඟනවා. එසේ ම මා ගායනා කළ ගී අතරින් මං වඩාත් කැමැති ගීත අතරින් එකක් මේ ගීතය.
මෙය ‘ගාන සමයට’ උචිත සංගීතයකින් සැරසී ඇති නිසාත් රසිකයින් අතර සදා රැඳෙන ගීයත් වන්නට ඇතැයි මට සිතෙනවා.”
ගී පද රචනයේ බස ද, ඒ බස පෝෂණය කල හැකි ආශ‍්‍රය භූමි ද පිළිබඳ මනා අවධානයකින් ස්වකීය යුගයේ ගී පද රචනා කාර්යයට කිසියම් ගෞරවාන්විත ස්වරූපයක් ලබාදුන් ගීත ප‍්‍රබන්ධක සුනිල් සරත් පෙරේරාත් සමඟ මේ ගී නිමැවුම පිළිබඳව කතා කෙළෙමි.
”මෙය මගේ ගී රචනා ජීවිතයේ මුල් අවධියේ රචනා වූ ගීතයක්. මා මුල සිටම ගීතයක් රචනා කිරීමේ දී කිසියම් දාර්ශනික නැඹුරුවකට ඒ ගීතය ලියන්නට උත්සාහ ගත්තා.
මේ ගීතයත් සරල ගීයක් වුවත් කිසියම් දර්ශනයක්, ජීවිතය පිළිබඳ ගැඹුරක් මතුකරන්නට අත්හදාබැලීමක් කළ ගීයක්. අපේ ගීත රචකයන් බොහෝ දෙනකු මෙවන් අත්හදාබැලීම් කරන්නට නැඹුරු වුණේ නැහැ.
”ඉරට මුවාවෙන් කාලය කවුළු දොරින් මියයනවා.
ජීවිතයේ අනියත බව මින් ධ්වනිත වෙනවා. ඒ වගේම පේර්මයේ වින්දනය ලැබූ තරුණයකු සිය ජීවිතයේ සැන්දෑ සමයේ දී අතීතය පිළිබඳ යම් ආවර්ජනයක යෙදීමක් මේ ගීතයෙන් මා කියා තිබෙනවා.
ඔහු සිය අහිමි වූ පෙම්වතිය පිළිබඳව ආවර්ජනය කරන්නේ ඈ පිළිබඳ කෝපයක් සැකයක් හෝ සැහැසිකමක් නැතිවයි. ඉතාමත් උපේක්ෂාවෙන් සංයමයෙන් යුතුව ඇය ගැන ඔහු සිහි කරනවා. එමෙන්ම කරලිය කෙරෙහි පමණක් නොව තමා කෙරෙහිද ආත්ම දයාවක් තරුණයා තුළ පවතිනවා.
”ඈත අතීතෙන් පියවර නඟමින් කණවැල අල්ලන් කවුදෝ එනවා බලාපොරොත්තුව ළයට තුරුලු වී ඈ එන පෙරමඟ බලා සිටිනවා”
ඔහුගේ බලාපොරොත්තුව තවමත් පෙරමඟ බලා සිටිනවා. බලා සිටින්නේ බලාපොරොත්තුවයි. මෙහි දී මා රූපකාර්යයට මුල් තැන දෙමිනුයි මේ ගීතය රචනා කළේ. මේ භාෂාත්මක කාව්‍ය ප‍්‍රයෝග අත්හදාබලන්නට මා උත්සාහ කළා.
’බලාපොරොත්තුව බලා සිටිනවා කාලය කවුළු දොරින් මිය යනවා’ යනාදී යෙදුම් අමුතු භාෂාත්මක ප‍්‍රයෝගයි.
වියෝ වූ පෙම්වතිය පිළිබඳව ඔහු තුළ ඇත්තේ දයාවක්. ඒ වගේ ම මා ‘විරහව‘ රසයක් ලෙස ඉස්මතු කරන්නට උත්සාහ කළා.
මළ හිරු බහින සැන්දෑවක තරුණ විය පිළිබඳ ව ආවර්ජනයක යෙදෙන වියපත් මිනිසකුගේ සිතිවිලි සංයමයෙන් යුතුව මා මේ ගීතයට ඇතුළු කළා. මගේ ගීත රචනාවට විශාරද ආචාර්ය දයාරත්න රණතුංගයන් ගේ කටහඩින් හා සංගීතයෙන් විපුල මෙහෙයක් සිදුවී තිබෙනවා.
ඔහු මේ සඳහා සංගීතය සපයා තිබෙන්නේ යමන් කල්‍යාණ රාගය මුල් කොට ගෙනයි එය ගීතයේ අර්ථයට හා ගීතයෙන් කියැවෙන කාලයට ඉතා උචිත රාගයයි.
යමන් රාගය ඉරානයෙන් ආ “ඉමන්” නම් වූ රාගයයි. ඉන්දියාවට එය ආවේ ඉරාන සංගීතඥයන් ගෙන් මේ රාගයෙන් සැන්දෑ කාලය නිරූපණය වනවාක් මෙන්ම අලුත් පරිසරයකට සිත මෙහෙයවනවා.
මගේ බොහෝ ගීතවල මේ දාර්ශනික නැඹුරුව මෙන්ම රූපක යොදා ගැනීම බහුලව දකින්නට පුළුවන්. මේ ගීතය ගීතයක් ලිවීමේදී රූපක යොදාගන්නා අයුරු පිළිබඳ නිදර්ශන සපනයවා යැයි මට හිතෙනවා.”
ගීත පදරචනය අතිශය දුර්භාග්‍යසම්පන්න තත්ත්වයකට ඇද වැටී ඇති මෙකල මෙබඳු දාර්ශනික හා සාහිත්්‍යික අගයෙන් යුත් ගී පිළිබඳ ව අනාගත පරපුර යොමු කරවීමේ යුතුකම හා වගකීම අපේ ගුරු දෙගුරුනට, වැඩිහිටියනට පැවැරී ඇති අතිශය කාලෝචිත කාර්යයකැයි අවසන් වශයෙන් අවධාරණය කරමු.

0 comments:
Post a Comment