728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Thursday 3 April 2014

දරුවා විසි කළ අම්මාට මාස තුනක සිර දඬුවම් හා දඩ

දින 06 ක්‌ වයසැති බිලිදෙකු විනාශ කිරීම සඳහා ගල්ගමුව ප්‍රදේශයේ ජලාශයකට විසිකර දමා ගිය එම බිළිඳාගේ මවට වයඹ පළාත්බද මහාධිකරණ විනිසුරු සමන් කුමාර රත්නායක මහතා විසින් මැයි 03 දා බරපතළ වැඩ සහිත සිර දඬුවමක්‌ නියම කළ අතර මුදලින් 25000/- ක දඩ මුදලක්‌ නියම කරන ලදී.

අගතියට පත් දරුවාට චූදිත දරුවාගේ මවගෙන් මුදලින් රුපියල් ලක්‍ෂ 2 ක්‌ ගෙවන ලෙසටද අධිකරණය නියෝග කළේය.


2007 මාර්තු 27 දින හෝ ඊට ආසන්න දිනකදී ගල්ගමුව නිකවැව ප්‍රදේශයේ ජලාශයේ පන්ගොල්ලකට විසිකර දමා ගිය මොහාතේ එම ස්‌ථානය අසලින් ගිය පුද්ගලයකුට දරුවාගේ හඬ ඇසීම නිසා දරුවා සොයාගෙන ඔහුගේ ජීවිතය ආරක්‌ෂාකර ගල්ගමුව පොලිසියට භාරකර ඇත.

සැමියාගෙන් වෙන්වී වාසය කළ ගල්ගමුව, ගිරිබාව ප්‍රදේශයේ ජීවත්වූ මෙම කාන්තාව දරුවා හදා වඩා ගැනීමට නොහැකි නිසා දරුවා විනාශ කිරීමට මෙම ක්‍රමය යොදාගෙන ඇත.

කුරුණෑගල මහාධිකරණයේ නඩු අංක 93/10 යටතේ නඩු පවරා තිබූ ගල්ගමුව ගිරිබාව ප්‍රදේශයේ පදිංචිව සිටි අතපත්තු මුදියන්සේලාගේ කල්‍යාණි (අවු. 27) නමැති දරුවාගේ මවට වයඹ පළාත්බද මහාධිකරණ විනිසුරුවරයා විසින් මාස 03 ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් සමඟ රු. 2500/} මුදලින් දඩ නියම කරන ලදී.

දැනට අවු. 07 වයසැති මෙම පිරිමි දරුවා අනුරාධපුර අශෝක ළමා නිවාසය භාරව වැඩෙමින් සිටියි.

චූදිත කාන්තාව වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්‌වීම සඳහා කිසිදු නීතිඥයෙක්‌ පෙනී නොසිටි අතර පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥ පී. ප්‍රනාන්දු මහත්මිය අධිකරණයට පෙනී සිටියේය.

ගල්ගමුව පොලිසියේ ඒ.ආර්.පී. රණසිංහ මහත්මා මෙම නඩුව අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: දරුවා විසි කළ අම්මාට මාස තුනක සිර දඬුවම් හා දඩ Rating: 5 Reviewed By: Unknown