728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Saturday 5 April 2014

ලෙස්‌ටර්ට සුබ උපන් දිනයක්‌

විශ්ව කීර්තියට පත් ශ්‍රී ලාංකීය මහා සිනමාකරුවා වන ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ මහතාගේ අනුපස්‌වැනි උපන් දිනය අදට (05දාට) යෙදී ඇත.
ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ මහතාට ගෞරව කිරීමක්‌ ලෙස අද කොළඹ ජාතික ලේඛනාරක්‌ෂක දෙපාර්තමේන්තු පරිශ්‍රයේ සිනමා සංරක්‌ෂණගාරයේ කටයුතු සුබ මොහොතින් පෙරවරු 10.00 ට ආරම්භ කෙරිණි. ආචාර්ය පීරිස්‌ මහතා වසර ගණනාවක සිට ඉල්ලා සිටි සිනමා සංරක්‌ෂණාගාරය අද විවෘත කෙරෙන අවස්‌ථාවට ඒ මහතාද සමග ප්‍රවීණ සිනමාවේදීනී සුමිත්‍රා පීරිස්‌ මහත්මියද සහභාගි වන්නීය.

අනුපස්‌වැනි විය සපුරන ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ මහතාට "ලංකානිව්ස්"ද සුබ පතමින් නිරෝගී සුව ප්‍රාර්ථනා කරයි.


ජගත් සිනමා සිතියමේ ලාංකීය ලකුණ

ටක ඉතිහාසය පිරික්සන විට යම් යම් ක්‍ෂේත‍්‍ර අරබයා සුවිශේෂි මෙහෙවරක් කරන ලද පුද්ගලයන් හමුවනු ඇත. ලාංකීය කලා ඉතිහාසයේ පිටු පෙරළා බලන විට එවැනි චරිත අපට හමුවෙයි.
නාට්‍ය කලාවෙහිලා මහඟු මෙහෙවරක් කිරීමෙහිලා මහාචාර්ය එදිරවීර සරච්චන්ද්‍ර නාමයත් නවකතා හා සාහිත්‍ය කලාව සම්බන්ධයෙන් මාර්ටින් වික‍්‍රමසිංහ නාමයත් සේම සිංහල සිනමා වංශ කථාවේ එවැනි සුවිශේෂ නාමයක් ලෙස අපට හමුවන්නේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් නාමයයි.
දේශීය සිනමාවක් බිහි කිරීම සහ ලෙස්ටර් නාමය අතර ඇත්තේ අවියෝජනීය සබඳතාවකි.
අපේ යැයි කටපුරා කිව හැකි සිනමා කලාවක් බිහි කිරීමේ පුරෝගාමීයා වන්නේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ය.
සිංහල චිත‍්‍රපට ඉතිහාස කතාව කියවන විට ප‍්‍රථම සිංහල කතානාද චිත‍්‍රපටය ලෙස හමුවන්නේ ‘කඩවුණු පොරොන්දුව‘ ය. ‘කඩවුණු පොරොන්දුව‘ චිත‍්‍රපටය වූකලී සිංහලෙන් කතා කරන බව සැබෑවකි.
එහෙත් එහි දේශීය උරුමය සහ ලාංකීය අනන්‍යතාව පිළිබඳ කිසිදු ලක්ෂණයන් නොමැත. 40 දශකයේ සිට එසේ තැනුණු සිංහල කතා කරන වට්ටෝරු රටාවේ චිත‍්‍රපටයට නව මුහුණුවරක් එක්කරමින් අසම සම පෙරැළියක් ඇති කරන ලද්දේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ය.
ඒ 1956 ‘රේඛාව‘ චිත‍්‍රපටය අධ්‍යක්‍ෂණය කරමිනි. ‘රේඛාව‘ වූ කලී කිසිදු ආකාරයකින් චිත‍්‍රාගාරයක ස්පර්ශ නොවූ එළිමහනේ රූගත කෙරුණු අපේ ම යැයි කිව හැකි චිත‍්‍රපටයකි.
සිංහල සිනමා ඉතිහාසයේ ප‍්‍රථම කඩඉම් සංධිස්ථානය සනිටුවන් වන්නේ එලෙසිනි. එතැන් සිට අද වනතුරු දශක 5 1/2ක් පුරාවට ස්වකීය සිනමා චාරිකාවේ සැරිසරමින් ප‍්‍රබුද්ධ සිනමාව පෝෂණයෙහිලා ලෙස්ටර් සිය ජීවිතයම කැප කෙළේ ය.
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් කාරණා කිහිපයක් නිසාම අපට සුවිශේෂී වෙයි. චිත‍්‍රාගාරයට කොටු වී සිටි සිනමා කැමරාව එළිමහනට ගෙන ගියේ ලෙස්ටර් ය.
අපේ සිනමාව ලෝකයා අතරට ගෙන ගියේ ද ලෙස්ටර් ය. බොහෝ නිර්මාණකරුවන් එකම තේමාවකට සිර වී නිර්මාණ සමඟ ගනුදෙනු කරද්දි ලෙස්ටර් ඒ රාමුවෙන් පරිබාහිරව කටයුතු කිරීමත් සුවිශේෂියි.
‘රේඛාව‘ ‘ගම්පෙරළිය’ ‘අක්කර පහ’ ‘බැද්දේගම’ චිත‍්‍රපටවලින් ගැමි ජීවිතයේ ඇති අව්‍යාජ සාම්ප‍්‍රදායික රටාව මැනැවින් ග‍්‍රහණය කොට ඇති අයුරු සහ ‘සංදේශය’, ‘වීරපුරන් අප්පු’ චිත‍්‍රපටහි දේශවාත්සල්‍යය සහ රණශූර බව විචිත‍්‍රණය කර අයුරු ප‍්‍රශස්තය.
ඉංග‍්‍රීසි අධ්‍යාපනයක් ලබා.... ඉංග‍්‍රීසි සාහිත්‍යයේ පෝෂණය ලද... වතුර ලෙස ඉංග‍්‍රීසි බස හසුරුවන.... එංගලන්තයේ පුවත්පත් කලාවේදියෙකු ලෙස රැකියාව කළ ලෙස්ටර් පීරිස් වැන්නෙකු සිංහල ජන ජීවිතය මෙතරම් අපූරුවට විචිත‍්‍රණය කිරීම සැබැවින් ම පැසසිය යුතු ය. ජගත් සිනමා සිතියමේ ලාංකීය සලකුණ ප‍්‍රථමයෙන් ම සනිටුහන් කළ ප‍්‍රථම ශ‍්‍රී ලාංකික සිනමාකරුවා වන්නේ ද ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ය.
ප‍්‍රසන්න විතානගේ, සෝමරත්න බාලසූරිය, අශෝක හඳගම, ප‍්‍රසන්න ජයකොඩි, බෙනට් රත්නායක ආදි පසු පරපුරේ නිර්මාණකරුවන් ජාත්‍යන්තරයට ගොස් කිත් පැසසුම් ගෙන එන්නේ එතුමා විවර කළ ඒ මාවත ඔස්සේ යමිනි.
ලෙස්ටර් පීරිස් හට ප‍්‍රථමයෙන් ම අන්තර්ජාතික පැසසුමක් පිරිනමන ලද්දේ අසල්වැසි රාජ්‍යයෙනි. නවදිල්ලි අන්තර්ජාතික සම්මාන උළෙලේ දී හොඳම චිත‍්‍රපටය උදෙසා පිරි නැමෙන ‘ද ගෝල්ඩන් පීකොක්’ The Golden Pea-coke  සම්මානය ‘ගම්පෙරලිය’ චිත‍්‍රපටයට ලැබුණේ ය.
එතැන් පටන් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ජාත්‍යන්තර සම්මාන උළෙලයන්හි දී පැසසුමට ලක් වු වාර අපමණ ය. 1966 දී මෙක්සිකෝවේ ‘අකපුල්කෝ’ ලෝක චිත‍්‍රපට උළෙලේ දී ‘ගෝල්ඩන් හෙඩ් ඔෆ් පැලන්ක්’ (Golden head of perlenk) සම්මානය ද 1978 දී තුන්වැනි කයිරෝ අන්තර්ජාතික උළෙලේ දී හොඳම චිත‍්‍රපටය සඳහා පිරිනැමෙන ‘අක්නටොන්’ සම්මානයෙන් ද ලෙස්ටර් පීරිස් පිදුම් ලැබීය.
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අසහය නිර්මාණ භාවිතය අගයනු වස් ප‍්‍රංස රජය විසින් ‘කමාන්ඩර් ඔෆ් ආට්ස් ඇන්ඩ් ලෙස්ටර් (Comander of Arts and Lester) කෑන්ස් චිත‍්‍රපට උළෙලේ දී ෆෙ‍්‍රඩ්රිකෝ පෙලිනි ගෞරව සම්මානය සහ ඉන්දීය රජය විසින් යාවජීව කර්තව්‍ය ගෞරව සම්මානයෙන් ද පිදුම් ලැබීය.
ජාතියේ පිනට පහළ වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් නැමැති යුග පුරුෂයාණන්ගේ සිනමා භාවිතය මෙසේ ජාත්‍යන්තරව පැසසුම් ලබද්දී එතුමාගේ අග‍්‍රගන්‍ය වූ සේවාව අගයා උපන් බිමෙන් ද කිත් පැසසුම් ලැබුණි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ කැලණිය විශ්වවිද්‍යාලයේ ලෙස්ටර් හට ආචාර්ය උපාධි දෙකක් ම පිරි නමන ලද්දේ ලාංකීය සිනමාවේ ඔහු ඇති කළ මහා පෙරැළිය අගයනු වස් ය.
මෙරට පිරිනමන ඉහළම සම්මානය වන ශ‍්‍රී ලංකාභිමාන සම්මානය මේ අග‍්‍රගණ්‍ය සිනමාවේදියා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් පසුගියදා පිදුම් ලැබී ය. මෙරට පැවැති සම්මාන උළෙලවල දී වැඩිම වාර ගණනක් සම්මානයට බඳුන් වූ අධ්‍යක්‍ෂවරයා වන්නේ ද මොහුම මිස වෙන කවරෙක් ද?
‘සිංහල සිනමාවේ අප්පච්චි’ ‘ලාංකීය සිනමාවේ පුරෝගාමි විප්ලවාදියා’ ‘හෙළ සිනමාවේ විශ්වීය ලකුණ’ ආදි විරුදාවලියන් ලත් අප ජාතියේ වාසනාවට හෙළ සිනමාව බබළවන්නට මෙරට පහළ වූ අග‍්‍රගන්‍ය සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ඡේම්ස් පීරිස් සූරීන්හට තවත් චිරාත් කාලයක් යෙහෙන් වැජඹෙන්නට අවැසි ශක්තිය.... ධෛර්යය.... වාසනා මහිමය නොඅඩුව ලැබේවා!
ලෙස්ටර් සහ විලියම් බ්ලෙක් 


ආනන්ද ජයරත්න සමග කාන්ති ගුණතුංග
මීදුම ප්‍රාථමික පාසල් සිසුවකුවු අවධියේ මීදුමගේ නිවහනට ආසන්න පරිසරයේ ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ගේ සංදේශය රූපගත කරනු ලැබීය. ලෙස්ටර් සහ විලීයම් බ්ලෙක් ඇතුළු පිරිසක් සුදුසු පරිසර පසුබිමක් සොයා ගිය චාරිකාවකදී බෙලිහුල්ඔය තානායමේ නවාතැන් ගනු ලැබු අතර තානායම අසලම පිහිටි තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිවරයා විසින් බෙලිහුල්ඔය අවට පරිසරය පෙන්වා ඒ පිලිබදව සිත්ගත් පිරිස සංදේශය රූගත කිරීමට බෙලිහුල්ඔය තෝරාගත් බව  අසා ඇත.
එකල රුපියල් 15000/= වැය කොට ප්‍රදේශයේ පදිංචිව සිටි ඉදිකිරීම් කොන්ත්‍රාත් කරුවෙකු ලවා ඉදිකල ප්‍රදේශයේ නිවාස ඉදිකරීම් සදහා යොදා ගත් කබොක් විශේෂයක්වු ගලින්  (කුඩුගල් ලෙස හදුන්වයි. ) සුවිසල් ඉදිකිරීමක්වු පෘතුගීසී බලකොටුව ඉදිකර තිබිණි. එම බිමේ දර්ශණ පසුතල සදහා බලකොටුවට පිවිසීමට මාර්ග පද්ධතියක් සහ ඉදිරිපස වෙළදපලක් වැනි තාවකාලික ඉදිකිරීම්ද තිබුනා මීදුමට මතකය. ලංකාවේ පෘතුගීසි යටත් විජිත විරෝධී අරගලය නිරූපිත සංදේශය චිත්‍රපටය හෙළ සිනමාවේ මුල් යුගයේ දැවැන්ත ම නිර්මානය මෙම  සිනමා පටයයි. සුනිල් ශාන්ත ගේ මධුර ගී තනු සදහා  ආර්. මුත්තුසාමි පසුබිම් සංගීතයෙන් ද දායක වූ සංදේශයේ 'කටේ කිරි සුව යන්නට පවා බැරි වුණා', 'රැජින මමයි අපේ රාජ්ජේ', 'පුරුතුගීසිකාරයා රටවල් අල්ලන්න සූරයා' වැනි ගීත රචනා කළේ අරිසෙන් අහුබුදු ය. මේ ගීත අදත් කණට මිහිරිය.
තිරනාටකය කේ.ඒ ඩබ්ලිව්. පෙරේරා, බෙනඩික්ට් දොඩම්පෙගම හා ලෙස්ටර් ය. ප්‍රධාන කැමරා ශිල්පියා වූයේ විලියම් බ්ලේක් ය. සුමිත්‍රා පීරිස් එහි සහාය අධ්‍යක්ෂවරියක වූවා ය. ආරියසේන වීරක්කොඩි සංදේශය චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂවරයා වූයේ ය. සංදේශය රූපගත කෙරුණේ බෙලිහුල්ඔය තානායමට මඳක් ඔබ්බෙන් පිහිටි එළිමහන් බිමක ය. මාස 14ක් තිස්සේ ශිල්පීන් 123කගේ සහභාගිත්වයෙන් දළ සේයා පට අඩි 120,000ක් භාවිතා කළ සංදේශයට එදා කේ. ගුණරත්නම්ගේ සිනමාස් සමාගම රු. ලක්ෂ පහක් ආයෝජනය කළේ ය

සංදේශය ලංකාවේ මුලින් ම වාරණය වූ චිත්‍රපට අතරට ද එක් වේ. එය රැඟුම් පාලක මණ්ඩලය විසින් වාරණය කරන ලද්දේ සාමාන්‍ය මිනිසුන් එහි භික්ෂු චරිත නිරූපණය කළ නිසා බව කියැවේ. පසුව මෙම වාරණය ඉවත් වුණේ මාපලගම විපුලසාර හිමියන්ගේ මැදිහත් වීමෙන් බව ද වාර්තා වේ. සංදේශය මුල් වරට තිරගත කර 1960 වසරේදීය.එවකට වයස අවුරුදු දොලහක දහතුනක  කුඩා පාසල් සිසුවකු වු මීදුම ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ගේ සංදේශය නමු වු දැවන්ත නිර්මාණය බැලීමට සැතපුම් 36 ක් ගෙවා රත්නපුර නගරයේ පිහිටා තිබු “ලක්‍ෂිමී “ සිනමා ශාලාවට ගියා ය. එකල දිනපතා පත්‍රවල බදාදා පලවු චිත්‍රපටි විචාර  නොවරදාවාම කියවන මීදුම සංදේශය ඔසවා තැබු උස බිෂ්පාසන පරිසරයේ ජීවත්වු මීදුමටද ආඩම්බරයක් විය. එහෙත්  සංදේශය  විඳින්නට තරම් මීදුම ඒ වන විට  මුහුකුරා ගොස් නො තිබිණි. පසුකලක මේ චිත්‍රපටිය නැවත බැලීමේ දැඩි උවමනාවක් මීදුමට ඇති වුනත් තවමත් එයට අවස්ථාව නම් උදා වුනේ නැත..
පුංචි අපිට මේ චිත්‍රපටියට රංගන දායකත්වය දැරූ ආනන්ද ජයරත්න, කාන්ති ගුණතුංග, ගාමිණී ෆොන්සේකා, අයිරාංගනී සේරසිංහ, වින්සන්ට් වාස් ඇතුළු රංගන ශිල්පීන් හා ශිල්පිනියන් රැසක්  නිතර දෙවේලේ මග තොටේදී හමුවිය. එකල බැහර පාසලක උගත් මීදුමට මිතුරන් හා ‍දෛනිකව බෙදා ගන්න සංදේශය පිළිබද බොහෝ මාතෘකා ඇතිවී තිබින. සංදේශයේ ප්‍රධාන චරිතයවු ආනන්ද ජයරත්න පරයා  ගාමිණී ෆොන්සේකා රසික රසිකාවියන් අතර ජනප්‍රිය වීමට ඉවහල් වූ මුල් කාලීන චිත්‍රපටයක්ද විය.






කටේ කිරි සුවද යන්නට පවා බැරිවුනා.
පසුතලය - වර්තමාන සබරගමුව විශ්ව විද්‍යාලය හරහා දිවෙන කුඹල්ගම මාර්තය



  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ලෙස්‌ටර්ට සුබ උපන් දිනයක්‌ Rating: 5 Reviewed By: Unknown