ලේඛකයා පී‍්‍රති ප්‍රමෝදයට පත්වෙන්නේ ඔහුගේ හෘද සාක්‍ෂ්‍යය අනන්‍යයන්ගේ හෘද සාක්‍ෂිය සමඟ එකට එකමුතු වූ විට පමණී’
සල්ටියකොව් ෂෙඩ්රින්ගේ මේ ප්‍රකාශය මා උපුටා ගත්තේ ‘කොන්ස්තන්තීන් පවුස්තව්ස්කි’ රචනා කරන ලද The Golden Rose නම් කෘතියේ සිංහල අනුවාදයෙනි. ඒ කෘතියේ වන සරල එහෙත් ගැඹුරු බව ඒ අයුරින් ම සිංහල පාඨකයා වෙත ‘රන් රෝස’ නමින් ගෙන ඒම පිළිබඳ ව ආරියවංශ රණවීරයන්ට ද අපගේ ගෞරවය හිමි විය යුතු වෙයි.
ලේඛකයාගේ හෘද සාක්‍ෂ්‍යය සහ පාඨකයාගේ හෘද සාක්‍ෂ්‍යය එක්තැන් වන අවස්ථා කීයක් නම් අපට හමුවී තිබේ ද? මට රන්රෝස මල නිමැවෙන අයුරු සිහිපත් වේ. ෂාමිට් නම් සොල්දාදුවකු විසින් දිගුකලක් තිස්සේ රන්කරුවන්ගේ සාප්පු අසල බිම වැටෙන රන්කුඩු එකතුකොට සුසේන් නම් යුවතියක් වෙනුවෙන් රන් රෝස මලක් නිමවයි. බෙහෙවින් වයස්ගත ව වාත අමාරුව සෑදී කෝටු කකුල් ගාටමින් ඔහු මේ රන්රෝස මල අතැති ව සුසේන් නම් තරුණිය සොයමින් යයි. එහෙත් ඔහු මිය යන තෙක් සුසේන් හමු නොවේ. ඉතා සියුම් රන් රෝස මලක් සහ පොහොට්ටුවක් සහිත අත්තක් මේ දයාර්ද්‍ර වූ නිර්මාණයට රන්කරුවා විසින් එක්කර තිබිණි. එය කිළිටි වී ගිය කොට්ටයට තද කොට රිබන් පටියකින් ගැට ගසා තිබියදී ෂාමීට් අවසන් හුස්ම හෙළයි. ජීවිත කාලයෙන් අඩක් ම වැයකොට වාසනාව ගෙනෙනවායැයි විශ්වාස කර නිමැවූ රන් රෝසමල සුසේන්ට දිය නොහැකිවුවද ඒ සුගැඹුරු ආදරයේ මහිමයෙන් සරත් ඍතුවේ අවසන් භාගයේ සැඳෑ අඳුර විනිවිද හමා යමින් තිබූ සුළඟත්, දැල්වුණු පහන් එළියේ ආලෝකයත් විසින් ෂාමිට් ගේ මුහුණ මත නිකළැල් ශාන්ත වූ, නිවී සැනහුණු බවක් එක්කොට එය අතිශය සුන්දර පියකරු මුහුණක් බවට පත්කොට තිබිණි. රන් රෝසමල තැනු රන්කරුවා ෂාමිට් ගේ මරණය අබියස සිටිමින් මෙසේ මිමිණී ය.
”ජීවිතය නොදුන් දේ මරණය ලබා දෙයි”
පසු කලෙක රන්රෝස මල තැනූ රන්කරුවා අතින් වෘද්ධ ලේඛකයෙක් මේ රන්රෝස මල මිලදී ගන්නේ එහි පුරාවෘත්තය අසා ඊට කරන ගෞරවයක් වශයෙනි. ෂාමිට් ගේ අපූර්ව ආදර කතාව පාඨක අප දැන ගන්නේ මේ වෘද්ධ ලේඛකයාගේ සටහන් අතරිනි. ඒ සටහන් අතර සාහිත ලෝකයේ සැරිසරන්නන්ට අගනා මාතෘ වාක්‍යයන් ඇතැයි මට සිතෙනා බැවින් එය මෙසේ සටහන් කරන්නෙමි.
”ගෙවෙන හැම නිමේෂයක්, නොසිතා බිණු වදනක්, හෙළු බැල්මක්, නොදැනෙන සේ ගැහෙන මිනිස් හද ගැස්මක්, පොප්ලර් ගසකින් පතිත වන මටුලු රේණුවක්, ගෙදිගු විලක දිලිසෙන තරු කිරණ කණිකාවක්, මේ සියල්ල ම රන් සුණු ය. ලේඛකයන් වන අපි චිරාත් කාලයක් යටි හිතෙන් මෙවන් අනන්ත අප්‍රමාණ රන්සුණු අහුලමු. අහුලා දිනෙක ඒවා ගෙන එකට තලා අපගේ ම රන්රෝස මලක් නිමවන තෙක් තැන්පත් කොට තබා ගෙන සිටිමු. ඒ රන්රෝස මල කතාන්දරයක්, නවකතාවක් හෝ කවක් විය හැකිය. සාහිත ශ්‍රොතස උපදින්නේ මේ අගය නොමිණිය හැකි රන් සුණු වලිනි.”
අපට ජීවිතයේ හමුවන අනේකවිධ රන්සුණු වරෙක අපට නොවටින්නේ ය. තවත් විටෙක වටිනවා යැයි දැනුණ ද එකතු කර ගැන්මට නොසිතේ. තවත් විටෙක අපි ඒවා එකතුකොට පසු ප්‍රයෝජනය තකා පැත්තකින් තබන්නෙමු. තවත් විටෙක රන්සුණු නොදැකම, නොදැනීම අප ජීවින ගමන යන අවස්ථා ද නැත්තේ නොවේ. අතිශයින් දුර්ලභ අවස්ථාවක මේ රන්සුණු නෙත ගැටී පන්හිඳෙහි රැඳී, එකී පන්හිඳෙන් වඩාත් ඔපමට්ටම් වී හෘදයාංගම වෙමින් තවත් බොහෝ දෙනකුට ජීවිතාවබෝධය ලබා දෙන්නේ ය.
ලේඛනය හෝ නිර්මාණ කාර්යය තවත් එක් ශිල්පයක් පමණක් ද? නැතහොත් ජීවන මාර්ගයක් පමණක් ද? නිර්මාණයක ජීවය රඳා පවතින්නේ නිර්මාණකරුවා තම නිර්මාණයට අවංක වනතාක් පමණි. හෘද සාක්‍ෂියේ ආමන්ත්‍රණය ආත්ම කථනයක් ව නිර්මාණය පුරා ජීව ගුණය විහිදුවන්නට නම්, නිර්මාණකරුවා නිර්මාණය හා ආත්මගත ව බැඳිය යුත්තේ ය.
නිර්මාණකරණය ගොඩනැඟෙන්නේ මනස ඇතුළතින් පැන නඟින උද්වේගයේ බාහිර ප්‍රකාශනයක් වශයෙනි. උද්වේගය, පීඩනය හා ආස්වාදය යන චිත්තයන්ගේ තෙරපීම අබියස නිර්මාණකරුවා දණ නමන්නේ කවර දෙයක් වෙනුවෙන් ද? මා සිතන්නේ නිර්මාණකරුවා පළමුවෙන් ම දණ නමන්නේ තම හෘද සාක්‍ෂියෙන් ලබන අණ ඉදිරියේ බවයි.
සාමාන්‍ය මිනිසකුට නිර්මාණකරුවකු වීමට හෘද සාක්‍ෂියේ අඬගෑම පමණක් ප්‍රමාණවත් ද? පරිණත නොවන තුරුණු වියේදී බොහෝ ලේඛකයෝ තම හදවත පමණ ඉක්මවා විදාරණය කරති, ජීවන හරය නොව මතුපිට පැවැත්ම ගැන කතා කරති. අත්දැකීම් වැඩෙන්නට වැඩෙන්නට මතුපිට හරය හා සිද්ධිදාමය යටපත් වී වඩාත් ප්‍රබල ව ජීවිතය දකින්නට විඳින්නට පටන්ගනිති. නිර්මාණකරණයට ද එය බලපෑම් කරන්නට වෙයි. එහෙත් තුරුණු වූ පමණින් මද අත්දැකීම් සහිත වීමටත්, තලතුනා වූ පමණින් අත්දැකීම් ලැබෙන්නටත් යන අවස්ථාද්වය ම සැම විටම පොදු නොවනා අතර ඊට අවබෝධය හා දැක්ම ද හේතු සාධක වන බව අමතක කළ නොහැකි ය. මනුෂ්‍යත්වයේ දෝංකාරය හෝ හදවතේ හඬගෑම විනිවිඳින්නට නම් තියුණු හා පුළුල් ජීවිතාවබෝධයක් තිබිය යුතු බැව් අවිවාදිත ය.
අල්තීනායිට අමතක කළ නොහැකි දුයිෂෙන් ගේ හදවතේ දෝංකාරය මට සිහිපත් වේ. අසීමිත දයාවකින් යුතු ව ගුල්සාරිගේ හදවත ආමන්ත්‍රණය කළ තනබායි තවත් විටෙක මට සිහිපත් වේ. දියෙහි පිපුණ ද දිය නොරැදුණු අරවින්දත්, සොබාදහමේ අසීමිත හඬගෑම් ඉදිරියේ ලෝකයට උමතු ගැහැනියක වූ සඳවතිත්, දරුවන්ට ද පියවරුන් නැති ලෝකයේ සොයුරන්ට පියකු වූ ඉසාත්, සංස්කෘතික සීමාවන් ඉරිතලා ගිය ආදරයක් නොරිකෝගෙන් සෙවූ දෙවොන්දරා සං මෙන් ම මානව දයාවෙන් අසාර වූ වංලුං නම් කෙතේ ආදරයේ සාරය සෙවූ ඕලෑන් නම් අපූර්ව ගැහැනියත් ජීවිතයේ භෞතික සීමාවන් පමණක් ස්පර්ශ කර ආදරයට පිටස්තරයකු වූ මර්සෝත් මට සිහිපත් වේ.
මේ පුළුල් ජීවිතාවබෝධය ලබා දෙන නවකතා හෘදය සාක්‍ෂියේ ආමන්ත්‍රණයට පළමුවෙන් ඇහුම්කන් දී දෙවනුව පුළුල් ජීවන දැක්ම සාක්‍ෂාත් කළ බවත්, ඒ ඔස්සේ පාඨකයා ද රන්සුණු සොයා යාමේ මාවතට ප්‍රවේශ කළ බවත් සිතීමෙන් ම සිත නිවී සැනහුණි.

0 comments:
Post a Comment