728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Thursday 24 April 2014

කැසිනෝ ...මේක බුදුදහමට විරුද්ධයි. ජනාධිපතිවරයා අදහන ධර්මයට විරුද්ධයි.


පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ක‍්‍රමෝපාය සංවර්ධන පනතට අදාලව රහස් ඡන්දයක් පවත්වන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටින බවත්, එම රහස් ඡන්දයේදී පනතට විරුද්ධව ඡන්දය ප‍්‍රකාශය කරන ලෙසට සියලූම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවත්, කෝට්ටේ ශ‍්‍රී නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ පවසති.

කොළඹදී මාධ්‍ය අමතමින් උන් වහන්සේ සඳහන් කලේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවටත්, බුදුදහමටත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිපත්තිවලටත් විරුද්ධ වී ගෙන එනු ලබන කැසිනෝ පනත ඉවත දැමීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළ යුතු බවයි.
භික්ෂූන් වහන්සේලාගේ මූලිකත්වය දී පත් කර ගත් වත්මන් ජනාධිපතිවරයා පිළිබඳව භික්ෂූන් වහන්සේලාට විශ්වාසයක් ඇතැයි පැවසූ සෝභිත හිමියෝ එම විශ්වාසය කඩ නොකරන ලෙසද සඳහන් කළහ.
‘මේක බුදුදහමට විරුද්ධයි. ජනාධිපතිවරයා අදහන ධර්මයට විරුද්ධයි. උත්තරීතර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට විරුද්ධයි. රටේ ජනතාව විරුද්ධයි. ඉතිං ඇයි තවත් බලා ඉන්නේ කියලා අපි අහනවා. මේක ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක්.
කැසිනෝවලට සියලූ දෙනාම අද එරෙහි වෙලා තියෙනවා. ඒ නිසා ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නාමයෙන් මේ ජනතා හඬට කන් දෙන්න කියලයි’ යැයි ද එහිදී සෝභිත හිමියෝ අවධාරණය කළහ.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: කැසිනෝ ...මේක බුදුදහමට විරුද්ධයි. ජනාධිපතිවරයා අදහන ධර්මයට විරුද්ධයි. Rating: 5 Reviewed By: Unknown