මෙයට වසර තිහකට පමණ පෙර බෙලිහුල්ඔය සමනලවැව ඉදිකිරීමට පෙරාතුව දැනට සමනල වැව මූලාරම්භය පෙදෙසේ කඳු දෙකක් අතරින් විශාල සුළං ප්‍රවාහයක් "කිංචිගුණේ" පෙදෙස හරහා හමා ගියේය. සමනලවැව ඉදිවූ පසුවද අදත් එය එලෙසම පවතී. වසරේ මැයි මාසයෙන් පසු එලඹෙන නිරිතදිග මෝසං සුළං කාලයේදී මෙම සුළං ප්‍රවාහය වේගවත් වෙයි. මේ දිනවලත් එය එසේමය.
පැරණි යපස් උඳුනක් | "හටන්පොල ගම්මානයේ දර්ශනයක් | "හටන්පොල ගම්මානයේ ඇති යකඩ කම්හලකි මේ |
අද මෙලෙස ඇදෙන මෙම සුළං ප්‍රවාහයට එදත්, එනම්, වසර දහස් ගණනකට පෙර සිටම මෙලෙසම "ඇදී" ආවේය. අද හම්බන්තොට වනාතවිල්ලුව වැනි ප්‍රදේශවල "සුළං යන්ත්‍ර (wind wills) ප්‍රතිෂ්ඨාපණය කොට විදුලිය බලය නිපදවා ගන්නා සේ ඌව-සබරගමුව භෞගෝලික මායිමේ (නිත්‍යානුකූල මායිම නොවේ) පිහිටි කිංචිගුණේ, හටන්පොල, හටන්ගල, මුල්ගම, ගලේවෙලහින්න වැනි ප්‍රදේශවල පදිංචිව සිටි ජනතාවගෙන් කොටසක් (කම්මල්කරුවන්) මෙම සුළඟින් ප්‍රයෝජන ගන්නට කතිකාකර ගන්නට ඇත.
දැනට පඹහින්න, සපරගමු විශ්වවිද්‍යාල පෙදෙස ප්‍රධානකොටගත්, ඉඹුල්පේ, ගොඩකවෙල කම්මල්ගොඩ, හටන්ගල කිංචිගුණේ, මුත්තෙට්‌ටුවේගම වැනි පෙදෙස්‌වල භූමියෙහි පවත්නා කිසියම් නිර්මාණාත්මක විෂමතාවයක් හේතුකොට ජලය හිඟවීම හා තුරුලතා සරුවට නොවැඩීම ගැන සැලකිළිමත් වූ පුරාණ එගම් වැසියෝ එම තත්ත්වයට හේතුව සොයා ගත්හ. එනම් එම පොළොවෙහි "යපස්" තිබීමයි. අදත් පඹහින්න සපරගමු සරසවිය පෙදෙසේ පොළොව මතුපිටින් ගල්කැටයක් අහුලා බැලූ විට එය වෙනත් ගල්වලට වඩා බරෙන් වැඩි ගලක් බව අතටගත් කෙනකුට වැටහේ. මේ "යකඩ ගල්ය" යපස්‌වලින් සෑදුනු ගල්ය.
රත්නපුර, දෑල ප්‍රදේශයේ ද මෙයට වඩා බහුල වශයෙන් යපස් නිධි පවතී. නමුත් ප්‍රයෝජනය ගන්නා කෙනකු නැත. වරක් ඔරුවල "වානේ සංස්‌ථාවට" එම යපස් නිධියෙන් යපස් හාරා රැගෙන යැමට රජය තීරණයකට එලඹියද එයද ක්‍රියාත්මක නොවීය. පසුව ඔරුවල වානේ කම්හල වසා දැමින. නමුත් වර්තමාන සමනලවැව පෙදෙසේ පදිංචිව සිටි වැසියෝ (කිංචිගුණේ) මෙම "යපස්‌නිධියෙන්" ප්‍රයෝජනය ගත් බවක් අද සනාථවී තිබේ.
ඔව්හු සමනලවැවේ "සුළං කපොල්ල" හරහා කිංචිගුණේට පැමිණෙන සුළං ප්‍රවාහය උපයෝගී කරගෙන එහිම පවත්නා "යපස්" උණු කොට යකඩ සාදා පසුව සිංහල රජතුමාගේ හමුදාවට අවශ්‍ය වූ අවි ආයුධ නිපදවන්නට පටන් ගත්හ. මොවුන් එම අවි ආයුධ නිපදවා ඇත්තේ දැනට "සමනලවැවට" සමාන්තරව පිහිටා ඇති අලුත්නුවර, කතරගම දේවාලයට නුදුරින් පිහිටි තම පදිංචි ප්‍රදේශය වූ "හටන්පොලය" මෙම නාම අර්ථයන් ගැන සලකනවිට, එදා මෙම ගම "හටන්" (සටන්) අවි ආයුධවලින් සැදි "පොලක්" හෙවත් ගමක් වී තිබෙන්නට ඇතැයි සිතිය හැකිය. දැනුදු එය එලෙසම පවතී. "සටන්පොල" පසුව "හටන්පොල" වී යයි ද කියති.
එවකට පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ධුරය දරමින් සිටියේ ආචාර්ය ශිරාන් දැරණියගල මහතාය. එතුමාට අයත් නිවසක්‌ද කිංචිගුණේ ප්‍රදේශයේ තිබේ. අදත් එම නිවස එලෙසම පවතී. එහි පදිංචිය (තාවකාලිකව) තෝරාගත් යුරෝපීය පුරාවිද්‍යා සරසවි අපේක්‍ෂක කාන්තාවක් වූ "ජිල් ජුලිෆී" මහත්මිය ප්‍රදේශවාසී ජනතාවද කම්කරුවන් ලෙස යොදාගෙන (දෛනික කාලය ගෙවා) කිංචිගුණේ "සොහොන්පිටි" වගේ පැවැති ස්‌ථාන හාරා පරීක්‍ෂා කරන්නට පටන් ගත්තාය. විශ්මයජනක ලෙසින් ඇයගේ වාසනාවට හා මවිතයට පවා හේතුවෙමින් එම යපස් සොහොන්වලින් "පුරාණ යකඩ උදුන්" (යපස් පිලිස්‌සීමට ගන්නා) මතුවන්නට පටන් ගත්තේය. ඒ 1983-1986 දක්‌වා වූ කාලයයි.
ඉහත නම සඳහන් කළ ආචාර්ය ශිරාන් දැරණියගල මහතාගේ ආරාධනයෙන් බටහිර එංගලන්තයේ "ඇක්‌සිමාර්" විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා විෂයය හදාරමින් සිටි "ජිල් ජූල්ෆී" මහත්මිය ශ්‍රී ලංකාවට පැමිණියේ ඇයගේ ආචාර්ය උපාධිය සඳහා නිබන්ධයක් සකස් කිරීමටය. ඇය ඒ වන විටත් පුරාවිද්‍යා විෂයය හදාරමින් සිටි හෙයින් වර්තමාන සමනලවැව ප්‍රදේශයේ පිහිටි යපස් නිධිවලින් පැරණි සිංහලයන් යකඩ නිපදවීම පිළිබඳ තමාගේ ආචාර්ය උපාධිය සඳහා නිබන්ධයක් සකස් කිරීමට ජුල්ෆී මහත්මිය තීරණය කළාය. ඒ අනුවයි ඇය වර්තමාන සපරගමු විශ්වවිද්‍යාලයබද ප්‍රදේශයට පැමිණියේ.
ඇයගේ පර්යේෂණ කටයුතුවලට වඩාත් පහසු වූයේ ආචාර්ය ශිරාන් දැරණියගල මහතාට අයත් මනරම්, සුන්දර පරිසරයක "කිංචිගුණේ" පිහිටි නිවසයි. එහි නැවතී සිටීමට ඇයට දැරණියගල මහතා අවසරය ලබා දුන්නේය.
මීටම සමගාමීව කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා සිසුන් පිරිසක්‌ද එහි අධ්‍යානාංශය භාර පීඨාධිපතිවරයාද සමග හම්බන්තොටට (මේ පැරණි මහගම රාජධානියයි) පැමිණ එහිද මේ හා සමානම යකඩ උඳුන් (පුරාණයේ යකඩ උණු කළ) පොළොවෙන් මතුකර ගත්හ. එහි "උඳුන්" විශාල සංඛ්‍යාවක් තිබූ බව කියති. මේ ගැන එකල පුවත්පත්හි තොරතුරු පල විය.
කිංචිගුණේදී උණු කළ යපස් යකඩවලට පරිවර්තනය කොට සමනලවැවේ එක් කඳුවැටියකින් එපිට බෑවුමේ පිහිටි වර්තමාන "හටන්පොලට" ගෙන ගොස් එහිදී තියුණු මටසිලුටු කඩු, කිනිසි, පොරෝ, උදලු, පිහි, දුනු ආදී ආම්පන්න සාදා සිංහලේ රජතුමන් වෙත ගෙන ගොස් රජ මාලිගයේ අවි ගබඩාවට භාරදී තිබේ. ඩැමස්‌කස් සිරියාවේ අගනුවරය. "කුරුස යුද්ධ" (ආගමික යුද්ධ) පැවැති ඒ කාලයේ එම "නුවරුන්ට" (සිරියානුවන්ට) අවශ්‍ය වූ ඉතා තියුණු දිග, කඩු (ඩැමස්‌කස් කඩු) නමින් එවකට හඳුන්වනු ලදහ. ඇතැම් මතයකට අනුව කිංචිගුණේ උසස් වානේවලින් "ඩැමස්‌කස්" කඩු නිර්මාණය කරගන්නා ලද්දේ එම "නුවරුන්" විසිනි. ලංකාවෙන් ගෙනයන ලද්දේ යකඩ සහ වානේ පමණි.
සමනලවැවට යටවූ "කිංචිගුණේ" වැසියන්ට බලංගොඩ "සමනලවත්ත" පෙදෙසින් හා රත්මලවින්නේද "සමනලගම" පෙදෙසින් විකල්ප ඉඩම් ලබාදී තිබේ. සමනලවැවට යටවී ඇති තවත් ගම්මාන බොහෝය. එහි පදිංචිව සිටි අයද බලංගොඩින් ඈත ප්‍රදේශවල පදිංචිකරවා ඇත.
"කිංචිගුණේ" වාසය කරමින් සිටි ඇතැම් කම්මල්කරුවෝ තවමත් සිය පැරණි තාක්‍ෂණය යොදවා ඉතා උසස් තත්ත්වයේ ඉතාම තියුණු අවි ආයුධ සපයා අලෙවි කරති.
දුටුගැමුණු රජතුමාට යුද අවි සපයා දුන් බවට මතයක් පවතින "කොත්මලේ" නවන්ගම ගම්වැසියන් සමග ද කිංචිගුණේ වැසියන් අතර සබඳතාවයක් පවතී. කොත්මලේ ජලාශයට "නවන්ගම" යටවීමෙන් පසු, එගම්වැසියෝ මාදුරුඔය ජලාශ ප්‍රදේශයේ ඉඩම් ලබා එහි පදිංචියට ගොස් ඇත. දැන් ඔවුන්ගේ අවි නිෂ්පාදන "මාදුරුඔය" නමින්ද "නවන්ගම" නමින්ද වෙළෙඳ පොළට පැමිණේ. ඇතැම්හු "නවන්ගම" නම පාවිච්චි කොට "ඩුප්ලිකේට්" බාල ආයුධ නිපදවයි.
ඉතා උසස් වානේ යකඩ අවි ආයුධ නිපදවීමේ (ගොරහැඩි) එංගලන්තයේ ෂෙෆීල්ඩ්වලට සමාන) කර්මාන්තයක් තිබුණු හා දැනටත් තිබෙන අප රටට, විදේශීය ගෘහ ආයුධ ආම්පන්න (යුද්ධෝපකරණ නොවේ) කුමටද? "හටන්පොලින්" පන්නරය තැබූ පිහියක් වෙතොත් එය දැලිපිහියකට සමානය. එහෙත් ගොරහැඩිය.
සමනලවැවේ "සුළං කපොල්ලෙන්" එදා හමාගිය සුළඟ අදත් හමායයි. එහෙත් "යකඩ උඳුන්" අද නැත. නමුත් ආචාර්ය ජිල් පූල්ෆී මහත්මිය විසින් ගොඩගන්නා ලද පැරණි උඳුන්වලින් එකක් සපරගමු විශ්වවිද්‍යාලය සතුව පවතී. ඒ ප්‍රදර්ශන කටයුතු සඳහා අවශ්‍යවූ විට තැබීමටය. ගින්දරට යෙදූ දර ලබා ගත් පෙදෙස මරංගොඩය. පත්බේරිය ද තව එකකි. "මරංගොඩ" සහ පත්බේරිය නමින් ගම් දෙකක් ද අද මෙහි ඇත. මේ හැර කිංචිගුණේ පෙදෙසෙහිම "මරංගස්" තිබේ. "මරං" "යකඩමරං" වූයේ මින් පසුවය.
එවකට බලංගොඩ අළුත්නුවර, කතරගම දේවාලයේ බස්‌නායක නිලමේ පද විය දැරූ පුරාවිද්‍යා උපාධිවේදී සුනිල් ශාන්ත වීරසේකර මහතා වත්මන් රත්නපුර මහ සමන් දේවාලයේ බස්‌නායක නිලමේ පවසන්නේ අලුත්නුවර කතරගම දේවාලයේ සියලුම ආම්පන්න කිංචිගුණේ, හටන්පොල වැනි ප්‍රදේශවල "කම්මල්වල" නිෂ්පාදනය කරන ලද ඒවා බවයි. ඒ වග එම දේවාලයට අයත් ලේකම් මිටියත සඳහන් වන බව එතුමා කියයි.
"හටන්පොල" ගමේ දැනට ශේෂව තිබෙන්නේ කම්මල් පහක් පමණි. වර්තමාන පරම්පරාව විකල්ප රැකියාවලට යොමුවීම ඊට හේතුවයි. හටන්පොල කම්මල් සංකීර්ණයේ ජ්‍යෙෂ්ඨතමයාව සිටි එන්. ඒ. පියසේන මහතා මෙයට වසර තුනකට පමණ පෙර මියගොස් තිබේ. මොහුගේ ඡායාරූපයක් ඔහු මියයැමට පෙර "දිවයින" පුවත්පතෙහි ද පලවී තිබුණි.
"හටන්පොල" වැසියෝ තවමත් ඒ දුක්‌ඛදායක තත්ත්වයේම පසුවෙති. ආයුධ නිපදවීම පසෙක තබා මොහු අපනයන බෝග විශේෂයෙන්, ගම්මිරිස් වගාවෙන් "තරමක" ආදායමක් ලබති. අලුත්නුවර මංසන්දියේ සිට හටන්පොලට යෙදී ඇති මාර්ගයේ තැනින් තැන තාර දමා තිබේ. අලුත්නුවර දේවාලයෙන් එපිට කොටස ඔවුනට ඉතා වැදගත්ය. නමුත් කොටසක් පමණක් තාර දමා තිබෙණු දක්‌නට ලැබේ. විශේෂයෙන් "වෙල්යාය" ප්‍රදේශයෙහි පාර එකම මඩ වගුරකි.
මෙතරම් උසස් යකඩ, වානේ තාක්‍ෂණයක් ස්‌වකීය පරම්පරාවල් මගින් හිමිකරගෙන සිටින "හටන්පොල" වැසියන් කෙරෙහි රජයේ අවධානය යොමුවිය යුතුව තිබේ.
ආයුධත් නිෂ්පාදනය වන බැවින් "හටන්පොල" එවකට සටන් පුහුණු කඳවුරක්‌ව තිබෙන්නට ඇතැයි සිතිය හැක. තවද "කුරුවිටරාල" හෙවත් "අන්තෝනි බරෙන්තු" (පෘතුගීසි නාමය) පෘතුගිසීන් හා සටන් කරමින් බලංගොඩ "මද්දෙගම" ප්‍රදේශය දක්‌වා පැමිණ ඇති බැවින් "හටන්පොලදී" ද ඔහු (කුරුවිටරාල) පෘතුගීසීන් සමග සටන් කරන්නට ඇතැයි සිතිය හැක.
අද කිංචිගුණේ "යපස්" වෙනුවට "හටන්පොල" කම්මල්කරුවෝ ලං.ග.ම. වැනි ආයතනවලින් වෙන්දේසි කෙරෙන වානේ දුනුමිටි මිලට ගෙන ඒවායින් ආයුධ නිපදවනු දක්‌නට තිබේ. "හටන්පොල" නිපදවන උදලු තලවලට ගොවීහු මහත් ආශාවක් දක්‌වති. ඊට හේතුව ඒවා "හොඳට" කැපෙන නිසාත්, කල්පවතින නිසාත් වන්නට පුළුවන. අද "හටන්පොල" වැසියෝ "ඩැමස්‌කස් කඩු නිපදවීම සඳහා වානේ යකඩ බාහිරින් මිලට ගනු ලබති. නමුත් "ඩැමස් කඩු" වෙනුවට අද යුද්ධයේදී පාවිච්චි වන්නේ ටී. 56 තුවක්‌කුවය.
අලුත්නුවර දේවාලයේ කතරගම දෙවියනිෘ ඔබවත් මේ "හටන්පොල" මිනිසුන් ගැන බලනු සේක්‌වාෘෘ දෙවියන්ට මිස නරුම පාලකයන්ට මේවා ගැන කීමෙන් ඇති සෙතක් නැත.
ස්‌ටැන්ලි සේනාධීර
0 comments:
Post a Comment