ගුණදාස කපුගේ මිය ගියා. කලාකරුවන් මැරෙන්නෙ නෑ. ඒත් කපුගේ මිය ගියා. ඇයි කපුගේ මැරුණෙ.
සියලු මිනිසුන් මැරෙන සුලු ය
කපුගේ ද මිනිසෙකි.
ඒ නිසා කපුගේ ද මැරන සුලුය.
ඒ ඇරිස්ටෝටල්ගේ තර්ක ශාස්ත්‍රයයි. කලාකරුවන් මිය නොයන්නේ ඔවුන් නොමැරෙන නිර්මාණ ඉතිරි කර යන නිසා ය. කපුගේ ද බොහෝ නිර්මාණ ඉතිරිකර ගියේ ය. එහෙත් කපුගේ මිය ගියේ ය.
නවසිය අනූව වසරේ එක් දිනක මා ලුම්බිණි රඟහලට ගියේ කපුගේ ගේ “කම්පන” ප්‍රසංගය බලන්නට ය.
ශාලාව පිරුණු විගස දොරවල් වැසිණි. ඇතුළත සිටි පිරිසට වඩා පිරිසක් සිටියේ ශාලාවෙන් පිටත ය. ප්‍රසංගය ඇරැඹෙත් ම ඇතැම්හු දොරවල් කඩාගෙන ඇතුළට ආහ. ඒ එදා කපුගේට ලැබුණු එක් පේ‍්‍රක්ෂක ප්‍රතිචාරයකි. (මෙබඳු අවස්ථා තවත් සිහිපත් කළ හැකිය)
කපුගේ පසු කාලයේ දී ඔහු ගේ ගීතවලින් අඩක් ම සන්ෆලවර් සංගීත කණ්ඩායම සමඟ ගායනා කළේ ය. ඒ ගීතවල මුල් රසය එහි නොතිබිණි. ඒ සංගීත කණ්ඩායමේ වරදට වඩා කපුගේ ගේ වරද ය. කායික ව දුර්වල ව සිටි ඔහුගේ ශ්‍රැතිය නිවැරැදි තැන නොපිහිටියේ ය. එහෙත් කපුගේට නොසිටි රසික පිරිසක් ද ඒ ගීත ඔස්සේ ගොඩනැඟිණි.
අද ඔබ කැමති ගුවන්විදුලි නාළිකාවකට දවස පුරා සවන් දෙන්න. ඔබ කැමති රූපවාහිනී නාළිකාවක් දෙස දවස පුරා බලන් ඉන්න. ස්ටාර් තෝරන තරඟ බලන්න. කපුගේ ගැයු ගීයක් අසන්නට ලැබෙන්නේ නැත. ලැබේ නම් ඉතා කලාතුරකිනි. එසේ නම් කපුගේ දෙවන වරට මරා දමා ඇත්තේ මේ ජනමාධ්‍යයි. (ඉඳහිට ගීයක් ප්‍රචාරය කරන ජනමාධ්‍ය මේ ගැන කමත්වා)
කපුගේ සතු අවසාන රසික පරපුර දැන් මැදිවියට පිවිසෙමින් සිටී. ඉන්පසු පරපුරට මේ ගීත විඳගන්නට මනැසක් නොතිබිණි ද? සුදු නැන්දා, මාරියාවේ, උලලේනෝ, දම්පාටින් ලා, බිංදු බිංදු තාරකා, බිම්බරක් සෙනඟ, නින්ද නැති රැයේ, සිංහල සිංදු කියන, නාඹර ගොයමට, පබළුනගේ, උන්මාද සිතුවම්, සබඳ අපි කඳු නොවෙමු, මගෙ බිසව්නේ, සීතල සඳ එළියේ, දෑස නිලුපුල් තෙමා, ඔහුගේ අමරණීය ගීත අතරින් අතළොස්සකි. මේ ගීත අනාගත පරපුරට නොගැළපෙන්නේ ද? එසේ නැතිනම් අප සියලු දෙනා මංමුළා වූ සමනලුන්, සමනලයන් ද?
මේ ගීතයේ දී අපට මුණ ගැසෙන්නේ ජීවිතයේ බොහෝ පරාජයන් ලද පුද්ගලයෙකි. ඔහු ජීවිතය තුළ දිග්විජය ලබන්නට උත්සාහ කරන්නේ ආදරය ඔස්සේ ය.
පාළු අඳුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව
ඇයයි
(මහගමසේකර)
එහෙත් මේ පෙම්වතාට ඇය ද අඳුරු අහසක් මැයි. ඔහුට සවියක් වනු තබා ඇයට ද සවියක් නොමැත. ඇගේ ජීවිතය ද මුල් ඉදිරී ගිය ගසකි. ඔහු මංමුළා වූ සමනලයකු නම් ඇය වචනයේ පරිසමාර්ථයෙන් ම මං මුළා වූ සමනලියකි. සමනලියක් යනු බරක් පතළක් නොදැක සැහැල්ලුවෙන් පාවෙන්නියකි. ඒ නිසාම ඇය මඳ සුළඟට වුවද ගසාගෙන යයි.
සමාජයේ බොහෝ විට මුණ ගැසෙන්නේ එබඳු සමනලියන් ය. සමනලුන් ය. ඔවුන්ට පැමිණි මාවතක් හෝ යන මාවතක් නොමැත. එම නිසාම ඔවුනට සහජීවනයක් නොමැත.
“ඇයත් නොදන්නිය ඇය යන මානය
උන්හිටි තැන් මතකයෙ අඩමානය
පාර කියන්නේ කෙළෙස ද මා හට
ඇයට ද පාරක් ඇති නැති ගානය”
පේ‍්‍රම සබඳතා කෙස් ගානට හට ගනී. අං ගානට ඉතිරි වෙයි. එකකු ගේ අසාර්ථක බව දරාගෙන ඉදිරි ගමනක් යාමට තරම් අනෙකා සාර්ථක මිනිසකු වන්නේ කලාතුරකිනි. ඒ නිසා ඔවුන්ට අවසානයේ උරුම වන්නේ වෙන්වීමයි.
අප හමුවූයේ මන්දැයි නොදනිමි
පාර ඇසූයේ ඇයි දැයි නොකියමි
අපේ ගමන අද නවතනු හැකිනම්
අප යන ගමන ද අද මෙතනින් නිමි
මේ ආකාරයෙන් නිමාවට පත්වන පේ‍්‍රමකතා සමාජයේ බහුල ය. මෙහි අවසානයට මා පෞද්ගලික ව අකමැති ය. මංමුළා වූවන්ට වුවද අවශ්‍ය නම් පාර සොයාගත හැකිය. එවැනි ධනාත්මක අදහසකින් ගීතය අවසන් වීනම් එයට මම වඩාත් පි‍්‍රය කරමි.
“යා යුතු මාවත සොයන්න හැකිනම්
අප විඳි දුක් ගින්දර මෙතනින් නිමි”
ඒ මගේ පෞද්ගලික අදහසක් පමණයි. කෙසේ වෙතත් ආදරය ඉදිරියේ, අතරමං වන ඕනෑ ම පුද්ගලයකුට මේ ගීයෙන් අපූරු ශෝක රසයක් අත්විඳිය හැකිය.
ගීතය කතාන්දරයක් නොවේ. එය හැඟීම් මාත්‍රයක් පමණි. ඒ තුළ විවිධාකාර වූ දුක් සුසුම් ගැබ් ව පවතී. මේ රචකයා එවැනි සියුම් ස්ථාන මනා ව ස්පර්ශ කරයි.
මෙවැනි සියුම් සංවේදනා ගායනා කිරීමට කපුගේ සතුව පාළු ශෝකි හඬක් පැවතුණි. ඒ හඬ සීත කඳුවැටි තුරු වදුලු ගංගා සොහොන් පිටි පසුකර ගෙන පැමිණ හදවතේ ගැඹුරු තැනට කාවදී. ඔහුගේ පැරැණි ගායනා (සන්ෆලවර් තැටිය නොවේ) නැවත සවන් දෙන විට මේ සංවේදනා උපරීමයෙන් අත්විඳිය හැකි ය. රූපවාහිනියට කපුගේ සතු වූ රූපය අඳුරු වැඩිනම් ගුවන්විදුලි නාලිකා හෝ ඔහුගේ මුල් හඬට ජීවය දිය යුතුය. ඔහු දෙවන වරටත් මිය ගොස් තිබේ. එහෙත් ඔහුට යළි පුනරාගමනය කළ හැකිය.

0 comments:
Post a Comment