728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Thursday 24 April 2014

වේදිකාව ඒක මගේ රාජ්‍යය....

තරුව විකිණේ හූරාකන සමාජය ගැන
- ප්‍රවීණ කලා ශිල්පී ජයසේකර අපොන්සු
වේදිකාව කෙදිනකවත් මට ද්‍රෝහී වී නැහැ. ඒක මගේ රාජ්‍යය. ඒ රාජ්‍යයට "රජා" එනකොට ප්‍රේක්‍ෂකයෝ අත්පොළසන් දී පිළිගන්නා බව මා දන්නවා.



වේදිකාවේ, පුංචි තිරයේ, සිනමාවේ, ගායන ලොවේ සහ ක්‍රීඩා ලෝකයේ දී ද අප ඕනෑ තරම් "තරු" දැක තිබේ. "තරු" පිරුණු අහස්‌ගැබක්‌ වන් වූ උක්‌ත ස්‌ථානයන්හිදී සදාකාලික "තරු" එසැණින් නිවී බැස ගිය "තරු" සහ සුපිරි තරු වෙන්නට දඟලන "තරු" ද ඇතැයි පැවසීම අතිශයෝක්‌තියක්‌ නොවනු ඇත. එනමුදු ලිවිය යුතු සත්‍යය නම් මේ සෑම තරුවක්‌ම එදා සිට අද දක්‌වාම විකිණෙමින් පවතින හෝ විකිණෙන්නට වෙර දරන "තරු" ම වනු ඇති බවය.
දශක හතරක්‌ පුරාවට වේදිකාවේ, පුංචි තිරයේ සහ රිදී තිරයේ දී ද සිය නිසඟ රංගන දක්‍ෂතා එළිදක්‌වමින් සම්මානයන්ට පාත්‍රව සමාජය අවධි කිරීමට සමත්කම් පා ප්‍රබල වේදිකා නාට්‍ය ගණනාවක්‌ අධ්‍යක්‍ෂණය කරමින් සිනමාවටද පිවිසුණු කලා ලොවේ ප්‍රබල "තරුවක්‌" වන ප්‍රවීණ කලා ශිල්පී ජයසේකර අපොන්සු සිය නවතම වේදිකා නාට්‍ය නිර්මාණය ලෙසින් "තරුව විකිණේ" හෙට (අප්‍රේල් මස 26 වැනිදා සෙනසුරාදා) සවස 6.30 කණිසමට ලුම්බිණි රඟහල් වේදිකාවට රැගෙන එන්නට නියමිතය. කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව සිය ආදරණීය ප්‍රේක්‌ෂක ජනතාවටම මෙය නැරැඹීමට එක්‌වන ලෙස විවෘතව ආරාධනා කරන අපොන්සු කලා ශිල්පියාණන් සමගින් "තරුව" විකිණෙන්නේ කෙලෙසදැයි විමසමින්, "දිවයින සිනමා කලා" පැවැත්වූ සොඳුරු කතාබහක සටහන මතු ගෙනහැර දක්‌වමු.

"තරුවක්‌" විකුණන්න, "තරුවක්‌ම" ඉදිරිපත් වෙන්නේ ඇයි...?

ඇත්තෙන්ම "තරුව විකිණේ" කතා කරන්නේ හූරාකන සමාජය ගැන. ඔව්. මේ කතාව සැබෑ රංගන තරුවක්‌ ගැනම තමයි. ඔහු ජීවත්ව සිටින තුරු කිසි කෙනෙක්‌ හරියට බැලුවේ නෑ. ගණන් ගත්තේ නැහැ. ඔහුගේ වටිනාකම හරියටම දැනෙන්න පටන් ගන්නේ මියගියාට පසු. මේක තමයි තරුවලට අත්වන අන්තිම ඉරණම. දියුණු වුණු ලෝකයක ජීවත්ව සිටින අපි හිටි ගමන් නැවතත් වනචාරී යුගයකට යන්න උත්සාහ කරනවා. කලාව කියන දේ අත්විඳින්න දන්නේ නැති අසංවේදී සහ අශීලාචාර මිනිසුන් බොහෝ වේලාවට සැබෑ කලාකරුවාට කරන අසාධාරණකම් එමටයි. ඉතිං ජීවත්ව සිටි කලාකරුවාට වඩා මියගිය පසු සිහිපත් කරන රංගවේදියකුගේ අපූරු කතා පුවත "තරුව විකිණේ" වේදිකා නාට්‍ය නිර්මාණය ගෙන හැර දක්‌වනවා.

"තරුව විකිණේ" අධ්‍යක්‍ෂණය වගේම රචනයත් ඔබේ...

ඔව්. මේක මම ලිව්වේ මා දකින කලා කරුවන්ගේ අත්දැකීම් සහ මගේම අත්දැකීම් එකට මුසු කරලා.

ඔබත්, කලා ලෝකයට බොහෝ "තරු" දායාද කළ පුද්ගල චරිතයක්‌....

නිසැකවම ඔව්. මම කළේ දක්‍ෂ හැකියාවන් ඇති විශාල පිරිසකට අතහිත ලබාදීමක්‌. හුඟක්‌ අය මම වේදිකාවටත් පුංචි තිරයටත් සිනමාවටත් ගෙනැත් ඇරලුවා. ඊට පස්‌සේ ඔවුන් ප්‍රවීණ සහ ජනප්‍රිය කියන තලයකට ගියා. මම ඒ දෙස බලා සිටියේ නිහතමානී ආඩම්බරයකින්.

ඔබත්, අද වටිනාකමට අනුව විකිනුණු තරුවක්‌ද..?

ඇත්තටම අද ජනකාන්ත "තරු" වෙන්න අමාරුයි. නමුත් හැකියාව තියන පිරිස වැඩියි. මෙතැනදී මගේ රංගන හැකියාවත් කිසිවකු ප්‍රයෝජනයට ගත්තා නම් ඒ අරන් තියෙන්නෙත් බොහොම අඩුවෙන්. ඒ නිසා මමත් තවම හරියට නොවිකුණුනු "තරුවක්‌" කීවොත් වඩා නිවැරැදියි. නමුත් මම මියගිය කාලයක මීට වඩා වැඩි අගයකට මාවත් විකිණෙන්න ගනියි. ඒත් එතකොට ප්‍රමාද වැඩියිනේ.

ඔබ විසින් අධ්‍යක්‍ෂණය සිදුකළ චිත්‍රපට ද්විත්වයටම යම් කිසි අසාධාරණයක්‌ සිදුවූ බව හැමෝම දුටුවා. ඇත්තටම මොකක්‌ද සිදු වුණේ...?

මගේ ප්‍රථම චිත්‍රපටය "රූ රු" භීෂණය සහ එවකට රටේ පැවති දේශපාලන අර්බුද නිසාවෙන් යම් කිසි අසාර්ථකත්වයකට පත්වුණා. දැන් මම ඉල්ලනවා මේ චිත්‍රපටය මම මැරුණු දවසක මගේ දේහය තබා තිබෙන ස්‌ථානයේදී සහ කනත්තේදී මගේ රසිකයන්ට පෙන්වන්න කියලා. මගේ දෙවැනි චිත්‍රපටය "සීතා මං ආවා". මෙතැනදී මගේ කතා සංකල්පය සහ මේක සිනමා සිත්තමක්‌ කියන එක හුඟක්‌ අයට හඳුනාගන්න බැරිව ගියා. යම්කිසි බලවේගයන් විසින් කුමන්ත්‍රණකාරී ලෙස චිත්‍රපටය කඩාකප්පල්කර මගේ සිනමාවේ අහිංසක ගමන් මාර්ගය ඒ මොහොතේ වසා දැමුවා. "සීතා මං ආවා" වෙනුවට "සීතා මං නෑවා" කියලා කියන්නට තරම් සමහරුන් ඉතාමත් කුහක වුණා. කොහෙම වුණත් මේ චිත්‍රපටය ස්‌ථාන ගත කිරීමේදී යම් යම් අඩුපාඩු සිදුවුණු බව මම පිළිගන්නවා. වේදිකාව සහ සිනමාව කියන්නේ මගේ අම්මා සහ තාත්තාට. මම ජීවත් වෙන්නේ කලාව ඇතුළේ. මේ කලාව නිසාම ගේ දොර අතුළු මගේ සියල්ලම නැතිවුණත්, අද පැත්තක සිට ඒ දෙස බලා සිටින තනි 'තරුවක්‌' තමයි මම. ඒත් මම කිසිවකුට දොස්‌ පවරන්නේ නැහැ. කිසිම රජයකින් මට අසාධාරණයක්‌ කරලත් නෑ. සංස්‌කෘතික අමාත්‍යාංශය හරහා ලබාදෙන විශ්‍රාම වැටුප ලබාගන්නත් මම ඉදිරිපත්ව සිටිනවා. මේක කලාකරුවන්ගේ ඉදිරියට ඉතාමත් හොඳයි. මට නිවසක්‌ ලබාදෙන ලෙස ඉල්ලමින් ඇමැති විමල් වීරවංශ මහතාට ලිපියක්‌ යොමුකළා. ඒකට සාර්ථක පිළිතුරක්‌ ලැබුණා. කලාකරුවකු හැටියට එය ලොකු සතුටක්‌.

"තරු සොබා" ඔබේ 3 වැනි චිත්‍රපට අධ්‍යක්‍ෂණය. කවදද මෙය අපට බලන්නට ලැබෙන්නේ...?

"තරු සොබා" ප්‍රදර්ශනයට සූදානම් කරන්න තව පොඩි වැඩ කොටසයි තියෙන්නේ. ඔව්. ඒක නුදුරේදීම මගේ රසිකයන්ට පෙන්වනවා.

"තරුව විකිණේ" වේදිකා නාට්‍ය වෙනුවෙන් රංග ගතවන පිරිස කවුරුන්ද...?

මේක චරිත 21 ක්‌ වටා දිවයන කතාවක්‌. නමුත් රඟපාන්නේ නවදෙනයි. මෙයත් එක්‌තරා විදිහේ "එක්‌ස්‌පරිමන්ට්‌" එකක්‌. ගයාන් මාපලගම, ධර්මසේන දෙහිවල, එන්. සූරියබණ්‌ඩාර, තාරුකා අංජලී, පුෂ්පා ජෙනට්‌, සරත් විඡේවර්ධන, ස්‌ටැනිද සිල්වා, ගාමිණී කොස්‌තා සහ ජයසේකර අපොන්සු වන මමත් මෙහි රඟපානවා.

"කැක්‌කුමට රට ගිය නළුවෝ අප්‍රමාණයි. ඒත් පිටරටකට කොටුවෙලා, පුස්‌නාම්බෙක්‌ වෙන්ඩ මට බෑ. මටත් ඕන්නම් තිබුණා පීසා හට්‌ එකක, පැට්‍රල් ෂෙඩ් එහෙක නැත්නම් පණ අදින සුද්දෙක්‌ගේ පීස්‌ පෝච්චිය ඇදලා ඩොලර්වලින් කොලර් අප් කරගන්ඩ. ඒත් මං කලාකාරයෙක්‌. පිටරටකදී කවුද මගේ කලාව පිළිගන්නේ...? මං නළුවෙක්‌. හැබැයි ඉන්දියාවේ නෙමෙයි.  ශ්‍රී ලංකාවේ."

ඉතිං.. "තරුව විකිණෙයි" කියන එක මගේ අදහස. මාව වෘත්තීය මට්‌ටමකට ගෙන ආවේ වේදිකාව. වේදිකාව කෙදිනකවත් මට ෙද්‍රdaහී වී නැහැ. ඒක මගේ රාජ්‍යය. ඒ රාජ්‍යයට "රජා" එනකොට ප්‍රේක්‍ෂකයෝ අත්පොළසන් දී පිළිගන්නා බව මා දන්නවා.
 

  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: වේදිකාව ඒක මගේ රාජ්‍යය.... Rating: 5 Reviewed By: Unknown