රුවැති යුවතියක වන පබුලිනා පැරණි තාලයේ වලව්වක සේවිකාවකි. ඇගේ පෙම්බරයා එහිම සේවකයකු වන ජාසොං ය. එක වහලක් යටට ඉක්මනින් ම යාම ඔවුනගේ අභිලාසය යි. ඒ දිනය දැන් කිට්ටු ය. එළැඹෙන බක් මාසයේදී පබුලිනා - ජාසොං සරණ බන්ධනය සිදුවීමට නියමිත ය.
ප්‍රතිභාසම්පන්න ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ ගැයු ගීයක් මේ සොඳුරු මොහොත පිළිබඳ ඉඟියක් දනවන්නට සමත් වෙයි. දයානන්ද ගුණවර්ධන ලියූ, සෝමදාස ඇල්විටිගල සංගීතවත් කළ මේ ගීයට ද, පබුලිනා - ජාසොං පෙම් පුවතට ද දැන් වයස අවුරුදු හතළිස් තුනකි.
ගෙවුණු වසර ගණනාව පුරාවට ම මේ ගීය නො ඇසුණු බක් මහක් නොතිබුණු ගාන ය. මෙවර ද එසේම ය. ගුවන්විදුලි නාළිකා මේ ගීයට ලබා දෙන්නේ ප්‍රමුඛතාවකි. ගී රසික පාර්ශවය ද මේ ගීය මුමුණන බව සැබෑ ය.
‘කන්ද උඩින් හඳ පායන ලීලා
ලන්ද වෙලේ රුක් අත්තන පිරීලා
මන්ද කොහෝ හඬලන හැංගීලා
එන්න තමා බක් මහ ලං වීලා’ මේ ගීය යි.
බක් මාසය යනු අපට අතිශය පී‍්‍රතියක් ගෙන එන සමයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. සියලු දුක් ගැහැට මොහොතකට හෝ අමතක කොට සතුටු වන්නට සිංහල දෙමළ අපි සැවොම එක් වන්නෙමු. මේ අපට ම පමණක් ආවේණික උත්සව සමයකි. සිංහල දෙමළ සුහදතාව අන් කවරදාටත් වඩා අද අවැසි ය. එක් ව සිටින තාක් උපද්‍රව පරදාලීම පහසු ය. වෙන් ව ගිය කල එන්නේ ව්‍යසන යි.
කලක පටන් පැවතෙන සිරිත් විරිත් එලෙසින් ම අනුගමනය කොට සිංහල - හින්දු අලුත් අවුරුදු උත්සවය සමරන අප වෙසක් මහෙන් ඇරඹෙන අනාගතය දෙස බලන්නේ බලාපොරොත්තු සහගතව ය. ලබන බක් මහට පෙරාතුව ද යට කී ගීය අපට ඇසෙනු ඇත.
එය එන්නේ බක් මහේදී උත්කර්ෂයට නංවන ආනන්දය පෙරටු කර ගත් ‘බක්මහ දීගේ’ සිනමා පටයේ ය. වර්ෂ 1969 දෙසැම්බර් 31 දා මුල්වරට සිනමා ශාලාවක ප්‍රදර්ශනය කළ ‘බක්මහ දීගේ’ මහජනයාට විවෘත වන්නේ වර්ෂ 1970 අපි‍්‍රයෙල් 09 දා පටන් ය. හරියට ම සිංහල - හින්දු අලුත් අවුරුදු සමයට සමගාමීව ය.
65 වසරක ලාංකේය ශ්‍රව්‍ය-දෘෂ්‍ය සිනමා ඉතිහාසය තුළදී මුණ ගැසෙන සිංහල - හින්දු අලුත් අවුරුදු උලෙළට අපූරු වටිනාකමක් දුන් සිනමාපටයක් සේ ‘බක්මහ දීගේ’ හඳුනා ගැනීම පහසු ය. කිසියම් සමාජයක ප්‍රචලිත උත්සව හෝ සිරිත් විරිත් ඒ ඒ ප්‍රකාශන මාධ්‍ය හරහා ප්‍රති නිර්මාණය වීම සුලබව දැකිය හැක්කකි.
කෙසේ නමුදු ගීතය, කවිය වැනි ප්‍රකාශන මාධ්‍ය හැරුණු කොට වෘත්තාන්ත මත පදනම් වන සිනමාව හා වේදිකා නාට්‍ය වෙතින් මෙබඳු හැසිරීම් බලාපොරොත්තු වීම උගහට ය. ඒ ඒ උත්සව හා සිරිත් විරිත් මුල් කරගෙන තැනෙන ටෙලි නාටක ආදිය ද බොහෝ විට සරල වාර්තානුරූපී බවක් උසුලන බව පෙනේ. නො එසේ නම් යම් ප්‍රචාරකවාදී බවක් උසුලන බව පෙනේ.
‘බක්මහ දීගේ’ ද බැලූ බැල්මට බක් මහේදී සැමරෙන සිංහල - හින්දු අලුත් අවුරුදු උලෙළ නිරූපිත සිනමාපටයක් නොවේ. ඊට ඔන්න මෙන්න කියා සිදුවන දෑ රැසකින් සිනමා පටය සමන්විත ය. සිනමාකරු දයානන්ද ගුණවර්ධන පවසන්නේ තවත් පී‍්‍රතිමත් දෑ බක්මහේදී සිදුවිය හැකි බවයි.
බොහෝ සරණ බන්ධන සිදු වන්නේ බක්මහට පසු එළැඹෙන වෙසක් මහේදියි. ඡ්‍යොතිෂයට අනුව සරණ බන්ධනයට සුදුසුම නැකැත් යෙදෙන්නේ ඒ සමයේ ය. බක්මහ පුරාවටම ද නැකැත් ය. බක් මහේ නැකැත් වෙසක් මහේ නැකැත්වලට පූර්විකාවක් බඳු ය. බක් මහේදී ද සරණ බන්ධන සිදුවේ. කොයි ලෙසකින් හෝ අන්‍යොන්‍ය සබඳතා වැඩි දියුණු වීම සතුටට කරුණකි.
ප්‍රංශ නාට්‍ය කරුවකුගේ ‘මැරේජ් ඔෆ් ෆිනාරෝ’ නාට්‍යයේ සිංහලානුවාදයක් සේ ‘බක්මහ අකුණු’ දයානන්ද ගුණවර්ධනගේ නිෂ්පාදනයක් සේ වේදිකා ගත කරන්නේ වර්ෂ 1963 දී ය. ‘බක්මහ දීගේ’ එහි සිනමා රූපය යි. ‘බක්මහ අකුණු’ යන හඳුන්වා දීම ද අලුත් අවුරුදු උත්සව සමය හා බැඳෙන්නකි. බක්මහේ කාලගුණ තත්ත්වය ඉන් හැඟවේ. සැදෑ කල අකුණු ගසයි. ඉන් ප්‍රවේශම් විය යුතුය. එහෙත් දයානන්ද ගුණවර්ධන බක්මහ අකුණු ලෙස අදහස් කළේ අන් යමක් වන්නට පුළුවන.
‘බක්මහ දීගේ’ සිනමා පටය නිමා වන්නේ අලුත් අවුරුදු සමය උත්කර්ෂයට නංවමිනි. පබුලිනා, ජාසොං හා විවාහ වෙයි. තවත් විවාහ සබඳතා දෙකකි.
විවාහයක් යනු දෙදෙනකුගේ එක් වීමක් පමණක් ම නොවේ. වෙන්වීම පරයා එක්වීම අවධාරණය කළ යුතුය. මෙය බක්මහ ගෙන එන පණිවුඩයකි.
වික්ටර් රත්නායක ගයන ‘බක්මහ දීගේ’ හි මතු සඳහන් ගීය දෙයාකාර ය. එකක් එය සිනමාපටයේ සමුදයාර්ථය දනවයි. එසේම අලුත් අවුරුදු උලෙළ සිහි ගන්වයි.
‘බක්මහටයි යල් වැස්ස වහින්නේ
බක්මහටයි හෙණ විදුලි කොටන්නේ
බක්මහටයි අවුරුද්ද පුරන්නේ
බක්මහටයි අපි දීගෙක යන්නේ’
‘බක්මහ දීගේ’ ඇමතුවේ විදග්ධ රසික සමාජය ම නොවේ. සරල වින්දනයට මනාප - ප්‍රඥාව නොව ආනන්දය ම ඉල්ලන රසික ප්‍රජාව අමතන්නට ද ‘බක්මහ දීගේ’ පසුබට නොවුණි.
‘බක්මහ දීගේ’ ට වඩා සය වසරක් පැරණි වර්ෂ 1963 දී මුල් වරට ප්‍රදර්ශිත ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘ගම්පෙරළිය’ සිංහල - හින්දු අලුත් අවුරුදු උත්සවය දේශපාලනිකව දකින්නට උත්සුක වූ අවස්ථාවක් බව සිහි කටයුතු ය. ලෙස්ටර් සම්භාවනාවට පාත්‍ර වන්නේ දේශපාලන සිනමාකරුවකු සේ නොවේ. එහෙත් අදෘෂ්‍යමාන දේශපාලන කතිකාවක් ඔහුගේ සිනමාපට ගණනාවකම එයි.
‘ගම්පෙරළිය’ හි අලුත් අවුරුදු උත්සවය සැමරෙන්නේ දකුණු පළාතේ ගම් පියසක ය. මේ ගෙවුණු සියවසේ මුල් කාර්තුව යි. ගැමි ප්‍රභු බල අධිකාරිය, නව දැනුමෙන් සන්නද්ධ නාගරික ආකල්ප හා වෙළෙඳ වුවමනා විසින් අර්බුදයට යවන බව පැවසේ. ගැමි ප්‍රභූ තරුණියකට මනාප වන්නේ වරප්‍රසද අහිමි එහෙත් උගත්කමෙන් පොහොසත් ගැමි තරුණයෙකි. මේ සමාජ පරිවර්තනය පිළිබඳ සාකච්ඡාව ලෙස්ටර් විසින් ගෙන එනු ලබන්නේ අලුත් අවුරුදු උලෙළට සමගාමීව ය.
ප්‍රභූ නිවසේ අලුත් අවුරුදු කෙළි සෙල්ලම් සඳහා තරුණයාට ද ඇරියුම් කෙරේ. මේ පංචි දැමීමේ ක්‍රීඩාවයි. ලෙස්ටර් මේ ක්‍රීඩාව තෝරා ගන්නේ සිය දුර දිග යන අරමුණු මත පිහිටා ය. ජය ලබන්නේ තරුණයාගේ පාර්ශවය යි. එළැඹෙන සමාජ පරිවර්තන පිළිබඳ මේ ප්‍රබල ඉඟි කිරීමකි.
ගෙවුණු සියවසේ මුල දකුණු පළාතේ ගැමි ජන ජීවිතය රසවත් කළ අලුත් අවුරුදු සමය නිර්ව්‍යාජ අන්දමින් නිරූපණය කරන්නට ලෙස්ටර් සමත් වෙයි. එය වෙන් කොට ගෙන විමසීම සිනමාපටයට කරන අසාධාරණයකි.
සිංහල - හින්දු අලුත් අවුරුදු උත්සවය නන් අයුරින් නිරූපිත ලාංකේය සිනමාපට කිහිපයක්ම මෙතැනදී මතකයට නැඟේ.
එම්. මස්තාන්ගේ ‘ධීවරයෝ’ (1964) ට මුල් වන්නේ ධීවර ජීවිතය යි. එහෙත් මොහිදීන් බෙග් ඇතුළු පිරිසකගේ හඬින් ගැයෙන ‘ඇවිල්ල ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා’ ගීය එහි අන්තර්ගත ය.
සුනිල් ආරියරත්නගේ ‘පොඩි මල්ලී’ (1979) හි ද අලුත් අවුරුද්ද ගැන කියැවෙන ගීයක් එයි. ඔහුගේ ම ‘සිරිබො අයියා’ (1980) හි ගැමි අලුත් අවුරුදු සමයක් නිරූපිත ය.
සේන සමරසිංහ ගේ ‘චංචල රේඛා’ (1981) රසික ප්‍රතිචාර ලබන්නේ අලුත් අවුරුදු උත්සවය ගැන කියැවෙන ගීයක් ද නිසාවෙනි. ‘මී අඹ අත්තේ කොහෝ කොහෝ’ යන මිල්ටන් මල්ලවආරච්චි හා නීලා වික්‍රමසිංහ ගයන එම ගීය සිනමා පටයෙන් පරිබාහිරව ද ජනපි‍්‍රය ය.
සිංහල - හින්දු අලුත් අවුරුදු උත්සවය මෙරට ජාතික උත්සවයක් සේ හඳුනා ගැනෙන්නේ අද ඊයේ නොවේ. මේ ජාතික සමඟිය ඔප් නැංවෙන හොඳම අවස්ථාවකි. මෙරට සියලු ජන වර්ග හා ආගමිකයන් සිංහල - හින්දු අලුත් අවුරුදු උත්සවය හා නන් අයුරින් එක් වන බව පැහැදිලි ය.
වෙසක් උත්සව සමයේදී ‘සම්බුදු මහිම’, ‘අංගුලිමාල’ වැනි සිනමා පට රූපවාහිනී නාළිකා ඔස්සේ හෝ විකාශය කෙරේ. පොසොන් උත්සව සමයට ‘මහින්දාගමනය’ තිබේ.
ඇසළ උත්සව සමයට ‘සිරි දළදාගමනය’ එක් වීමට නියමිත ය. නත්තල් උත්සව සමයට ‘ක්‍රිස්තු චරිතය’ යි. සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයම තේමා කොට ගත් සිනමාපටයක් නම් තවමත් නැත.

0 comments:
Post a Comment