‘මීයක් කඩන්නේ අත ලෙවකන්න ද’
මේ ගැමියන් අතර පවතින කතාවකි. මී පැණි තරම් රස නොවුණ ද එක් ජීවිතයක් නොව ජීවිත ගණනාවක් රැක ගන්නට කැලයේ ගොසින් මී පැණි කඩා ජීවත්වන ගැමියන් සොයා ඉකුත් දිනෙක අපි පොළොන්නරුව රොට වැව ගම්මානයට ගියෙමු.
අපි ජීවත්වන්නේ කුඹුරක් කොටාගෙන, කුලී වැඩක් කරගෙන, මී එහෙමත් නැත්නම් ගබඩාවක් කොටාගෙන”
රොට වැව ගැමියෝ ගබඩා කොටනවා යනුවෙන් හඳුන්වන්නේ මී වද කැඩීමටය.
මින්නේරිය ස්ටේෂන් හන්දියෙන් හැරී කිලෝමීටර හතරක් පහක් පමණ ගිය තැනදී රොට වැව හමුවේ. එහි බොහෝ ගෙවල් කටුමැටි ගසා සාදා ඇත. දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන ඔවුහු මී වාරයට කැලේ යති. කැලේ යන ඔවුහු හැන්දෑවට සිරිපාල මුදලාලිගේ කඩයේදී යළි හමුවෙති. වසර ගණනක් පුරා මී කැඩීම රස්සාවක් කරගත් එස්. නිමල් දයාරත්න අපට හමුවූයේ එහිදීය.
“අද උදේ අපි පස්දෙනෙක් කැලේ ගියා. මීයක් හම්බ වෙනතුරු කැලේ ඇතුළටම යනවා. ගස් බලාගෙන යනකොට මී වද තියෙන ගස් හමු වෙනවා. වීර ගස්වල, බිම වැටුණ ගස් කඳන්වල විශාල ගස් බෙනවල මී බඳිනවා. අපි පස්දෙනා එකට කැලේට ගියාට කැලේ ඇතුළෙදි පස්දෙනා පස් පැත්තකට යනවා. එක්කෙනෙකුට මීයක් හමු වුණොත් එයා “හූ” තුනක් තියනවා. එතකොට කට්ටියම එකතු වෙනවා. ඊට පස්සේ මීය වටලනවා.
පොරවෙන් ගහට කොටලා ගහේ පළුව ගන්නවා. බොහෝ වේලාවට මීය තියෙන්නේ ගස් බෙනය ඇතුළේ. මීමැස්සෝ අයින් කරලා වදේ අරගෙන ඉටි රෙද්දක් තියලා මිරිකලා බූලියට දානවා. සමහර වද තියෙනවා මී පැණි නැති. සමහර වද තියෙනවා මී පැණි බෝතල් දෙක තුනක් ගන්න පුළුවන් ඒවා.
අපි කැලේදී මී වදවලට කියන්නේ ‘ගබඩාව‘ කියලා. මී වද කඩනවට කියන්නේ ‘ගබඩා කොටනවා’ කියලා. අපි මී පැණි අරගෙන එන්නේ සිරිපාල මුදලාලිගෙ කඩේට. මුදලාලි මේ දවස්වල මී පැණි කිලෝ එකක් ගන්නේ රුපියල් හාරසිය හැත්තෑපහකට. අද මං මී පැණි කිලෝ හතක් ගෙනාවා.”
මී කැඩීමෙන් ජීවත්වන දයාරත්න මී පැණි නැති කාලෙට කුලී වැඩ කරන්නේය. මී පැණි බහුලව ඇත්තේ ජුනි, ජුලි හා අගෝස්තු මාසයේය. වැහි කාලය ආරම්භ වූ විට මී පැණි නැත. නැවත ජනවාරි, පෙබරවාරි, මාර්තු කාලවලදී මී පැණි කැඩීමට ඔවුහු කැලේට යති.
“අවාරේ කැලේට ගියත් මී පැණි හොයන්න පුළුවන්. ඒත් මේ වගේ හොඳට පැණි නැහැ” දයාරත්න පවසන්නේය.
උදේ ගිහින් හවස මී පැණි සොයාගෙන එන්නා සේම ඇතැම් විට පස්දෙනා හයදෙනා කල්ලි ගැසී කැලයේ දින දෙක තුන නැවතී සිට මී පැණි සොයාගෙන පැමිණෙති.
“කට වැරදුණොත් ඔක්කොම ඉවරයි. අපි පස් දෙනෙක් යනව නම් පස්දෙනාම කොළ අතු එල්ලනවා. අයියනායක දෙවියන්ට කියනවා අපිව ආරක්ෂා කරලා දෙන්න කියලා. කැලේදී විසකුරු සතා සිව්පාව හමු වෙනවා. අලි රංචු තනි අලියා හමු වෙනවා. අපි කවදාවත් සත්තුන්ට හිරිහැර කරන්නෑ. අලියන්ට නරක වචනයකින්වත් කතා කරන්නේ නෑ. අලි මාරුවෙන තුරු අපි සද්ද නැතිව ඉන්නවා. උන්ගෙන් අපිට හිරිහැරයක් නැහැ. ඒත් වලහගෙන් තමයි බේරෙන්න අමාරු. වලස්සු මී වද හොයාගෙන එනවා. තාමනම් දෙවියන්ගෙ පිහිටෙන් අපට හිරිහැරයක් නැහැ. දෙවියෝ අපිව රැක ගන්නවා.”
දයාරත්න පවසන්නේ දෑත් එකතු කර අයියනායක දෙවියන් සිහි කරමිනි.
රොට වැව මී පැණි එකතු කරන්නන්ගේ ජීවිත මී පැණි තරම් රසවත් නැත. ඔවුහු ජීවිතයේ අනේකවිධ දුක් කම්කටොළුවලට මුහුණ දෙන්නේය.
මී පැණි කඩන්නට කැලයේ ගොස් ඊට දින කිහිපයකට පෙර වලසකුගේ පහර කෑමට ලක්වූ පියදාස මාමා හැට හැවිරිදිය.
“ජුනි මාසේ විසි එක්වෙනිදා උදේම අපි පස්දෙනා ‘නාපනේ’ කැලේට ගියා. කැලේ ටික දුරක් යනකොට මීයක් හම්බ වුණා. ඒකත් කොටාගෙන වතුර ටිකක් බීලා මහන්සි නිවාගන්න ඉන්නකොට තමයි වලහා ඇවිත් පැන්නේ. ඉස්සරහින්ම හිටියේ මම. මගෙ අතේ හබර පොල්ල තිබුණා. මම ඒකෙන් ගැහුවා. වලහා ටිකක් මෙල්ල වුණා. ඒත් ඌ ආයෙමත් පැන්නා. මං දන්නවා ඊළඟට ඌ පනින්නේ මූණට කියලා. මං මූණ හංගත්තා. දෙපාරක්ම ඌට පොල්ලෙන් ගැහුවා. අන්තිමට පොල්ල වීසි වුණා.
මම මුහුණ හංගගත්තා. ඒත් ඌ මගෙ මුහුණ බරු ගැහුවා. වලහා පනින පනින පාරට මම ඌට අත දික්කළා. ඌ මගෙ කකුල කෑවා. මම ගහපිය ගහපිය කිව්වා. අනිත් අයත් කලබල වෙලා හිටියේ. එයාලා ගැහුවා. වලහා කැලේට දිව්වා. මම බය වුණේ නැහැ. මේ සිද්ධිය වෙනකොට උදේ දහයට විතර ඇති. අපි ආයෙමත් ගමට ආවා. මගෙ කමිසය ඉරිලා තිබුණා. මම බයිසිකලෙන් හිඟුරක්ගොඩ රෝහලට ගියා. මුහුණට මැහුම් දාසයක් දැම්මා. අත්වලටත් මැහුම් දැම්මා. පස්සේ ගිහින් පොළොන්නරුව ඉස්පිරිතාලේ දවස් හතරක් හිටියා.”
ඔහු රෝහලෙන් ටිකට් කපාගෙන පැමිණිය ද ඔහුගේ තුවාල තවමත් සුව වී නොමැත.
පුංචි හාමි හා ඇගේ දියණිය අශෝකා ද පිරිමින් හා හරිහරියට මී පැණි කැඩීමට කැලේ යති. අපට අශෝකා හමුවූයේ රාත්‍රියේදීය.
“ඊයේ මම මී පැණි කඩන්න ගියා. අයියයි අම්මයි එක්ක යන්නේ. අද කුලී වැඩට ගියා. අම්ම නම් කැලේ දවස් දෙක තුන නතර වෙලා ඉන්නවා. මම උදේ ගිහිල්ලා හවස එනවා. තාත්තා නැති වුණේ පුංචි කාලෙමයි. පවුලේ පස්දෙනෙක් හිටියා. අම්මා අපිව හැදුවේ කැලේ ගිහිල්ලා මී පැණි හොයාගෙන ඇවිල්ලා. මමයි පුතයි තනියම ජීවත් වෙන්නේ. මම පුතාලගෙ තාත්තගෙන් වෙන්වෙලා ඉන්නේ.
පුතාට අවුරුදු හතක් වෙනවා. අපේ අම්මා අද උදේම මී කඩන්න කැලේ ගියා. තව තුන්දෙනෙකුත් එක්ක. ආයෙත් දවස් තුන හතරකින් ගමට ඒවී. සමෘද්ධියෙන් ණය අරගෙන තමයි ගේ හැදුවේ. තාම ලයිට් ගන්න බැරිවුණා.”
අශෝකා දෑතේ කරගැට පිරිමදිමින් පවසන්නීය. ඇගේ නිවස ගන අන්ධකාරයෙන් පිරී ඇත. ඇය අප හා කතා කෙරුවේ කුප්පි ලාම්පුව බිත්ති කන්ඩිය උඩින් තබාය.
රොට වැව ගම මහසෙන් රජ්ජුරුවන්ගේ කාලයේ පටන් පැවත එන ගමකි. මෙහි වාසය කරන්නේ ගම් වැදි පරම්පරාවයි. ඔව්හු කැලේ දින ගණන් ගත කරති. ගමට යම් කරදරයක් හෝ මරණයක් හෝ වේ නම් ඔවුනට එය ඉවෙන් මෙන් දැනේ. කැලේ දී කරන චාරිත්‍ර මෙන්ම පැණි කඩන්නන්ගේ ජීවිතවල ඇතුළු පැත්ත ද අපට පැවැසුවේ ඩිංගිරි බණ්ඩා මාමා ය.
දවස් දෙක තුනක් කැලේ ඉන්න යනකොට හාල් සේරුවක් පොල් ගෙඩියක් අරගෙන ගිහිල්ලා දුං අල්ලලා ඒක උඩකින් තියනවා. අපිට මී පැණි හම්බ වෙන්න කියලා කිසිදු අතුරු ආන්තරාවක් නොවෙන්න කියලා බාර වෙනවා. කැලෙන් එළියට එන දාට කිරි උතුරලා කිරිබත් උයලා දෙවියන්ට බාරේ ඔප්පු කරනවා.
පොල් ගාගන්නේ කොහොම ද?
පැතලි ලීයක් කපලා හිරමන තලයක් වගේ හදා ගන්නවා. අපි නතර වෙන්නේ දිය උල්පත් තියෙන තැනක. රෑට අලි එනවට කැලේ සතාගෙන් බේරෙන්න ගිනි මැලයක් ගහගන්නවා. ඉස්සර නම් අපි කැලේ ගිහිල්ලා මී පැණි ගෙනාවේ කළවලට. වද පිටින් අරගෙන එන්න බැහැ. ගස් බෙනවල තියෙන වද අරගෙන ඒවායේ පිලව් (මීමැසි පැටව්) අයින් කරලා වදය මිරිකනවා. එතකොට මී ඉටිත් තියෙනවා. මී ඉටි අරගෙන එනවා. ඒවා ගෙදර එකතු කරනවා.
කන්නය ඉවර වෙනතුරු මී ඉටි උණු කරන්නේ නැහැ. මී ඉටි උණු කළොත් කැලේ වදවල පැණි නැතිව යනවා. අපි කැලේ යන්නැති කාලෙට මී ඉටි උණු කරලා විකුණ ගන්නවා. ඒවා හරි මිලයි. කැලේ යද්දි අපි කතා කරන භාෂාව වෙනස්. පොරවට කියන්නේ ‘වඩුවා’ කියලා. ගැටය කියන්නේ පැණි දාන්න ගෙනියන බූලියට. රත්තා පෙට්ටිය කියන්නේ ගිනි පෙට්ටියට.
ඩිංගිරි බණ්ඩා මාමා සමඟ එක්වූ අනෙක් ගැමියෝ ද අපට තොරතුරු පවසති.
“පස්දෙනාගේ කණ්ඩායමක් ලෙස කැලයට යන ඔවුන් එහිදී තම තමන්ව හඳුනා ගන්නේ වෙනමම නම්වලිනි. පනිත්තයා, ගමරාළ, වෙදරාළ ආදි නම් ඔවුහු භාවිත කරති. හරුහරා යනුවෙන් මී පැණි හඳුන්වන අතර වතුර හඳුන්වන්නේ පෑදිය ලෙසය. ඔවුන් කැලෑ සත්තුන්ට ද විවිධ නම් යොදා ඇත. වලහා - ගමයා, ලෙස ද අලියා - උසල්ලා ලෙස ද ගෝනා - අම්බරුවා ලෙස ද ඌරා - හොටබරියා ලෙස හඳුන්වති.
ඔවුන් මී පැණි තියෙන ගස් හඳුනා ගන්නේ වලසුන් පහුරු ගා තිබෙනු දැකීමෙනි. ඇතැම් විටෙක ගහ අවට මී මැස්සෝ ගැවසෙන දුටු විට ද ඔවුහු ඒ ගැන විමසිලිමත් වෙති. මීමැස්සන් පිඹ ඉවත් කරද්දී ඇතැම් විටෙක ඔවුන් මීමැස්සන්ගේ ප්‍රහාරයට ද ලක්වේ.
එහෙත් එයින් බරපතළ හානි සිදු නොවන්නේ එය දෙවියන්ගේ අඩවිය බැවිනි. “අපි කැලේ ගියහම ගමේ මරණයක් වුණොත් එක්කෝ හීනයක් පේනවා.
එහෙම නැත්නම් හමුවන මී වදවල පැණි නෑ. ඉන්නේ පණුවෝ. එහෙම වුණහම අපි ආයෙත් ගමට එනවා. එතකොට අපි දන්නවා ගමේ මොනවාහරි වෙලා කියලා මරණ කටයුතු ඉවරවෙලා දවස් හත ගෙවනතුරු කවුරුවත් කැලේ යන්නේ නැහැ.”
ඉලංගරත්න මාමා පැවැසුවේ ඔහු එවැනි දේට මුහුණ පා ඇති බැවිනි.
කැලේ ඇවිද ගෙනෙන මී පැණිවලට සාධාරණය ඉටුකරන්නේ සිරිපාල මුදලාලිය. ඔහු මී පැණි කිලෝ එක රුපියල් තිහ කාලයේ සිට රොට වැවින් මී පැණි එකතුකර කොළඹට එවූ අයෙකි.
“මං මී පැණි එවන්නේ තොටළඟ කඩයට. කට්ටියත් එක්ක ගිහිල්ලා මී පැණි ගෙනාවම මම ඒවා කිරලා බලලා එයාලට මුදල් බෙදලා දෙනවා. මේ අය හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ. කැලේ ගියහම හරියට බඩට කෑමක් නැහැ. මිරිස් කුඩු ටිකක් ලුනු කුඩු ටිකක් ඉහගෙන බත් කන්නේ. ”
ඔවුන්ගේ ජීවිත සුන්දර නැත. මී පැණි තරම් රහ ද නැත. එහෙත් ඔවුහු මී පැණි වාරයට ජීවිතය පරදුවට තබා කැලේ යන්නේය. ඇතැම් විට මංමුලා වැල් ද පෑගෙන්නේය.
“මංමුලා වැල් කියන්නේ කොළ පාට වැලක්. ඒකේ අග්ගිස්ස ආපිට හැරිලා තියෙන්නේ. ඒක පැගුණොත් පාර හොයා ගන්න බෑ. අපි වැල අඳුනාගත්තොත් කපලා අයින් කරනවා. නැත්නම් උඩින් පැනලා යනවා. වැලක් පෑගුණොත් කොළ අත්තක් කඩලා අයියනායක දෙවියන්ට වැඳලා එල්ලනවා. එතකොට පාර දකින්න ලැබෙනවා.”
රැයෙහි තැනින් තැන ඇසුණු අලි වෙඩි ශබ්ද මැකී ගොස් රාත්‍රිය ගෙවි නව දිනක් උදා වූයේය. අපි බිමට එළිය වැටෙන්නටත් පෙර ධනපාලා මාමා සමඟ මී කඩනවා බැලීමට පිටත් වීමු. හාත්පස පරිසරය තවමත් අඳුෙර්ය. පරිසරය හා මාර්ගය නුහුරුය. පෙරදා රැයෙහි පැල් රැක්ක ධනපාල මාමා නිදිමත පසෙකලා හිමිදිරි උදයේම කැලයට යන්නට පිටත් වූයේය. ඔහු දෑතේ අඩුමකුඩුම කිහිපයකි. එක් අතක ඇත්තේ ඉටි කවරයකි.
එහි හාල් කිලෝවක් පමණ, තේකොළ, සීනි, මිරිස් කුඩු, දිය ලුණු, ස්වල්පය බැගින් හා පොල් ගෙඩියක් ද ලොකු ලූනු ගෙඩියක් ද විය. අනෙක් අතෙහි ඇත්තේ පොරවකි. ඉනෙහි සුදු රෙද්දක එතු බූලියක් ගැට ගසා ඇත. රොට වැව පාරේ ගිය ධනපාල මාමා හා අපි ත්‍රිමලේ පාරට පිවිසියෙමු. රේල් පාර දිගේ ගිය ඔහු නාපනේ කැලේට පිවිසෙන තැන පැමිණියෙමු.
කොළ අත්තක් කඩා අයියනායක දෙවියන් සිහි කළ ධනපාල මාමා කැලයට පිවිසියේය. කිලෝමීටර භාගයක් පමණ යන්නට ඇත. ඔහු ගස්වලට තට්ටු කරමින්, ගස් දෙස විමසිල්ලෙන් බලමින් යන්නේය.
‘ඔන්න පුතා ගබඩාවක් තියෙනවා’ යැයි ධනපාල මාමා ඡායාරූප ශිල්පි විමල්ට කීවේය.
“අපි නිහඬ වීමු. ඔහු ඔහුගේ කාර්යය ඇරැඹුවේය. ඒ කාර්යය දැකීමට හරිම අපූරුය. කැලේ අතු බිඳෙන සද්ද ඇසේ දැයි අපි විමසිලිමත් වීමු. සිතට දැනෙන්නේ නුහුරු බියකි.
ඡායාරූප - විමල් කරුණාතිලක

(විශේෂ ස්තුතිය පොළොන්නරුවේ අබ්දුල් කේ. සාදිකින් මහතාට)
ඡායාරූප - විමල් කරුණාතිලක
0 comments:
Post a Comment