728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Saturday 12 April 2014

පැබ්ලෝ පිකාසෝ විසින් ඇය හැඳීන්වූයේ ‘යුගයේ නෙෆර්ටිටි’යනුවෙනි

වේදිකා එළිය යට ශරීරයේ තැන් කිහිපයක් පමණක් ස්වර්ණ හංස පියාපත්වලින් වසාගෙන ජොසපින් බෙකර් ප්‍රේක්ෂාගාරයට පැමිණෙයි. නර්තන සහකරු විසින් සිහින් දිගු දෙපාවලින් යුතු ඇය ඉහළ පහළ ගෙනියයි.  බිමින් තැබූ සැණෙකින් ඇය ඇගේ නර්තනය අරඹයි. කෝපි- දුඹුරු පැහැති සමෙන් යුතු ඇය, ඇය තුළමත් නර්තන සහකරු වටාත් දියවෙන්නාක් බඳු ය. ඉක්බිති ව ශෘංගාරයෙන් මත්ව වසඟකාරිත්වයෙන් අනූන ඇය ප්‍රේක්ෂාගාරය වෙවුලුම් කවයි. පැරිස් ප්‍රේක්ෂාගාරය මොහොතට අල්පෙනෙත්තක් තුඬගක් බිම වැටෙන හඬ වුව කියාපාන තරමට නිහඬවෙයි. අනතුරු ව ඔවුන් තම අසුන්වලින් නැඟිට ප්‍රීතියෙන් කුල්මත්ව අත්පොළසන් හඬින් සතුට ප්‍රකාශ කරයි. ඇය එකල බොහෝදෙනා විසින් හැඳීන්වූයේ ‘කළු වීනස්‘ ලෙසිනි.

වීනස් යනු ග්‍රීක දේවකතාවල එන ආදරය, සුන්දරත්වය හා ලිංගිකත්වයට අධිපති දෙවඟන ය. පැබ්ලෝ පිකාසෝ විසින් ඇය හැඳීන්වූයේ ‘යුගයේ නෙෆර්ටිටි’යනුවෙනි. නෙෆර්ටිටි යනු ද මිසර ශිෂ්ටාචාරයේ පාරාවෝ රජ දවස දිගැටි බෙල්ලකින් යුතු පාරා රජ බිසවකි. ඇගේ මරණයෙන් හා ආගමික විප්ලවයෙන් පසුව ඇය දේවත්වයෙන් සලකනු ලබයි. ලෝක පූජිත ලේඛක අර්නස්ට් හෙමිංග්වේ විසින් ඇය හඳුන්වා ඇත්තේ ඕනෑ ම කෙනකු කවදා නමුත් දකින භාවප්‍රකෝපකාරීම ස්ත්‍රීය ලෙසයි.
ජොසපින් ශාන්ත ලුවි යුදෙව් ජනාවාසයේ (ගෙටෝවේ)බිහිවී විශිෂ්ට ගායිකාවක හා නර්තන ශිල්පිනියක බවට පත්වූ රෝස කුසුමකි. 1920 ගණන්වල ජෑස් සංගීත යුගයේ ප්‍රතිමූර්තියකි. ව්‍යාජ කෙසෙල් ගෙඩිවලින් යුතු ටුටූවක් පැලඳ (ඉතා කෙටි සායක්) තමන් මුසපත් කළ ඇය අද ද බොහෝ පිරිසක් ආදරයෙන් සිහිපත් කරති. එළඹෙන වසන්ත සමයේ ඇගේ ජීවිත කතාව චිත්‍රපටයක් ලෙස පෙන්වන්නට ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරියක වන ෆිලීඩා ලෝ කටයුතු කරමින් සිටියි. ඇගේ චරිතයට පණ පොවනු ලබන්නේ යුගයේ ආන්දෝලනාත්මක ගායිකාවක වන රිහානායි. ජොසපින්ගේ මත්ද්‍රව්‍ය ගැනීම්, සවිඥානකවම ප්‍රදර්ශනකාමයෙන් යුතුව නිරුවතින් හැඟීම් දැනවීම ආදිය පිළිබඳ යුදෙව් සුරුවිරුකම් අපවාද මධ්‍ය යේ ඒ අයුරින් ම විදහාපෑම රිහානාට සැබවින්ම අභියෝගයකි. එහෙත් ඇය එකී අභියෝගයට මුහුණදෙන්නට සූදානම් ය.
ජොසපින් එකල ජනප්‍රියත්වයට පත්වූයේ සුප්‍රසිද්ධ ගායනයෙන් හෝ නර්තනයෙන් පමණක් නොවේ. අධික ධනයක් උපයාගත් තැනැත්තියක හා සාහසික හැසිරීම්වලින් යුක්ත අයකු ලෙස ද ඇය ලෝකයා දැන හැඳීන සිටියාය. හිටපු නාටිකාංගනාවක වන කෙරීට සහ ඩ්‍රම්ස් වාද්‍ය ශිල්පියකු වන එඩී කාර්සන් ට දාව ජොසපින් බෙකර් උපත ලැබුවේ 1906 දී ය. විශේෂයෙන් ම ජොසපින්ගේ උපත හේතුවෙන් ඇයට කෙටි කලක් තුළ නර්තනයෙන් සමුගන්නට සිදුවීම පිළිබඳ ඇය බෙහෙවින් විස්සෝපයට පත්ව සිටියා ය. මේ හේතුව නිසාම නිරන්තරයෙන්ම ජොසපින්ට රිදවීමට ඇගේ මව කටයුතු කළා ය. “ඇය මට රිදවනවා. මාව ඉපදුනාට වඩා මැරුණානම් හොඳයි කියලා කියනවා“ පසු කලෙක ජොසපින් ස්වකීය මව පිළිබඳ අතීතය ආවර්ජනය කරමින් පැවසුවාය. 1917 වන විට ජොසපින්ට වයස අවුරුදු 11 කි. ඇයගේ උපන් නගරය වන ශාන්ත ලුවි හි වර්ගවාදී කෝලාහල ඔඩුදුවන්නට විය.
ඇය එකී වේදනාබර සැහැසිකම් නිතර සිහිපත් කළාය. පසුව ඔවුන් ශාන්ත ලුවි හැර ගියහ. ඉක්බිතිව ඇය හෝටලයක වේටර්වරියක ලෙස සේවය කරමින් සිටියදී දැන හැඳීනගත් විලී වෙල්ස් නම් අයකු සමඟ විවාහ විය. මවගේ බලහත්කාරය මත එලෙස විවාහ වූ ඇයගේ ඒ වන විට වයස අවුරුදු 13 ක් වූ අතර ස්වාමියා, ඇය මෙන් දෙගුණයක් වයස ය. මිසූරි ප්‍රාන්ත බලධාරීන් විසින් කළු ජාතික ප්‍රජාව කෙරෙහි අඩු සැලකිල්ලක් යොමුකර තිබියදී වුව මේ බාලවයස්කාර විවාහය කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමුවිය. විලී විසින් ඇයට කරනු ලබන හිරිහැර හා පහරදීම් පිළිබඳ ඔවුන් සැලකිලිමත් විය. මව විසින් වෙනත් ප්‍රශ්න පිළිබඳ කනිපින්දම් කියනු ලැබූව ද බලධාරීන් ජොසපින් කෙරෙහි සංවේදී විය. ඇගේ සැමියා වන විලී විසින් බෝතලයකින් පහරදී ඇගේ හිස තුවාල කර තිබීම ආසන්නතම හේතුව ලෙස හුවාදක්වමින් ඔවුන්ගේ කරදරකාරී විවාහ ජීවිතයට නැවතීමේ තිත තැබීමට බලධාරීන් සහය විය. එකී විවාහය පැවතුණේ මාස 8 ක් පමණි.
ඩික්ස් ස්ටෙපර්ස්ගේ ප්‍රධානත්වයෙන් යුතු සංගීත කණ්ඩායමක් වීදි සංචාරය කරමින් සංදර්ශන පවත්වමින් පැමිණියේ මේ කාලයේදී ය. කණ්ඩායමේ ප්‍රධාන ගායිකාව විසින් ජොසපින් පුහුණු කළ අතර කෙටි කලක් තුළ ඇය ගායනය හා නර්තනය ප්‍රගුණ කළා ය. අවසානයේ ඔවුන් නගරය හැර යන විට ජොසපින් ද ඔවුන් සමඟ පිටත්විය. ඇයට සතියකට ඩොලර් 10 ක දීමානවක් ලැබී ඇති අතර කණ්ඩායමේ ගායිකාවක ලෙස මෙන් ම ලිංගික ආකර්ෂණයෙන් යුතු තරුණියක ලෙස කණ්ඩායමට වාසි අත්වීමට ඇය ප්‍රබල සාධකයක් වූ බව කියැවෙයි. සංදර්ශනයක් අතරවාරයේ ඇයට විලී බෙකර් හමුවිය. වයස අවුරුදු 15 සම්පූර්ණව සිටි ඇය ඔහු සමඟ විවාහ විය. ඒ වන විටත් ඇය පළමු විවාහයෙන් නීත්‍යනුකූලව වෙන්වී නොසිටි බව කියැවෙයි. කෙසේවෙතත් ටික කලක් තුළ කණ්ඩායමේ ජනප්‍රිය චරිතයක් බවට පත්වෙමින් සිටියදී කණ්ඩායමේ ප්‍රධාන ගායිකාව ඇයගේ ස්වාමි පුරුෂයාගේ බලපෑමෙන් කණ්ඩායම හැර යයි. එතැනට පත්වීමට ජොසපින්ට හැකිවිය. ඒ කණ්ඩායමේ නිෂ්පාදකවරයා සමඟ යහන්ගතවීමකින් පසුව ය.
1925 වන විට ඇයට අවුරුදු 19කි. ගායිකාවක හා නර්තන තරුවක ලෙස ඇය පැරීසියේ කළු ජාතික කැබරේ භෝජනාගාරවල ජනප්‍රියත්වයේ හිණිපෙත්තෙහි සිටියා ය. එහෙත් ස්වකීය කණ්ඩායම එක්සත් ජනපදයට යද්දී ඇය පැරීසිය හැරයාමට අකමැති වූවා ය. සතියකට ඩොලර් 200 බැගින් චෙක්පතකින් ගෙවන බවට පවසා ඇය ඒ සඳහා පොලඹවා ගැනීමට උත්සාහ කළ ද නොහැකි විය. එහෙත් සති කිහිපයකින් ඇය තනිව සංදර්ශන පැවැත්වීම ආරම්භ කළාය. නිෂ්පාදකවරුන් උඩුකය නිරුවත්ව නර්තනයේ යෙදෙන ලෙස ඇයට ඇවිටිලි කරන්නට වූයේ මේ කාලයේදී ය. ප්‍රංශ ජාතිකයන් අප්‍රිකානු ස්ත්‍රීන්ගේ කෝපි පැහැති ශෘංගාරාත්මක ශරීරය දැකීමට ආශා කිරීම එයට හේතුවයි. මූලාරම්භයේදී ඇය එය ප්‍රතික්ෂේප කළාය. එහෙත්, නිෂ්පාදකවරුන් ඇයට තර්ජනය කළ අතර තම වියදම් පියවාදෙන ලෙස බලකිරීමටත් එසේ නොකරන්නේනම් පැරීසිය හැර යන ලෙසත් බලකරන ලදී.
පසුව ඇය නිෂ්පාදකවරුන්ට අවනත වූ අතර පළමු රැයින් ම ඇය සාර්ථක වූවා ය. අනතුරුව ඉතා කෙටි කලක් තුළ ඇයට වාසනාව උදාවූ අතර, දහස් ගණනින් විවාහ යෝජනා ද ලැබිණි. වර්ගභේද නොසලකන මිනිසුන්ට ගෞරවනීය ලෙස සලකන පැරීසියට ඇය සැබවින් ම ආදරය කළා ය. ඇය ඇගේ පාළුව තනිකම මඟහරවා ගැනීමට හාවුන් දෙදෙනකු, නාගයකු ,බටු ගිරවකු මෙන් ම ඇල්බට් නමින් හැඳීන්වූ ඌරු පැටියකුද ඇති කළා ය. ඉතා කෙටි කලක් තුළ ඇය සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්වූ අතර ෆෝලිස් බර්ගරේ සංගීත ශාලාව අත්පත් කර ගැනීමට ද ඇයට හැකිවිය. වේෂ නිරූපන හා සැලසුම් ශිල්පි ෂෙන් කොටේකු විසින් ව්‍යාජ කෙසෙල් ගෙඩි ස්වරූපයෙන් විලාසිතාවක් සහිත ටුටූවක් යෝජනා කරන ලද්දේද මේ යුගයේදීය. එය ඇයගේ කැලෑ නර්තන අංගයට කදිමට ගැළපුණි.
යුගයේ තරුණියන්ගෙ පරමාදර්ශය ඇය වූ බැවින් බොහෝ දෙනකුට ඇය මෙන් වෙන්නට අවශ්‍ය විය. ඒ අනුව ජොසපින්ගේ බෝනික්කන්, ජොසපින්ගේ කොණ්ඩ විලාසිතාව, ජොසපින් කැමති ඇඳුම් ආදී වශයෙන් බොහෝ නිපැයුම් එළිදකින්නටත්,ඒවාට කදිම වෙළෙඳපොළක් හිමිවන්නටත් විය. ඇය සිය ගණනක ආදරවන්තයන් හා ආදරවන්තියන් ඇසුරු කළාය.ජීවිත කාලය පුරාවට ආදර සබඳතා 10,000 ක් පැවති බව කියන ප්‍රංශ ලේඛකයකු වන ජෝර්ජ් සිමෙනන් වරක් ප්‍රකාශ කර තිබුණේ තමා ඇසුරු කළ පැරිස් ස්ත්‍රීන්ගෙන් සියල්ලටම වඩා තම ලිංගික ශක්තියට නිවැරදි ලෙස ම සමාන වූයේ ජොසපින් පමණක් බවයි. විවාහ ගණනාවක් කරගත් ඇය කොරියාව,ජපානය,කොලොම්බියාව, ඊශ්‍රායලට,අප්‍රිකාව,වෙනිසියුලාව හා ප්‍රංශය යන රටවල් නියෝජනය වන සේ පිරිමි ළමුන් 11 ක් හා ගැහැනු ළමුන් 2 ක් අරන් හදාවඩා ගත්තා ය.
1951 දී අමෙරිකාවට සංක්‍රමණය වූ ඇය නාසිවාදයට එරෙහිව ගෙන ගිය සටනට සහය වූවා ය. එසේ ම අමෙරිකාව තුළ වූ වර්ගවාදයට එරෙහිව කළු ජාතික ජනතාව වෙනුවෙන් හඬ නැඟුවා ය. ඒ වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් කළා ය. 1963 වසරේ අගෝස්තු මාසය වන විට එනම් අදින් වසර 50 ට පමණ පෙරාතුව ආගමික ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ ඇය නියෝජනය කරනු ලැබුවේ මාටින් ලූතර් කිං ගේ පාර්ශ්වයයි. ලූතර් කිං වරෙක මෙසේ කියා සිටියේය.“මට හීනයක් තියෙනවා. ඇයට නිදහස් ප්‍රංශ හමුදාවේ නිල ඇඳුමක් සහ පදක්කමක් පැලඳීය යුතුවීම හා දේශනයකට අවස්ථාවක් දීමයි”ලුතර්ගේ හීනය සැබෑ කරවීමට බලධාරීහු අවසර දුන්හ. 1973 දී ඇයට හෘදයාබාධයක් වැලඳුණි. වෛද්‍ය උපදෙස්ද නොතකා වෙහෙස මහන්සි වූ ඇය 1975 අප්‍රේල් 12 වැනි දින ජීවිතක්ෂයට පත්විය.

5 Things You Didn't Know About Josephine Baker

1. She Was a Spy

When World War II rocked her adopted France, Baker didn't simply move to a more peaceful country. Instead, she stuck around and did her part for the war effort. Since she had initially publicly supported Mussolini's invasion of Ethiopia, the Axis powers mistakenly thought she was "one of them," and Baker took full advantage of this misconception.
In fact, her fame made her the perfect spy. When Baker would travel Europe while touring, she obviously had to carry large quantities of sheet music with her. What customs officials never realized, though, was that a lot of this music actually had secret messages written on it in invisible ink. Fawning immigration officials never thought to take too close a look at the diva's luggage, so she could sneak all sorts of things in and out of countries. On some occasions, Baker would smuggle secret photos of German military installations out of enemy territory by pinning them to her underwear.
This invaluable intelligence work eventually helped Baker rise to the rank of lieutenant in the Free French Air Force, and when the war was over she received both the Croix de Guerre (a first for an American woman) and the Medal of the Resistance in 1946.

2. She Was Worth Dueling Over

Lots of stars have devoted fans, but how many would be willing to fight a duel for their favorite diva?
In 1928, a Hungarian cavalry officer and an Italian count did just that in Budapest. According a contemporary account from Time, "the ogling and attentions of Hungarian Cavalry Captain Andrew Czlovoydi became too fervently gallant to be stomached by La Baker's manager, Count Pepito di Albertini." Rather than just ask Czlovoydi to knock it off, the Count took the reasonable step of challenging the soldier to a swordfight duel.
Fittingly, the two duelers met in a cemetery for their showdown while Baker cheered on the Count from a perch atop a tombstone. According to Time, the two men battled with swords for a solid ten minutes before the Count took a light blow to the shoulder. At that point, Baker intervened and forced the two men to set aside their differences.

3. Angelina Jolie Had Nothing on Her

Celebrities adopting children from underprivileged backgrounds may be old news at this point, but what Baker did in the 1950s is still shocking and fascinating. In an effort to combat racism and provide an example for the rest of the world to follow, in 1954 Baker started adopting orphans from all corners of the world.
Baker started by adopting a Korean child, Akio, then followed up with Japanese Taruya, Finnish Jari, and others until she had assembled a family of 12 children from a variety of countries and ethnicities. Baker dubbed these kids "the Rainbow Tribe," and housed them in her chateau in southwestern France.
As part of her efforts, Baker also turned the chateau into a sort of resort/theme park with a multicultural theme. It didn't catch on quite as well as Epcot did. By 1968, the operation was hemorrhaging money, and Baker's creditors had to sell the mansion out from under her.

4. She Was Tight With Grace Kelly

Although Baker lived and worked in France, she still made frequent touring trips back to the United States. During one 1951 visit to New York, Baker found herself at the Stork Club at the same time as rising actress Grace Kelly. When the racist staff refused to wait on Baker, Kelly, who was dining with a large party of her own, flew into a rage and walked out of the club in support of Baker.
From that moment on, Kelly and Baker were close friends. In fact, when the Rainbow Tribe's chateau was on the rocks financially, Kelly—who by that time had become Princess Grace—tried to bail Baker out with her creditors. When Baker ended up losing the house, Kelly didn't abandon her hard-luck friend. Instead, she arranged for the singer to have a villa in Monaco.

5. She Had Quite the Menagerie

Baker was just as big on collecting animals as she was about acquiring children. When a club owner gave her a pet cheetah named Chiquita to use as part of her dance show, Baker was delighted. In fact, she liked Chiquita so much that the cat stayed with her long after the act ended; eventually the cheetah traveled the world with Baker, always riding in her car and sleeping in her bed.
That wasn't Baker's only pet, though. She had a goat named Toutoute who lived in her dressing room at her nightclub, and at the same club she had a pet pig named Albert. Albert was no ordinary pig. Not only did he live in the club's kitchen and munch on food scraps, but Baker also liked to gussy him up with fancy perfumes. At one point Albert got so hefty from living this high life that he couldn't make it out of the kitchen's door any longer, so the door's frame had to be broken down.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: පැබ්ලෝ පිකාසෝ විසින් ඇය හැඳීන්වූයේ ‘යුගයේ නෙෆර්ටිටි’යනුවෙනි Rating: 5 Reviewed By: Unknown