728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Thursday 24 April 2014

මම ජනාධිපතිගේ මිනිහා....


තමන් ජනාධිපතිගේ මිනිහා බවත් තමන්ට ජනාධිපති හැර වෙන කිසිදු අයෙක් අවශ්‍ය නොවන බවත් පවසමින් ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ලක්‍ෂමන් ජයවීර මහතා විසින් අත්තනෝමතික ලෙස ආයතනය වල පල්ලට යවමින් තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ආයෝජන මණ්ඩල ශාඛාව පවසයි.

සංගමයේ සභාපති, ලේකම් සහ සංවිධායක විසින් මේ බව සඳහන් කරමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ  වෙත යොමු කර ඇති ලිපියක මේ බව දැක්වේ.
එම සම්පුර්ණ ලිපිය මෙහි දැක්වෙයි.
අතිගරු ජනාධිපතිතුමනි,
ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ආයතනික හා දේශපාලන අස්ථාවරභාවය
ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අධක්‍ෂ ජනරාල් තනතුරක් හා සභාපති තනතුරක් හඳුන්වා දෙමින් රජය විශාල බලාපොරොත්තුවක් තබමින් නිලධාරීන් පත් කරන ලදි. සෘජු විදේශ ආයෝජන ලංකාවට රැගෙන ආ හැකි යැයි විශ්වාසයෙන් ආචාර්ය ලක්‍ෂ්මන් ජයවීර මහතා සභාපති තනතුරට පත් කරන ලදි.
අතිගරු ජනාධිපතිතුමනි,
රටට පැමිණෙන විදේශ ආයෝජකයින් හැර වර්තමාන සභාපතිවරයාගේ පූර්ණ මැදිහත්වීමෙන් රටට දැනෙන කිසිදු ආයෝජකයෙකු රැගෙන ඒමට පසුගිය කාලය තුල ජයවීර මහතා අසමත් වී ඇත. මහින්ද චින්තනයේ ජන සංස්කෘතික හා දේශපාලන මතය විනාශ කරමින් කැසිනෝ ආයෝජකයෙක් ලෙස සාවද්‍ය ලෙස හඳුන්වා දුන් (විපක්‍ෂය පෙන්වා දුන් ආකාරයෙන්ම) වටිනා ආයෝජන අවස්ථාවක් මෙහෙයවා ගැනීමට පවා මොහුට නොහැකි වූවා පමණක් නොව රජය දේශපාලන ආගාදයකට ඇද දැමීමට මොහුගේ ක‍්‍රියා කලාපය හේතු විය.
වර්තමාන සභාපති ලක්‍ෂ්මන් ජයවීර මහතා ඔහුගේ විදේශ ආයෝජන ශ‍්‍රී ලංකාවේ සිට මෙහෙයවීමට කාලය වැය කරනවා මිස ආයෝජන මණ්ඩලයට දැනට ලැබී ඇති ආයෝජන මෙහෙයවීමට කාලය මිඩංගු කිරීමට නොහැකි වී ඇත. ආයතන පරිපාලනය සම්පූර්ණයෙන්ම බිඳ වැටීමකට කටයුතු කර ඇත. ආයෝජන මණ්ඩලය තුල ඔබතුමාද විශ්වාස කරන විනාශකාරී බලවේග වල අතකොළුවක් වෙමින් ආයතනය රජයේ අරමුණුවලින් ඉවත්කරන බලවේග වලට ජයවීර මහතා හසුවී ඇත. ගරු අමාත්‍යවරයා ඇතුළු රජයේ වැදගත් ක‍්‍රියාවලීන් හා මතවාදය මෙහෙයවන කණ්ඩායම් හෑල්ලුවට ලක් කරන්නේ මට හැර වෙනත් අය අවශ්‍ය නොවන බව විවෘතව ප‍්‍රකාශ කරමිනි. වර්තමාන සභාපතිතුමා රජයේ හා ආයතනයේ වැඩපිළිවෙල පොදු ජනතාවගෙන් හා සේවකයින්ගෙන් ඈත් කිරීමේ කුමන්ත‍්‍රණකාරී බලවේග වලට හසුවීම බරපතල කරුණකි.
ඔබතුමාගේ මූලික අරමුණු ලෙස ආයෝජන මණ්ඩලය වටා පවතින දුෂිත නිලධාරීන් මෙල්ල කරගැනීම වෙනුවට ආචාර්ය ජයවීර මහතා අතින් සිදුවන්නේ එම දුෂිතයින් සමඟ එකතුවී ආයතනයට හා රටට යමක් කරන නිලධාරීන් විනාශ කර කොන්කර දැමීමයි. එමෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමය පාගා දමමින් හා ඔබතුමාගේ ජයග‍්‍රහණයට කැපවූ සේවකයන් විනාශ කිරීමට කටයුතු කර ඇත. මොහු විසින් කිසිදු සෘජු විදේශ ආයෝජනයක් ලංකාව වෙතට නොගැනීමේ දුර්වලතාවය මගහරවා ගැනීමට මෑතකදී පැවැත්වූ චෝගම් සමුළුවේ ආයෝජන සමුළුව සාර්ථක කර ගැනීමෙන් මහඟු අවස්ථාවක් උදාවිය. මෙම සමුළුවේ සංවිධාන ඉලක්ක අතර වූ ආයෝජන 50ක් ශ‍්‍රී ලංකාව වෙතට ගෙන ඒමට කටයුතු කිරීමට ජයවීර මහතා අසමත් විය.
ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, වෘත්තීය සමිති නිලධාරීන් හා වෙනත් බාහිර ආයතන සම්බන්ධීකරණය කර ගනිමින් ආයෝජන ක‍්‍රියාවලිය ශක්තිමත් කිරීම සම්පූර්ණයෙන්ම විනාශ කර ඇත. තම පෞද්ගලික මතයේම සිට ක‍්‍රියාකිරීම නිසා අද වන විට ආයෝජන මණ්ඩලයේ ඉහළ නිලධාරීන්, සේවකයින් හා වෘත්තීය සමිති වල මැදිහත් වීම ආයතනය වෙත ලබා ගැනීමට නොහැකි වී ඇත. නායකත්වයක් නැති ආයතනයක් බවට ආයෝජන මණ්ඩලය පත්වෙමින් තිබෙන බව වෘත්තීය සමිතියක් ලෙස ඔබතුමාට දන්වා සිටින්නේ අපගේ වෘත්තීය සමිති වගකීම ඉටුකල යුතු නිසාවෙනි.
වර්තමාන සභාපතිතුමා කිසිදු පරිපාලන නීතියකට ගරු නොකරණ රාජ්‍ය නීති පද්ධතිය ගරු නොකරන, අමාත්‍යතුමා ඇතුළු නිලධාරීන්ට සවන් නොදෙන පුද්ගලයෙකු බවට පත්වී, ආයතනික අභ්‍යන්තර සමායෝජනය විනාශ කර දැමීමට කටයුතු කර ඇත. එමෙන්ම මොහු ”මම HEMan” (ජනාධිපතිතුමාගේ මිනිහා) යන අනවර්ථ නාමයක් ආරූඩ කරගනිමින් එය ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරමින් නිලධාරීන් බිය වද්දීමේ ක‍්‍රියාවලියක යෙදී සිටී.
අතිගරු ජනාධිපතිතුමනි,
මෙම අවස්ථාවේ සංස්ථාවල, මණ්ඩලවල නායකත්වය වෙනස් කිරීමේ ඔබතුමාගේ වැඩපිළිවෙලට ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාද ඇතුලත් කර ගන්නා ලෙස ඉල්ලා සිටිමු. රටට දැයට වගකියන මහින්ද චින්තන ඉදිරි දැක්ම වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යා හැකි, ආයෝජන ඉලක්ක පහසුවෙන් ජයගත හැකි සභාපතිවරයෙක් පත් කරන ලෙස ඉල්ලා සිටිමු.
ඔබතුමාට ජය පතන අපි
ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය
ආයෝජන මණ්ඩල ශාඛාව
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: මම ජනාධිපතිගේ මිනිහා.... Rating: 5 Reviewed By: Unknown