කිසිවෙක් මා වෙත බීම බටයක් යෙදූ තැඹිලි වීදුරුවක් පාමින් සිටියේ ය. වීදුරුව අල්ලාගෙන සිටින්නාගේ අතැඟිලිවල හා පිටිඅල්ලේ රන්වන් වූ ඡවිවර්ණය ද මට පෙනිණ. කිරිසුදු අත් දිග කමිසය ඔස්සේ ඉහළට තල්ලු වී ගිය මගේ බැල්ම ඔහුගේ ගෙල හරහා නිකට කරා ඇදී යමින් තිබිණ. මා මිමිණුවේ කවදත් ඉබේට ම මැතිරෙන මන්තරය ය.
“බොහොම ස්තූතියි”
තැඹිලි වීදුරුවේ මුව විටෙන් ලෝදිය කන්දරාවක් උතුරා ගැලූ නිමේෂය වූයේ ඒ ය.
සුලක්ඛන රාජපතිරණ...?
මම තුෂ්ණීම්භූත ව බලා සිටියෙමි. රාජතිලකගේ සිනාසෙන මුහුණ - ඒ සුදු දසන් ඇසිල්ලකට මට පෙනී ගියේ විහාර ගෙයක් තුළ අඹා ඇති යමපල්ලකුගේ හෝ රාක්ෂසයකුගේ විළිස්සා ගත් දත් වහල්ලකට අනුරූපව ය.
“ආ.... ගන්න වරුසවිතාන මහත්තයා ගන්න”
මගේ දුබල සිරුර හරහා කම්පන තරංගයක් දිව ගියේ ය. සිනාසෙන්නට උත්සාහ කළ ද මුහුණේ පහළ කොටස වෙව්ළුම් කැවීමක් බඳු වූ මගේ ඒ වරදකාරී සිනාව උපන්ගෙයිම මියැදුණේ ය.
“මං දැනගෙන සිටියේ නැහැනේ වරුසවිතාන උන්නැහේ මෙහේ ඇඩ්මිට් වෙලා ඉන්න විත්තියක්. හම්බ වෙමු. වැඩේ ඉවර කරලා මං එන්නං”
මගේ පිට මෘදු ලෙස ස්පර්ශ කළ රාජතිලකගේ අත්ලෙන් ගිනිදලු පිට වූවාක් මෙනි, මට හැඟුණේ. යාබද ඇඳේ රෝගියාට ඔහු තවත් තැඹිලි වීදුරුවක් පිරිනමනු ඊළඟ නිමේෂයේදී මට පෙනිණ. මම සැනසුම් සුසුමක් හෙළුවෙමි. මා සිටියේ බොහෝ සෙයින් බියපත්ව ය. බියට හේතු වූයේ සමුගන්නා මොහොතේ කාරුණික ස්වරයෙන් ඔහු කළ අනතුරු ඇඟවීම ය.
“හම්බ වෙමු. වැඩේ ඉවර කරලා මං එන්නංකෝ”
දැන් මේ මොහොතේ මගේ ඒකායන ප්‍රාර්ථනය වී ඇත්තේ, රාජතිලක බොරුකාරයකු - පොරොන්දු ඝාතකයකු වේවා! යන්න ය. ‘මොන කෙංගෙඩියකට ද මිනිහා ආයිමත් මං හම්බුවෙන්නේ’ යි සිතමින් මම නොසන්සුන්ව අවට බලමි. රාජතිලකට අවශ්‍යව ඇත්තේ මා ලවා පාපොච්ඡාරණයක් කරවා ගැනීමට ද?
මා තවමත් සිටින්නේ තැඹිලි වීදුරුව අතැතිව ය. එය ඉවත තැබීමට මට අමතක වී තිබේ. මගේ දුබල සිරුරට තැඹිලි වීදුරුව ද මහමෙරකි. වෛද්‍ය විශේෂඥයා විසින් කපා ඉවත් කරන ලද අක්මාවේ කොටස ද සමඟින් මගේ කාය ශක්තිය මුළුමනින්ම පාහේ ක්ෂය වී තිබේ. එහෙත් මගේ මතකය නිරවුල් ය. රාජතිලක විසින් මොහොතකට පෙර පණ ගන්වන ලද්දේ මගේ ඒ මතක ගබඩාවේ මෙතෙක් නිර්වින්දනයව තිබූ එක්තරා පාර්ශවයකි.
තැඹිලි වීදුරුව සයිබෝට්ටුව මත තබන මම, ලෑල්ලක් තරමට ඝන වූ මෙට්ටයට දෙවැලමිට වාරු කරමින් ඇඳ මත වැතිර ගන්නේ ආයාසයෙනි. අධිවේගී පංකාවට සමාන්තරව මගේ සිත හා සිතුවිලි ද භ්‍රමණය වෙයි. පංකාවේ පෙති ඡායාමාත්‍ර වශයෙන් හෝ දැකබලා ගත හැකි නො වන අයුරින්ම ඒ සිතුවිලි ද තෝරා බේරා ගෙන නො හැකි ය. මා තුළ රැළි නඟමින් ඇත්තේ රාජතිලක යළි මා සොයා පැමිණේවි ද? යන බිය හා සැකය ය.
ඔහුගෙන් ගැලවීම සඳහා යෙදිය හැකි උපක්‍රමයක් සොයමින් මගේ සිත ඉබාගාතේ ඇදී යයි. මා තද නින්දක ගැලී සිටින බව ඇඟවුවහොත් මට ඔහු පළවා හළ හැකි වනු ඇත. ගැඹුරු හුස්ම පිට කරමින් දැන් මා යෙදී සිටින්නේ මගේ රංගාවතරණය හා අදාළ පෙරහුරුවක ය. රාජතිලක සුහදතාවයේ දෑත් දිගු කරන්නට සැරසෙද්දී එවැනි වංචනික ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීම කෙතරම් නම් සදාචාර සම්පන්න දැයි මම සිතා බලමි. සැණෙකින් මගේ මනස්තිරය මත ඇඳී යන්නේ ‘මාධ්‍ය සදාචාරය’ සම්බන්ධයෙන් මා ලියා පළකර ඇති දහසකුත් එකක් නිර්වචන ය. තීරු ලිපි ය. කතුවැකි ය.
මාධ්‍ය ක්ෂේත්‍රය තුළ මෙන්ම පුවත්පත් කලාවේදීන් අතරේ ද කලක් මට හිමිව තිබූ අතිමහත් වූ ජනපි‍්‍රයතාව ඒ හා සමඟම මට සිහි වේ. මා පුවත්පත් කලාවට අතපොත් තැබුවේ මුද්‍රණ ශිල්පය අකුරු අමුණන යුගයේදී ය. විකල්ප පුවත්පතකට බැඳුණ මම ටික කලකින්ම එහි ප්‍රධාන සංස්කාරකවරයා වීමේ වරම ලැබුවෙමි. පොදුජන ප්‍රසාදය දිනාගැනීමේ වරප්‍රසාදය බොහෝ විට හිමිවන්නේ විකල්ප පුවත්පත් කලාවේදීන්ටම බව අදටත් මම තරව අදහමි.
ජාතික පුවත්පත් සංස්කාරවරයකු සතු නො වන මේ මහඟු වරම ඔහුට හිමිවන්නේ ජනතා පරමාධිපත්‍යය පිළිබඳ බරසාර කතිකාවකට වේදිකාවක් තනාදීම පිළිබඳ පුන්‍යකර්මයේ ආනිසංස ලෙස ය. ඒ අතින් බලන විට විකල්ප පුවත්පතක සංස්කාරකයකු සමවන්නේ විරුද්ධ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට යැයි දැන් දැන් මට සිතේ. පොදු ජනතාවගේ පැත්තේ රැඳී සිටිමින් පොදු ජනතාවගේ කඳුළු සුසුම් මිල කිරීම සඳහා මේ දෙදෙනාටම සමාන අවස්ථා උදාවෙයි. වෙනස නම්, ජනතාවට මානසික අල්ලස් ලබා දී කතිර කොල්ලකෑමේ වරප්‍රසාදය ද පමණක් විකල්ප පුවත්පත් කලාවේදියාට අහිමිවීම ය.
මගේ පුවත්පත් කලා ජීවිතයේ උච්චතම කාල වකවානුව තුළ රාජතිලක සිටියේ රාජ්‍ය සේවයේ ඉතා ඉහළ නිලයක් හොබවමිනි. රටේ මර්මස්ථානයන්හි වැජඹෙන්නන්ගේ පෞද්ගලික තොරතුරු එකල මට බෙහෙවින් වැදගත් වූයේ මවිසින් ලියා පළ කරන ලද ආකර්ෂණීය තීරු ලිපිය නිසා ය.
රාජතිලක තුළ වන ස්ත්‍රීලෝලය හා නා නා ප්‍රකාර වූ ඔහුගේ පෙම් සබඳතා පිළිබඳව මට දැනගන්නට ලැබුණේ විවිධ ආයතනවල සේවය කළ මගේ සහචරයන්ගේ මාර්ගයෙනි. පොරක් මෙන් වැජඹෙන ස්ත්‍රී සොඬෙකුගේ කෙරුවාව හුවා දැක්වෙන තීරු ලිපියක් මා මුලින්ම ලියා පළ කළේ මේ නම නොකී පුද්ගලයා අසුවල් තැනැත්තාම බව දැනුවත් පාඨකයාට මනාව ඒත්තු ගැන්වෙන ආකාරයට ය. අනතුරුව මම රාජතිලක වෙතින් ඒ පිළිබඳ කිසියම් ප්‍රතිචාරයක් අපේක්ෂා කළෙමි. එහෙත් ඔහු එය නො දුටුවාක් මෙන් සිටියේ ය. තීරු ලිපියේ ඡායාස්ථිත පිටපතක් ඔහු වෙත තැපෑලෙන් යැවීමෙන් අනතුරුව ද ඔහුගේ මුනිවත නො බිඳිණ. තීරු ලිපිය පිළිබඳ අල්පමාත්‍ර වූ හෝ තැකීමක් රාජතිලක තුළ නො වීම හේතුවෙන් මගේ සිතෙහි හටගත් හැඟීම නිර්වචනය කළ හැක්කේ ‘මදිපුංචිකම’ ලෙසින් විය යුතු ය. අනතුරුව මා තුළ ඔහු වෙනුවෙන් හටගත් නො පහන් හැඟීම දියුණු තියුණු වූයේ, මාධ්‍ය සදාචාර සීමාවන් ද අතික්‍රමණය කරමිනි.
ඔහුගේ නම හා තනතුර ද සහිතව මා ලියූ ඇතැම් කතුවැකි පවා නො දුටු නො ඇසූ අයුරින් ඔහු අමුතුම තාලේ රංගනයක යෙදී සිටියේ ය.
දිනක් අනුරාධපුර නගරයේ මුළු දුන් දේශපාලන රැස්වීමකට සහභාගි වීමෙන් අනතුරුව ආපසු එමින් සිටි අපේ පත්තර සගයින්ට මෙන්ම මට ද ගමන් විඩාව දැඩිව දැනෙන්නට වූවේ ය. ගමන් වෙහෙසට අමතරව මධුවිතක අවශ්‍යතාව ද පිපාසයක් මෙන් හැඟුණෙන් අපි කුරුණෑගල තානායම කරා රිය පැදවූවෙමු. අඩඅඳුර මැද අප මධුවිත් තොලගාන්නට වූයේ තානායම් අංගණයේම රැඳී සිටිමිනි.
“බොස්, අර ඉන්නේ බොස් ගෙ බයිට් එක”
කටගැස්ම සඳහා පිළියෙල කරගත් බැදපු ඉස්සෙකු හඬ නැඟෙන සේ හපමින් සිටි මට ශාලාව තුළ සිටි කිසිවකු පෙන්වමින් විජේසිරි කීවේ ය.
“කවුද?”
“රාජතිලක ලොක්ක නේ අර කොනේම මේසේ ඉන්නේ”
බැලූ බැල්මටම මට පෙනී ගියේ ඡායාරූපයෙන් දුටු රාජතිලකත්, මේ රාජතිලකත් අතර වන වෙනස ය. අසමානතාව ය. ජීවිතයේ දශක පහක් ගෙවා දැමූවකු තුළ එතරම් තාරුණ්‍යයක්, සෝභමාන බවක් ශේෂ වූයේ කවර නම් අරුමයකින් දැයි මම සිතුවෙමි. මට එසේ සිතුණේ ජීවිතයේ හතරවැනි දශකය මැද භාගයේ පසුවන මා, වයසට වඩා වියපත් වී සිටි නිසා විය හැකි ද? සහජයෙන්ම මට උරුම වූ වපරයත්, මුහුණේ පදාසයක් වසා ගත් තුවාළ කැළලක් වැනි වූ උපන් ලපයත් හේතුවෙන් එය එසේ සිදුවුණේ ද?
“ඔය ඒ යකා ද?” යි මට ඇසුණේ සිතට දැනුණ නොරිස්සුම නිසාම ය.
“ඔව් බොස්. රියල් ඇක්ට කෙනෙක් වගේ නේ? දැං ඉතිං අතටම අහුවුණ එකේ් ඊළඟ පත්තරේට ලුනුඇඹුල් ඇතුවම ලියවේවි නේ ද තීරු ලිපියක්?”
මම මොහොතක් නිරුත්තරව සිටියෙමි. මගේ බැල්ම යොමුව පැවතුණේ රාජතිලක සමඟ සිටි සුරූපිනිය කෙරෙහි ය.
ඇගේ වයස අවුරුදු විස්සක් හෝ විසි දෙකක් විය හැකි යයි මම උපකල්පනය කළෙමි. ඇගේ උඩුකය වසා ගත් ශෝලයේ වූ කුඩා රිදී තාරකා විදුලි පහන් එළියේ දිදුලමින් තිබුණේ අහසේ තරු ද පරදවන දීප්තියකිනි.
එදා ඒ මොහොතේ මගේ සිතෙහි බුර බුරා අවදිව නැඟුණ උද්වේගකර හැඟීම කෝපය ද? වේදනාව ද? යි දැන් මට මතක් කරගත නොහැකි ය. නිසැකයෙන්ම මා එය දැන හඳුනා ගන්නට ඇත්තේ ‘සාධාරණ කෝපය’ වශයෙනි. සිවිල් බලය උපයෝගී කරගනිමින් ගල් කණු ලෙස පෙනී සිටිමින් තරුණියන් විපතේ් හෙළන මෙවැනි අධමයන්ගේ වෙස් මුහුණු ගැලවීම මගේ මාධ්‍ය වගකීමේ අනිවාර්ය අංගයක් ලෙසිනි, මට පෙනුණේ. රාජතිලක වැනි ස්ත්‍රි සොඬුන් අතින් සිදුවන අපරාධ, අසාධාරණකම් විනිශ්චය කිරීමේත්, ඔවුන් විෂයයෙහි අධි චෝදනා පත්‍ර ගොනු කිරීමේත් පූර්ණ බලය මා සතු වන බවක් මට හැඟුණේ ය.
එහෙත්...?
මා අපරාධයක්, අසාධාරණයක් ලෙස සිතුවේ කුමක් ද? අපරාධයකට ගොදුරු වූ කිසිවකු ඇත්තේ ද? අපරාධයට ඉලක්ක වූයේ රාජතිලකට වසඟ වූ තරුණියන් ද? ‘තරුණියන් විපතට හෙළීම’ යන්නෙන් ගම්‍ය වන පොදු අරුතට අදාළ වූ කිසිවක් ඔවුනට සිදුවී තිබේ ද?
රාජතිලක වැන්නන්ගේ - ස්ත්‍රී සොඬුන්ගේ කාමභෝගී දිවිපැවැත්මට අභියෝග කිරීමේ සියලු සුදුසුකම් මා සතුව ඇතැයි එදා මට සිතුණේ මගේ චරිත ශුද්ධිය පිළිබඳ අධිමානයකින් - මා පෙළුණ නිසා ද? මගේ වෘත්තීය ජීවිතයට ස්ත්‍රීන් සම්බන්ධයෙන් කිසිදු කලංකයක් සිදු නො වූයේ සුරූපී ළඳුන් කෙරෙහි ලෝලයක් - ආකර්ෂණයක් මා වෙත නො වූ හෙයින්ද? නැතහොත් එය ඉල්ලුම පිළිබඳ ගැටලුවක් ද? රාජතිලකගේ වැනි ආරෝහපරිණාහ දේහ සම්පත්තියක් - කඩවසම් පෙනුමක් මා සතුව පැවතුණේ්නම් දිගින් දිගටම ශුද්ධවන්තයකු ලෙස පෙනී සිටීමේ හැකියාවක් මා සතු විය හැකි ද? අද තව වනතුරුත් නො නැසී පවත්නා රාජතිලකගේ තාරුණ්‍යයේ රහස සැඟව ඇත්තේ කොතැන ද?
“වරුසවිතාන මහත්තයෝ...අපි ගිලන්පස පූජ කරන්න යනව අපි, ඔහෙත් එනවැයි?” මගේ සමාධිය බිඳ හෙළන්නේ සීනි පැකැට්ටුවක් අතැතිව සිටින රෝගියෙකි.
“ආ... කොහාට ද?”
“හෙට බණට වඩින ස්වාමින්වහන්සේට”
“යන්න. මට ටිකක් ඇඟට හරි මදි”
“එහෙනං මේකට අත ගහමු”
මා සීනි පැකැට්ටුව අල්ලන්නේ භක්තියකින්ම දැයි නිශ්චිත නැත. ජීවිතය අග්ගිස්සේ අබල දුබලව සිටින්නෙකුට භක්තිය කෙතරම් ජවයක් සපයන්නේ දැයි මට සිතෙන්නේ වාට්ටුවේ සෙසු රෝගීන්ගේ ඇවතුම් පැවතුම් දෙස බලන විට ය.
නිතිපතා රෝහල් වාට්ටුව තුළ සිදු කෙරෙන නා නා විධ වූ පුණ්‍යකර්මයනට අදාළව පැවැත්වෙන ධර්ම දේශනා අසා සිටීමට ඇතැම් විට මගේ සිත පසුබාන්නේ කුමක් නිසා ද? ඊට හේතු කාරණා වී ඇත්තේ මා තුළ කැකෑරෙන මරණ බිය ද?
මහත් වූ විමතියක්, කුකුසක් මගේ සිතෙහි මතු වේ. ධර්ම දේශනයක් සඳහා වාට්ටුවට වැඩම කෙරෙන භික්ෂුන් වහන්සේ නමකගේ දසුන බොහෝ විට මා තුළ විචිකිච්චාවක් උපදවන්නේ කුමක් නිසාදැයි මම සිතමි. ධර්ම ශ්‍රවණයට බියවන්නේ සාවද්‍ය වූ කායකර්ම, මනෝ කර්මවල යෙදෙන්නන් විය හැකි ද? නැතහොත් වාට්ටුව තුළ නිතිපතා සිදු කෙරෙන මේ ධර්ම දේශනා මරණ බිය සමනය කරගැනීම සඳහා රෝගීන්ට ලබා දෙන පෙරහුරුවක් ලෙස මට හැඟී යන්නේ ද?
දීර්ඝ සුසුමකින් ළය සැහැල්ලු කරගන්නා මම යළිත් වරක් අතීතාවලෝකනයක යෙදෙමි. මා කිසියම් ශීලයක්, ව්‍රතයක් රැක නැත්තේ දැයි මට සිතේ. එහෙත්...? එවැනි ශීලයකට චෛතසික වශයෙනුත් මා සම්මාදම් වී ඇත්තේ ද?
අද උදෑසන වැඩම කළ භික්ෂුන් වහන්සේගේ ධර්ම දේශනාව මා වුවමනාවෙන් අසා සිටියාම නො වේ. එහෙත් කනින් කොනින් ඇසූ ඒ දහම් කරුණු මා තුළ මතු කළේ මේ සියල්ලෙන්ම පරිබාහිර වූ ප්‍රතිවිරෝධයකි. දේශනයේ මුඛ්‍ය කරුණ වූ ‘චඤ්චක ධර්ම’ යන්න මගේ මතකයට කිදාබැස ඇති බවක් මට හැඟෙන්නේ එහෙයිනි.
තමන්ගේ සැබෑ ස්වභාවය සඟවා කුශල ධර්මයක වේශයෙන් පහළ වන්නා වූ ක්ලේශයෝ වඤ්චක ධර්ම වෙති යි උන්වහන්සේ වදාළ බව මට මතක ය. තැඹිලි දානය ඇරැඹුණේ මේ ධර්ම දේශනාවෙන් අනතුරුව ය.
වැහි අඳුරක් වාට්ටුව පුරා පැතිර යමින් පවතී. දානමාන කටයුතු සඳහා පැමිණියවුන් පිටව ගොස් ඇති බව පෙනේ.
රෝගීහු ඇඳන් මත දපා සිටිති. ඔරලෝසුවේ තප්පර කටුවේ හඬ පවා ඝෝෂාවක් මෙන් හැඟෙන බියකරු නිශ්චලතාවක් ඉහවහා යමින් පවතී.
මගේ සිතට මහත් වූ සුව සහනයක් දැනෙන්නේ රාජතිලක නික්ම ගොස් ඇති බව පෙනෙන විට ය. “වැඩේ ඉවර කරලා ආයෙත් එන්නම්” යි ඔහු කියන්නට ඇත්තේ මූනිච්ඡාවට ය. වාට්ටුවට තැඹිලි දානයක් දෙන්නට පැමිණි ඔහු මට තැඹිලි වතුර වීදුරුවක් පිළිගන්වන්නට ඇත්තේ ද මා මඟ හැර යා හැකි නො වන හෙයිනි. රාජතිලක වංචනිකයෙකි යි මට සිතේ. ඔහු උදාර මිනිසකු වශයෙන් මගේ මතකයේ තැන්පත් වන්නට තිබුණේ මා සොයා යළි පැමිණියේ නම් පමණි. මගේ සිතට අප්‍රමාණ වූ සුව සහනයක් නැඟෙයි. අප අතර පවතින්නේ කවර නම් වෙනසක් දැයි මම සිතා බලමි.
අපි සියලෝම එක මල්ලේ ලුණු කෑවුන් නො වන්නෙමු ද?

0 comments:
Post a Comment