728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Sunday 25 May 2014

හෘදයාබාධයකට නතුව විපුල් අයියාට සිය දිවි මෙහෙවර නිම කරන්නට සිදු ව තිබේ...ඔබට නිවන් සුව ...... !!!

ජීවිතය පුදුමාකාර ය..අසන්නට වන්නේ නෑසිය යුතු දෑම ය.. නෑසෙන්නේ ඇසිය යුතු දේ ම ය.. එහෙත් සොබාදම එයයි..

වෙසක්පුර පසළොස්වක පෝයට වක 03කට පෙර පටන් මේ දක්වා මා ඇසූ,මසිත ප්‍රකම්පනය කළ අවමගුල් ගණන 05 කි. එය සාමාන්‍ය තත්ත්වයක් වුව,ඒ සියල්ලන් ම ළබැඳියන් වීම මට විශේෂ ය.

ගුවන්විදුලියේ ආදරණීය විපුල් අයියා හෙවත් ප්‍රවීණ ගීත රචක,මාධ්‍යවේදී විපුල් ධර්මප්‍රිය ජයසේකර අද උදේ නික්ම ගොස් ඇත. මගේ තාත්තා රාජකාරි කළ ගුවන්විදුලි පරිශ්‍රය තුළ ම,ඔහු මෙන් ම හෘදයාබාධයකට නතුව විපුල් අයියාට සිය දිවි මෙහෙවර නිම කරන්නට සිදු ව තිබේ.
විපුල් අයියා සැබැවින් ම ආදරණීය සොහොයුරෙකි. ‍ළෙන්ගතු මිතුරෙකි. මා මගේ මාධ්‍ය දිවිය ඇරඹූ ලක්හඬ ගුවන්විදුලියට එකල ඔහු ද සම්බන්ධ වී සිටියේ නීලිකා මද්දුම අක්කා ද සමගිනි. එවක ආධුනික,බියපත් සහන සන්නිවේදකයින් කිහිපදෙනෙකු ලෙස හුන් මා ඇතුළු මගේ මිතුරියන් කිහිපදෙනෙකු විපුල් අයියා අත්නෑරියේ ය. ඔහු ද ගුවන්විදුලියේ සහන නිවේදකයෙකු වී සිටියේ ය. ඒ නිසා සහන දුක මම දන්නවා නංගි යැයි ඔහු නිතරම කී ය. ඔහු නිවසින් රැගෙන එන බත්මුල ලිහන්නට අපි එනතුරු සිටි අයෙකි.
ආර්ථික අර්බුද හමුවේ නොසැලුණු ඔහු කිසිවිට කිසිවෙකුට චෝදනා නොකළේ ය. විපුල් අයියා උසස් යුද හමුදා නිලධාරියෙකුගේ පුත්‍රයෙකු බව මා දැනගත්තේ ද මීට දෙවසරකට පෙර එම අවමගුල් උළෙලට සහභාගි වී හමුදා උත්තමාචාර සියැසින් දුටු නිසා ය. එවන් පසුබිමක් තිබියදීත් සහන නිවේදකයෙකු ලෙස අති නිහතමානී ව,අහිංසක ව දිවි ගෙවූ ඔහු සිය සහජ හැකියාවන්ගෙන් ආර්ථික අර්බුද ජයගැන්මට වීරිය දැරූ බව දුටුවෙමි.
අප පාසල් සමයේ පටන් ප්‍රිය කළ ජනප්‍රිය ගී රචනා කළ මේ නිහතමානී කලාකරුවා අප සමග විසීම තරම් සතුටක් එකල අපට නොවී ය.
පසුකලෙක මා කළ කී දේ පිළිබඳ අයියා බොහෝ සතුටු විය. මහමග,ගුවන්විදුලිය - රූපවාහිනිය අතර තාරපාර,මහරගම හන්දිය,පිළියන්දල බස් නැවතුම ඇතුළු බොහෝ අප හමු වූ තැන්වල දී ඔහු ඒ සතුට මුදා හැරියේ ය. මොනවා හරි කරමු නංගි! ඒ වදන් හැමවිට ම ඔහු මුවින් නික්මිණ. ඒත් දැන් විපුල් අයියා ද නික්ම ගොසිනි.

ආදරණීය ම අයියේ! ජීවත් ව සිටියදීත් නිසල ව මහමෙරක් මෙන් ජීවිතය ඉසිලූ ඔබට,දැන් අමුත්තක් නොවනු ඇත. එහෙත් ඔබේ පවුලේ සාමාජිකයින්ට දැනෙන හිස්බව බාහිර අපට පිරවිය නොහැක්කේමැයි.. එහෙයින් ම කොහේ හෝ සිට ඔවුන්ට දිරි-විරි-සවි සැපයීමට ඔබ ආශිර්වාද කරනු ඇත. ඔබේ ආදරණීයයන් ලෙස ඔවුන් සුඛිත,මුදිත වනු දැකීම ම ඔබ ජීවමාන බව අපට පසක් කරනු ඇත.
උතුම් නිවන් සුවය ම ඔබට ලැබේවා!!


 Thilini Jithendrika Athukorala
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: හෘදයාබාධයකට නතුව විපුල් අයියාට සිය දිවි මෙහෙවර නිම කරන්නට සිදු ව තිබේ...ඔබට නිවන් සුව ...... !!! Rating: 5 Reviewed By: Unknown