728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Friday 9 May 2014

මාධ්‍යවේදී හෙන්රි ප්‍රියශාන්තට පිහිට වෙමු

පුරා දශක හයකට ආසන්න කාලයක්‌ වේදිකා නාට්‍ය අධ්‍යක්‍ෂවරයකු, නිෂ්පාදකවරයකු, කලා රසිකයකු පමණක්‌ නොව මාධ්‍යවේදියකු ලෙස මෙන්ම පුරා වසර විසි හයක්‌ රුක්‌මණී දේවි අනුස්‌මරණ සංගමයේ සභාපතිවරයා ලෙසද ක්‍රියාකාරීව නමක්‌ හිමි කරගත් හෙන්රි ප්‍රියශාන්ත මෙන්ඩිස්‌ නම් හිත හොඳ මිනිසා ඇසක ඇතිවුණ ආබාධයක්‌ නිසා පසුගියදා සැත්කමකට භාජන කරන ලදී. ඔහු දැනට සිටින්නේ මානසිකව මෙන්ම ශාරීරිකවද අසරණ තත්ත්වයකය. ඔහුගේ ආර්ථික මට්‌ටමද යහපත් නැත. සරණක්‌ විය හැකි නම් මහඟු උපකාරයකි.


ඔහුගේ අනෙක්‌ ඇසද ආබාධයකට ලක්‌ව ඇති නිසා අද ඔහු අන්ත අසරණව ජීවත් වෙති. 20.05.2014 වැනිදා ඔහු ඩර්ඩන්ස්‌ රෝහලේ දී සැත්කමකට භාජන වීමට නියමිතය. ඔහුට මුදලින් ආධාර අවශ්‍යව ඇත. හෙන්රි ප්‍රියශාන්ත මැන්දිස්‌, 11/68, සෙන්ද්‍රික්‌ පෙදෙස, කටුකුරුන්ද, මොරටුව ඔහුගේ ලිපිනයයි.

බී.එච්.එම්.ඕ. මෙන්ඩිස්‌ නමින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ මොරටුව ශාඛාවේ අරඹා ඇති ගිණුම් අංක 1-0020-04-57205 වෙත මුදල් ආධාර යොමුකළ හැකිවේ. ඔහුගේ දුරකථන අංකය 077-9130724 වේ.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: මාධ්‍යවේදී හෙන්රි ප්‍රියශාන්තට පිහිට වෙමු Rating: 5 Reviewed By: Unknown