අපෙ අප්පච්චිගෙ වෙළඳන් කරත්තේ නවත්තාන උන්දැලා පයිම්ම ගෙදර යවාපු එකට මට බොහොම දුකයි. ඒ ගැන අපේ කෝරාළ මාමණ්ඩිත් විස්සෝප වුනා”
”හරි හරි රටේ මහත්තැන් මට ඔය ගැන කීවා. දැන් එව්වා සේරම අහවරයිනි. මේ හැන්දෑ කොරේ අපේ මැනිකේ මූණකට හෝදාන මොනාහරි සප්පායන් වෙන්ඩකෝ. නිළමේ හුරතල් වෙවී කීවා.
කොම්බී මිදුලට බහින කොටම කොලුපැටියා ඉඳිකඩ ගාව හිටන් නැන්දම්මේ කියාගන ළඟට ආවා. කොම්බී ඒ පැටියා එක්ක අඹගහ ගාවට ගිහුන් හුඟ වෙලාවක් සුටු පුටු ගෑවා. ඒ අහු අස්සේ කොලුනාම්බෙක් ඇවිත් “මැණිකේ උනුපැන් ලෑස්තියි” කීවා. කොම්බී පිලිකන්න පැත්තෙන් ගිහුන් මූණ කට හෝදාගන ගෙට ගොඩ වෙනකොට බිං කරුවල වැටුනා.
”මං අපේ ළමාතැනී එක්ක විරසක වෙලා දැන් මාස ගානක් ඉන්නේ මේ ගෙදර. වලව්වටත් ගිහුන් වැඩ ගමන් රාජකාරි කරනව. මැණිකෙට වෙළඳාමේ යන එන අල්ල පනල්ලේ මෙහෙට්ට ගොඩවෙලා නැවතිලා කාලා බීලා යන්ඩත් බැරුවැයි.
”හා.. හොඳයි එව්වා පහුවට බැරුවැයි. දැන් කරත්ත ගොන්බාන් සැරිවැරි කරාද වෙළඳන් කරත්තේ බැන්දද”
”හා..හා.. එව්වා හරි. උඹේ පැටියත් රෑ වේල සප්පායන් වෙලා කරත්තේ ගාව ඉන්නවා. ඒකා පිටත් කරමු නේද”
”නෑ මටත් බඩගිනිගාය තියන දෙයක් කාලා හිටන් ඒ පැටියා පිටත් කරමු. මං නන් මස්මාලු පිලැ පිලිහුඩු බැදුම් පිලිස්සුන් කන්නෑ”
”මොකෑ මැනිකේ යන්තර මන්තර කරනවා නොවැ”
”අනේ නෑ එහෙමකටත් නැතුවා. ඒත් මට එව්වා අප්පිරියයි. ඕන් ඔයා කාරෙට රෑ බත සප්පායන් වෙලා මඩුවේ තිබුණු මහලාම්පුව නිමලා නිළමේ කෙල්ල ගාවට කිට්ටු වෙලා ඇඟ ඉහ අතගාන්ඩ තිබාගත්තා.
”හා ඩිංගක් ඉන්ඩ හොඳයි කියාගන කෙල්ල මිදුලට බැහැලා පැටියට රහසක් කියලා කස් බස් ගාලා මඩුවට ආවා. එතකොටම නාකිරාල කෙල්ලත් උහාන ගෙට ගිහුන් දඩස් ගාලා දොරවල් වහගත්තා.
”ඕන් මැණිකේ දැන් අපි දෙන්නගෙ වාරේ. හැබෑටම ඊට කලියෙන් කියාපල්ලාකෝ මේ මහා රාත්තිරියේ උඹලා තනියම යන්නේ කොහොමදෑ... මං මගෙ ගෝලයෝ දෙන්නෙක් එවන්නන් තනියට.
”හා.. හා.. ඒක හොඳයි දැන්ම ඒකලාට ඒක කියලම හිටියානන්...”
නිළමේ කස් කියලා එළියට ගිහුන් කිරාටයි අරුමටයි වැඩේ පංගාර්තු කරලා කස් කියලා ගෙට රිංගුවා. ඒ රාලගෙ දඩාබහිය (දැඟලිල්ල) ඉහට ගහලා කෙල්ල බදාගන මූණට මූණ ලංකරා.
”හා.. හා.. එව්වට කලින් ආන් අර ඇඳෙන් ඉඳගන නිළමෙගෙ ඇඳුන් ගලවන්ඩ හොඳයි.” කොම්බි කියලා කටගන්ඩත් කලියෙන් නිළමේ අමුහෙලුවැල්ලෙන් ඇඳේ දපා තිබ්බා. ඒ අහු අස්සේ නිළමේ යටට ඇඳගෙන හිටිය අමුඩෙන් නූල් පොටවල් කීපයක් අරගෙන කොම්බී බුලත් කොලේක දවටලා ඉනේ ගහගත්තා.
”මැණිකේ ඇඳට එන්ඩ.. කියලා නිළමෙ කෙඳිරි ගාන අල්ල පනල්ලේ කොම්බී අතේ මිට මොලවාන හිටිය බුලත් විට නිළමෙගෙ අතේ තියලා.. “ආ මේ බුලත් විටක් හෙම කාලා ඉන්ඩකෝ කීවා. කෝරාල කස් කියලා බුලත්විට කටේ දාගන නැගිටලා කෙල්ල බදාගත්තා. කෙල්ල ළඟම තියන බුලත් තට්ටුවෙන් ගිරේ අරන් නිලමෙගෙ තට්ටේ උඩින් ගිරේ තියලා
”ඩේ කිලට්ට නිළමෙයා දැන් තෝ මගෙ දැපනේ වැටිච්චි බලුකුක්කෙක්. ඉඳගන් අර ඇඳෙන්” කෙල්ල එහෙම කියනකොට නිළමේ ආවේස වෙලා තුන් පාරක් කෙල්ලට වැඳලා ඇඳේ ඉඳ ගත්තා. “තෝ දැනගන් මෙව්වා කුරිඤ්ඤන් කුලමේ ලියනාරච්චිලගෙ මන්තර සෑස්තරේ. තොට බෑ බොල එලිමැද එකියක් පැත්තදාගන්ඩ. තෝ කවදාහරි මගෙ අණක් ලැබෙන කල් නූල් පොටක්වත් ඇඟේ දාගන්නෑ. තේරුණාද?
”එහෙමයි උත්තමී. මන් උත්තමීගෙ අණ පිලිපදිනවා” නිළමේ ආවේසෙම්ම කියාපෑවා. කොම්බී ආරච්චිගෙ ගෙයි දොර වහගනම මිදුලට බැස්සා. අරුමා.. කියලා කතා කරා විතරයි “අපේ මැණිකේ නිළමෙ උත්තමයා අපට නියම කරා ඔබතුමී ඇරලලා එන්ඩ. අපි මේ හුලු එලිත් ලෑස්ති කරා. පැටියා අර පාරේ ඉන්නවා කරත්තෙත් ලෑස්තියි. එහෙනන් යමු. කොම්බී කටපියාගන ගිහුන් කරත්තෙට නැංගා. කරත්තේ පස්සේ නිළමෙගෙ ගෝලයෝ දෙන්නා ගාටනවා. එකෙක් ගිනිහුලත් අරන් ඉස්සර වුනා. ජහ්.. මහ්.. ගාලා පැටියා කරත්තේ දක්කනවා. දැන් මහරෑත් පහුවෙලා. කරත්තේ සීප්පු කුලමට ඇවිත් කෝරළේ ගෙදර ඉඳිකඩ ගාව නතර වුනා. ඒ වෙනකොටත් කෝරළේ ගෙදර මඩුවේ නිදිමරාන හිටිය හතර පස් දෙනෙක් ඉඳිකඩ ගාවට ආවා.
”ඈ බොල බැල්ලියේ තෝ මගෙ කරත්ත ගොම්බාන් බේරන්ඩ නිළමෙයට දීග ගියාදෑ” කියාගන කිරිහාමී ඉස්සරහට ආවා.
”ඉන්ඩකෝ අපෙ අප්පච්චී. අප්පච්චිගෙ ලෙයින් උපන් එකියක් නවබල්ලන් පාරේ යනවදෑ. ඕන් ගිහින් බලන්ඩ නාකි ආරච්චියා ඇඟේ නූල් පොටක්වත් නැතුව ඒකගෙ ඇඳ උඩ ඉන්නවා. කලවැද්දා වාගේ. ඒකා ඉන්නහැටිය ඒකගෙ ළමාතැනීටයි රටේ මහත්තයටයි සේරෝටම පෙන්නුවට පස්සේ තමා මං ඕකගෙ ආවේසේ අරින්නේ.” කියාගන කෙල්ල කරත්තෙන් බැස්සා. බැහැලා නිළමෙගෙ ;ගීලයෝ දිහාට්ට හැරිලා මෙහෙම කීවා.
”අරුමා උඹලගෙ නාකි නිළමෙයට කියාපල්ලා මං කරාපු හූනියම කපනකල් කලවැදි බන්දනේ කැපෙන්නෑ කියලා. හොර අඹුවන් පාරේ යනවට ඕක මං කරපු දඬුවමක්. හෙට ළමාතැනීට කියාපල්ලා මිනිහගෙ හැටි සුබාව. අමු හෙලුවැල්ලෙන්ම බලාගන්ඩ කියලා” කොම්බී ආපහු හැරෙන කොට කෝරාලත් එතෙන්ඩ ආවා. කෙල්ල නැමිලා කෝරාලට වැන්දා. කෝරාල කෙල්ලගෙ ඉහ අතගාලා “උඹට ජයශ්‍රී මා හාදුරුවන්ගෙ පිහිටයි” කියලා අනිත් ඇත්තෝ දිහාට හැරුනා.
”කෙල්ලට කවුරුවත් ආටානාටක කියලා චිරෝ බිරෝ ගාන්ඩෙපා. මේකී මුලු ගංතුලානටම ආදුරුසයක්. බලපල්ලා ගෙයින් එලියට බහින්ඩ බය බිරන්තේ තියන එලිමැද එකීලට මේකී රැජිනක් බොලව්. මේක අපේ පරම්පරාවටම නම්බුවක්. කිරිහාමී ගිරගි අක්කට කියාපන් හෙට උදනැක්කේ කැවුන් කිරිබත් උයලා මේකිට කන්ඩ දෙන්ඩ කියලා.”
”හා එහෙනන් අපි හුලු අතු බැඳගන පොතානට යනවා. කෝරාල මස්සිනා රටේ මහත්තැන් හම්බු වෙලා මෙව්වා කියාපාලා මේ වැඩේ සීග්ගිරියා කරලා දාන්ඩ හොඳයි” එහෙම කියාන පොතානේ ගොල්ල මහරාත්තිරියෙම පිටත්වුනා.

0 comments:
Post a Comment