1922 පෙබරවාරි 14 වන දා කර්ණාටයේ දාවෝර් (Dharwar) දිස්ත්‍රික්කයේ, ගැදාග් (Gadag) හි උපත ලැබූ, අදටත් ඉතා උසස් තත්ත්වයේ පවතින ශබ්දකෝෂයක් ලෙස පිළිගැනෙන කර්ණාට – ඉංග්‍රීසි ශබ්ද කෝෂයේ නිර්මාතෘ ප්‍රසිද්ධ අධ්‍යාපනඥ ගුරුරාජ් ජෝශි ගේ පුත්‍රයා වන්නේ අප කථානායකයායි.
එහෙත් මොහු සංගීතයට නැඹුරු වූයේ තමන් කුඩා අවදියේ දී තම මව ඔහු වෙනුවෙන් ගායනා කරන ලද බජන් ගීත හරහා වන්නට ඇත. ඔහුගේ පියා, තමන් උගතෙකු වනු දැකීමට රුචි වුවත්, ඔහුට පියාණන්ගේ අභිමතාර්ථය මල්ඵල ගැන්වීමට නොහැකි විය. බිම්සෙන් තමාට මතක ඇති කාලයක සිටම සංගීතයට ළැදිව සිටියේය. ඔහු පවසන්නේ තමාගේ සෑම දිනයක්ම සංගීතයෙන් පිරී ඇති බවයි.
ඔහු තුන් හැවිරිදි වියේ පටන් ම ශෙහායි වාදකයින් වෙත ද මඟුල් වාදකයින් වෙත ද බජන් ගායකයින් වෙත ද ඇදී ගියේය. ඔහු සමහර අවස්ථාවලදී ඔවුන් සමඟ මාවත්වල දින ගණන් ගත කළේය. එවන් අවස්ථාවලදී ඔහු පිළිබඳව කලකිරුණු දෙමාපියන් හට සහනයක් ගෙන ආවේ අසල්වැසියන්ය.
පසුව ඔහුගේ දෙමාපියන්, ඔහුගේ කමිසයේ නම හා ලිපිනය එල්ලා තැබීමට අමතක නොකළේය. ඒ ඔහු අතරමං වූ විට නැවත ගෙදර ඇරලනු පිණිසය. ඔහු ආඩම්බරයෙන් පවසා සිටින්නේ තමාට හැමවිටම ධෛර්යසම්පන්න බවක් උරුමව තිබූ බවයි.
තමාට පිහිනීමට නොහැකි වුවද වරක් ඔහු වේගවත් රළ පහරකින් යුක්ත ගාට්ප්‍රභා (Ghatprabha) ගඟට පැන්නේය. ඔහු එම සිදුවීම ආවර්ජනය කරන්නේ ආඩම්බරයෙනි. “මම ගිලෙන්නත් ගියා. ඒත් කෙසේ හෝ ඉවුරට ඒමට මට හැකි වුණා.”
තමාට නිසි ගුරුවරයකු සොයා ගැනීමේ අදිටනින්, බිම්සෙන් ටිකට් පතක් නොමැතිව ගමනේ යෙදුණේය. අවස්ථා කිහිපයකදීම ටිකට් පතක් නොමැති වරදට ඔහුට කෙටි කලකට සිරගතවීමට සිදුවිය.
පසුව අනපේක්ෂිතව ඔහුට අම්ජාන් අලිඛාන් ගේ පියා වූ ශ්‍රේෂ්ඨ සරෝද් වාදක මාස්ටර් හෆිස් අලි (Hafiz Ali) මුණගැසිණි.
අනතුරුව බිම්සෙන් කාරග්පූර්, කල්කටා හා දිල්ලිවලට ගිය අතර පසුව හින්දුස්ථානි සංගීතයේ සුප්‍රසිද්ධ ස්ථානයක් ලෙස සැලකෙන ජලන්දාර් වෙත පැමිණියේය. අවසානයේ කරිම් ඛාන්ගේ හොඳම ගෝලයකු වන ස්වායි ගාන්ධර්වයන්ගේ ගෝලයකු ලෙස ශිල්ප හැදෑරීම සඳහා නැවත බිම්සෙන්ට ගම්බලා යාමට විනයක්බුවා පට්වාධන් ගෙන් උපදෙස් ලැබිණ.
ස්වායි ගාන්ධර්වයන්, ගන්ගුබායි හන්ගල්, හිරබායි බාරොඩේකර් හා ෆෙරෝස් ඩාස්ටර් යන ධීර පුද්ගලයින්ගේ ද දිසාපාමොක් වන්නේ ය.
ස්වායි ගාන්ධර්වයන් ජීවත් වූයේ, කුන්ඩ්ගෝල් නම් ජෝශිගේ උපන් ගමට නුදුරු ගමකය. එහෙත් මෙම ගුරුවරයා බිම්සෙන්ව සිතන තරම් පහසුවෙන් තම ගෝල තනතුරට පත්කර නොගත්තේය.
පුහුණුවීම් අතිශය දුෂ්කර කටයුත්තක් විය. දවස පුරාවටම පුහුණුවීම් කළ යුතු වූ අතර එය මධ්‍යම රාත්‍රිය ද ඉක්මවා ගියේය. එමෙන්ම ඔහු තම තරුණ සිසුවාට ‘ආලාප’ හා එහි ‘රාග‘ හඳුනාගැනීමේ වැදගත්කම පෙන්වා දුන් අතරම ‘රාගයක’ ජීවය ‘ආලාප’ ලෙස ද එතුළින් ගායකයාගේ හැකියාවන් මොනවට නිරූපණය වන බවද පැහැදිලි කළේය.
තවද ඔහු බන්දීශ් (Jalandhar) නිසි අලංකාර සහිතව ගොඩනැඟිය යුතුª බවත්, එය ‘තාල’ වලට අනුරූපී විය යුතු බවත් වටා දුන්නේය. තරුණ බිම්සෙන් තම ගුරුවරයා සමඟ ඔහුගේ ප්‍රසංගවලට සහභාගි වූ අතර එය තව තවත් සංගීතය වෙතට ඇදී යාමට බිම්සෙන්ට අත්වැලක් විය.
1944, HMV හි ජී.එන්.ජෝශි භාග්‍යශ්‍රී නම් වාද්‍ය ප්‍රසංගයේ මුලසුන ගැනීමට බිම්සෙන්ට ආරාධනා කළේය. ඔහුගේ ගායනය ඇසීමෙන් ඔහුගේ දක්ෂතා අවබෝධ කරගත් ජී.එන්.ජෝශි, හින්දි හා කර්ණාට බජන් ගී දෙක බැගින් තැටිගත කිරීමට ඔහුව පෙලඹවීය.
ඩී.ආර්.බෙන්ද්‍ර විසින් රචිත, පද්‍ය පන්තියක් වන ’Uttar Druva Dum’ තැටිගත කළේය. මෙම තැටිගත කිරීම් දෙකම සාර්ථක විය. එහෙත් 1946, ඔහුගේ වෘත්තීය වෙනස් මඟකට යොමු කළ වසරක් විය.
ස්වායි ගාන්ධර්වයන්ගේ ජන්ම දිනයේදී සතුට ප්‍රකාශ කිරීම උදෙසා සංගීත වැඩසටහනක් පැවැත්වීමට නියමිත වුවත්, ගාන්ධර්වයන්ගේ ශරීර සෞඛ්‍ය යහපත් තත්ත්වයක නොවිණ. එමනිසා ඔහුගේ තැන ගැනීමට විසිහතර වියැති බිම්සෙන් ජෝශිට ආරාධනා කෙරිණ. ඔහු මල්හාරි රාගය අඩපැයක් තිස්සේ නිර්මල ලෙස මියුරු හඬින් ගායනා කරන්නට වූයේය. ප්‍රේක්ෂකයෝ අතිශය සතුටට පත්වූහ. අවසානයේ බලාපොරොත්තු නොවූ පරිදි දීප්තිමත් තරුවක් සංගීත ලෝකයට බිහිවූයේය.
ඔහු දිනෙන් දින ප්‍රසිද්ධියට පත්වන්නට විය. රටේ සෑම දෙසින්ම පාහේ ආරාධනා පත් ගලා එන්නට ද විය.
‘48 Pontiac’ වර්ගයේ රථයක් මිලදී ගත් අතර, ඔහු සමඟ නිරතුරුවම ඔහුගේ සිවු වාදක මඬුල්ල හා ඔවුන්ගේ එකිනෙකට වෙනස් වාද්‍ය භාණ්ඩ ද විය.
සංගීතඥයින් විස්මයෙන් ආවර්ජනය කරන එක්තරා සිදුවීමක් නම්, ඔහු එකම ස්ථානයක හිඳිමින් ඉතා දීර්ඝ ගීත තුනක් තැටිගත කිරීමයි. එය ඔහුගේ සුවිශේෂී බවක් ලෙස පෙන්වා දිය හැකිය.
ජෝශි වරක් බොම්බායේ HMV චිත්‍රාගාරයට ඩිස්ක් තැටියක් සකසා ගැනීමට පැමිණේ. එම මොහොතේ කුමාර් ගාන්ධර්ව හා සුධීර් පාධ්කේ වැනි සංගීතඥයින් එතැනට රැස්වනුයේ ජෝශිගේ ගීත ඇසීමටය.
ජෝශි ගාඩ් සාරංග් රාගය ගැයීමට නියමිතව තිබුණත් මැදියම තෙක් ම ඔහුට ඒ සඳහා නිසි මානසිකත්වයට පැමිණීම අපහසු විය. මෙම අසීරුතාව නිසා අනෙක් සංගීතඥයෝ නික්ම ගියහ. පසුව සෙමෙන් ඔහු උණුසුම් වන්නට විය. ඔහු උදෑසන හත පමණ වන විට ’Brindavani Sarang, Puriya, Durga, Kalasho හා Lalit Bhatiya යන රාග තැටිගත කොට අවසන් කළේය.
පැය කිහිපයක් riaz මත ගත කිරීමට අමතරව ඔහු තම මුණුපුරන් සමඟ වසර විසි හතරක් පැරැණි මසීඩීස් රථයේ හෝ තම (Pontiac) පොන්ටියැක් රථයේ ගමන් කිරීමෙන් සතුටු වූයේය. ඔහු පවසන්නේ තමාගේ විනෝදාංශය මෝටර් රථ පැදවීම බවයි. ඔහු තම ගෝල පිරිසට ඉගැන්වීමෙන් ද කාලය ගත කරමින් තෘප්තිමත් විය.
”මම ශිෂ්‍ය පරම්පරාව ගැන විශ්වාස කරනවා. එහෙත් මට නිශ්චිත වැඩපිළිවෙළක් ඒ සඳහා නෑ. මගේ කාලයෙන් බොහොමයක් මට ගමනට වැයවෙනවා. මට මධව් ගෝධි නම් එක් ගෝලයෙක් සිටිනවා. ඔහු මා සමඟ වසර විස්සක් තිස්සේ සිටිනවා. ඔහු හරිම දක්ෂයි.”
එහෙත් ජෝශි දක්වා සිටින්නේ, වත්මන් තරුණ පරපුරට පාරම්පරික සංගීතය පිළිබඳව විස්මිත දැනුමක් පැවතියත් තමන් පසුකර ආ ඒ දුෂ්කර පුහුණුවීම් කාලපරිච්ඡේදය ගත කිරීමට ඔවුන්ට ශක්තියක් නොමැති බවයි.
”නගරබද ජීවිතය, විවේකී බව නැති කරනවා. අද තරුණ පිරිසට ක්ෂණයකින් සියල්ල අවශ්‍ය වෙනවා.”
මේ හේතුව නිසාම ඔහු, ඉන්දීය සම්භාව්‍ය සංගීතය ජාත්‍යන්තරීකරණය කිරීමට විරුද්ධ වන්නේය. බටහිර සංගීතය හා ඉන්දියානු සම්භාව්‍ය සංගීතය එකිනෙකට වෙනස් අභිප්‍රායන් හා අරමුණු ඉලක්ක කරයි. එහෙයින් කිසිදා එකිනෙක මුසුකළ නොහැකිය යන්න ජෝශිගේ මතයයි.
”ඉන්දියා සංගීතය පුද්ගලයා දෙවියන් කරා යොමු කරලීම අරමුණු කරන අතර, බටහිර සංගීතය හුදෙක් පුද්ගලයා සතුටු කිරීම පමණක් අරමුණු කරයි.”
වයස 68 දී බිම්සෙන් කා අතරත් ඉතා ප්‍රසන්න චරිතයක් විය. (දැන් ඔහු 86 වියැතිය) එහෙත් ඔහු තමා ඉදිරියට එන ඕනෑම අභියෝගයකට තරුණයෙකු මෙන් මුහුණ දෙන්නේය. බොම්බායේ මාස කීපයකට ප්‍රථම, ජෝශි නුපුරුදු පර්යේෂණයක කොටසක් විය.
කලාකරුවන් සීමිත පිරිසක් හැඳිනගත් ජෝශිගේ හා එම්.එෆ්.හුසේන් නම් ජනප්‍රිය චිත්‍රශිල්පියා අතර දැඩි මිත්‍රත්වයත් පැවතිණි. එය පිළිබිඹු කරනු වස්, වරක් හුසේන් තම මිත්‍රයාගේ සේයා රුවක් මවනුයේ, ජෝශි, බහිරවී රාගයෙන් ප්‍රේක්ෂකයින් පිනවමින් සිටියදීය. බොම්බායේ ජීවත් වූ උසස් පාන්තිකයින් හුසේන්ගේ සිතුවම සැබැවින්ම දැකීමට කැමැත්ත පළ කළේය. එහෙත් ඔහු එයට එකඟ නොවූයේය.
ඔහු පසුකලෙක මාධ්‍යවේදීන් හා විචාරකයින් ඉදිරියේ පවසා සිටියේ, තමා මෙම ‘විශිෂ්ට ගුරුවරයා’ ඉදිරියේ තම සිතුවම තැබීමට බිය වන බවයි. මෙම විශිෂ්ට ගාන්ධර්වයන් 2008 නොවැම්බර් මස හතර වන දින ‘භරත රත්න’ සම්මානයෙන් පිදුම් ලැබුවේය.

0 comments:
Post a Comment