කිතුල්පේ යනු කිතුල් ගස් බහුල වනයයි. දැනුදු මේ අවට කිතුල් බහුල ය. දළදා වහන්සේ වැඩ සිටි බවට විශ්වාස කෙරෙන කිතුල්පේ රන්පත්ගේ විහාරය වෙත මාර්ග දෙකක් ඔස්සේ පැමිණීමට පුළුවන. හඟුරන්කෙත සිට රිකිල්ලගස්කඩට පැමිණ පොරමඩුල්ල හරහා මේ වෙත දුර කි.මී.15කි. මේ අවට මාර්ගයේදී අවට පිහිටා ඇති කඳු වැටි සහ කෙත් යාය නෙත් පිනවයි. හෙල්මළු ක්‍රමයට ලියැදි සකසා ඇති ආකාරය ඉතා සුන්දර දසුනක් මවා පායි.
කිතුල්පේ පිහිටා ඇත්තේ මධ්‍ය කඳුකරයේ අඩි 1500ක් පමණ උසින් යුත් මිටියාවතක ය. කිතුල්පේ විහාරය වටා පිහිටා ඇත්තේ අඩි තුන් හාරදහසක් ඉහළට නැගෙන කඳුවැටි ය. පෙන්නගල කන්ද, මල්හත්ගොඩ (මල්අස්ගොඩ) කන්ද, හපුගස්දෙනිය යන කඳු අවට වළල්ලක් ලෙසින් ඉහළ නැඟී සිටී. මල්අස්ගොඩ කන්ද වක්‍රාකාර කඳුගැටයක් වන අතර කිතුල්පේ විහාරයේ එකතු වන මල් අස් කළ තැන ලෙස ද සැලකේ. පණ්ඩුකාභය කුමරු තම මාමාවරුන් හත් දෙනා මැරූ තැන ලෙස ද තවත් ජනප්‍රවාදයකි. මාමාලා අස් ගැහූ ගොඩ මල්අස්ගොඩ වී යයි පැවසේ.
උඩරට රාජ්‍යයේ බෙදීම් අනුව කිතුල්පේ හේවාහැට රටට අයත් වූ අතර රටේ මහත්මයකුගේ පාලනය යටතේ පැවතුණි. උඩරට ඉංග්‍රිසි නේවාසික නියෝජිත වශයෙන් සිටි ජෝන් ඩොයිලි තම දිනපොතේ 1815 මාර්තු 22 දාතමින් සඳහන් කරන්නේ් කිතුල්පේ ගම අවුරුදු ගණනකට පෙර කන්දේ නුවර (මහනුවර) මහා විහාරයට පූජා කරන ලද ගමක් බවයි. අවුරුදු දෙකක පටන් රජතුමා (ශ්‍රී වික්‍රම රාජසිංහ) දිසාවවල මිනිසුන් සැක කර කිතුල්පේ එම කුඹුර තම තහනමට ගෙන මුළුතැන්ගෙයි ප්‍රයෝජනයට යෙදීය. මෙම ගම නැවත විහාරයට පූජා කිරීමට තමන් කටයුතු කරන බව ඩොයිලි සඳහන් කර ඇත. (ඩොයිලිගේ දින පොත පරි: ධර්ම ශ්‍රී ගුණපාල පිට 253).
කෙත් යායක් අද්දර උස්බිමෙහි කිතුල්පේ රන්පත් ගේ විහාරය පිහිටා ඇත. විහාර බිමට පිවිසි විටම පුරාණ බෝධි වෘක්ෂය සහ ඒ අසල ඇති පැරණි ප්‍රතිමා මන්දිරය නෙත ගැටේ. ප්‍රතිමා මන්දිරය ඉදිරිපසින් ඝණ්ඨාකාර හැඩැති කුඩා දාගැබයි. ප්‍රතිමා මන්දිරයට දකුණු පසින් පෝය සීමා ගෙයයි. දැනට ජරාවාස වී ඇති එය පසුගිය සියවසේ මුල් භාගයේ ඉදිකළ එකක් බව පෙනේ. ඒ අසලම පැරණි ධර්ම ශාලා ගොඩනැඟිල්ලකි. ගල් කණුවල අවශේෂ ද විහාර බිමේ තැනින් තැන දැකගත හැකි ය.
මෙහි දළදා වහන්සේ වඩා හිඳ වූ ස්ථානය පිළිබඳව නිශ්චිත සාක්ෂි නොමැත. එක් අදහසකට අනුව එය දැන් පිහිටි ප්‍රතිමා මන්දිරයයි. තවත් අදහසකට අනුව විහාරයට කි.මී. 1/4ක් දුරින් පිහිටි වනගත ගල්ලෙනක දළදාව සඟවා තබා ඇත. එහෙත් දළදා විත්තියේ දැක්වෙන්නේ දෙල්ගමුව විහාරයේ මෙන් රහසිගතව සඟවා තැබීමක් නොව නිසි වතාවත් ඉටු කරමින් ඉංග්‍රීසින්ට ළඟාවිය නොහැකි ස්ථානයක තැන්පත් කිරීමක් ගැන ය.
ඒ අනුව දළදා වහන්සේ විහාර භූමියේ තැන්පත් කළා වීමට ද ඉඩ තිබේ. මෙහි පැරැණි විහාර මන්දිරය ජරාවාසව තිබී ක්‍රි.ව.1909 දී ප්‍රතිසංස්කරණය කළ බව එහි දොර උළුවස්සට ඉහළින් ඇති සටහනින් පැහැදිලි වේ. එහි දී විහාරයේ පැරණි අංග ලක්ෂණ විනාශ වී ගියා විය හැකි ය.
මෙම ප්‍රතිමා මන්දිරයේ ප්‍රවේශය අලංකාර මකර තොරණකි. එහි දෙපස කඩුවක් බැගින් අතින් දරන දොරටුපාල රූප දෙකකි. දොරටුව ඉහළින් මකර තොරණ සහ ඒ මත දේව රූප ය. මෙම මකර තොරණ 1990 දශකයේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තහවුරු කර තිබේ. මෙහි විහාර මන්දිරය තුළ ඇති ප්‍රතිමා අරත්තන විහාරයේ ප්‍රතිමාවලට සමාන ය. එවකට හඟුරන්කෙත රාජකීය විහාරය අරත්තන වූ නිසා එහි ප්‍රතිමා සැලසුම මෙයට ආදර්ශ වශයෙන් ගන්නට ඇති බව පෙනේ.
ඇතුළත හිඳි බුදු පිළිමයක් ද ඒ දෙපස හිටි බුද්ධ ප්‍රතිමා දෙකක් ද වේ. දෙපස බිත්තිය සරසා ඇත්තේ මහනුවර යුගයේ සුලභ වූ නෙළුම් මල් රැගෙන යන ශ්‍රාවක රූපවලිනි. බුද්ධ චරිතයේ අවස්ථා සහ සත් සතිය ද මෙහි ඇඳ තිබේ. දොර උළුවස්ස අසලම කතරගම සහ විෂ්ණු දේව රූප ඇඳ තිබේ. ප්‍රතිමා මන්දිරයේ සහ ඉදිරිපස හේවිසි මණ්ඩපයේ වියන ද නෙළුම් මල් මෝස්තර, රාශි චක්‍රය ආදියෙන් සරසා තිබේ. මෙම පැරණි විහාර මන්දිරයට සම්බන්ධ කර මෑතකදී අලුත් විහාරයක් ඉදිකර තිබේ. එය පැරණි විහාරයේ ස්වරූපයට හානියකි.
මෙම රන්පත්ගේ විහාරය යන නාමය පසුකාලීනව යොදාගත්තකි. ඓතිහාසික මූලාශ්‍රවල එම නාමය හමු නොවේ. එදා දළදා වහන්සේ නිසා පූජනීයත්වයට පත් අප්‍රකට කිතුල්පේ විහාරය අදත් ප්‍රදේශයේ ආගමික වශයෙන් විශාල මෙහෙවරක් ඉටුකරන පුදබිමකි. මෙහි වර්තමාන විහාරාධිපති වන්නේ හුරුළුවැවේ අරියවංශ නාහිමියෝ වෙති.
කිතුල්පේ පිහිටා ඇත්තේ මධ්‍ය කඳුකරයේ අඩි 1500ක් පමණ උසින් යුත් මිටියාවතක ය. කිතුල්පේ විහාරය වටා පිහිටා ඇත්තේ අඩි තුන් හාරදහසක් ඉහළට නැගෙන කඳුවැටි ය. පෙන්නගල කන්ද, මල්හත්ගොඩ (මල්අස්ගොඩ) කන්ද, හපුගස්දෙනිය යන කඳු අවට වළල්ලක් ලෙසින් ඉහළ නැඟී සිටී. මල්අස්ගොඩ කන්ද වක්‍රාකාර කඳුගැටයක් වන අතර කිතුල්පේ විහාරයේ එකතු වන මල් අස් කළ තැන ලෙස ද සැලකේ. පණ්ඩුකාභය කුමරු තම මාමාවරුන් හත් දෙනා මැරූ තැන ලෙස ද තවත් ජනප්‍රවාදයකි. මාමාලා අස් ගැහූ ගොඩ මල්අස්ගොඩ වී යයි පැවසේ.
කෙත් යායක් අද්දර උස්බිමෙහි කිතුල්පේ රන්පත් ගේ විහාරය පිහිටා ඇත. විහාර බිමට පිවිසි විටම පුරාණ බෝධි වෘක්ෂය සහ ඒ අසල ඇති පැරණි ප්‍රතිමා මන්දිරය නෙත ගැටේ. ප්‍රතිමා මන්දිරය ඉදිරිපසින් ඝණ්ඨාකාර හැඩැති කුඩා දාගැබයි. ප්‍රතිමා මන්දිරයට දකුණු පසින් පෝය සීමා ගෙයයි. දැනට ජරාවාස වී ඇති එය පසුගිය සියවසේ මුල් භාගයේ ඉදිකළ එකක් බව පෙනේ. ඒ අසලම පැරණි ධර්ම ශාලා ගොඩනැඟිල්ලකි. ගල් කණුවල අවශේෂ ද විහාර බිමේ තැනින් තැන දැකගත හැකි ය.
මෙහි දළදා වහන්සේ වඩා හිඳ වූ ස්ථානය පිළිබඳව නිශ්චිත සාක්ෂි නොමැත. එක් අදහසකට අනුව එය දැන් පිහිටි ප්‍රතිමා මන්දිරයයි. තවත් අදහසකට අනුව විහාරයට කි.මී. 1/4ක් දුරින් පිහිටි වනගත ගල්ලෙනක දළදාව සඟවා තබා ඇත. එහෙත් දළදා විත්තියේ දැක්වෙන්නේ දෙල්ගමුව විහාරයේ මෙන් රහසිගතව සඟවා තැබීමක් නොව නිසි වතාවත් ඉටු කරමින් ඉංග්‍රීසින්ට ළඟාවිය නොහැකි ස්ථානයක තැන්පත් කිරීමක් ගැන ය.
මෙම ප්‍රතිමා මන්දිරයේ ප්‍රවේශය අලංකාර මකර තොරණකි. එහි දෙපස කඩුවක් බැගින් අතින් දරන දොරටුපාල රූප දෙකකි. දොරටුව ඉහළින් මකර තොරණ සහ ඒ මත දේව රූප ය. මෙම මකර තොරණ 1990 දශකයේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තහවුරු කර තිබේ. මෙහි විහාර මන්දිරය තුළ ඇති ප්‍රතිමා අරත්තන විහාරයේ ප්‍රතිමාවලට සමාන ය. එවකට හඟුරන්කෙත රාජකීය විහාරය අරත්තන වූ නිසා එහි ප්‍රතිමා සැලසුම මෙයට ආදර්ශ වශයෙන් ගන්නට ඇති බව පෙනේ.
ඇතුළත හිඳි බුදු පිළිමයක් ද ඒ දෙපස හිටි බුද්ධ ප්‍රතිමා දෙකක් ද වේ. දෙපස බිත්තිය සරසා ඇත්තේ මහනුවර යුගයේ සුලභ වූ නෙළුම් මල් රැගෙන යන ශ්‍රාවක රූපවලිනි. බුද්ධ චරිතයේ අවස්ථා සහ සත් සතිය ද මෙහි ඇඳ තිබේ. දොර උළුවස්ස අසලම කතරගම සහ විෂ්ණු දේව රූප ඇඳ තිබේ. ප්‍රතිමා මන්දිරයේ සහ ඉදිරිපස හේවිසි මණ්ඩපයේ වියන ද නෙළුම් මල් මෝස්තර, රාශි චක්‍රය ආදියෙන් සරසා තිබේ. මෙම පැරණි විහාර මන්දිරයට සම්බන්ධ කර මෑතකදී අලුත් විහාරයක් ඉදිකර තිබේ. එය පැරණි විහාරයේ ස්වරූපයට හානියකි.
මෙම රන්පත්ගේ විහාරය යන නාමය පසුකාලීනව යොදාගත්තකි. ඓතිහාසික මූලාශ්‍රවල එම නාමය හමු නොවේ. එදා දළදා වහන්සේ නිසා පූජනීයත්වයට පත් අප්‍රකට කිතුල්පේ විහාරය අදත් ප්‍රදේශයේ ආගමික වශයෙන් විශාල මෙහෙවරක් ඉටුකරන පුදබිමකි. මෙහි වර්තමාන විහාරාධිපති වන්නේ හුරුළුවැවේ අරියවංශ නාහිමියෝ වෙති.
0 comments:
Post a Comment