728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Monday 26 May 2014

ලාංකීය සමාජයට ආමණ්ත්‍රනය කළ යුත්තේ ශ්‍රාස්ත්‍රීය භාෂාවෙන් නොව ගමේ ගොඩේ හන්දියේ භාෂාවෙන් ...

ස්වාධීන රූපවාහිනි සේවය ලංකාවේ පළමු රූපවාහිනි නාලිකාව වශයෙන් ආරම්භ කර අද වන විට වසර තිහකට අධික කාලයක් ගතව ඇත. එදා මෙදා කාලය අතර තුර විවිධ රූපවාහනී නාලිකා කිහිපයක්ම කරළිට පැමිණ අද වන විට රූපවාහිනය යනු නිවසක අත්‍යාවහ්‍යම භාණ්ඩයක් බවට පත් තිබේ. ඇත්ත වශයෙන්ම රූපවාහි නාලිකාවක් මගින් ජන විඥාණයට ප්‍රබල බලපෑමක් කළ හැකි බව පැහැදිලිය. විවිධ සමාජ විද්‍යාඥයින් විසින් පරියේක්ෂණ නිබන්ධන ලියමින් රූපවාහිනිය සමාජයට කරන බලපෑම සම්බන්ධයෙන් ශ්‍රාස්ත්‍රීය කතිකාවන් නිර්මාණය කරන්නට වෙර දරයි. ලාංකීය ජන විඥාණයේ විඥාණ බල රටාව හොදින් අධ්‍යනය කර බලන කළ අපට පෙනෙන පැහැදිලි සත්‍ය වන්නේ ලාංකීය සමාජයට ආමණ්ත්‍රනය කළ යුත්තේ ශ්‍රාස්ත්‍රීය භාෂාවෙන් නොව ගමේ ගොඩේ හන්දියේ භාෂාවෙන් බවයි.


මේ යථාර්ථය හොදින්ම ග්‍රහණය කර ගත්තේ අප අතරින් වියෝ වූ නිමල් ලක්ෂපති ආරච්චය. ඔහුට මහරාජා විසින් බාර දුන්  ක්‍රොන්ත්‍රරාත්තුව මහරාජා හිතුවාටත් වඩා හොදින් ඉටු කරන්නට නිමල් ලක්ෂපති ආරච්චට හැකි විය. ලංකාවේ රූපවාහිනි ඉතිහාසය වෙනස් කරමින් ඔහු විසින් සිරස රූපවාහිනිය ආරම්භ කල අතර ඔහු මෙහිදී භාවිතා කළේ සරළ තර්කයකි. එතෙක් ප්‍රබුද්ධ මට්ටමේ පැවති රූපවාහිනිය ගමේ ගොඩේ රස්තියාදුකාරයන් අතට පත් කරන්නට නිමල්ට හැකි විය. සිරස රූපවාහිනිය ආරම්භ කරන්න විට මේ රටේ වසර 2500 අතීත උරුමය ගැන කතා කරන සිංහල බෞද්ධ නලින් ද සිල්වලා, චමිපික රණවකලා, විමල් වීරවංශලා බබාලා වගේ සිටියහ. සිරස යනු  සමස්ථ ජන සමාජයේම පැවති හර පද්ධතිය විනාශය කරා දක්කා ගෙන යන මාරයෙකු බව පරිකල්පනය කරන්නට ලාංකීය සමාජයට විඥාණයක් නොමැති විය. ප්‍රභාකරන් පොදු සතුරා බවට පත්කර ගත් සිංහල බෞද්ධයන්ට ජාතියේ සාරය මහරාජා විසින් ඌරා බී රොඩ්ඩ විසිකරන බව නොවැටහුනි.
සිරස මුදලාලි විසින් ලංකාවේ සමාජ හර පද්දතිය වෙළෙදපොල තර්කනය සමග මුහු කරමින් අමුතු සත්වයෙකු නිර්මාණය කලේය. ඒ තුළින් ලාංකීය සමාජයට ඉතිරි වූයේ මානසික රෝගීන්  පිරිසකි. මුලින්ම ඉන්දියානු කසිකබල් ටෙලි නාට්‍ය සිංහල හඬ කවා පෙන්වීම මගින් සමස්ථ ටෙලි නාට්‍ය කළාවම අගාදයට ඇද දැමූ සිරස ගමේ ගොඩේ කොල්ලන්ට පොරවල් වන්නට හැකි බව ඔප්පු කරන්නට විවිධ දෑ කලේය. සුපර් ස්ටාර් අජිත් බණ්ඩාර වැනි කුරුණෑගල ගමේ කොල්ලෙකු මැජස්ටික් සාප්පු සංකීර්ණයේ ඇවිදින පිඩිපෙල මත හිදුවා සචිනි අයේන්දා වැනි මාධ්‍යම පාන්තික තරුණික ලවා හිස අත ගාන්නට සැලැස්වීමෙන් අන්ද මන්ද කරවිය. පසුව අජිත් බණ්ඩාරට සිදු වූයේ කුමක් ද යන්න සිතා ගන්නට බැරි විය. ගමේ ගොඩේ තරූනයන්ගේ ජන්ම දක්ෂතාවයන් විවෘත වෙළෙද පොලේ අලෙවි කිරීම හරහා වැඩිම ලාභයක් උපයන්නට මේ මාධ්‍ය මුදලාලිට හැකි විය. අඩු වැඩි වශයෙන් මෙය දෙරණ, ස්වර්ණවාහිනිය වැනි නාලිකා වලටත් අදාල වුවද මේ නව්‍යකරණ විප්ලවයේ ප්‍රමුඛයා වූයේ සිරසය.
මෑතකදී ශලනි තාරකා නම් සිරස විසින් ජනප්‍රිය කරවූ නිළියක් අපූරු කතාවක් කීවාය. නිළියන් ගණිකා වෘත්තියේ යෙදීම ගැන අදහස් දක්වන ඇය පවසන්නේ ‛‛ නිළියන් ගණිකාවන් වීම නොව ගණිකාවන් නිළියන් වී ඇති බවයි.’’ ප්‍රශ්ණය වන්නේ ඒ දෙකම නොව සිරස වැනි මාධ්‍ය මගින් ලාභය පමණක් අරමුණු කර ගනිම්න් එදා වේල ආකාරයට කළාව භාවිතා කළ නිසා නිළියන්නට ගණිකාවන් වනවා හැර වෙනත් විකල්පයක් ඉතිරි නොවූ අතර මෙවැනි මාධ්‍ය ආයතන වල ප්‍රධානීන්ට බඩ උඩ නගින්නට වරම් දීමෙන් ගණිකාවන්ටත් නිළියන් වන්නට වරම් ලැබීමයි.
අද වන විට සිරස, දෙරණ, ස්වර්ණවාහිනිය පමණක් නොව වර්ථමානයේ ප්‍රවීණ මාධ්‍යවෙිදී මොහාන් සමරනායකගේ සභාපතිත්වය දරණ ජාතික රූපවාහිනියේ පවා ස්වභාවය මෙයට දෙවනි නැත. මේ යථාර්ථය මනාව පසක් කරමින් වරක් ඩබ්. ජයසිරි පවසන්නේ ‛‛ ඉස්සර නිළියෝ ජනප්‍රිය වුනේ මහන්සි වෙලා, දැන් නිළියෝ ජනප්‍රිය වෙන්නේ හාන්සි වෙලා’’ යනුවෙනි.
කළාව ගණිකා වෘත්තියක් බවට පත් කළ මේ මාධ්‍ය ආයතනම දැන් රටේ දේශපාලනයත් ගණිකා වෘත්තියේ යොදවන්නට පටන් ගෙන තිබෙන බව පෙනේ. මීලග ව්පක්ෂ නායකවරයා විය යුත්තේ කවුරුන් ද යන කාරණය තීරණය කළ යුත්තේ මේ රටේ ජනතාව මිස සිරස මුදලාලි නොවේ. නමුත් සිය මාධ්‍ය හයිය පාවිච්ච් කරමින් ඊයේ වනතුරුම සිරස මුදලාලි උත්සහා කළේ ලංකාවේ දේශපාලනය පවා තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කරන්නට හැකි බවයි. පෝදාට අරලියගහ මන්දිරයේ බණ දේශනාව මුලින්ම විකාශණය කළේ සිරස විසිනි. දැන් රටම සිල්වත් වී සිටින අතර දිනෙන් දින ස්ත්‍රී දූෂණ මිනීමැරම් සංඛ්‍යාව ඉහළ යමින් තිබෙි.
ජන මාධ්‍ය මුදලාලි කෙනෙකුට රටේ දේශපාලන දිශානතිය වෙනස් කළ හැකි නම් දේශපාලන කරන්නට රටකට විප්ලවාදී පක්ෂ අවශ්‍ය වන්නේ නැත. ධනවාදය සමස්ථ ලෝකයේම වසා පැතිණු විෂබීජයක් බව පෙනෙන්නට තියෙන විට එම විෂ බීජ සමාජ ගත කරන වාහකයන් බවට පත්ව ඇත්තේ ජන මාධ්‍යයයි. සිරස විසින් කරන්නේ ඔබේ සිහිනය මේ ආත්මයේ දීම සැබෑ කර දීමයි. ඔබ ගැමි තරුණයෙකු නම් කිසිවෙකු ඔබේ හඩට කන් දෙන්නේ නැතිනම් ඔබ කළ යුත්තේ නෙක්ස්ට් වොයිස්  එකට ඇප්ලිකේෂන් එකක් දැමීමයි. එක් රැයකින් ඔබට රටේ ජනප්‍රියතම තාරකාව වන්නට පුලුවන. ඒ පිනෙන් බඩ පැලෙන්නට එරියස් කෑම ඔක්කොම කන්නට පුලුවන. තමන් කැමති ස්ත්‍රියක් සමග රති රමණය කරන්නට පුලුවන. ගමේ කසිප්පු වෙනුවට ජොනිවෝල්කර් බැලැක් ලේබල් බොන්නට පුලුවන. කිංස්ලි රත්නායක වගේ කාර් එකක් ගන්නට පුලුවන.
ෂෙහාන් මිහිරංග වගේ කොන්ඩය හදා ගන්න පුලුවන.
කොට්නම ඔබ සිරස සමග නම් ඔබේ අනන්‍යතාවය පමණක් නොව පංතිය පවා සැනින් වෙනස් කර ගන්නට පුලුවන. නව්‍යකරණවේ විප්ලවයේ රහස එයයි. ඒ වෙනුවට ඔබට ගෙවන්නට මිළ අධිකය. ගමේ තමන්නට ආදරය කළ තරූණිය වෙනුවට කොළඹ සුපර් මාර්කට් එකක් කසාද බැද ගන්නට පුලුවන. කැමතිනම් ඔබට එකවර ගැහැණු සමග මෙන්ම පිරිමි සමග වුවත් රමණයේ යෙදෙන්නට පුලුවන. කොටින්ම ඔබ කැමති කුමකට ද ඒ සියල්ල ඔබට ලබා ගන්නට පුලුවන. ඔබට අහිමි වන එකම දේ ඔබය. සියල්ල ලබා ගත් සැනින් මිනිහෙක් සිටි තැනට වෙළෙදපොළ ආදේශ වී මිනිසුන් නැති රටක පාරිභොගික භාණ්ඩ පාරේ ගමන් කරනවා අපට දකින්ට පුලුවන. මේ යුගයේ මග තොටේ දී අපට වැඩිපුරම හමුවන්නේ ඇපල් අයි ෆෝන්, අයි පෑඩ්, කාර්, සන්ගාලසස්, ඇදුම්, විලාසිතා... තව නොයෙක් දේය. මිනිසුන් වෙනුවට භාණ්ඩ හමුවන රටක ඔබ තවදුරටත් සිහින දැකිය යුත්තේ සිරස සුපර් ස්ටාර් වන්නටය. නැතිනම් සිරස ලක්ෂපති වන්නටය.
ප්‍රසිද්ධ ස්ථාන වල දුම්පානය කිරීම මිනී මැරීමක් තරම් දරූණු අපරාධයක් වන රටක අපි රුපියල් පහේ සිගරට්ටුවට විසි පහක් වියදම් කර එය පානය කරන අතර පොලීසියට අසූ වු විට පන්දහසක දඩයක් ද ගෙවිය යුතුය.
මේ යුගයේ අපට වැඩිපුරම හමුවන මිනිසුන් යනු ඉහත අකාරයේ භාණ්ඩ නොවේ යැයි කියන්නට හැකිද? නාට්‍යයක් බලන්නට, චිත්‍රපටියක් රස විදින්නට, පොතක් කියවන්නට උත්සහා කරනවාට වඩා ලක්ෂපතියෙක් වන්නේ කොහොමද යන්න ගැනි සිහින දැකීම අපූරුය. ලංකාවේ ජීවන භාවිතාව විනෝද වන නිසාත් නරුමවාදය මනුෂ්‍ය ස්වභාවයක් වන නිසාත් තව දුරටත් අපට විවෘත අවකාශයක සාධනීය මනුෂ්‍ය සම්බන්ධකම් සොයා යා හැකි ද? කැමැතතේන් හෝ අකමැත්තෙන් අපට පවතින සමාජ ක්‍රමයට අනුගත වනවා හැර වෙන කරන්නට විකල්පයක් ඉතිරිව නැත. මේ නිසා අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනා සැනින් අප කල්පනා කළ යුත්තේ අපට අවැසි ආකාරයට නොව ස්වාධීන රූපවාහිනියේ මහින්ද අබේසුන්දරට අවැසි ආකාරයට. එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය අප තේරුම් ගත යුත්තේ අපේ විණාඥයෙන් නොව කෙලී මහරාගේ සිරස විණාඥය ඔස්සේය.
සියලු දෙනාම  පවතින ක්‍රමයට විරුද්ධ නැත ක්‍රමය වෙනස් කරනවා කියන එක කතා කරන්නටවත් කැමති නැත. බහුතරයක් වූ පැරණි වාමාංශික සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් ඇතුලු බහුතරයක් දෙනා මේ සිස්ටම් එක සමග හොදින්ම අනුගව ඇත. ඔවුන් දේශපාලන ප්‍රශ්ණ ගැන හිත්න්නේ පරිපාලන ප්‍රශ්ණ
ගැන හිතන ආකාරයටය.
අධිකරණයේ ගැටලුව ගැන කල්පනා කරන අය කියන්නේ මෙය නීතියේ ආධිපත්‍ය ගැන බරපතල ගැටලුවක් බවයි. ආචාර්යවරුන්ගේ සංගමය හිත්නේ මෙය අධ්‍යපනය සම්බන්ධ ගැටලුවක් වන බවයි. ගැමුණු විජෙ රත්තට අනුව මෙය ප්‍රවාහනය සම්බන්ධ ගැටලුවකි. විමල් වීරවංශට අනුව මෙය අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රණයකි. පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අනුව මෙය කුණ්ඩලම් න්‍යෂ්ධික බලාගාරය සම්බන්ධ ප්‍රශ්ණයකි. ජනතා විමුක්ති පෙරමුණට අනුව මෙය බටහිර අධිරාජ්‍යවාදයේ නව ලිබරල් ආර්ථික ගැටලුවකි. සිරස නාලිකාවට අනුව මෙය රනිල් වික්‍රමසිංහගේ ගැටලුවකි.
ඉහත කිසිවෙකුත් පවතින සමාජ යථාර්ථයට වඩා වෙනස් සමාජ යථාර්ථයක් ඇති බව විශ්වාස නොකරන අතර සියල්ලන්ටම අවශ්‍ය වන්නේ පවතින සමාජය වඩා යහපත් සමාජයක් බවට පත් කරන්නේ කෙසේද යන ගැටලුවකි.
දේශපාලන යථාර්ථයක් ලෙස මෙය අවබෝධ වන අයට අනුව මෙහි ඇති අර්බුදය යනු ඉහත කිසිවක් නොව පවතින සමාජ ක්‍රමයේ ආවේණික ගැටලුවකි. මේ නිසා පවතින සමාජ ක්‍රමය වෙනසක් නොකර පරිපාලන විසදුම් ඉදිරිපත් කළ පමණින් ජනතාවට විමුක්තිය ලැබෙන්නේ නැත. නන්නදිකඩාල් කපුවේ දී ප්‍රභාකරන්නේ මරණයත් සමග ලංකාවේ ජාතික ගැටලුව වැලලී ගියා යැයි අප කල්පනා කරමින් සිත හදා ගන්නට පුලුවන. නමුත් නැවත වටයකින් ජාතික ගැටලුව කරළියට පැමිණි කළ එය පවතින යථාර්ථයට වඩා භයානක වන බව පැහැදිලිය. ලංකාවේ සමාජය සිරස මුදලාලිට වෙනස් කළ හැකි නම් රට වෙනස් කරන්නට විප්ලවාදී දේශපාලනයක් අවශ්‍ය වන්නේ නැත. ඉරාකරයට බෝම්බ දමන්නට එංගලන්තයට අනුබල දුන් ජන මාධ්‍ය සක්විති රූපට් මර්ඩොර්ප්ට උන් හිටි තැන් අහිමි වූවා නම් උතුරේ දෙමළ ජනතාව මරන්නට උපකාර කළ ලංකාවේ මාධ්‍ය මුදලාලිලාට අනාගතයේ සිදු වන්නට නියමිත කුමක් ද යන්න අපට සිතා ගැනීම අපහසු නැත.


අපගේ ස්තූතිය ලංකාටීම් වෙතට

  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ලාංකීය සමාජයට ආමණ්ත්‍රනය කළ යුත්තේ ශ්‍රාස්ත්‍රීය භාෂාවෙන් නොව ගමේ ගොඩේ හන්දියේ භාෂාවෙන් ... Rating: 5 Reviewed By: Unknown