කි‍්‍රෂ්ණමූර්තීන් ගේ “The only Revolution” නමැති කෘතිය ඇසුරෙනි.
භාවනාව වූ කලී නැවුම් ස්වභාවය නිරාවරණය වීම ය. නැවුම් ස්වභාවය පිහිටියේ නැවත නැවතත් මතු වන අතීතයෙන් ඔබ්බෙහි ය. එනම් එය අතික‍්‍රමණය කොට ගැනුණු තැන ය. මේ පුනරාවර්තනයෙහි නිමාව යනු භාවනාව ය.
එසේ ම භාවනාව හේතු කොට ගෙන සියල්ල නැසෙන සුලු වූ විට ය, නැවුම් ස්වභාවය එලෙසින් ම පවතිනුයේ. නැවුම් බව සිතුවිලි ඇසුරින් පවතින දෙයක් නො වේ. භාවනාව වනාහි සිතුවිලි නිහඬවීම ය.
එසේ ම භාවනාව යනු කිසියම් මුදුන් පමුණුවා ගැනීමක් හෝ දෘෂ්ටියක් හසු කර ගැනීමක් හෝ නො වේ. එය හැඟීම් කුළු ගැන්වීමක් ද නො වේ. ඒ වනාහි පාලනය කර ගැනීමක් අවශ්‍ය නොවෙමින් යුහුසුලු ව ගලා බස්නා මහා ජල ප‍්‍රවාහයක් බඳු ය.
එය නාදයෙන් වියුක්ත සංගීතය ය. එය පුරුදු පුහුණු කොට වැඩට ගත නො හැකි ය. නිරීක්ෂණය කරන්නා අතුරුදන් ව ගොස් ඇත්තේ එහි ආරම්භයේ දී ම ය. භාවනාව වූ කලී නිහැඩියාව ය.
තවමත් එළිය වැටී නැත. තුරු පතර අතරින් දිස්වනුයේ පහන් තරුව ය. අවට පැවැති නිහැඩියාව අතිශයින් ම අසාමාන්‍ය වූවකි. ඒ වනාහි කිසියම් ශබ්ද දෙකක් අතර හෝ ස්වර දෙකක් අතර හෝ පවතින නිහැඩියාව නො වේ.
කිසිදු හේතු ප‍්‍රත්‍යයකින් තොර ව ඇති වූ එය ලෝකාරම්භයේ දී පැවැති නිහැඩියාව විය යුතු ය. එය පිරී ඉතිරී ගොස් අවට කඳු වැටි හා මිටියාවත පුරා පැතිර ගොස් තිබිණ.
විශාල බකමුහුණෝ දෙදෙනෙක් උනුත් වෙත මුහුනමින් සිටිති. එහෙත් නිහැඩියාවට එයින් කිසි විටෙකත් අවහිරයක් නො වී ය. බොහෝ ඈතින් ඇසෙන බල්ලකු ගේ උඩුබුරලන හඬ ද මේ අනන්ත වූ අප‍්‍රමාණයෙහි ම කොටසක් වී තිබිණ.
ඌ බැස යන සඳ මඬල වෙත බුරමින් සිටියේ ය. අවට පින්නෙන් බර වෙයි. හිමිදිරි උදෑසන කඳු වැටිය මුදුනින් හිරු උදාවෙත් ම අරුණලු හා මුසු වූ පිනි බිඳු නන් පැහැයෙන් දිලිහෙන්නට විය. සැබැවින් ම එය චමත්කාරජනක ය.
මුදු මොළොක් පතින් ගැවසුණු ජැකරන්ඩා ගස ද පිනි දියෙන් බර වී ඇත. එහි ඇදී එන නොයෙකුත් කුරුල්ලෝ තටු සලමින් පත් මත පිනි බිඳු ඇඟ පත තවරා ගනිති. කපුටුවෝ එක තැනක රැඳී නො සිටිති.
උහු අත්තෙන් අත්තට පනිති; කොළ’තරින් එබිකම් කරති; තටු ගසමින් තුඩ’ගින් පිහාටු පීරති. එහි එක් විශාල අත්තක් මත උන් හත්අට දෙනකු ම ලැග සිටි අතර, තවත් බොහෝ කුරුල්ලෝ ද පිනි දිය නහමින් ගස පුරා විසිර සිටිය හ.
මේ වන විට පෙනී ගියේ, අවට පැතිරෙමින් තිබූ නිහැඩියාව කඳු වැටියෙන් ඔබ්බට ද ගමන් කරන්නාක් මෙනි. කුඩා ළමයින් ගේ සුපුරුදු කෑ කෝ ගැසීම් හා සිනා හඬ ඇසේ. ගෙදර දොර හා වතුපිටිවල දවසේ වැඩ කටයුතු ආරම්භ වෙමින් තිබිණ.
සිහිල් කාලගුණයක් පවතින දවසක ලකුණු පහල වෙයි. කඳු ගැට මතුයෙහි හිරු එළිය පතිත ව ඇත. ඒ කඳු ගැට බෙහෙවින් ම පැරැණි ය. ඇතැම් විට ලොව ඉතාමත් ම පැරැණි කඳු වැටි විය හැකි ය.
කිසිදු හැඩයකට නැති එහි ගල් පරුවත එක පිට එක සමබර ව පිහිටා තිබුණේ මහත් පරිශ‍්‍රමයකින් හා සැලැකිල්ලකින් යුතු ව කරන ලද කටයුත්තක් ලෙසිනි. එහෙත් සුළං පහරකින් හෝ අතකින් තල්ලු කොට හෝ එහි සමබරතාව බිඳිය නො හැකි විය.
ඒ වූ කලී නගරාශ‍්‍රයෙන් බොහෝ ඈත පිහිටි මිටියාවතකි. මිටියාවත හරහා දිවෙන මාවත වැටෙනුයේ තවත් ගම්බද පෙදෙසකට ය. මාවත රළු ය; වළ ගොඩැලි සහිත ය. එහෙයින් ඈත අතීතයේ සිට ම පැවැති නිශ්චලත්වයට හානියක් වනු පිණිස මෝටර් රථ හෝ බස් රථ හෝ එහි නැත.
ඉඳ හිට ගමන් කරන ගොන් බැඳි කරත්ත ද අවට කඳු යාය හා බැඳී වෙලී එහි ම කොටසක් ව තිබිණ. පත්ලට ම සිඳී ගිය ගංගාවෙහි ද ජලය පිරී ඉතිරී ගලා බැස යනුයේ නොකඩවා ඇද හැළෙන මහ වැසිවලින් අනතුරු ව පමණකි.
එවිට රතු, කහ සහ දුඹුරු මුසු පැහැයකට හැරෙන එහි මහා ජල කඳ කෙනකුට පෙනෙන්නේ කඳුකරයත් සමඟ ම ඇදී ගෙන යන්නාක් මෙනි. එහි ගැමියෝ ද ගල් පරුවත වැනි ය. ඔවුහු නිහඬ ව ම ගමන් බිමන් යති.
දවස ගෙවී යයි. පෑල දිග කඳු ගැට පිටු පසින් මළ හිරු බැස යත් ම බිම් කරුවල වැටෙමින් තිබිණ. එවේලෙහි බොහෝ දුර සිට කඳු මුදුනින් මතු වුණු නිහැඩියාව තුරු වදුලු අතරින් මෑත් ව, අවට කුඩා බිම් පඳුරු ද පැරැණි මහා නුග රුක් ද වසාගෙන පැතිරිණ. අහසෙහි තාරකා දීප්තියෙන් වැඩි වෙත් ම නිහැඩියාව ද දැරිය නො හැකි තරම් විය. එය එතරම් ම ප‍්‍රබල ය.
මේ වන විට ගෙවල දැල්වෙමින් තිබූ කුප්පි ලාම්පු නිවා දමා තිබිණි. අනතුරු ව එළැඹෙන නින්දත් සමඟ ඇති වූ නිහැඩියාව වූ කලී වඩාත් තියුණු වූවකි. එහි ගම්භීරත්වය ද, පෘථුලත්වය ද අති මහත් ය.
එසේ ම එයින් මතු වෙමින් තිබූ බල මහිමය ද ඇදහිය නො හැකි තරම් විය. අවට කඳු ගැට පවා නිසල ය. එයින් නික්මෙන හීන් කෙඳිරිලි හා ඉඟි බිඟි කිරීම් ද දැන් නැවතී ඇති බැවිනි. ඔවුන් ගේ මහා බර හෑල්ලු වී ගියා සේ ය.
නිහැඩියාවෙහි ස්වභාවය විවිධ ය. ශබ්ද දෙකක් අතර ද ස්වර දෙකක් අතර ද පවතිනුයේ නිහැඩියාව ය. එසේ ම සිතුවිලි දෙකක් අතර තුර වූ විරාමය තුළ මතු වනුයේ බෙහෙවින් පුළුල් වන නිහැඩියාවකි.
හිරු අවරට යන සැඳෑ කාලයක ඈත එපිට පිටිසර ගම්මානයක එන නිහැඩියාව වනාහි ඊට ම ආවේණික වූවකි. එය හෙමින් සීරුවේ ම අවට පැතිර යයි. ඈතින් ඇසෙන බල්ලකු බුරන හඬෙහි ද බෙහෙවින් දුර්ගම වූ බෑවුමක ඉහළට ඇදෙන දුම්රියක නළා හඬෙහි ද ගැබ් වී තිබෙනුයේ නිහැඩියාව ය. ගෙදරක සියල්ලන් ම නින්දට ගිය පසු ගෙතුළ ද පවතිනුයේ නිහැඩියාව ය.
තව ද ඒ නිහැඩියාවෙන් මතු වන පෙර නො වූ විරූ අර්ථවත් බව දැනෙනුයේ මැදියම් රැයෙහි අවදි ව මිටියාවත දෙසින් එන බක මුහුණකු ගේ හඬට සවන් යොමු කර ගෙන සිටින විට ය.
එසේ ම උගේ සහකාරිය ගේ පිළිතුරු හඬ එන්නට පෙරාතු ව ඇත්තේ ද ඒ නිහැඩියාව ය. ගරා වැටී පාළුවට ගිය පැරැණි නිවසක ද මහා කඳු මුදුනක ද ඇත්තේ නිහැඩියාව ය. මිනිසුන් දෙදෙනකු එක ම දෙයක් දැක ඇති විටත්, එක ම දෙයක් ගැන හැඟීම් ඇති ව සිටින විටත්, ඒ පිළිබඳ ව කටයුතු කොට තිබෙන විටත් ඔවු’නතර ද ඇත්තේ නිහැඩියාව ය.
කිසියම් ශබ්දයක හෝ සිතිවිල්ලක හෝ තාවකාලික අත් දැකීමක හෝ පහස කිසිවිටෙකත් නොලද සිතෙහි ද පවතිනුයේ නිහැඩියාව ය. මේ නිහැඩියාව අහිංසක ය; අව්‍යාජ ය. එහෙයින් එහි කෙළවරක් ද නැත්තේ ය. සිත නිහඬ වූ විට හැම කි‍්‍රයාවක් ම මතු වනුයේ ඒ නිහැඩියාවෙනි. තව ද ඒ කි‍්‍රයාව අවුලකට හෝ දොම්නසකට හේතු වන්නේ ද නැත.
භාවනාවෙහි පිළිපන් සිත මුළුමනින් ම නිහඬ වූවකි. ඒ වනාහි මිනිසා නිරතුරු සොයා යන ආශීර්වාදය ය. නිහැඩියාව ම ආවේණික වූ හැම ගති ස්වභාවයක් ම පවතිනුයේ ද මේ නිහැඩියාවෙහි ය.
සංචාරකයන් ගේ හා වන්දනාකරුවන් ගේ ඝෝශාවෙන් තොර වූ ඈත පිටිසර පන්සලක හෝ පාළුවට ඇරුණු දෙව් මැඳුරක හෝ පවතින නිහැඩියාව නුහුරු ය. නුපුරුදු ය. එසේ ම මහා ගංගාවක දිය මතු පිට රැඳුණු නිහැඩියාව වූ කලි අතිශයින් ම බරපතළ වූවකි. එය පිහිටියේ සිතෙහි නිහැඩියාවෙන් පිටත ය.
නිහැඩියාවෙහි පවතින විවිධ වූ මේ සියලු වෙනස්කම් හා ඇවතුම් පැවතුම් අන්තර්ගත වනුයේ භාවනානුයෝගී වූ සිතෙහි ය. සැබෑ ආගමික සිත වූ කලී සිතෙහි පවතින මේ නිහැඩියාව ය.
එසේ ම උත්තරීතර වූ දේවත්වයෙහි ලා ගැනෙනුයේ ද මිහි මතු පිට පවතින මේ නිහැඩියාව ය. භාවනාත්මක සිත වූ කලී මේ නිහැඩියාව ඇසුරු කොට ගෙන ම මතු වන්නකි. ඒ හැර කරුණාව හා දයාව ද මේ සිතට ම ආවේණික වූවකි. නිරාමිස වූ සතුට සැනසුම ඇත්තේ ද මේ නිහැඩියාවෙහි ය.
“පළමුවෙන් ම මා කැමතියි නිත්‍ය වූ පැවැත්මක් තිබෙනවා දැයි කියා දැනගන්නට. මරණින් පසු ව ද නොසිඳී පවත්නා මේ ස්වභාවය ‘ආත්මය’ නැතහොත් ‘ප‍්‍රාණය’ යන ඔබතුමා කැමැති කවර නමකින් හැඳින් වුව ද කම් නැත. සැබැවින් ම මේ කියන නිත්‍ය වූ පැවැත්මක් මා තුළ තිබෙනවා ද?”
නිත්‍ය වූ ස්වභාවයක් ගැන කතා බහ කරන විට ඉන් අදහස් වනුයේ, එය වටා සිදු වන නිරන්තර වෙනස්වීම්, අත් දැකීම් හා සිත් තැවුල්, දුක් ගැහැට හා ක‍්‍රෑරකම් යනාදිය සිදුවන අතරතුරදීත් අවිච්ඡින්න වූ යම් කිසිවක් දිගට ම පවතින බව නො වේ ද? සියල්ලට පළමු ව මතුවන ගැටලුව නම්, ඒ ස්වභාවය හෙළිදරව් කර ගත හැක්කේ කෙසේ ද යනු යි.
සිතීමෙන් හෝ වචන මඟින් හෝ එය වටහා ගත හැකි ද? නිත්‍ය වූවක් අනිත්‍ය වූ දෙයකින් අනාවරණය කර ගත හැකි ද? නොවෙනස් ව පවතින දෙයක් නිරතුරු ව වෙනස් වන දෙයකින් එනම්, සිතීමෙන් අවබෝධ කර ගත හැකි ද? කිසියම් සංකල්පයකට ‘ආත්මය’ හෝ ‘ප‍්‍රාණය’ හෝ යනුවෙන් නිත්‍ය ස්වභාවයක් ආරෝපණය කොට “මේ වනාහි සත්‍යයකි” යි කියා පෑමට සිතීමට පුළුවන.
මීට හේතුව වනුයේ නිරන්තර වෙනස්වීම ගැන සිතීම බියපත් ව සිටින බැවිනි. එසේ ම මේ බිය හේතු කොට ගෙන එය සොයා යන්නේ ද කිසියම් නිත්‍ය වූ ස්වභාවයකි; මිනිසුන් අතර නිත්‍ය සබඳතාවකි; නිත්‍ය ආදරයකි.
සිතීම ම අනිත්‍ය ය. වෙනස් වන සුලු ය. එබැවින් සිතීමෙන් යමක් නිත්‍ය වූවක් ලෙස නිර්මාණය කැරෙයි නම් එය සිතීම මෙන් ම අනිත්‍ය වන්නේ ය. සිතීමෙන් ජීවිත කාලය පුරා ම කිසියම් මතයක එල්බ ගෙන සිටිය හැකි ය.
ඒ මතකය ස්ථිර වූවකැ යි හඳුන්වා ගත හැකි ය. අනතුරු ව සිතීමට අවශ්‍ය වනුයේ ඒ මතකය දිගට ම පවතින්නේ දැයි කියා දැන ගැනීමට ය. මතකය නිර්මාණය කොට එයට අවිච්ඡින්නත්වයක් දෙමින්, දවසින් දවස එය සිතෙහි තැන්පත් කොට පෝෂ්‍ය කර ගන්නේ ද, එය දැඩි ග‍්‍රහණයෙහි තබා ගෙන සිටින්නේ ද සිතීම ය. මේ වනාහි අති විශාල මුළාවකි. සිතීම පවතිනුයේ කාලය ඇසුරේ බැවිනි.
තමා ඊයේ අත් දුටු දෙයක් අද දවස හා හෙට දවස ඇසුරින් සිහිපත් කරන්නේ ද සිතීම ය. කාලය උපදිනුයේ මේ හේතුවෙනි. මෙලෙස කාලය පිළිබඳ නිත්‍ය ස්වභාවයක් ද, අවසානයෙහි සත්‍යය පසක් කර ගැනීම නමැති සංකල්පයකට සිතීම විසින් දෙනු ලබන නිත්‍ය ස්වභාවයක් ද ඇත්තේ ය. බිය, කාලය හා අනුක‍්‍රමික ව සිය අභිමතාර්ථය වෙත එළැඹීම එනම්, අජරාමරවීම යන මේ සියල්ල සිතීමෙහි ම ප‍්‍රතිඵල ය.
“එසේ නම් සිතන්නා යනු කවරෙක් ද? මේ සියලු ම සිතුවිලි පවතිනුයේ සිතන්නා තුළ නො වේ ද?”
සැබැවින් ම සිතන්නෙක් සිටියි ද? එසේ නැතහොත් සිතන්නා යනු සිතීම එකතැන් කොට ගැනීමක් ද? සිතන්නකු සිටින බවට තහවුරු කොට ගැනීමෙන් අනතුරු ව එහි නිත්‍ය ස්වභාවය නිර්මාණය කර ගනු ලබන්නේ ‘ආත්මය’ හෝ ‘ප‍්‍රාණය’ යනුවෙන් එය නම් කිරීමෙනි.
“ඔබ කියන්නට අදහස් කරන්නේ මා නොසිතා සිටින විට මගේ පැවැත්මක් නැති බව ද?”
සිතුවිලි සහමුලින් ම නැති ව ගිය අවස්ථාවක කවර දා හෝ ඔබට ඔබ ම පසක් වන ලෙස හමු වී තිබේ ද? එවැනි විටෙක සිතන්නකු, විමසා බලන්නකු හා අත් දකින්නකු වශයෙන් ඔබ සිටින්නේ තමා පිළිබඳ ව දැනුම්වත් වෙමින් ද? සිතීම යනු මතකයෙහි ප‍්‍රතිකි‍්‍රයාව ය.
එසේ ම සිතන්නා යනු මතක පොදියකි. ඉදින් කෙසේ හෝ සිතීමක් නොමැති කල මෙතරම් කලබැගෑනියක් හෝ ඝෝෂාවක් කරන “මම” යනුවෙන් කෙනකු සිටිය හැකි ද? අප මෙහි දී කතා බහ කරන්නේ මතක ශක්තිය නැති ව ගිය පුද්ගලයකු හෝ දවල් හීන දකින්නකු හෝ සිතුවිලි නිහඬ කරනු වස් එය පාලනය කරන්නකු හෝ ගැන නො ව, පරිපූර්ණ වූ අවදියෙන් හා සෝදිසියෙන් පවතින සිතක් පිළිබඳ ව ය.
සිතීම හා වචන නැති නම් සිත පවතිනුයේ මුළුමනින් ම වෙනත් අවකාශයක නො වේ ද?
අප විසින් මමත්වය හෝ ආත්මය හෝ යනුවෙන් මතක පොදියක් ඇති බව වටහා ගනු ලබන්නේ කිසියම් අභියෝගයකට ප‍්‍රතිකි‍්‍රයාවක් දක්වන විට පමණි. එහෙත් ඇතැම් විට එය උදාසීන ව හෝ අකි‍්‍රය ව හෝ එහි පවතිනුයේ ඊ ළඟ අවස්ථාව වෙනුවෙන් මඟ බලා සිට ප‍්‍රතිකි‍්‍රයා කරනු පිණිස විය හැකි ය.
තණ්හාධික පුද්ගලයකු වැඩි කාලයක් මිඩංගු කරනුයේ සිය තණ්හාවෙහි ම ඇලී ගැලී සිටිනු පිණිස ය. එය අකි‍්‍රය ව පවතින අවස්ථාවන් ඔහුට ද තිබිය හැකි ය. එහෙත් එය නිරන්තරයෙන් පවතිනුයේ ඔහු වෙත ම ය.
“එසේ නම් තණ්හාව වශයෙන් ප‍්‍රකාශ වන ඒ දිවි පැවැත්ම කුමක් ද?”
ඒ වනාහි තවදුරටත් තණ්හාව ම ය. ඒ දෙකෙහි වෙන් කිරීමක් නොමැත.
“ඔබතුමා විසින් ආත්මය හා මමත්වය ද, එහි මතකය, තණ්හාව හා ගර්විත බව ද, තවත් නොයෙකුත් ආසාවන් ද යනාදි වශයෙන් හඳුන්වනු ලබන්නේ කුමක් දැයි මට හොඳින් වැටහෙනවා. නමුත් ආත්මය හැරුණු විට වෙන කිසිවක් ම නැති බව ද ඔබ කියන්නේ? ආත්මයක් නැතැ යි යනුවෙන් ඔබ අදහස් කරන්නේ මතකය නැති ව යෑමේ ස්වභාවයක් ද?”
අර කපුටන් ගේ කෑ කෝ ගැසීම් නැවතුණු විට එහි යම් කිසි ස්වභාවයක් පවතියි. ඒ වනාහි සිතෙහි පවතින මේ නන් දෙඩවිල්ල ය. එනම් දුක් කරදර, ආරවුල්, මරණින් පසු ඉතිරි වනුයේ කුමක් දැයි යනුවෙන් කැරෙන මේ විමැසීම පවා එයට අයත් වන්නේ ය. මේ ප‍්‍රශ්නයට පිළිතුරු සැපැයිය හැකි වනුයේ සිතෙහි තව දුරටත් ඊර්ෂ්‍යාවක් හෝ තණ්හාවක් හෝ නැති විට පමණි.
මෙහි දී අපේ සැලැකිල්ල යොමු වී තිබෙනුයේ ආත්මය නැති ව ගිය පසු පවතින යම් කිසිවක් ගැන නො ව, ආත්මය හා බැඳුණු ගති ලක්ෂණ සියල්ලෙහි ම අවසන් වීමක් පිළිබඳ ව ය. සැබෑ ගැටලුව නම් එය යි.
නො එ සේ ව යථාර්ථය කුමක් ද කියා හෝ සදාතනික වූ යම් කිසිවක් ඇති දැයි කියා හෝ නො වේ. එසේ ම සංස්කෘතිය තුළ පවතින මේ සිත ඒ හේතුවෙන් ම බෙහෙවින් හැඩ ගැසී තිබේ. ඉදින් ඒ පිළිබඳ ව ද සිතට වගකීමක් ඇති බැවින් එබඳු සිතකට මෙයින් නිදහස් වීමටත්, මෙය තේරුම් ගැනීමටත් හැකි දැයි යනුත් අප අබියස ඇති ගැටලුවකි.
“එසේ නම් මෙයින් මා නිදහස් කර ගැනීම ආරම්භ කළ යුත්තේ කෙසේ ද?”
ඔබට ඔබ නිදහස් කර ගත නො හැකි ය. මේ දුක් කන්දරාවෙහි බීජය වූ කලී ඔබ ම ය. ඉදින් ඔබ කෙසේ දැයි ප‍්‍රශ්න කරන විට ම ඔබ කරන්නේ ‘ඔබ’ විනාශ කර දමන ක‍්‍රමයක් විමසා සිටීමකි. ‘ඔබ’ විනාශ කර දමන කි‍්‍රයා මාර්ගයෙහි දී සිදු වනුයේ වෙනත් ‘ඔබ’ කෙනකු නිර්මාණය කර ගැනීම යි.
“හොඳයි. එසේ නම් අමරණීයත්වය යනු කුමක් දැයි ඔබතුමා ගෙන් දැන ගන්නට පුළුවන් ද? අනිත්‍යය නම් මරණයයි. දුක් කරදවලින් පිරි මේ ජීවිතයෙහි ස්වභාවය වූ කලී අනිත්‍යතාව යි. මිනිසා හැමදාමත් සොයා තිබෙන්නේ අමරණීයත්වයක්. ජරාවක්, මරණයක් නැතිව සිටිය හැකි තත්ත්වයක්.”
ඔබ නැවතත් පැමිණ සිටිනුයේ සිතීම ඉක්මවා පවතින අකාලික වූ ස්වභාවය පිළිබඳ ගැටලුවට යි. සිතීම අතික‍්‍රමණය වූ විට පවතිනුයේ හැමතින් ම නිදොස් වූ අහිංසක බව යි. එය කිසිසේත් ම සිතීමෙන් ස්පර්ශ කර ගත නො හැකි ය.
සිතීම හැම විට ම අතීතයට අයත් වූවකි. අහිංසක බව කරුණාව හා මෛති‍්‍රය බඳු ය. එය නොනැසෙන සුලු ද වේ. එහෙත් එය සැබෑ දෙයක් වනු පිණිස දහසක් දින මතක බරින් සිත නිදහස් විය යුතු ය.
එසේ ම නිදහස යනු වෛරය, සැහැසිකම හා ක‍්‍රෑරත්වය නැති ස්වභාවයකි. මේ සියල්ල බැහැර නොකොට අමරණීයත්වය, මෛති‍්‍රය හා සත්‍යය යනු කුමක් දැයි ප‍්‍රශ්න කළ හැකි වනුයේ කෙසේ ද?
පරිවර්තනය
ආරියරත්න විජයසිංහ

0 comments:
Post a Comment