විපුල් ධර්මප්‍රිය ජයසේකර සොයුරා අප අතරින් සඳහටම සමුගෙන ඇත. අප දෙදෙනාම අද පාන්දර ගුවන්විදුලියේ රාජකාරී කළෙමු. පාන්දර පහමාරට කැන්ටිම විවෘත කළ විගසම තේ බොන්නට පැමිණෙන කිහිප දෙනෙක් සිටිති. ඉන් එක් කෙනෙක් විපුල් ධර්මප්‍රියයි. ඒත් ඔහු අද ආවේ නැත. ඔහු තේ බොන්නට ආවේ අද පමා වී ය. පමා වී තේ බොන්නට ආ ඔහු නොඑන්නම ගොස් ඇත.
විපුල් ධර්මප්‍රිය මට මුණ ගැසෙන්නේ 2001 වසරේ දී ය. ඒ මා ජාතික තරුණ සේවා සභාවේ ජනසන්නිවේදන පාඨමාලාව හදාරන සමයේ දී ය. ඔහු එහි ගුරුවරයෙකු ලෙස දින කිහිපයක් ඉගැන්වීමට පැමිණියේය.
පසුව මා ගුවන්විදුලියට පැමිණි පසු අප අතිශයින් සමීප මිතුරන් වූ අතර ගුරුගෝල සම්බන්ධයකට වඩා සමීප මිත්‍රත්වයකින් කටයුතු කළෙමු. ගුවන්විදුලිය තුළ කළ නොයෙකුත් වැඩසටහන් ගණනාවක දී අපට එක්ව වැඩ කිරීමට හැකි වූ අතර ඔහුගේ උත්තරීතර මනුෂ්‍යත්වය දැන හැඳින ගැනීමට හැකි වූයේ එහිදීය.
මාත් විපුලුත් තවත් ගීත රචකයෙකු වූ යාපා සෙනෙවිරත්නත් ඇතැම් දිනවල පැය එකහමාරක් දෙකක් කැන්ටිමේ තේ එක බොන්නෙමු. ඒ නොයෙකුත් දෑ කථා කරමිනි.
විපුල් අන්තිමට කථා කළේ මට මතක ලෙස මහගමසේකර සහ ඔහුගේ පියා අතර තිබූ සම්බන්ධය ගැනයි.
විපුල්ගේ පවුල හෝමාගම කැන්දලන්ද හමුදා නිවාසවල සිටිය දී මහගමසේකර එහි ආගිය හැටිත් මහගමසේකර අත්සන යොදා ඔහුගේ පියා වෙත තෑගි කර තිබූ පොත් ගැනත් අප වෙත ඔහු කීය.
ප්‍රේමකීර්ති ඇතැම් ගීත බාගෙට ලියා ඉතුරු ටික උඹ දාපන් කියා බාරදුන් ගීත ගැන ද විපුල් පවසයි.
වරක් ඔහු ගුවන්විදුලියේ කැපිලි ගැන කීවේය. විපුල් මහ පුදුම මිනිහෙක් කියා සිතුනේ එවිටයි. විපුල්ට කෙනෙහිලිකම් කළ පුද්ගලයෙකු ගැන විපුල් ඇත්තටම දැන ගෙන සිට නැත. ඒ කියන්නේ විපුල්ට කැපිලි දැනෙන මිනිහෙක් නොවේ. දැන් වයස්ගත වී සිටින දී ඒ පුද්ගලයා මෑතක දී විපුල් මුණ ගැසී තමන් කරපු අතීත වැඩ ගැන වන පශ්චාත්තාපය විපුල් සමඟ කියා තිබේ. ඔහු කපා ඇති බව විපුල් දන්නේ එවිටයි.
විපුල් මා සමඟ සිනා සිසී කිව්වේ “මාර වැඩේනේ අශෝක අපි දන්නෙම නැතිව සමහර එවුන් අපිට කපලා.“ යනුවෙනි.
විපුල් නිහඬ අහිසංක මිනිසෙකු වුව ද අභීත මනුස්සයෙකි. ඔහු දීර්ඝ කාලයක් ඇසුරු කළ අය ඒ ගැන දන්නවා ඇත. අයුක්තියක් සිදු වන්නේ නම් ඔහු ඍජුවම කථා කරයි. නොබිය ව ඊට මුහුණ දෙයි. ඒ අවස්ථාවලදී ඔහුගේ මුහුණේ ඇස්වල ඇති නිශ්චල ගතිය මට නිරීක්ෂණය කරන්නට ලැබී තිබේ.
විපුල්ට මුහුණ පෑමට සිදු වූ අමිහිරි අත්දැකීම් ගැන ලියන්නට මෙය අවස්ථාවක් කර නොගන්නෙමි.
විපුල් මහා අසාමාන්‍ය පුද්ගලයෙකු වන්නේ ඔහු කිසිදු දිනෙක කිසිම කෙනෙකුට මා දන්නා තරම් කුහකකමක් ඊර්ෂ්‍යාවක් කර නොමැති වීමයි. මෙය කියවන අය ඊට සාක්ෂි දරනවා ඇත.
මාත් ඔහුත් දෙදෙනාම ගීත රචකයන් වන අවස්ථාවේ දී මගේ ගීත ප්‍රචාරය කිරීම සඳහා මට වඩා උනන්දුවක් දැක්වූයේ ඔහුය. ඔහු වෙළෙඳ සේවයේ විවිධ වැඩසටහන්වල පමණක් නොවේ දෙරණ මාධ්‍ය ආයතනයේ ද මගේ ගීත ප්‍රචාරය කිරීමට මහත් වෙහෙසක් දැරීය. අද කාලයේ තවත් අයෙකුට ඉහළට ඒමට ඉඩ නොදෙන කුරිරු සමාජයක විපුල් සාන්තුවරයෙකි.
ඔහුගේ දියණියගේ පාසලේ මාධ්‍ය වැඩමුළුව සදහා මමත් ප්‍රවීණ මාධ්‍යවේදී අශෝක තිලකරත්න මහතාත් මෑතක දී සහභාගී වූ ආකාරය තවමත් මතකයේ ඇත.
විපුල්ගේ තවත් ලක්ෂණයක් වූයේ අත් හැර යෑමට නොහැකි කමයි. මේ ගැන මට වඩා යාපා බණ්ඩාර සෙනෙවිරත්න දන්නවා ඇත. අප තිදෙනා කැන්ටිමේ දීර්ඝ සාකච්ඡාවලට එළැඹීමෙන් පසු හවස හයමාර පමණ විට යාපා හෙල්මට් එකත් අරන් කොහොම හෝ පැන ගනී. විපුල් අත අරින්නේ නැත. ඔහු මා සමඟ කථා කර කර ප්‍රවෘත්ති අංශය තෙක් ඇවිත් එහි ඇති පත්තර කිහිපයක් කියවයි. ආයෙත් මා සමඟ නිවස කරා යෑමට එක් වෙයි. අප දෙන්නා ටොරින්ටන් මැදින් කුරුදුවත්ත පොලීසිය ළඟට නැවතත් යන්නේ ආගිය කථාවක් සමඟිනි. ඒ වන රාත්‍රී හත අට වී ඇත.
ඔහු පවුල්කාරයෙකු යන හැඟීමෙන් බොරුවට එහෙ මෙහේ දිව්වේ නැත. ඔහු සෑම විටම නිසලය.
මා සංයුක්ත තැටියක් සහ කෘති 5ක් එළිදැක්වූ අවස්ථාවල දී එනම් 2007 වසරේ සිට 2014 වසරේ අන්තිම කෘතිය දක්වා විපුල් විශාල ශක්තියක් වීය. ඔහු එම සෑම උත්සවයකටම පැමිණියේය. ඔහු පැමිණියත් වාඩි වන්නේ නැත. අයිනකට වී ඩයරියත් පපුවට තුරුළු කරගෙන බලාගෙන සිටී.
විපුල් වැනි උදාර මිනිසුන් කෙටි කලෙකින් අප අතහැර යෑම මහත් ඛේදයකි. දරා ගත නොහැකි වේදනාවකි.

0 comments:
Post a Comment