728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Wednesday 21 May 2014

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලකගේ වැඩිමිල ටෙන්ඩරය ඇමැති අත්හිටුවයි...


පිළිකා රෝගීන් සඳහා ලබාදෙන "ප්‍රොaටීන් බවුන්ඩ් පැක්‌ලි ටැක්‌සල්" මිලිග්‍රෑම් 100 එන්නත් 1697 ක්‌ මිලදී ගැනීමේ ටෙන්ඩරය අඩු මිල ගණන් ඉදිරිපත් කරන ලද බෙහෙත් සමාගමට ගෙවිය යුතු මුදලට වඩා රුපියල් කෝටි තුනකට අධික මුදලක්‌ වැය කරමින් ඉහළ මිල ගණන් ඉදිරිපත් කරන ලද සමාගමකට ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියකු විසින් ගෙන තිබූ තීරණය සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින්  (21 දා) අත්හිටුවා තිබේ.



මෙහිදී අඩු මිල ගණන් ඉදිරිපත් කර තිබූ සමාගමෙන් අදාළ එන්නත් මිලදී ගැනීම සඳහා වැයකළ යුතු මුදලට වඩා රුපියල් තුන්කෝටි හැටහත් ලක්‌ෂ විසිදහස්‌ තුන්සිය තිහක්‌ (36,720,330) වැඩිපුර වැයවන අයුරින් එම ටෙන්ඩරය වැඩි මිල ගණන් ඉදිරිපත් කළ සමාගමට ලබාදීමට නිර්දේශ කර තිබී ඇත.

මෙම ටෙන්ඩරය වැඩි මිල ගණන් ඉදිරිපත් කරනු ලැබූ බෙහෙත් සමාගමට ලබාදීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහත කී ඉහළ නිලධාරියාට හා තවත් සෞඛ්‍ය ප්‍රධානියකුට අදාළ සමාගමෙන් රුපියල් මිලියනයක්‌ බැගින් වූ කොමිස්‌ මුදල් ලැබී ඇති බව අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවසීය.

ඉහත කී ටෙන්ඩරය වහාම අත්හිටුවීමට සෞඛ්‍ය ඇමැතිවරයා විසින් ඊයේ (21 දා) පියවර ගෙන ඇති අතර එම ටෙන්ඩර් වංචාව පිළිබඳව පරීක්‍ෂණ පවත්වන ලෙසට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත දැනුම් දී ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මහරගම පිළිකා රෝහල ඇතුළු දිවයින පුරා පිහිටි පිළිකා ඒකක සඳහා අවශ්‍ය "පැක්‌ලි ටැක්‌සල්" පිළිකා නාශක එන්නත් මිලදී ගැනීම සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්‌ථාව හා වෛද්‍ය සැපයීම් අංශය විසින් වෙන් වශයෙන් ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවා තිබිණි.

මෙහිදී ඖෂධ සංස්‌ථාව විසින් කැඳවනු ලැබූ ඩීඑච්එස්‌/පී/ඩබ්ලිව් ඩබ්ලිව්/72/2014 දරණ ටෙන්ඩරය යටතේ එක්‌ එන්නතක්‌ රුපියල් 19110 ක්‌ බැගින් එන්නත් 2500 ක්‌ සැපයීමට ඇමරිකානු බෙහෙත් සමාගමක්‌ ඉදිරිපත් ව සිටි අතර එම එන්නත්වල තත්ත්වයද හොඳ බව පරීක්‍ෂණවලදී සනාථව තිබී ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග පැවසීය.

එහෙත් වෛද්‍ය සැපයීම් අංශය මගින් කැඳවා තිබූ එස්‌බී 14/ස්‌පෙෂල් 339/13 දරණ ටෙන්ඩරය යටතේ එක්‌ එන්නතක්‌ රුපියල් 38,500 හා 45,000 බැගින් මිලදී ගැනීමට ඉන්දීය සමාගමක්‌ ඉදිරිපත්ව තිබූ අතර එම නිෂ්පාදනයන්හි තත්ත්වය පරීක්‌ෂා නොකරම එම සමාගමට ටෙන්ඩරය පිරිනැමීමට ඉහළ සෞඛ්‍ය නිලධාරීන් විසින් පියවර ගෙන තිබූ බව එම ආරංචි මාර්ග කීවේය.

 ඒමන්ති මාරඹේ

  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලකගේ වැඩිමිල ටෙන්ඩරය ඇමැති අත්හිටුවයි... Rating: 5 Reviewed By: Unknown