728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Tuesday 6 May 2014

කළු කුමාරයා

ම්බුලුගල රජ්ජුරුවන්ට බිසෝවරු දෙන්නෙක් හිටියා. බාල බිසොවුන් වහන්සේට පුත් කුමාරවරු දෙන්නයි. මේ දෙදෙනාගෙන් ‘සකලකලා වල්ලභ’ උඩුගම්පොල රජවුණා. ‘තනියවල්ලභ’ මාදම්පේ රජවුණා.
’සකලකලා වල්ලභ’ රජතුමා උඩුගම්පොල රජ කරන කාලෙ විශාල පොකුණක් තැනෙව්වා.
එක දවසක් බිසෝවරු පිරිවරාගෙන, තව දවසක් මැති ඇමැතිවරු පිරිවරාගෙන ඔය විදිහට ජල ක්‍රීඩා කරන්ට රජතුමා කැමැතියි. සකල කලා වල්ලභ රජ්ජුරුවො කවදාවත් නාන තොටින් දියට බහින්නෙ නැහැ. පොකුණ උඩ ඉඳන් දියට පැනල පීනමින් ජල ක්‍රීඩා කරන්ටයි උන්නාන්සෙ මනාප.
සකල කලා වල්ලභ රජ්ජුරුවන්ට පුත් කුමාරයෙක් හිටියා. නාහෙට නාහන කුමාරයා මුරණ්ඩුයි. රජ්ජුරුවන්ටත් අඩංගු නැහැ. ‘මෙහෙම හිතුවක්කාරයෙක් රට පාලනය කරන්නෙ කොහොමද?’ රජ්ජුරුවොයි බිසවුන්නාන්සෙයි විස්සෝප වුණා. එක දවසක් කුමාරයා කළ වරදකට රජ්ජුරුවො දඬුවම් කළා.
දඬුවම් ලැබූ කුමාරයා කේන්තියෙන් පිය රජු මරා දමන්ට කල්පනා කළා. ‘එතකොට රාජධානියත් මගෙ‘ නපුරු කුමාරයාට හිතුණා.
කුමාරයා කාටත් හොරෙන් නාන පොකුණෙ රජ්ජුරුවො දියට පනින තැන උල් කරපු ලී හිටෙව්වා. දියට පනින රජතුමා උල් ලීවල ඇනිලා මැරෙන විදිහටයි ලී හිටෙව්වේ.
එදා දිය කෙළියට ඇවිත් සකල කලා වල්ලභ රජ්ජුරුවො දියට පනින්ට සූදානම් වුණා. ඒත් ජලය මත වසා ඉන්න මැස්සෙක් රජතුමා දුටුවා. මැස්සෙකුට ජලය මත වහන්ට පුළුවන්ද? රාජපුරුෂයෝ පොකුණ පරීක්ෂා කළා. රජු මරා දමන්ට පොකුණේ සිටුවා තිබූ ලී උල් හමුවුණා.
වැඩේ වැරදුණු බව දැනගත් කුමාරයා මාලිගාවෙන් පලා ගියා. සමනල අඩවියට ගිය කුමාරයා කුණු දිය පර්වතයෙන් පැනල දිවි නසා ගත්තලු. මරණින් පසු ඔහු ‘කලු කුමාරයා’ බවට පත්වුණාලු.

  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: කළු කුමාරයා Rating: 5 Reviewed By: Unknown