“ඔබේ රටේ ජනයා, ඔබේ කවි, නිතරම ගායනා කරන බවක් මා අසා තිබෙනවා...” යි මම කීමි. “එය සැබෑවක් ද, නැත්නම් එසේ නැද්ද?
“ඔව්” ඔහු (ආචාර්ය රබීද්‍රනාත් තාගෝර්) කීවේ ය. “එය සැබෑවක්. අපේ ජනයා කාව්‍යයට ආදරය කරති. මගේ අසල්වැසි ගම්වල ගැමියන්, ඔවුන් ගේ කුඹුරේ වැඩ කටයුතු නිමා කොට, පැමිණ තම පැල්පත් හෝ නිවාස ඉදිරිපිට එළිමහනේ ද අහසේ තාරකා වියන යට බිම වාඩි වී, ඔවුන් ගේ භාෂාවට අයත් හොඳ ම ගීත පදමාලා සහිත භක්ති ගීත මැදියම් රෑ වන තුරු සාමූහික ව ගායනා කරන බව මා දන්නවා...”
“ගැමි ජනයා ඔබේ ගීත ගායනා කිරීම පි‍්‍රය කරන්නේ, රස විඳින්නේ ඒවා ජන කවි වැනි නිසා ද?”
“මගේ ඇතැම් කවි, ජන කවි වැනි යි” ආචාර්ය තාගෝර් කීවේය... “එහෙත් ඇතැම් කවි චමත්කාරවාදී ශෛලියටත්, ඇතැම් ඒවා සම්භාව්‍ය ශෛලියටත් අයත්”
“ඒ කවි සමඟ සබැඳෙන ගීත තනුත් ඔබේම සංගීතයද?... නැත්නම්...”
“ඔව්”
“ඔබට ඒ සංගීතය ගැන යමක් කිය හැකිද?”
“එය තරමක් දුෂ්කර කටයුත්තක්. මන්ද, ඒ සංගීතය කිසිසේත්ම ඔබලාගේ බටහිර සංගීතය වැන්නක් නොවේයි. මා පළමුවර එංගලන්තයට පැමිණි අවස්ථාවේ මා එහි සිටි විශිෂ්ට ගායිකාවක ගේ ප‍්‍රසංගයක් නරඹන්නට කැඳවාගෙන ගියා.
ඇය ඔපෙරා ගායිකාවක් විය යුතුයි. එහි සිටි රසිකයන් ඇගේ ගායනා එතරම් විශිෂ්ට යැයි කියා සිටින්නේ ඇයි දැයි මට තේරුම්ගත නොහැකි වුණා. මට එය ඉතාම ආගන්තුක, අනුකාරකවාදී හඬකි. මා ඊට කැමැති වූයේ නැහැ.
මේ තරම් පිරිසක්, බුද්ධිමත් මිනිසුන් පිරිසක් එය වින්දනාත්මක යයි කියා සිටින්නේ නම්, මා එය තේරුම් ගන්නට උත්සාහ කළ යුතු බැව් මා මටම කියා ගත්තා. එබැවින් මා බටහිර සංගීතය උගෙන, එහි අගය කළ හැකි බොහෝ දේ ඇති බැව් සොයා ගත්තා.
එහෙත් ඔබේ ජනයා අපේ සංගීතය හදාරන්නේ නැහැ. ඔවුන් ඉන්දියාවට පැමිණ, ඉන්දීය සංගීතය සාහිත්‍යය එක්වරක් අත්දැක, ඊට අකමැතිව ප‍්‍රතික්ෂේප කරනවා. ඔවුන් එය අවබෝධ කර ගැනීමට උත්සාහ කරන්නේ නැහැ...”
ඉන්දියාවට සංචාරයක් යන්නට තරම් මිල මුදල් යහමින් ඇති අමෙරිකානුවන් නම්, එහි නැවතී, දිගුකලක් තිස්සේ භක්තිවන්ත ව බෙංගාලි සංගීතය හෝ කලාව අධ්‍යයනය කරන්නන් නොවන බව මට හොඳින් විශ්වාසයි.
මෙවැනි කරුණක් සම්බන්ධයෙන් බටහිර ජාතීන් වන අප තුළ පවතින නොඉවසීම නම්, පැහැදිලි වම අප ගේ ඉසිඹුවක් නැති කලබලකාරී එදිනෙදා දිවිය හෝ හුස්මක් ගත නොහැකි හදිසියේ බලපෑමෙන් ඇති වූ ප‍්‍රතිඵලයකි.
ඉංගී‍්‍රසි සංගීතඥයන්ට, ඉන්දීය සංගීතය පිළිබඳව උනන්දුවක් කිසිසේත් නැත්තේ ඇයි? මම නම් නො දනිමි. මම නැවත ඔහු ඇමැතුවෙමි.
“ඔබ කවියක් ලියන්නේ ඊට සංගීතය මුසුකරන්නේ කුමන අවස්ථාවකද? පද වැල් හා සංගීතය එකම විටෙක මතු කර ගන්නවාද? නැත්නම් සංගීත රිද්මය මුලින්ම ඇති වී පසුව එයට වචන එක්කරනවාද? එසේ නැත්නම් වචන මතම රැඳී ඔබ ඊට සංගීතය එක් කරනවාද? කුමක්ද ඒ කි‍්‍රයාවලිය?”
“ඇතැම් විට මා මුලින් පදවැල් ලියා පසුව සංගීතය යොදනවා. තවත් විටෙක මා තනුව නිමවා ඒ අනුව කව් පද ගොතනවා. සමහරවිට සංගීතය, වචනයට යටත්. සමහර විටෙක වචන සංගීතයට යටත් වෙනවා...”
“මේ ක‍්‍රමය ඔබේ රිද්මය වෙත බලපාන්නේ කෙසේද?”
“රිද්මය හැමවිටම වෙනස් වෙනවා. අලුත් යමක් එකතු කළ හැමවිටම, කලින් පැවති දේ වෙනස් වෙනවා. එය චිත‍්‍රයක රේඛාවලට වර්ණය. එක් කළා වැනියි. කව්පදවලට තනුවක් එක් කළ විට රිද්මය වෙනස් වෙනවා...”
“එහෙත් ඔබ මූලික භාවය වෙනස් කරන්නේ නැහැනේ...? පේර්ම ගීතයක්, එහි ම වූ පේර්මනීය හැඟුමක එසේම පවතිනවා. නැත්නම් මියගිය මිතුරකු වෙනුවෙන් ගැයෙන වැලපුම් කවියක්, ශෝකයේ ආත්මීය ගුණය එලෙසම ස්ථිර ලෙස පවතිනවා නොවේද, නව ගුණාංගයක් එක්වන අවස්ථාවේ පවා...?”
ආචාර්ය තාගෝර් එක්වරම ඊට අනුමැතිය දුන්නේ ය.
“ඔව්. එකතු කරන නව දෙය, ආගන්තුක දෙයක් නොවේ” යයි ඔහු පැවැසී ය.
නැවත මම පැනයක් නැඟුවෙමි.
“එසේ නම්, කවියක හෝ ගීතයක දී රිද්මය හැමවිටම කුමක් හඟවන්නේ වුවත්, එය සමස්තයක් ලෙස ප‍්‍රකාශ කරන භාවයට ඉතාම සමීප ලෙස සම්බන්ධ බව ඔබ විශ්වාස කරනවා?”
ආචාර්ය තාගෝර්, රිද්මයේ එය හැර වෙනත් වටිනාකමක් නැති බවක් සිතන බව පෙනිණි.
“ඔබේ රටේ කවීන්, ඔවුන් ගේ රිද්මය සොයා ගන්නේ, කුමන තැනෙකින් ද? ඔවුන් එය කාව්‍ය අලංකාර ශාස්ත‍්‍රයෙන් සොයාගන්නවාද?”
මම නැවත විමසීමි.
ඔහු පැහැපත් වතින් මඳ සිනාවක් පා හිස දෙපසට සැලුවේ ය. ඉන් පසු මෙසේ පැවැසී ය.
“මට පෙර, ඔවුන් කාව්‍ය අලංකාර ශාස්ත‍්‍රය පසුපස පමණට වඩා දිව ගියා. මා ඔවුන් නිදහස් කළා...”
“හොඳයි... ඔබේ ම වූ රිද්ම පැන නඟින්නේ කොතැනින් ද?”
ඔහු මා දෙස එක එල්ලේ බැලුවේ ය.
“... ඒ සිහි එළවා ගත් සිතින්. හරියට දිය උල්පතක් මහ පොළොවෙන් බුබුලු දමන්නාක් ලෙසයි...”
මම මොහොතකට නිසල වීමි. එහෙත් නැවත ප‍්‍රශ්න කෙළෙමි.
“ඔබේ භාෂාවේ ඇති රිද්ම වර්ග ගැන මට යමක් කිය හැකිද”
“අපට රිද්ම ගණනාවක් තිබෙනවා. දැවැන්ත රිද්මික විවිධත්වයක්, එය අපේ වචනවලට ඉංග‍්‍රීසි වචනවල මෙන් තියුණු පුද්ගල චරිත ලක්ෂණ හෝ සීරුවෙන් රැකගත යුතු උච්චාරණය විධි ඇත්තේ නැහැ. එහි දී අපේ භාෂාව, ප‍්‍රංශ භාෂාවට සමීපයි.
ඉංග‍්‍රීසි භාෂාව සමඟ ඉතා කලාතුරකින් යෙදෙන හෝ කිසිසේත් නොයෙදෙන රිද්මයානුකූල වචන ඛණ්ඩ, බෙංගාලි භාෂාවේ සුලබයි. අපේ භාෂාවේ සිවු මාත‍්‍රා ඛණ්ඩ සහ පංච මාත‍්‍රා ඛණ්ඩ තිබෙනවා...”
“කව් පැදි උච්චාරණය උපදින්නේ කොතැනින් ද?”
“සාමාන්‍යයෙන් පළමු මාත‍්‍රාවේදීමයි. එය පැහැදිලිව ම ප‍්‍රාශ්වාසයේ පහළ බැස යෑම වැනියි. එක් ප‍්‍රාශ්වාසයක්, එවැනි එක් රිද්මික ශබ්ද ඛණ්ඩයක් ලෙස ගත යුතුයි. එක් ශබ්ද ඛණ්ඩයක් ආරම්භයේ දී පූර්ණ හුස්මක් ගත යුතුයි. ඒ හුස්ම ගලා ගොස්, ඊළඟ ශබ්ද ඛණ්ඩය ආරම්භ වෙද්දී අලුත් හුස්මක් ගත යුතුයි...”
එතැන් සිට ආචාර්ය තාගෝර්, එක් ශබ්ද ඛණ්ඩයකට මාත‍්‍රා හතර බැගින් යොදා රචිත ඔහු ගේ කවියකින් පද කීපයක්, ඉතා පැහැබර හැඟීමෙක් යුතු ව ගායනා කරන්නට විය. මම නිහඬ ව සවන් දුනිමි. එහි රිද්මයානුකූල ගුණය.
අතිශය සුන්දර විය. මේසය මත රැඳුණු ඔහු ගේ දබරැඟිල්ල, කවි පදවල අවසානයේ ආ විරාමයේදී තාල තබන අයුරු මගේ දෑසට හසු විය. සුපැහැදිලි ව ම බෙංගාලි කවීන්, මහා නාදය මැද මෙන් ම නිහඬතාව ඇසුරෙහි ද කාලය, කාලය ම බව දන්නා බවක් පෙනේ.
මේ අවස්ථාවේ අපට සංවාදය නවතා වෙන්වන්නට සිදුවිය. මා එතැනින් ඉවත්වූයේ මුහුදු රළ පහත බැස යන්නාක් මෙන් හුස්ම සෙමින් නිමා වන , මුදු ලෙස සසල වන රිද්මයන් ගේ මතකය ද රැගෙන ය. එහෙත් ඒ රිද්මය, ඛණ්ඩයෙන් ඛණ්ඩයට හා පදයෙන් පදයට වෙන් ව සලකුණු වූ විස්තීර්ණ කවි රිද්මයකි.
මට අවබෝධ නො වූ එහෙත් පැහැදිලි ව ම සංගීතාත්මක රිද්මයක රැඳුණු ඒ භාෂාවෙන් ලියැවුණු කවි තව බොහෝ ගණනක් අසන්නට ලැබේවා” යි මගේ සවනත්, මනසත් බලාපොරොත්තු දල්වා ගත් බව මට දැනිණි.

0 comments:
Post a Comment