728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Wednesday 28 May 2014

ප්‍රේමකීර්තිගෙ අත්දෙක පුරාම තුවාල -වික්ටර්

දවසක් මහ රූ අපේ පොඩි රැස්වීමක් තිබුණ. ඒ රැස්වීමට ප්‍රේමකීර්ති එනව කිව්ව වෙලාවට එන්නැතුව රෑ එකොළහත් පහුවෙලා ටැක්සියක ආවා. ටැක්සියේ රියදුරු තමයි අපිට  කිව්වෙ, "ප්‍රේමකීර්ති මහත්තය ඇවිත් ඉන්නව" කියල. ප්‍රේමකීර්ති අපි ඉන්න තැනට ආවෙ නෑ. ගිහින් බලපුවාම මූණෙත් තුවාල. අත්දෙකෙත් තුවාල. ශරීරය පුරා තුවාල තිබුණ. ගෙදර ගැටුමක් වෙලා තමයි ඇවිත් තියෙන්නෙ. ඊට දවස් තුනකට හතරකට පස්සෙ මම කිව්ව  "ප්‍රේම් මගේ වැඩසටහන තියෙනව. ගීතයක් ලියන ඕනෙ" කියල.ඔහු මට ගීතයක් ලියල දෙනවා,


 හිම සෙල මෙන් සිසිල හෙලූ

 ගිනි සිල මෙන් කිපෙන සුලු

පැවතුම් ගැන ඔබට පොදූ

මම තවමත් සිතමි සුදූ


මොනතරම් උපේක්ෂා සහගත සංවේදී කලාකරැවෙක්ද ඔහු. එවැනි ගැටුමක් ඇති වෙලා දෙන්නා නොහොඳ නෝක්කාඩු වෙලා එදා රූ තුවාල ඇතුව ඇවිල්ල ඉන්නවා දැකපු මටම ඔහු ලියල දෙනව ප්‍රේමවන්තිය ගැන. එයින්ම  අපට දැනෙනව ඔහුගේ පෑන් තුඩට කොයිතරම් සංවේදී අදහස් ගලාගෙන එනවද කියල.

.....................................................................................

තුවක්කුකරුවනට බිළිවූ පේ‍්‍රමකීර්ති

කට ගීත රචකයකු කවියකු මෙන්ම ප්‍රවීණ ජනමාධ්‍යවේදියකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් 1989 ජුලි 31 වැනිදා රාත්‍රියේ හෝමාගම කටුවානේදී සාහසිකයන්ගේ වෙඩි පහරට ලක්ව මිය ගියේය.
ඒ මහතා එම රුදුරු ප්‍රහාරයට ලක්ව සදහටම ජීවිතයෙන් සමුගෙන ලබන ජුලි 31 වැනි දිනට වසර 21 කි.
එවකට පැවැති භීෂණය හමුවේ ප්‍රේමකීර්තිට මරු කැඳවන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෝ කීප දෙනකු විසින් යැයි චෝදනා කෙරිණි. එහෙත් අධිකරණය ඉදිරියේ නඩුව විභාග වූයේ සමන් ප්‍රියංකර ගමගේ නමැති තරුණයා පිළිබඳව පමණි.
ඔහු 1989 ජුලි 31 වැනිදා මිලින්ද, ලක්ෂ්මන්, වික්‍රම සහ පැමිණිල්ල නම නොදත් අන් අය සමග එක්ව ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනය කරන ලදැයි යනුවෙන් හදිසි නීති රෙගුලාසි යටතේ චෝදනා ලැබ සිටි්යහ.
1994 මාර්තු 18 වැනිදා සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණ විනිසුරු ධර්මදාස ජයවික්‍රම මහතා විත්තිකරු වරදකරු යැයි තීරණය කරමින් ඔහුට බරපතළ වැඩ සහිතව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.
‘ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ
ඔබ මතු බුදු වන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවණ පතා අද මෙන්
පැමිණෙන්නෙමි
සුළැඟිල්ලේ එල්ලී . . . .
මෙවන් ගී රචනා කරමින් සුවහසක් ශ්‍රාවක හදවත් අමන්දානන්දයට පත් කළ ප්‍රේමකීර්ති අකාලයේ මිය නොගියා නම් අදටත් මේ දේශයට කලා ලොවට ඔහුගෙන් සිදු වන්නා වූ මෙහෙය මිල කළ නොහැකි වනු ඇත.
එහෙත් අවිගත් කුරිරු මිනිසුන්ට එම කලාකරුවාගේ වටිනාකම තේරුම් ගියේ නැත. ඔවුන්ට අවශ්‍ය වූයේ කිසිදු පදනමක් නොමැති චෝදනාවක් මත එම උතුම් මිනිස් ජීවිතය විනාශ කර දැමීම පමණි.
පූර්ණ පුතු හැමදාමත් පාසල් ගියේ තාත්තගේ මේ ඡායාරූපයට වැඳ නමස්කාර කරලයි
1989 කාල පරිච්ඡේදය මේ රටේ සිය දහස් ගණනින් මිනිස් ජීවිත විනාශයට පත්වූ කාලයකි. එවකට පැවැති රජයත් ප්‍රචණ්ඩකාරී පිරිස් අතරත් පැවැතියේ දැඩි වෛරයකි. පවතින ආණ්ඩුව බිඳ දමා වෙනත් ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට ප්‍රචණ්ඩකාරී තරුණයෝ සටන්කළහ.
මේ සටනේ ප්‍රතිඵලය වූයේ අහිංසක තරුණ ජීවිත තැන් තැන්වල මරා දමා ටයර් සෑ වල ගිනි ගැනීමයි. ප්‍රභූවරු මැති ඇමැතිවරු කලාකරුවෝ ඇතුළු පිරිස් මෙන්ම තරුණ ප්‍රචණ්ඩකාරීන්ට එරෙහිව කතා කරන වැඩි දෙනෙක් වෙඩි උණ්ඩයට බිලි වූහ.
පේ‍්‍රමකීර්ති ද අල්විස් නමැති උතුම් ගත්කරු කලාකරුවාට ද මෙලෙස වෙඩි උණ්ඩයකට බිලිවීමට සිදුවූ බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය විය.
1989 ජුලි 31 වැනිදා රාත්‍රියේ පේ‍්‍රමකීර්ති ද අල්විස් මහතා තම බිරිය නිර්මලා සහ පුංචි පුතු සමග හෝමාගම පිහිටි නිවසේ රූපවාහිනිය නරඹමින් සිටියහ.
ඒ අවස්ථාවේ නිවසේ පිටුපස දොරෙන් ඇතුළු වූ අවිගත් කණ්ඩායමක් මරණීය තර්ජන එල්ල කර නිවසේ සිටි සෙසු පිරිස කාමරයකට දමා පේ‍්‍රමකීර්ති ද අල්විස් මහතා නිවසින් පිටතට කැඳවාගෙන ගිය බව පැවසේ.
ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඔවුන් සමග නිවසින් පිටතට ගියේ කිසිදු කතා බහක් නොමැතිවය. ඇතැම් විට ඔවුන් තමාට යම් අපරාධයක් සිදු නොකරනු ඇතැයි ඔහු සිතන්නට ඇත.
ගන අඳුරේ හෝමාගම කටුවාන හන්දිය ආසන්නයට ගිය අවිගත් කණ්ඩායම එතැන නැවතී ප්‍රේමකීර්ති ද අල්විස් මහතාට චෝදනාවක් එල්ල කළේය. එය ඔවුන්ගේ පෙරමුණ විසින්ම සාදා ගනු ලැබූ චෝදනාවකි.
එම පෙරමුණට එරෙහිව කතා කිරීම ඔවුන්ගේ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම පවතින ආණ්ඩුවට සහාය දැක්වීම ඇතුළු බොහෝ චෝදනා ඔවුහු එල්ල කළහ. ප්‍රේමකීර්ති අල්විස් මහතාගෙන් එම චෝදනාවට වැරදිකරු බව පිළිගන්නේ දැයි ද ඔවුහු විමසා සිටියහ.
එහෙත් ප්‍රේම කීර්ති මහතා නිහඬව අඳුරේ බලා සිටියා මිස පිළිතුරු දුන්නේ නැත. තවත් මොහොතක් හෝ බලා නොසිට සිත් පිත් නැති අවි ගත්තෝ පේ‍්‍රමකීර්ති අල්විස් නමැති ඒ උතුම් මිනිසාගේ ළය පසාරු කරගෙන යන පරිදි වෙඩි පහර කීපයක් එල්ල කර එතැනම මරා දමා පලා ගියහ.
ප්‍රේමකීර්ති අල්විස් මහතා මරා දමා ගිය ආරංචිය පසු දින රට පුරා පැතිර ගියේ මුළු රටක්ම කම්පාවට පත් කරවමිනි. රටක ජනතාවගේ සිත් සතන් නිවා සනසාලන්නට ගී පදවැල් ලියූ ඒ කලාකරුවාට මරණීය දණ්ඩනය නියම කිරීමට ඔහු කළ අපරාධය කුමක්දැයි අද වන තෙක්ම මේ රටේ ජනතාවට ගැටලුවකි.
ඒ 1994 ජූලි මස 31 වැනිදා ය. වේලාව රාත්‍රී අට පසුවී ඇත. අඳුරු සේයා අතරින් මතු වූ සිව්දෙනෙක් පිටුපස දොරින් නිවෙසට ඇතුළු වූහ. කළු මුහුණු ආවරණ සහිතව සිටි ඔවුන් අත වූයේ ගිනි අවිය.
‘කෝ...ප්‍රේමකීර්ති..”
ඔවුහු සාලයට ආහ.
‘ඇයි මල්ලියේ..”
‘අපි යන්න එපා කියද්දිත් මෙයා දවස් තුනක් වැඩට ගිහින් තියෙනවා... අපි නොකා නොබී රට වෙනුවෙන් වැඩ කරනවා... මේ අය ආණ්ඩුවට කත් අදිනවා...” එතැන සිටි
ප්‍රේම් මිය යන කොට පූර්ණ පුතා හරිම පුංචියි
එකෙක් කීය.
‘අපි මෙයාට සුළු දඬුවමක් දෙන්න තීරණය කරලා තියෙන්නේ...”
‘ඔයා මරන්න තරම් වරදක් කරල නැහැ. හැබැයි අපට ඔයා එක උදව්වක් කරන්න ඕනෑ... රැකියාවට ගියාට දඬුවම කියලා බෝඩ් එකක් තියාගෙන හෝමාගම හන්දියේ පැය විසිහතරක් ඉන්න ඕනෑ..” මරණය හමුවේ මෙය විහිළුවක්දැයි ප්‍රේමකීර්ති ට සිතෙන්නට ඇත.
‘දැන් දොරවල් වහලා ඉක්මනට යමු..”
ප්‍රේමකීර්ති නිවෙසින් එළියට බැස්සේ සියල්ලන්ගේම මුහුණු බලාය. ඒ ඔහුගේ අවසන් බැල්ම යැයි කිසිවෙක් නොසිතූහ.
ඝාතකයන් සමඟ ප්‍රේමකීර්ති පිටත්වූයේ රාත්‍රී 8.40 ටය.
‘මාව මරන්න එපා. ඕන දඬුවමක් දෙන්න පැය 24ක් නෙමේ මුළු මාසයක් පුරාම මම බෝඩ් ලෑල්ල අල්ල ගෙන ඉන්නම්...”
මරණය පිළිබඳ සැකයේ අන්තිම ඉඟිය දැනුණු ප්‍රේමකීර්ති වෙඩි උණ්ඩයට කලින් කීවේ ය. ඒ සමඟම ප්‍රේමකීර්ති ගේ ගමන ඉක්මන් විය.
හරියටම රාත්‍රී 9.21 ට ඈත රබර් මණ්ඩියෙන් නැඟුණු වෙඩි හඬ තුනක් ගුවන සිසාරා ගියේ ය.
ප්‍රේමකීර්ති ද අලිවිස් මහතා ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව ලැබී තිබුණේ එවකට හෝමාගම ප්‍රදේශයේ එක්තරා දේශපාලන පක්ෂයක සන්නද්ධ අංශ නායකයා ඇතුළු පිරිසකටය. එම නායකයා ගෙන්වා පේ‍්‍රමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව බාර දී තිබුණි.
එම ඉලක්කය සම්පූර්ණ කිරීම සඳහා ඝාතන කල්ලිය දින කීපයක් පුරා සැලසුම් සකස් කර තිබිණි. මුලින්ම යතුරු පැදියක ගමන් කළ ඔවුන් ප්‍රේමකීර්ති අල්විස් මහතාගේ නිවසට යන පාර අසා දැනගෙන තිබුණේ මහලු කාන්තාවකගෙනි.
ඒ අනුව සැලසුම දියත් කළේ 1989 ජුලි 31 වැනිදා රාත්‍රියේදීය. එදින ඔවුන් රාත්‍රී දහයට පමණ ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ නිවසට ඇතුළු වූයේ නිවස ඉදිරිපිටින් වැටී ඇති නීත්‍යානුකූල පාරෙන් නොව නිවසට පිටුපසින් ඇති කැලෑ පාරක් හරහා යමිනි.
ඔවුන් ගේ පිටුපස සිට බලන විට ප්‍රේමකීර්ති ද අල්විස් මහතා බිරිය පුතු ඇතුළු පිරිස රූපවාහිනිය බලමින් සිටියහ.
ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කළ ද එම ඝාතනය සිදු කළ අපරාධකරුවන් සොයා ගැනීම එතරම් පහසු නොවීය.
ප්‍රේම් ප්‍රීතියෙන් උද්දාමයට පත්ව පුතු සහ නිර්මලා සමඟ
එහෙත් ඔත්තුකරුවකු දුන් තොරතුරු මත එවකට හෝමාගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක කිත්සිරි රොහාන් ප්‍රනාන්දු මහතා ප්‍රේමකීර්ති ඝාතනයට සම්බන්ධ සැකකරුවෙකු අත් අඩංගුවට ගත්තේය. එම සැකකරු අනතුරුව ඝාතනය සම්බන්ධ බොහෝ තොරතුරු පාපොච්ඡාරණය කර තිබිණි.
එවකට එම ප්‍රදේශය බාරව කටයුතු කළ සහකාර පොලිස් අධිකාරී අනුර සේනානායක මහතා ඝාතනයට සම්බන්ධ සියලු තොරතුරු අගමුල ඇතිව සොයා ගත්තේය.
සැකකරු එම පාපොච්ඡාරණය කර තිබුණේ සිය කැමැත්තෙන් බව පසුව මහාධිකරණය ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේ හෙළිදරව් විය.
එවකට කොළඹ මහාධිකරණ විනිසකරු ඩී. ජයවික්‍රම මහතා ඉදිරියේ නඩුව විභාග විය.
හෝමාගම සමන් ප්‍රියංකර එහිදී චෝදනා ලැබ සිටියේය. මාස ගණනාවක් පුරා පැවැති නඩු විභාගයෙන් පසු විත්තිකරු වරදකරු යැයි නිගමනය කොට දඬුවම් නියම කෙරිණි. එම තීන්දුවේ මෙසේ සඳහන් වෙයි.
නඩුවේ සඳහන් කරුණු සියල්ල සැලකීමට ගැනීමේදී විත්තිකරුට එරෙහිව ඇති චෝදනාව විත්තිකරු විසින් කර ඇති පාපොච්ඡාරණයේ සඳහන්ව ඇති කරුණුවලින්ම
ප්‍රේමකීර්ති ද අල්විස් තම පුතු පූර්ණ සමඟ
මර්සලින් ජයකොඩි පියතුමා හමු වූ මොහොතක්
තහවුරු වී ඇති බව තීරණය කරයි යනුවෙනි.
තවද විත්තිිකරුට එරෙහිව ඇති චෝදනාව සාධාරණ සැකයෙන් තොරව පැමිණිල්ල විසින් ඔප්පු කර ඇති බව තීරණය කරයි. ඒ අනුව විත්තිකරුට එරෙහිව ඇති චෝදනාවට ඔහු වරදකරු කරමි යනුවෙන් විනිශ්චයකාරවරයාගේ තීන්දුවේ සඳහන් වෙයි.
අනතුරුව විත්තිකරුට බරපතළ වැඩ සහිතව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරමින් විනිසුරු මෙසේ ද පැවසීය.
‘විත්තිකරු සම්බන්ධව විත්තියේ නීතිඥවරයා කියන ලද සියලුම කරුණු සැලකිල්ලට ගත්තා වූවත් මෙම අධිකරණයට නීතිය අනුව නියම කිරීමට ඇති දඬුවම් ඇත්තේ 2 ක් පමණි.
එනම් මරණීය දණ්ඩනය හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් යන දෙයාකාරයෙන් එක් ආකාරයකට බන්ධනාගාර ගත කිරීමයි.
එයින් මරණ දඬුවම නියම කළා වූවත් එය ද දැනට ක්‍රියාත්මක නොවන දඬුවමකි. එබැවින් හදිසි නීති රෙගුලාසි යටතේ 24 (1) ‘අ’ වගන්තියේ නියමිත පරිදි ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරමි’ යනුවෙනි.
මෙසේ දඬුවම් ලැබූ සමන් ප්‍රියංකර ගමගේ තමා කළ වරදට වැලිකඩ සිර ගෙදර දඬුවම් විඳිමින් සිටියි.
ප්‍රේමකීර්ති එදා කළ කීදෑ මෙලෙස පොලීසිය හමුවේ කී සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නඩු විභාගයෙන් පසු ජීවිතාන්තය දක්වා සිපිරිගෙයට නියමවිය.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ප්‍රේමකීර්තිගෙ අත්දෙක පුරාම තුවාල -වික්ටර් Rating: 5 Reviewed By: Unknown