728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Saturday 6 July 2013

ගුරුවරිය දණ ගැස්සූ පළාත් සභා මන්ත්‍රිටත් නාම යෝජනා ලැබෙයි


නවගත්තේගම මහා විද්‍යාලයේ ගුරුවරියක දණ ගැස්වූ බව කියන හිටපු පළාත් සභා මන්ත්‍රි ආනන්ද සරත් කුමාර මහතාට මෙවර වයඹ පළාත් සභා මැතිවරණයේදී නාම යෝජනා ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීරණය කර ඇත.



පසුගියදා හිටපු මන්ත්‍රිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකයන් හමුවී කරන ලද ඉල්ලීමකට අනුව මේ තීරණය ගෙන ඇති බව එම පක්‍ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
අදාළ සිද්ධියෙන් පසු බන්ධනාගාර ගත කරන ලද හිටපු මන්ත්‍රිවරයා මන්ත්‍රි ධුරයෙන් ඉවත් විය.

එය ජනාධිපතිවරයාගේ උපදෙස් මත සිදුවූවක් ලෙස ඇතැම් මාධ්‍ය වාර්තා කළද ආනන්ද සරත් කුමාර මන්ත්‍රිවරයා  විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසුවේ මන්ත්‍රි ධුරයෙන් ඉවත්වූයේ තමන්ගේ තනි තීරණයක් මත රටට ආදර්ශයක් දීමට වන බවයි.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ගුරුවරිය දණ ගැස්සූ පළාත් සභා මන්ත්‍රිටත් නාම යෝජනා ලැබෙයි Rating: 5 Reviewed By: Unknown