728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Tuesday 16 July 2013

දෙපිට කාට්ටු රාජිතයා හිරුණිකාව අවස්ථාවාදීව පාවාදුන් අයුරු..

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ  කළ කැඳවීමක් මත හිරුණිකා ප්‍රේමචන්ද්‍ර  පසුගිය බ්‍රහස්පතින්දා පෙ.ව. 10.30ට අරලියගහ මන්දිරයේදී ජනාධිපතිවරයාව මුණගැසී ඇත.

ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මේ හමුවෙහි සම්බන්ධීකරණ කටයුතු කර ඇති අතර හිරුණිකා සිය මෑණියන් වන සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සමඟ ගොස් ජනාධිපතිවරයාව මුණගැසී ඇත. විනාඩි හතළිස් පහක් පුරා පැවැති මේ හමුවේදී ඝාතනය කළ භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දෙවැනි ගුණ සමරුව සංවිධානය වන ආකාරය, හිරුණිකාගේ අධ්‍යාපන කටයුතු සහ ඇගේ අනාගත බලාපොරොත්තු පිළිබඳ ජනාධිපතිවරයා විමසා තිබේ.
බංකොලොත් දේශපාලකයන් පසුපස නොයන්නැයි ජනාධිපතිවරයා එහිදී හිරුණිකාට උපදෙසක්ද ලබාදී ඇත. හිරුණිකාගේ ආරක්‍ෂාව පිළිබඳ ප්‍රශ්නයක් ඇතැයි සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ජනාධිපතිවරයාට පවසා ඇති අතර එයට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ එයට පිළියමක් තමන් යොදන බවය. මේ හමුවේදී හිරුණිකා හෝ ඇගේ අම්මා මෙන්ම ජනාධිපතිවරයාද දුමින්ද සිල්වා පිළිබඳ වචනයක්වත් පිට නොකළ බව වාර්තා වේ.
කලක් තිස්සේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවියව දේශපාලනිකව සමීපව ඇසුරු කළ පුද්ගලයෙකු වන අමාත්‍ය රාජිත සේනාරත්න ඔහුට එරෙහිව ආණ්ඩුව තුළ හටගෙන ඇති විරෝධය සමනය කරගැනීමට උපක්‍රමිකව හිරුණිකා ප්‍රේමචන්ද්‍රව යොදාගෙන ඇති බව පෙනීයයි. මීට සති කිහිපයකට ඉහතදී ඉදිරි බස්නාහිර පළාත් සභාව සඳහා තරඟ කිරීමේ මූලික කටයුතු සූදානම් කරමින් සිටි හිරුණිකා පිළිබඳවත් ඇගේ ඉදිරි තොරතුරු පිළිබඳව අවබෝධයකින් පසුවූ රාජිත සේනාරත්න නම් පුද්ගලයා ඉදිරියේ බැරෑරුම් තත්වයක් ඇතිවිය හැකියැයි රුවාදක්වමින් ජනාධිපතිවරයාගෙන් ඔහුට ලකුණු දමා ගැනීම සඳහා හිරුණිකා ප්‍රේමචන්ද්‍රව පාවාදී ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තාවේ.
මෙහි සැබෑ යථාර්තය නම් රාජිත සේනාරත්න යනු රාජපක්ෂලාට එරෙහිව ආණ්ඩුව ඇතුලේම පුද්ගලයින් එකතුකරමින් රාජපක්ෂලාගේ දේශපාලන අනාගතය මුලුමනින්ම කෙළවර කිරීම සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමඟ ගනුදෙනු කළ පුද්ගලයා බවට වාර්තාවේ. තම පියාගේ ඝාතනයට යුක්තිය ඉටුනොවෙතැයි යන තත්වය තුළ රාජපක්ෂ විරෝධියෙකු බවට පත්වූ හිරුනිකා ප්‍රේමචන්ද්‍රද මේ නිසාම රාජිත සේනාරත්න නම් පුද්ගලයාව විශ්වාසවන්ත පුද්ගලයෙකු ලෙස ආශ්‍රය කර ඇත. එහෙත් පවතින තත්වයන් හමුවේ උක්ත පුද්ගලයාගේ දේශපාලන හැදිවත ගැලවී සියල්ල ජනාධිපතිවරයාට වාර්තාවීමත් සමඟම ජාමය බේරාගැනීමට මෙම බිල්ලට දීම සිදුකළ බව වාර්තාවේ.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: දෙපිට කාට්ටු රාජිතයා හිරුණිකාව අවස්ථාවාදීව පාවාදුන් අයුරු.. Rating: 5 Reviewed By: Unknown