728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Sunday 14 July 2013

දයා මාස්‌ටර් දිනවන්න කේපී - තමලිනී වැඩ

තමා හැර වෙනත් කිසිම එල්. ටී. ටී. ඊ. සාමාජිකයකු උතුරු පළාත් සභාවට තරග නොකරන බව කොටි සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක, යාපනයෙන් උතුරු පළාත් සභාවට තරග කිරීමට නියමිත දයා මාස්‌ටර්  ප්‍රකාශ කළේය.


හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් සියලුම දෙනා තමාගේ මැතිවරණ වැඩවලට සහය කර ගැනීමට තමා බලාපොරොත්තු වන බව ද ඔහු පැවැසීය.

මෙම තත්ත්වය යටතේ තමා උතුරේ ජනතාවගේ දැඩි විශ්වාසය දිනාගෙන සිටින බව ද ඒ අනුව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ අපේක්‌ෂකයින් ජයග්‍රහණය කරන බව තමාට විශ්වාස බව ද ඔහු කීවේය.

මේ අතර කොටි සංවිධානයේ හිටපු මූල්‍ය ප්‍රධානි කේ. පී. හෙවත් කුමරන් පද්මනාදන් සහ කොටි සංවිධානයේ හිටපු දේශපාලන අංශයේ ප්‍රධානි තමලනී දයා මාස්‌ටර් ඇතුළු සෙසු තරගකරුවන්ගේ ජයග්‍රහණය තකා මැතිවරණ ප්‍රචාරක කටයුතු මෙහෙය වනු ඇති බව ද වාර්තා වෙයි.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: දයා මාස්‌ටර් දිනවන්න කේපී - තමලිනී වැඩ Rating: 5 Reviewed By: Unknown