728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Sunday 7 July 2013

ලංකාවේ ශුද්ධ කුරාන් පාසල් තියනවා… ඒවා නීත්‍යනුකූලයි – මුස්ලිම් සභාව

ශ්‍රී ලංකාවේ ඇති මුස්ලිම් සංවිධාන සියල්ල රටේ නීතිවලට අනුකූල යයි ජාතික මුස්ලිම් සභාව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම සභාව පවසන්නේ මෙම නීත්‍යානුකූල සංවිධාන සියල්ලම ජනකොටස් අතර සුහදත්වය උනන්දු කරවමින් මෙහි වාසය කරන මුස්ලිම් ප‍්‍රජාවට විශාල මෙහෙයක් ඉටු කරමින් හා ඔවුන්ගේ සමාජීය හා ආගමික දිවි පෙවෙතට විශිෂ්ට මඟපෙන්වීමක් ලබා දෙමින් සිටින බවයි.


ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප‍්‍රජාවට අයත් දේශපාලන ආගමික සහ ස්වේච්ඡ සංවිධාන ගණනාවක්ම මේ රටේ ඇති බවත් මෙම සංවිධාන සියල්ල මෙම රටේ පවතින නීති රීතීන්වලට අනුකූලව පාර්ලිමේන්තු අණ පනත්වලටද යටත්ව මෙන්ම සමාජ සේවා දෙපාර්තමේන්තුව මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව වැනි රාජ්‍ය ආයතන මගින් ලියාපදිංචි කර ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.
නිවේදනයේ මෙසේද සඳහන් වේ.
අරාබි ඉස්ලාමීය කලාපීඨ ළමුන් සඳහා වන පාඨශාලා ශුද්ධ කුරාන් පාසල් කිහිපයක්ද මෙහි ඇති අතර ඒ සියල්ලද නිසි පරිදි අදාළ රාජ්‍ය ආයතනවල ලියාපදිංචි වී ඇත.
එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවෙ තිබෙන්නා වූ උක්ත ඉස්ලාමීය ආගමික සහ සිවිල් සංවිධාන අරාබි විද්‍යාල හෝ ස්වේච්ඡ ක‍්‍රියාකාරින් දේශයේ ස්වෛරී බවට හෝ එකසත් බවට මෙන්ම ජනකොටස්වල සහජීවනයට හානි වන හෝ රටේ නීතියට පටහැනි හෝ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි කිසිදු ක‍්‍රියාකාරකමක යෙදී නොමැත. මෙය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද පැසසුමට ලක් කර තිබුණි.
මෙම මුස්ලිම් සංවිධාන සියල්ලම කවදත් කටයුතු කර ඇත්තේ දේශයේ ස්වෛරීත්වය හා එක්සත් බව තහවුරු කරන එමෙන්ම ජනකොටස් අතර සමගිය සහ සහජීවනය උනන්දු කරන ආකාරයෙන්මය. රට හා රටේ ආරක්ෂාවට අභ්‍යන්තරයෙන් මෙන්ම විදේශයෙන්ද තර්ජන ඇති වූ සැම විටම මෙහි වාසය කරන ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් සිය ජාතිහිතෛෂී බව පැහැදිලිවම රටට හා ලොවට ප‍්‍රදර්ශනය කරමින් බලයේ පවතින රජය සමග අත්වැල් බැඳ ගනිමිනි මහා ජාතියද ඇතුළත් මේ රටේ වාසය කරන අන් කිසිදු ජනකොටසකට නොදෙවෙනිව කැපවීමෙන් ක‍්‍රියා කර ඇත.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ලංකාවේ ශුද්ධ කුරාන් පාසල් තියනවා… ඒවා නීත්‍යනුකූලයි – මුස්ලිම් සභාව Rating: 5 Reviewed By: Unknown