728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Sunday 14 July 2013

ලෙස්ටර් ගැන වාර්තා චිත්‍රපටයක් හැදූ බික්රාම් සිං මියයයි

සුප්‍රකට ඉන්දියානු සිනමාකරුවකු, නිෂ්පාදකවරයකු හා සිනමා ලේඛකයකු වූ කේ.බික්රාම් සිං කාලයක් රෝගාතුරව සිට පසුගිය මැයි මස 12 වැනි දා නවදිල්ලියේ දී මිය ගියේය. ඔහු පිළිබඳ මෙම තීරුව ලියන්නට සිතුණේ කරුණු දෙක තුනක් නිසාය. ඔහු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් හා සුමිත්‍රා පීරිස් ගේ මිත්‍රයෙකි. 2001 වර්ෂයේ දී ඔහු ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් පිළිබඳ ‘ද වර්ල්ඩ් ඔෆ් පීරිස්’ යනුවෙන් මිනිත්තු 35ක වීඩියෝ වාර්තා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළේය.

තවත් හේතුවක් වන්නේ ඔහු මෙම ලියුම්කරුගේ මිත්‍රයෙක් වීමය. මෙම ලියුම්කරු නවදිල්ලි ගිය හැම අවස්ථාවකම ඔහු හමුවූ අතර අප හමුවූ ස්ථානය වූයේ ඉන්දියා ඉන්ටර්නැෂනල් සෙන්ටර් හි අවහන්හලය.
බික්රාම් සිං උපන්නේ 1938 දීය. නවදිල්ලි විශ්වවිද්‍යාලයෙන් 1958 දී දේශපාලන විද්‍යාව සඳහා ද, 1960 දී ඉතිහාසය සඳහා ද ශාස්ත්‍රපති උපාධිය ලද ඔහු එම විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් ලෙස කෙටිකාලීන සේවයකින් පසු ඉන් ඉවත් වූ ඔහු පරිපාලන ක්ෂේත්‍රයට ඇතුළත්ව ජ්‍යෙෂ්ඨ සිවිල් නිලධාරියකු ලෙස අංශ රැසක සේවය කළේය.
සිනමාව කෙරෙහි වූ ඉමහත් ළැදියාව නිසා 1983 දී පරිපාලන සේවයෙන් ඉවත්වූ ඔහු සිය ජීවිතය චිත්‍රපටකරණය සඳහා කැප කළේය. සිනමාව කෙරෙහි වූ ඔහු ගේ උනන්දු 1960 දිව යයි. ඔහු එවකට මුම්බායි හි ෆිල්ම් ෆෝරම් හි සාමාජිකයෙක් විය. 1984 දී ඔහු බුද්ධාදෙබ් දාස්ගුප්ත අධ්‍යක්ෂණය කළ ‘අන්දි ගාලි’ චිත්‍රපටය නිෂ්පාදනය කළේය. එමෙන් ම එහි සහාය අධ්‍යක්ෂවරයා ද විය. ඉන්පසු ඔහු 1986 දී රමෙෂ් ෂර්මා ගේ සුප්‍රකට චිත්‍රපටයක් වූ නිව්දිල්ලි ටයිම්ස් හි විධායක නිෂ්පාදකවරයා විය. ඉන්දියානු ජාතික චිත්‍රපට සංවර්ධන සංස්ථාව සඳහා ඔහුම කතාව ලියා, අධ්‍යක්ෂණය කොට නිෂ්පාදනය කළ ‘තර්පාන්’ හොඳම ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය සඳහා වන ජී.අරවින්දන් සම්මානය ලබාගත්තේය. එම චිත්‍රපටය මොස්කව්, මොන්ට්‍රියල්, චිකාගෝ හා කයිරෝ සිනමා උත්සවයන් හි තිරගත විය. 1997 දී ඔහු බාසු බටචාර්යාගේ ‘ආස්ථා’ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරයා විය.
බික්රාම් සිං වාර්තා චිත්‍රපට 60 කටත් වඩා සංඛ්‍යාවක් නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළේය. එම චිත්‍රපට රූපවාහිනී වාර්තා චිත්‍රපට අතර සමකාලීන ඉන්දියානු සිතුවම් පිළිබඳ රූපවාහිනී වාර්තා කෘති පෙළ ද ජිල් මිල් ස්ටෝරි නමින් ඉන්දියානු ග්‍රාමීය කාන්තාව පිළිබඳ චිත්‍රපට පෙළ ද, අ පේන්ටර්ස් පෝට්රේට් නමින් සුප්‍රකට ඉන්දියානු චිත්‍රශිල්පීන් පිළිබඳ කොටස් දහතුනකින් යුත් වාර්තා චිත්‍රපට ද වැදගත් තැනක් ගනී.
1990 දී, ඔහු විසින් සත්‍යජිත් රායිට තම ප්‍රණාමය පුද කරනු පිණිස ‘සත්‍යජිත් රායි : ඉන්ට්‍රොස්පෙක්ෂන්’ නමින් වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කරන ලද අතර 1991 දී ඉන්දියානු ජාත්‍යන්තර සිනමා උලෙළේ ඉන්දියානු පැනොරාමාවේ තිරගත විය. එම චිත්‍රපටය නිව්යෝර්ක් නව කලා කෞතුකාගාරය මඟින් ඇමෙරිකා එක්සත් ජනපදයේ හා කැනඩාවේ තිරගත කිරීම සඳහා අයිතිය ලබා ගන්නා ලදී.
බික්රාම් සිං පරිසරය සහ සංචාරක ක්ෂේත්‍ර පිළිබඳ දැඩි උනන්දුවකින් පසු වූවෙක් විය. ඔහු පරිසරය සහ සමාජීය තේමා ආශ්‍රිතව වාර්තා චිත්‍රපට 20ක් පමණ අධ්‍යක්ෂණය කර ඇත. ‘රීබර්ත්’ ‘අ ෆෙ‍්‍රන්ඩ්ලි ප්ලේස්’, ‘රූට්ස් ඔෆ් ඩේටා’ ඉන් වැදගත් වේ. 1988 – 89 කාලය තුළ ඔහු දූර්දර්ශන් රූපවාහිනී සේවය සඳහා සංචාරකයන්ගේ සිත් ගන්නා දුර්ලභ ස්ථානයක් වූ මුසාෆීර් නමින් කොටස් දහයකින් යුත් වාර්තා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළේය. ඉන්පසු රාජස්ථාන් ප්‍රාන්ත රජයේ සංචාරක අමාත්‍යාංශය සඳහා සංචාරක කටයුතු පිළිබඳ වාර්තා චිත්‍රපට දෙකක් නිර්මාණය කළේය. ඉන්දියානු චිත්‍ර ශිල්පය සහ වැදගත් ඉන්දියානු චිත්‍ර ශිල්පීන් කීප දෙනෙකු පිළිබඳව ඔහු නිර්මාණය කළ වාර්තා චිත්‍රපට විචාරකයන් විසින් සලකනු ලබන්නේ සමකාලීන ඉන්දියානු චිත්‍රශිල්පය පිළිබඳ මංසලකුණු වශයෙනි.
වර්ෂ 2000 දී ඉන්දීය ජාත්‍යන්තර සිනමා උත්සවය මඟින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට Lifetime Achievement Award පිරිනැමීමෙන් පසු බික්රාම් සිං ඔහු සමඟ පැයක පමණ දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වූ අතර එය දූරදර්ශන් ඔස්සේ විකාශය විය. ලෙස්ටර් පීරිස් පිළිබඳ චිත්‍රපටයක් තනන්නට ඔහු පොලඹවන ලද්දේ මෙම සාකච්ඡාවයි. 2001 දී ඔහු ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහා වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාට පැමිණියේය. ‘ද වර්ල්ඩ් ඔෆ් පීරිස්’ නමින් වූ එම කෘතිය මඟින් ඔහු ලෙස්ටර් පීරිස් ගේ පෞද්ගලික ජීවිතය හා රායි හා ලෙස්ටර් අතර පැවැති මිත්‍රත්වය ද නිරූපණය කළේය.
ඊයෙ පෙරවරු 7.30ට පමණ දියතලාව ආසන්නයේදී මුළු දියතලාවම විමතියට පත් කරමින් අමුතු ඉරක් පායලා... පිළිබඳ පුවතක් ඊයේ අප ඔබට ගෙන ආවා.

එම අමුතු ඉර දැක ඇත්තේ බණ්ඩාරවෙල සිට වැල්ලවාය දක්වා ධාවනය වූ බස් රථයක ගමන් කළ පිරිසක් වන අතර දැඩි ආලෝකයක් විහිදවූ එය විනාඩි කිහිපයකින් පසු නොපෙනී ගිය බවයි ඔවුන් ප්‍රකාශ කලේ.

එය දුටු එක් අයෙක් ප්‍රකාශ කලේ "මෙතන අමුතු එළියක් තිබ්බා. ඒ එළිය එන්න එන්න වැඩි වුනා. ඉර වගේ දෙයක් නිල් පාටට ලොකුවට පේන්න තිබ්බා. ඉර පෑව්වොත් මේ කන්ද නිසා ඉර පේන්නේ නෑ. ඒක ඒ පැත්තට තමයි ගියේ."

එම ආලෝකය දුටු තවත් පුද්ගලයෙකු ප්‍රකාශ කලේ "සම්පූර්ණ රවුම ඇතුලේ නිල්පාටට වතුර වගේ දෙයක් තමයි තිබුනේ" ලෙසයි

එම පුවතේ ස්වර්ණවාහිනී වීඩියෝව පහතින්.

video

- See more at: http://www.hotandfastnews.com/2012/12/blog-post_4298.html#sthash.zSNUtnog.dpuf

  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ලෙස්ටර් ගැන වාර්තා චිත්‍රපටයක් හැදූ බික්රාම් සිං මියයයි Rating: 5 Reviewed By: Unknown