728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Monday 15 July 2013

දුමින්දට රට යැමට උසාවිය අවසර දෙයි


භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් පුද්ගල ඝාතන නඩුවේ විත්තිකාර පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට සිංගප්පූරුව බලා යැමට කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා ඊයේ (15 දා) අවසර ලබා දුන්නේය.

විත්තිකරුට ඇප ලබා දීමේදී විදේශගත වීම තහනම් කරමින් පනවා තිබූ ඇප කොන්දේසිය ඉවත් කරමින් එසේ අවසර ලබාදුන් මහාධිකරණ විනිසුරුවරයා කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණයේ තබා ඇති විත්තිකරුගේ විදේශ ගමන් බලපත්‍රය ඔහුට මුදාහරින ලෙස ද නියෝග කළේය.




විත්තිකාර දුමින්ද සිල්වාගේ පියා වන ප්‍රේමලාල් ද සිල්වා මහතා කළ ඉල්ලීමක්‌ අනුව නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ඉදිරිපත් කළ කරුණු මත විනිසුරුවරයා මෙම අවසරය ලබා දුන්නේය.

රජයේ නීතිඥ ඉන්දිකා ද සිල්වා මෙනෙවිය කරුණු දක්‌වමින් විත්තියේ ඉල්ලීමට විරුද්ධ නොවන බවත් බැඳුම්කරයකට යටත් කොට ගමන් බලපත්‍රය මුදාහරින ලෙසත් ඉල්ලා සිටියාය.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: දුමින්දට රට යැමට උසාවිය අවසර දෙයි Rating: 5 Reviewed By: Unknown