728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Monday 1 July 2013

ප‍්‍රගීත් එක්නැලිගොඩ ප‍්‍රංශයේද...?


සුනිල් ආනන්ද නැවත තප්පුලයි ...
ප‍්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා අතුරුදන් වූයේය. ඔහුගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය අවසානයේ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ද පැමිණිලි කළාය. එනමුදු මේ වනතුරු ඔහු ගැන හරි හැටි හෝඩුවාවක් දැනගැනීමට නොහැකි විය. ඒ අතර ඔහුගේ අතුරුදන් වීම ගැන විවිධ පාර්ශවයන්ට විවිධ හැඩගැන්වූ චෝදනා එල්ලවීම ඇරඹුණේය. ප‍්‍රථමයෙන් ප‍්‍රබල ලෙස ඇඟිල්ල දික්වූයේ වර්තමාන පාලක ආණ්ඩු පක්ෂයටය.

 ආණ්ඩු පක්ෂයේ හා එම විෂයට සම්බන්ධ රාජ්‍ය නිලධාරිහු ද ඊට සමගාමීව විවිධ මත ප‍්‍රකාශයට පත් කළහ. එහෙත් එම ප‍්‍රශ්නය අරබයා සතුටුදායක පිළිතුරක් සොයාගැනීමට වර්තමාන පාලකයන් ද අසමත්වී ඇත්තේය. එසේ වුව ද එම වගකීමෙන් බැහැර වීමට ඔවුන්ට ද සදාචාරාත්මක අයිතියක් නොමැති බව මානව හිමිකම් පූජණීයත්වයෙන් සලකන රටවැසියකුට වුව ද අවබෝධ වන කරුණකි.
මෙලෙස හෙළිනොවූ අතුරුදන් වූවන්ගේ කථා අතරට එක්නැලිගොඩ කතා පුවත ද අතීතයට එක් කරමින් සිටි අවදියක ප‍්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා ප‍්‍රංශයේ ජීවත් වන බවට පුවතක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හරහා ජන මාධ්‍ය මගින් ලාංකික ජන සමාජය තුළ කතිකාවක් ඇති කෙළේය.
කතානායකයා වයඹ පළාතේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අරුන්දික ප‍්‍රනාන්දුය. අරුන්දික ප‍්‍රනාන්දු මන්ත‍්‍රී තුමාගේ මව, බාල සොහොයුරා සහ නැඟණිය ජීවත්වන්නේ ප‍්‍රංශයේ අගනුවර පැරීසියට නුදුරු නගරයකය. ඔවුන්ව මුණගැසීමට අරුන්දික බොහෝ විට පැරීසියට පැමිණේ. 2012 ජනවාරි මස දෙමාපියන් හමුවීම සඳහා ඔහු සිය පවුල සමග පැරීසියට පැමිණියේය. පසුගියදා අරුන්දික මන්ත‍්‍රීතුමා පාර්ලිමේන්තු සභා ගර්භයේ කළ එක්නැලිගොඩ කථා වස්තුව ඇරඹෙන්නේ ඉහත දිනයෙන් පසුවය.
ඔහුගේ කථා පුවතට අනුව උප කතානායක මංජුල වෙඩිවර්ධන නම් මාධ්‍යවේදී මිතුරා හමුවීමට ඔහුගේ බාල සොහොයුරු හා හිතවතෙක් සමග පැරීසියේ සිට කි.මි. 400ක් පමණ දුර පිහිටි ප‍්‍රංශයේ ගමකට ගියෝය.
සොයුරා හා හිතවතා වාහනයේ නවතා අරුන්දික මන්ත‍්‍රීවරයා පමණක් වෙඩිවර්ධන නිවෙසට ඇතුළු වූයේය. එහිදී මංජුල මිතුරා විසින් අරුන්දික මිතුරාට ප‍්‍රගීත් එක්නැලිගොඩ කෙනෙක් හඳුන්වා දුන්නේය. මිතුරු හමුවෙන් පසු නිවසින් පිටවූ මන්ත‍්‍රීතුමා පැරීසියට පැමිණ ඉන් ටික දිනකට පසු මව්බිමට පය තබා ඉන් අවුරුද්දකටත් වැඩි කලක් ගෙවී යන කල්හී පසුගිය දිනක විවිධ සංස්කරණ වලින් පසු ඉහත ජේම්ස් බොන්ඞ් තිර රචනාව පාර්ලිමේන්තුවේදී එළි දැක්වූයේය. දැන් එය කරළියේ රඟ දක්වමින් රටවැසි පේ‍්‍රක්ෂකයෝ නරඹමින් සිටින්නෝය.
ඊට අමතරව වෙඩිවර්ධනගේ ප‍්‍රකාශයක් හා ප‍්‍රශ්න පත‍්‍රයක් ද මාධ්‍යයට නිකුත් කරමින් අරුන්දික මන්තී‍්‍රවරයාගේ ප‍්‍රකාශය මංජුල වෙඩිවර්ධන විසින් දැඩි ලෙස ප‍්‍රතික්ෂේප කර ඇති අතර ශ්‍රී ලංකාවේ ප‍්‍රංශ තානාපති කාර්යාලය ද ප‍්‍රගීත් එක්නැලිගොඩ කෙනෙක් ප‍්‍රංශයේ නොමැති බව ප‍්‍රකාශ කරමින් නිවේදන නිකුත් කළ බව මාධ්‍ය වාර්තා සඳහන් කළේය.
මෙම පරිසරය තුළ වෙඩිවර්ධන ප‍්‍රශ්න පත‍්‍රයේ සාධාරණ ප‍්‍රශ්න කිහිපයක් අතැතිව මේ ගැන ලූණු ඇඹුල් ඇතිව දැනගැනීමේ ආශාවෙන් අරුන්දික මන්ත‍්‍රීවරයාගේ මෑණියන්, සහෝදරයා හා නැඟණිය හමුවී ඔවුන් සමග සාකච්ඡුා කළෙමි. අරුන්දිකගේ මියගිය පියා මෙම ලියුම්කරුගේ කළණ මිතුරෙකි.
එබැවින් එම පවුලේ සියලූදෙනා හොඳින් හඳුනන්නෙමි. පැය දෙකක් පමණ සාකච්ඡුාව ගලා ගියේය. තර්ක විතර්ක ප‍්‍රශ්න හා පිළිතුරු, ආදී ලෙස ගෙවී ගිය කථාව ලිවීම අනවශ්‍යය. පිටු පිරවීමක් වන බැවින් සාකච්ඡුාවේ අති පීඩන සාරාංශය ඔවුහු සියල්ලෝම මන්ත‍්‍රී වරයාගේ කථාව සනාථ කරති. දශක තුනකට ආසන්නව ප‍්‍රංශයේ වෙසෙන මන්ත‍්‍රීතුමාගේ සහෝදරයාවත් වෙඩිවර්ධන නිවස්නය පිහිටි ගමේ නම නොදන්නේය. ඒ ගැන ඇසූවිට ගමනාන්තය දක්වා ඔහු නිදි සුවය වින්ද බැවින් ගිය තැනක් මතක නැත. නමුත් ප‍්‍රංශයේ ගමකට ගොස් වෙඩිවර්ධන හමුවී ඇත්තේය. ලිපිනයක් නොදැන ප‍්‍රංශයේ පමණක් නොව ලංකාවේ වුවද සැරි සැරීමට සිදුවුවොත් ප‍්‍රතිඵලය කුමක්වේද? යන්න කියවන පාඨකයන් අවබෝධ කරගැනීම වටින්නේය.
ඒ අතර මන්ත‍්‍රීතුමා හැර ඔහුගේ පවුලේ කිසිකෙනෙක් එක්නැලිගොඩ ඇස් දෙකට දැක නොමැත. ෆොටෝ වලින් දැකඇත්තේය. තම පුතාගේ කථාව හරි හෝ වැරදි වුවද එය වැරදි යැයි කියන්නේ මොන ඥාතියා ද? ඒ අනුසාරයෙන් මන්ත‍්‍රී පුතාව රැුකගත් මෑණියන්ගේ කථාවක් ලෙසට ඉහත සාකච්ඡුාව සැලකීම වඩාත්ම යෝග්‍ය වේ.
මෙම හමුවීමට අමතරව සොයා ගත් තොරතුරු මත වෙනත් තුන්වැනි පාර්ශ්වයක් හමුවීමට උත්සාහ කළ ද අනපේක්ෂිත කරුණු මත ඔවුන්ව මුණගැසීම සිදු නොවුණත් ඔවුන් හා දුරකථනයෙන් කරුණු විමසීමට අවස්ථාව ලබා දුන් හෙයින් ඉහත එක්නැලිගොඩ මාතෘකාව ගැන විමසීමට අවස්ථාවක් ලබාගත්තෙමි.
ඒ අනුව අසූව දශකයේ යුද හමුදා සේවයෙන් විශ‍්‍රාම ගෙන දශක තුනකට ආසන්නව ප‍්‍රංශයේ ජීවත් වෙන, වයස අවුරුදු 65 ක් පමණ වයසැති එක්නැලිගොඩගේ මස්සිනා සමග දොඩමලූ වීමට අවස්ථාව ලැබිණි. ඔහුගේ බිරිඳ, එක්නැලිගොඩ නැඟණිය ජයන්ති එක්නැලිගොඩ හා දොඩමලූ වීම දුෂ්කර කාර්යයක් වූයේය. ඔවුන් හා සංවාදයේ සාරාංශය මෙසේය.
ප‍්‍රගීත්ගේ එක් පිරිමි දරුවෙක් පියා නැති සොවින් දැඩි මානසික ආතතියකින් පෙළෙන බවත් එවැනි දරුවෙක් බැලීමටවත් නොපැමිණෙන පියෙක් මේ ලෝකේ සිටී දැයි ඔවුන්ගේ ප‍්‍රශ්නයයි. අපේ ජාතිය, නැති මිනිහා විකුණාගෙන කෑමට දක්ෂ ජාතියක් බවත් මෙය අරුන්දිකගේ සම්පප‍්‍රලාපයක් බවත් කීවේය. තව බොහෝ දේ ඔවුහු කීහ. එනමුදු බාහිර සමාජයට අකමැතිව එක් ආගමකට කොටුවී දැහැමින් අසරණ ජීවිතයකට ඔවුහු හිමිකරුවෝ වී ඇත.
ඉහත දැක්වූ අරුන්දික සංචාරය තුළදී පැරීසියේ කළාප අංක 02 හි කැත්ර සැප්තැම්බර් නම් පාරේ අංක 11 හි පිහිටි, ඒ දවස ශ්‍රී ලාංකික හිමිකරුවෙක් විසින් පවත්වා ගෙන ගිය ආපන ශාලාවකදී එක්නැලිගොඩ ප‍්‍රබන්ධයට පෙර අරුන්දික මන්ත‍්‍රීවරයා සඳහා සුහද හමුවක් පැවැත්වූයේය. ඒ 2012 ජනවාරි මස 05 වැනිදා සවස 08 ට පමණය. පැරීසියේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ පිරිසක් හා හිතවතුන් පිරිසක් සැඳෑවේ පුරෝගාමීන් වූවෝය. එම හමුවට මෙම ලියුම්කරු ද පැය දෙකක් පමණ කාලයක් වැයකළේය. එදින හමුවට පැමිණ සිටි ඉතාමත්ම සුළු පිරිස අතර වැඩි පිරිසක් මා හොඳින් දන්නා හඳුනන මිතුරෝය. එවැනි පරිසරයක ප‍්‍රගීත් එක්නැලිගොඩ තට්ටය ගාගෙන එදින අරුන්දික සැඳෑවට පැමිණ සිටි බව අද පැරීසියේ කටකථා පුවත්වලට එක්වී ඇත්තේය.
පුවත් මැවුම්කරුවන්ට අනුව ප‍්‍රගීත් එක්නැලිගොඩ තට්ටය ගාගත් ප‍්‍රංශයේ දේශපාලන රැකවරණකරුවෙකි. ප‍්‍රංශයේ සිටි ඔහු පසුව ස්විට්සර්ලන්තයටත් ඉන් අනතුරුව එංගලන්තයටත් ගොස් ඇත්තේය. නමුත් ඔහු පණ පිටින් දැකපු කෙනෙක් සොයාගැනීම කළුනික සෙවීමටත් වඩා දුෂ්කරය. එබැවින් පැරීසියේ දී තට්ටය ඇති සිංහලයෙක් දකින හැම මොහොතකම විමසිලිමත් වන අතර එක්නැලිගොඩ අවතාර කථාව සිහියට නැෙඟන්නේය.
ඉහත සඳහන් කළේ පැරීසියේ ඥානකථාකාරයන්ගේ එක්නැලිගොඩ සංචාරක කථා පුවතය. මෙය අරුන්දික කථා පුවතේ අතුරු පලයකි. පාසල් සමයේ එවැනි කථා ඥානකථා ලෙස හැඳින්වීමට අපි පුරුදුවී සිටියෙමු. එදා ඥානකථා යනු සිනි තැවරූ බාගයට තැම්බූ පිටි ගුලියකි. එවැනි පිටි ගුලි මේ දිනවල පැරීසියේ විකිණීමට ඇත්තේය. කැමති කෙනෙකුට ගිල දැමිය හැක්කේය. නමුත් බොහෝදෙනෙක් කුණු බක්කියට විසි කරති. එබැවින් මේ දිනවල පැරීසියේ කුණු බක්කි පිටි ගුලි වලින් පිරී ඇත්තේය. ඉහත කතා පුවතට අනුව කථානායක අරුන්දික මන්ත‍්‍රීවරයා පමණක් ප‍්‍රගීත් එක්නැලිගොඩ දුටු බව කියන්නේය. එහි උප කථා නායක මංජුල වෙඩිවර්ධන මාධ්‍යවේදියා එවැන්නෙක් නොපෙන්වූ බව කියන්නේය. අවසානයේ අන්තෝ ජඨා බහිජඨා ප‍්‍රශ්නාර්ථයක් සමග එක්නැලිගොඩ කථා පුවත වායු තලයට එක්වී ඇත්තේය.
 

සුනිල් ආනන්ද පැරීසියේ සිට

 
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ප‍්‍රගීත් එක්නැලිගොඩ ප‍්‍රංශයේද...? Rating: 5 Reviewed By: Unknown