Monday 7, Apr 2025

728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Saturday, 6 July 2013

Anonymous යාල කැලේ ඇතුළෙන් 'මල්' වත්තක් අල්ලයි


යාල ජාතික උද්‍යානයේ කලාප අංක එකට අයත් තල්ගස්මංකඩ සංචාරක බංගලාව සහ නාගෙනියන්තොට කඳවුරු බිම අතර ප්‍රදේශයේ මැණික් ගඟ අසබඩ පවත්වාගෙන ගිය අක්කර 5ක පමණ විශාල ගංජා හේනක් වැටලීමට පසුගියදා වනජීවී සංරක්‍ෂණ නිලධාරීන්ට හැකිවිය.



වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ වැටලීම් සහකාර අධ්‍යක්‍ෂ ඩබ්. එම්. යූ. ඩී. ඉන්ද්‍රජිත් මහතාගේ උපදෙස් පරිදි සිදුකෙරුණු මේ වැටලීමේදී සිටුවීමට සූදානම් කර තිබූ ගංජා පැළ 50,000ක් පමණ සොයා ගැනීමට වනජීවී නිලධාරීන් සමත් වූ අතර සැකකරුවන් දෙදෙනකුද අත්අඩංගුවට පත්විය. ඔවුන් තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: යාල කැලේ ඇතුළෙන් 'මල්' වත්තක් අල්ලයි Rating: 5 Reviewed By: Unknown