728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Thursday 4 July 2013

ආණ්‌ඩුවේ වියදමින් රට ගොස්‌ සිය දියණියගේ උපන්දින පාටිය නිව්යෝර්ක්‌ හෝටලයක පවත්වා එයට ගිය වියදම ගෙවීමට තැත් කළ ඇමැතිවරයෙක්‌ මේ ආණ්‌ඩුවේම සිටියේය.


රජයේ මුදල් රුපියල් කෝටි තුනක්‌ යොදවා රට සවාරියක්‌ ගැසීමට උතුරුමැද පළාත් සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක්‌ ගත් තැතක්‌a ජනපති අණින් ව්‍යර්ථ වී යෑයි අපි ඊයේ (06 දා) දැන ගතිමු. මේ අය යන්නට සිට ඇත්තේ කොරියාවට සහ තායිලන්තයටය. ෂාඃ· සැප ගැනීමට කියාපු රටවල් දෙකකි මේ රටවල් දෙක. මේ රට ගමන තහනම් කිරීමෙන් ජනාධිපතිතුමා විසින් සැප ගැනීමට දේශපාලනඥයන්ට ඇති මූලික අයිතියට පා පහර දෙන ලද්දේදැයි අප තුළ විචිකිච්ඡාවක්‌ ඇතිවිය.
ගමන යාමට සිටි දේශපාලනඥයන් මොන තරම් නම් බලාපොරොත්තු තබාගෙන ඉන්නට ඇද්ද? තායිලන්තය යනු පුංචි පුංචි වීථි විශාල ගණනක්‌ ඇති රස ගුලාවකි. ගෙදර ගොස්‌ සිය බිරිය හා දරුවන්ගේ හෝ පෙම්වතියගේ මුහුණු එක එල්ලේ බැලීමට කැමැති කිසිවෙක්‌ මේ වීථි අතුරින් සමහර ඒවාවල ගමන් කළ යුතුය. එහෙත් පැණි හැලියට බැසීමට යන මැස්‌සා මෙන්ම පැණි හැලිය බැලීමට යන මැස්‌සාද එහි වැටී ජීවිතය කෙළවර කර ගනී. එහෙත් මේ මන්ත්‍රී කණ්‌ඩායම තායිලන්තයේ ඇති බෞද්ධ විහාරාරාම වැඳපුදා ගැනීම සඳහා මේ ගමන සංවිධානය කළා වන්නට බැරිද? එසේ නම් මේ ගමන නැවැත්වීමෙන් ජනාධිපතිතුමාට හුඟක්‌ පව්ය. ඒ පව නැති කිරීමට මේ පිරිස රජයේ වියදමින් ඇමරිකාවේ ලාස්‌ වේගාස්‌වලට ගෙන ගොස්‌ එහි ඇති කැසිනෝ ක්‌ලබ්වලට යවා තුන්මාසයක්‌ රජයේ වියදමින් සූදු කෙළවුවත් මදිය.

මහජන මුදලින් දේශපාලනඥයන් ටි්‍රප් යාම ශ්‍රී ලංකාවේ පමණක්‌ නොව එංගලන්තයේද සිරිතයá ප්‍රංශයේද සිරිතය. සාපේක්‍ෂව ගත්කල ඇමරිකානුවන් මෙසේ ටි්‍රප් යාම අඩුය. තුන්වන ලෝකයේ සහ නොදියුණු අප්‍රිකානු රටවල දේශපාලනඥයෝ මේ කර්මාන්තයෙහි ඉතාම ඉහළින් නියෑළෙති. ආසියානු කලාපයේදී මේ කර්මාන්තයෙහි ශූරතා පළිහ හෝ අනුශූරතාව අපට නිතැතින්ම හිමිය. ආණ්‌ඩුවේ වියදමින් රට ගොස්‌ සිය දියණියගේ උපන්දින පාටිය නිව්යෝර්ක්‌ නගරයේ හෝටලයක පවත්වා එයට ගිය වියදම පමණක්‌ නොව එම උත්සවය ආවරණය කිරීමට ගෙන්වාගත් ඇමරිකානු ඡායාරූප ශිල්පියාගේ ගාස්‌තුවද අමාත්‍යාංශයේ වියදමින් ගෙවීමට තැත් කළ ඇමැතිවරයෙක්‌ මේ ආණ්‌ඩුවේම සිටියේය. එහෙත් මහා භාණ්‌ඩාගාරය එම ගෙවීම ප්‍රතික්‌ෂේප කළ නිසා ඩොලර් ලක්‍ෂයක්‌ පමණ බේරා ගැනීමට ආණ්‌ඩුවට හැකි විය. පසුගිය මහ මැතිවරණයෙන් පැරදුණු නිසා මෙතුමා අද මන්ත්‍රීකමෙහිවත් නැත. එහෙත් ඔහු තවමත් ප්‍රදේශයේ ශ්‍රීලනිප සංවිධායක නිසා නැවත වරක්‌ බලයට පැමිණීමේ තර්ජනයක්‌ ඇත.

ඒ කෙසේ හෝ වේවා අනුන්ගේ වියදමින් ගමන් යැම, කෑම, විනෝද ක්‍රීඩාවල යෙදීම යනාදියට පෘථග්ජනයා පොදුවේ ගත් කල කැමැතිය. ඒ අනුව අල්ලපුගෙදර ගුවන් විදුලියෙන් ප්‍රවෘත්ති ඇසීමට මිනිස්‌සු කැමැත්තාහ. එවිට තම ගෙදර ගුවන් විදුලිය මෙන්ම විදුලියද නාස්‌ති නොවේ. පන්සල් වත්තේ කුරුම්බාවල වතුර පැණි රස වැඩිය. බස්‌ එකේ හොරෙන් යැම බස්‌කාරයට උගන්වන පාඩමක්‌ ලෙස සලකනු ලැබේ. ටිකට්‌ නොගෙන දුම්රියේ යැම නිර්භීත ක්‍රියාවක්‌ හැටියට අර්ථකථනය කෙරේ. එහි උත්කෘෂ්ඨතම අවස්‌ථාව වන්නේ ටිකට්‌ චෙකර්ලා විසින් අල්ලා ගනු ලැබූ පසු ඔවුන්ට පහරදී මගියා පැන යාමය. පොලිසියට එන සැකකාරයකුගේ පියා හෝ සහෝදරයාට ඇසක්‌ ගසා ඔහුගේ වියදමින් ළඟ පිහිටි තේ කඩයෙන් පරිප්පු සමග පාන් කාලක්‌ කා ප්ලේන්ටියක්‌ බීම පොලිස්‌ රාළහාමි පගාවක්‌ ලෙස සලකන්නේ නැත. රාළහාමි එසේ කනවිට සාජන් බුරියානිද, ඕ.අයි.සී. රෝස්‌ කුකුළන්ද, එච්.කිව්.අයි. ඊට වැඩි දෙයක්‌ද අනුන්ගේ වියදමින් ගිල දමයි. ඩී.අයි.ජී. මිනිසුන් මැරීමට කොන්ත්‍රාත් ගනී. මේ අනුව අයි.ජී.පී. නැව් ගිලිය යුතුය. එහෙත් ඔහු එසේ නොකරන අවංක මිනිහකු වීම අපගේ හිතට සහනයකි.

දේශපාලනඥයා යනු පොදු මිනිසෙකි. ඔහු පොදු සතුරෙක්‌ නොවිය යුතුය. ඒ නිසා රටේ ධනය ගැන ඔහු ඉතා කල්පනාවෙන් කටයුතු කළ යුතුවෙයි. රටේ ධනය යනු මහජන දේපළය. එයින් තායිලන්තයේ හෝ කොරියාවේ ටි්‍රප් යැම නොවටී. වටින දෙයක්‌ කළවිට රෑට කරදරයක්‌ නැතිව නිදාගත හැකිය. එසේ නොවන විට නිදි පෙතිවලට පුරුදු වීමට සිදුවන්නේ නිකම්මය.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ආණ්‌ඩුවේ වියදමින් රට ගොස්‌ සිය දියණියගේ උපන්දින පාටිය නිව්යෝර්ක්‌ හෝටලයක පවත්වා එයට ගිය වියදම ගෙවීමට තැත් කළ ඇමැතිවරයෙක්‌ මේ ආණ්‌ඩුවේම සිටියේය. Rating: 5 Reviewed By: Unknown