728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Sunday 14 July 2013

'ඉගිලෙන්න මාළුවෝ' නිසා ප්‍රංස චිත්‍රපට උළෙල තහනම්


ශ්‍රී ලංකාවේ ප්‍රංස තානාපති කාර්යාලය හා 'ඇලියොන්ස් ප්‍රාන්ස් ඩී කෝට්ටේ" ආයතනය එක්ව සංවිධානය කළ "ප්‍රංස චිත්‍රපට උළෙල" බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණශාලා පාලක මණ්ඩලය ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් මත වහාම අත්හිටුවා තිබේ.


චිත්‍රපට උළෙල හදිසි තහනමකට ලක්ව ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා සවස චිත්‍රපට උළෙල ආරම්භ කරමින් කමිටු ශාලා අංක 02 හි තිරගත වූ "ඉගිල්ලෙන්න මාළුවෝ" නම් සිංහල චිත්‍රපටයේ අඩංගු දර්ශන කිහිපයක් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවට අපහාසාත්මක යැයි බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණශාලා පාලනාධිකාරිය තීරණය කිරීම නිසාය.

සංජීව පුෂ්පකුමාර මහතා විසින් අධ්‍යක්ෂණය කර ඇති මේ චිත්‍රපටය ත්‍රිකුණාමලය ප්‍රදේශයේ දෙමළ, සිංහල, මුස්ලිම් ජනතාව හා ආරක්ෂක හමුදා පාදක කරගනිමින් නිපදවූවක් වන අතර, ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය විසින් ප්‍රදර්ශනය සඳහා සුදුසු යැයි අනුමත කර ඇති චිත්‍රපටයකි.

චිත්‍රපට උළෙල අත්හිටුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති BMICH පාලන අධිකාරිය ඉගිල්ලෙන්න මාළුවෝ වැනි චිත්‍රපටයක් BMICH භූමියේ ප්‍රදර්ශනය කිරීමට ඉඩදීමෙන් ශ්‍රී ලංකා වීරෝදාර හමුදාවන්ට හා මහජනතාවට කිසියම් අපහසුතාවක් හෝ අපහාසයක් සිදුවූයේ නම් ඒ ගැන තමන් සමාව අයදින බව සඳහන් කර ඇත. එමෙන්ම මෙවැනි ප්‍රදර්ශන සංවිධානය කරන විදේශීය රටවල් ශ්‍රී ලංකාවේ සංස්කෘතික, සමාජයීය හා ඓතිහාසික බැඳීම්වලට ගෞරව කළයුතු යැයිද නිවේදනයෙන් පවසා ඇත.

චිත්‍රපට උළෙල තහනම් කිරීම පිළිබඳ BMICH අධ්‍යක්ෂ ජෙනරාල් බන්දුල ඒකනායක මහතා මාධ්‍ය වෙත පවසා ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශය විසින් ලබා දුන් උපදෙස් අනුව මේ පියවර ගත් බවයි. තම චිත්‍රපටය මෙසේ අත්හිටුවීමට ගත් තීරණය පිළිබඳ තමන් ඕනෑම
පරීක්ෂණයකට මුහුණදීමට සූදානම් බව අධ්‍යක්ෂ සංජීව
පුෂ්පකුමාර මහතා සඳහන් කර තිබේ. මේ චිත්‍රපටයේ ඇති සමහර දර්ශන මඟින් ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රවෘත්ති විකාශයන් බරපතළ ලෙස විවේචනය කරන බවත්, යුද සමයේදී මායිම් ගම්මානවල සිටි තරුණියන් හා හමුදා සාමාජිකයන් අතර ඇති වූ බැඳීම් නිසා හටගෙන තිබූ ගැටලු ඉතා තාත්වික අයුරින් ප්‍රදර්ශනය කර ඇති බවත් පැවැසේ.

  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: 'ඉගිලෙන්න මාළුවෝ' නිසා ප්‍රංස චිත්‍රපට උළෙල තහනම් Rating: 5 Reviewed By: Unknown