728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Sunday 21 July 2013

ඒ කාලයේ රටේ විධායක ජනාධිපතිනියගේ ආරක්‌ෂක අංශයේ බැද්දගානේ සංජීව...

ආයෙත් මිනිස්‌සු චන්ද්‍රලේඛා ගැනත් කතා කරන්නේය. රූකාන්ත ගැනත් කතා කරන්නේය.. ඔවුන්ව මීට අවුරුදු 13 කට කලින් නින්දාසහගත පීඩාවකට ලක්‌ කළ අයි. ආර්. සී කාරයින් පිරිසක්‌, ලබන 27 වැනිදා තෙක්‌ රක්‌ෂිත බන්ධනාගාරගත කරන්නට පසුගිය 17 වැනිදා පානදුර මහාධිකරණ විනිසුරු සරෝජනි කුසලා වීරවර්ධන විසින් නියෝග කිරීමත් සමගය. රක්‌ෂිත බන්ධනාගාරත කළ පිරිස 11 දෙනෙකි.

මේ දහදුරා මැරයන් ගැන කතා කළහොත් ඔවුන් සම්බන්ධව ද විශේෂයක්‌ තිබේ. ඔවුන් පොලිස්‌ නිලධාරීන්ය. පාරේ තොටේදී අපට එදිනෙදා හමුවන සාමාන්‍ය රාජකාරියක්‌ කළ පොලිස්‌ නිලධාරීන් නොවේ. කලෙක මේ රටේ විධායක ජනාධිපතිවරියගේ ආරක්‌ෂක අංශයේ සේවයේ නියුතුව සිටි පොලිස්‌ නිලධාරීන්ය. එවකට ජනාධිපති ආරක්‌ෂක අංශයේ ප්‍රධානියා වුයේ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී නිහාල් කරුණාරත්නය. වාර්තා වූ ආකාරයට ඒ කාලයේ රටේ විධායක ජනාධිපතිනියගේ ආරක්‌ෂක අංශයේ බැද්දගානේ සංජීවත් සිටියේය. අමු පාතාල මැරයෙක්‌ වූ සංජීව, චින්තක අමරසිංහ නමැති පාතාල මැරයා විසින් මරා දමනතුරු රටේ විධායක ජනාධිපතිනියගේ ආරක්‌ෂක අංශය අසුරු කළේය.

 
රූකාන්තලා අනාථ කළ ඒ අතීත සිද්ධිය මෙසේය. මේ වනවිට මේ ආණ්‌ඩුවේ හිතෛෂි වන්තයින් වී සිටින රූකාන්ත චන්ද්‍රලේඛා දෙපළ මේ සිද්ධිය වන මීට අවුරුදු 13 කට පෙර අමු යු. එන්. පී කාරයින්ය. ඒ කාලයේ මේ දෙදෙනාම එක්‌සත් ජාතික පක්‌ෂ ප්‍රචාරක වේදිකාවල මනරම් ලෙස සිංදු කීහ. ඒ කාලය චන්ද්‍රකාගේ ආණ්‌ඩුව මිනිස්‌සු අතරින් ප්‍රතික්‌ෂේප වෙමින් අප්‍රසාදයට ලක්‌ වෙමින් පැවතුනේය. මේ සමග රූකාන්තලා ගේ සංගීතය යු. එන්. පී වේදිකාවලින් ඇසෙන්නට වීම එවකට සිටි ආණ්‌ඩුව කුපිත කරවන්නක්‌ විය.

ආණ්‌ඩුවේ මෙම වෛරය පුපුරා යන්නේ 2000 ජනවාරි 26 වැනිදාය. එදින රාත්‍රී 9 ට දොලොස්‌ දෙනෙකුගෙන් සමන්විත මැර කල්ලියක්‌ රූකාන්තලාගේ නිවසට ගොඩවූහ. ඔවුන් අත ටී 56 ගිනි අවි තිබිණි. ලෑන්ඩ් කෲසර් රියකින්, ඩබල් කැබ් රියකින් හා කාර් එකකින් පැමිණි මේ පිරිස නිවස වටකොට රූකාන්තලා ඇමරිකාවේ සිට ගෙනා ගිනි අවි ඇත්දැයි පරීක්‌ෂා කළ යුතු බව කියමින් නිවසට ඇතුළු වූහ.

අනතුරුව රූකාන්තත් චන්ද්‍රලේඛාත් නිවසේ සාලයට රැගෙන ආවේය. රැගෙන ඇවිත් සැටියේ ඉන්දවූයේය. ගිනි අවි සෙවීම පසෙකලා යූ. එන්. පී ස්‌ටේඡ්වල සිංදු කීම ගැන විමසුවේය. අනතුරුව පිරිස කෙළින්ම ගනුදෙනුවට බටහ. චන්ද්‍රලේඛාටත් රූකාන්තටත් එක්‌සත් ජාතික පක්‌ෂ ප්‍රචාරක වේදිකාවල සිංදු කීමත් මරණයත් යන දෙකෙන් එකක්‌ තෝරාගන්නට යෝජනා විය. ඒ වනවිට මැරයින් නිවසේ ලක්‌ෂ විස්‌සකට වඩා වටිනා ගෘහ භාණ්‌ඩ කුඩු කර දමා තිබිණි. මේ යුවලගේ සිරුරු පෙට්‍රල් වලින් නහවා තිබිණි. අවශ්‍ය වී තිබුණේ ගිනි කූරක්‌ පත්තු කිරීම පමණය. සිංදු කියා මැරෙනවාට වඩා කට පියාගෙන ජීවත් වීම සුදුසු බව දෙදෙනාම තීරණය කළහ. අනතුරුව චන්ද්‍රලේඛා පුටුවක වාඩි කරවා ජනාධිපති ආරක්‌ෂක අංශයේ මැරයෝ ඇගේ හිසකේ එක්‌ පැත්තක්‌ කපා දැම්මේය. කැරලි ගැසී හැඩකාර කමට තිබූ රූකාන්තගේ කොණ්‌ඩයද තැනින් තැනින් කපා දැම්මේය. අනතුරුව ඔවුන් අත තිබු ජංගම දුරකථන, ඔරලෝසු පහක්‌ ඇතුළු රුපියල් ලක්‌ෂ දෙකකට වඩා වටිනා භාණ්‌ඩ කොල්ල කෑ කොල්ලකරුවෝ රූකාන්තගේ නිසාන් පෙට්‍රල් වර්ගයේ ජීප් රියද රැගෙන පලා ගියහ. පසුදා උදෑසන වටිනා අමතර කොටස්‌ ගලවා මස්‌ කළ ජීප් රථය මරදානේ පාරක්‌ ළඟ දමා ගොස්‌ තිබියදී හමුවුණේය. සිද්ධිය ගැන චන්ද්‍රිකාගේ ආණ්‌ඩුවේ පොලිසියට කළ හැකි දෙයක්‌ තිබුණේ නැත.

මේ අතර 2002 වර්ෂයේ චන්ද්‍රකා බණ්‌ඩාරනායක විධායක ජනාධිපතිනියව සිටියදී ආණ්‌ඩු බලය එක්‌සත් ජාතික පක්‌ෂය අතට පත් විය. ඒ ආණ්‌ඩු පෙරළියත් සමග මෙතෙක්‌ කල් මහා බලවත් චරිතයක්‌ව සිටි ජනාධිපති ආරක්‌ෂක අංශයේ ප්‍රධානී නිහාල් කරුණාරත්න විසින් මතුරට පොලිසියේ ස්‌ථානාධිපතිවරයාට ගිනි අවිය පෙන්වා මරණ තර්ජන කිරීම ගැන රහස්‌ පොලිසිය විසින් පරීක්‌ෂණයක්‌ ආරම්භ කළේය. ඒ වනවිට ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂකවරයෙක්‌ වූ එච්. සමුද්‍රජීව ප්‍රමුඛ පොලිස්‌ කණ්‌ඩායමකට නිහාල් කරුණාරත්න අත්අඩංගුවට ගැනීමේ නියෝග ලැබිණි. ඒ වන විට නිහාල් කරුණාරත්න සිටියේ නවලෝක රෝහලේ ප්‍රතිකාර ගනිමිණි. පොලිසිය නවලෝක රෝහල වැටලුවේය. ඒ අවස්‌ථාවේදී ඔහු පොලීසියට අභියෝග කිරීමත් සමග බරපතල ප්‍රශ්නයක්‌ නිර්මාණය විනි. ඊට මාධ්‍ය ඔස්‌සේ දැවැන්ත ප්‍රචාරයක්‌ ලැබිනි. ඒ සමගම ජනාධිපති ආරක්‌ෂක අංශය කළ අපරාධ ගණනාවක පරීක්‌ෂණ බලය යොදා යට ගැසූ ආකාරය මාධ්‍ය හරහා හෙළිදරව් විය. රූකාන්ත චන්ද්‍රලේඛා දෙපළට එල්ල කළ ප්‍රහාරය, රෝහණ කුමාර ඝාතනය, ක්‍රිකට්‌ නිලවරණයේදී එල්ල වූ ප්‍රහාරය, රවී කරුණානායක ගේ නිවසට මිනී හිස්‌ කබලක්‌ පාර්සල් කර එවීම, අනෝජා වීරසිංහගේ මොනරාගල පිහිටි නිවසට ගිනි තැබීම වැනි අපරාධ හා බිය වැද්දීම් වලට ජනාධිපති ආරක්‌ෂක අංශය සම්බන්ධ බව කියෑවිනි.

මේ අතර එච්. සමුද්‍රජීව හා පොලිස්‌ පරීක්‌ෂක මුණසිංහ ඇතුළු කණ්‌ඩායමක්‌ රූකාන්ත චන්ද්‍රලේඛා දෙපළගේ සිද්ධිය ගැන පරීක්‌ෂණ ආරම්භ කළහ. මෙම කණ්‌ඩායම එවකට ජනාධිපති ආරක්‌ෂක අංශයේ සේවය කළ නිලධාරීන් 12 දෙනෙක්‌ අත්අඩංගුවට ගත්තේය. අවසානයේ මේ සිද්ධිය මෙහෙයවු ප්‍රධාන අපරාධකාරයා කවරෙක්‌ දැයි පොලිස්‌ කණ්‌ඩායම විසින් සාක්‌ෂි සහිතව සොයා ගන්නා ලදී. ඒ අපරාධකරුවා එවකට පාතාලය හොල්ලාගෙන සිටි, ඒ අතරම ජනාධිපති ආරක්‌ෂක අංශයටත් සම්බන්ධව සිටි බැද්දගානේ සංජීවය. පරීක්‌ෂණ කරගෙන යන අතරතුර බැද්දගානේ සංජීව මරා දැමිනි. ඔහුව මරන්නේ තවත් පාතාල ප්‍රබලයෙක්‌ වූ ධම්මික අමරසිංහ විසිනි.

අත්අඩංගුවට ගත් ජනාධිපති ආරක්‌ෂක අංශ නිලධාරීහු මාස කීපයකට පසු ඇප පිට නිදහස්‌ විය. නඩුව ඉදිරියටම ගියේය. ඒ නඩුව විභාග වුණ පසුගිය 17 වෙනිදා නැවත වරක්‌ ජනාධිපති ආරක්‌ෂක අංශ නිලධාරීන් 11 දෙනා රිමාන්ඩ් බන්ධනාගාරගත කළේය. නඩුව පිළිබඳ තීන්දුව ලබන 24 වැනිදා ලබා දීමට නියමිතය.

මේ සිද්ධිය හරහා කියෑවෙන නඩුවේ තීන්දුවට වඩා වැදගත් වන මහා සමාජ ෙ€දවාචකයක්‌ තිබේ. අප ජීවත් වන්නේ රටේ විධායක ජනාධිපතිවරුන්ව ආරක්‌ෂා කරන්නට පාතාල මැරයන්ගේ සේවය මුදල් ගෙවා ලබාගත් ජනාධිපතිවරුන් සහිත රටකය. ජනාධිපති ආරක්‌ෂක අංශයට මුවා වී ලයිසන් පිට මිනී මැරූ, කොල්ල කෑ, ම්ලේච්ඡයන් සහිත රටකය. එවැනි රටක සමාජයක්‌ එක්‌ නඩු තීන්දුවකින් හැදෙන්නේ නැත. පාඩම් ඉගෙන ගන්නේත් නැත. එහෙත් මේ සිදුවීම් අපට යළිත් වරක්‌ අප ගැන සිතන්නට බලකරයි. අප ගතකරන සමාජයේ යථා ස්‌වරූපය ගැන කල්පනා කරන්නට බල කරයි. මේ නඩු තීන්දුව සම්බන්ධ සිද්ධිය හා බැඳුණු ගෝත්‍රික ස්‌වරූප අඩු වැඩි වශයෙන් තවමත් සජීවි වනවාද නැද්ද යන්න බුද්ධියෙන් විමසා බැලීමට බල කරයි. රට නිවැරදි වනු ඇත්තේ අප පෙළනා සමාජ යථාර්ථය අප විසින් ප්‍රශ්න කිරීමට පෙළඹුන දාටය.

හේමන්ත රන්දුණු





Ghosts of the past haunt PSD
A high level police probe into instances of violence and murder have found that a number of officers attached to the Presidential Security Division (PSD) are implicated in the incidents of assault, arson, murder and robbery.
A twelve member team of investigators from the Criminal Investigations Department (CID) headed by Director CID, Lionel Goonetileke have begun probing incidents of assault and murder involving members of the PSD and its former strongman SP Nihal Karunaratne.
Nearly a dozen PSD officers were arrested last week in connection with these acts of crime.
Senior police sleuths have already traced links to officers attached to the PSD in connection with an assault on a group of media personnel covering a UNP led protest rally on July 15, 1999, at Dharmapala Mawatha, Colombo 7. The press photographers assaulted in the incident and robbed of their cameras and cellular phones had identified members of the PSD as being the assailants.
The ongoing investigation has found that a stolen cellular phone belonging to a press photographer had been given to a person by the name of Tilakaratne of Nittambuwa. Tilakaratne has confessed to police that this phone was given to him by Sanjeewa, a PSD employee who worked as a peon in Karunaratne’s office.
Previously, Sanjeewa was found guilty when tried by the courts in Nittambuwa for the retention of stolen property.  Sanjeewa in this instance had claimed he was employed as a garage mechanic at Nittambuwa.
The CID have since found that Sanjeewa was not employed at a motor repair garage in Nittambuwa but in reality worked as a peon at the office of Karunaratne. Sanjeewa is now evading arrest and is no longer a member of the PSD.
The CID meanwhile has arrested three persons in connection with the assault and robbery of Rukantha and Chandralekha Gunathilake.  On January 26, 2001, a gang attacked popular singing stars Rukantha and Chandralekha at their home in Mattegoda. Arriving in a vehicle, the gang had threatened the Gunathilake’s, robbed them of cash and jewellery, assaulted them and cut their hair in an attempt to disfigure them. 
During the assault the gang had repeatedly shouted at Rukantha and Chandralekha questioning them as to why they had taken part in UNP rallies.
 The gang also stole Rukantha’s jeep, which was later found abandoned while they stole other valuables amounting to over Rs. 3 million. 
The three persons taken into remand in connection with this incident are PC Bandula, a police officer from the Bibile police station who had been transferred out of the PSD after the Gunathilake incident.  The second suspect PC Nihal continues to be a working member of the PSD and was arrested at the Slave Island police quarters while Ruwan who works as a labourer in the PSD has also been apprehended by the CID.
The investigation reveals that it was Ruwan who had stolen the Pajero vehicle belonging to the Gunathilakes.  The three suspects have confessed that after the incident they drove straight to Auckland House in Union Place.
The Pajero was later found abandoned at Maradana by the Maradana police with all its parts removed, including the seats, upholstery and lights.
The three men have confessed that Sgt. Ratnayake of the PSD had ordered them to go to Rukantha’s house on the orders of their boss, Karunaratne.
Sgt. Ratnayake has been served summons by the CID to make his statement. Top cops are of the view that 14 officers attached to the PSD were involved in this incident.
During the course of conducting this inquiry, the sleuths have stumbled on another incident which took place in December 1999. On December 18, 1999 President Chandrika Kumaratunga was concluding her campaign for the presidential election that year.  Her final propaganda speech at Town Hall in Colombo ended with a LTTE suicide attack on her person.
Soon after, during the ensuing chaos, some members of the PSD are alleged to have rushed to the final election rally of the UNP also being held that day and proceeded to smash the stage and other breakable furniture while destroying the bunting etc. 
Following the confessions of some PSD personnel now under arrest, the CID have since raided and found six plastic chairs that had been hired by the UNP organisers for this meeting in the home of PC Nihal who is an officer attached to the PSD.
The CID is conducting further inquiries into this incident.  A lorry that went missing at the time from the UNP venue has yet not been recovered.
Sleuths are also probing the murder of Satana editor Rohana Kumara. Baddegana Sanjeewa’s name has so far transpired in this investigation. Sanjeewa served as an officer in the PSD and was paid a monthly remunera
 
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ඒ කාලයේ රටේ විධායක ජනාධිපතිනියගේ ආරක්‌ෂක අංශයේ බැද්දගානේ සංජීව... Rating: 5 Reviewed By: Unknown