728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Wednesday 31 July 2013

මම හිතුවා මාව මරයි කියලා


ඔඩෙල් රථ ගාලේදී ආරක්‍ෂකයෙක් හෝ නොමැතිව සිටි තමන්ට ආයුධ අතැතිව සිටි පිරිසක් කළ පහරදීම තමා ඝාතනය කිරීමට කළ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා පවසයි. තමන් 'සුපර් හීරෝ' කෙනෙක් නොවන බවත් තමා ආරක්‍ෂකයන් පිරිවරා ගමන් යන බවට රටේ ඇති මතය මේ ප්‍රහාරය නිසා බොරුවක් බව ඔප්පු වුණා යැයි සිල්වා  පැවැසීය.



නාඳුනන පිරිසක් තමන්ට සඳුදා (29දා) සවස කළ පහරදීම පිළිබඳ මාධ්‍ය වෙත මෙසේද කීවේය.
"ඔඩෙල් එකට මම සවස 3ට විතර ගියා. 3.30 වෙනකං විතර ඉඳලා මම ආපහු එන්න වාහනයට ඇවිත් ‍ෙදාර අරින්න යද්දී නාඳුනන පිරිසක් මගේ වාහනය ළඟට ආවා. ඇවිත් 'ඔයාද මාලක' කියල මගෙන් ඇහුවා. මම එතකොට 'ඔව්' කියල කිව්වා. ඊට පස්සෙ මගෙ අතින් අල්ලාගෙන ඔවුන් සමඟ යං කියල කිව්වා. එතකොට මම ඒ අයත් එක්ක පොරබැදුවා. මොකද මට ඒගොල්ල එක්ක යන්න ඕනකමක් තිබ්බෙ නැහැ. මම හිතුවා මම ගියානම් මාව මරයි කියල."

කොහොමහරි මම අනිත් පැත්තට දුවන්න යද්දී එක්කෙනෙක් බෝතලයකින් මගේ ඔළුවට ගැහුවා. එතකොට මම දැක්කා ඒ අයගේ අත්වල ආයුධ තියෙනවා. පිස්තෝල, යකඩ පොලු, වීදුරු බෝතල් වගේ දේවල්වලින් මට පහර දුන්නා.

ආයුධ සන්නද්ධ නාඳුනන පිරිසක් සැලැසුම් කර කළ පහරදීම මගේ ජීවිතය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් බව මා කියනවා. තව දෙයක් මා කිව යුතුයි. ඒ තමයි මුළු රටේම කතාවක් තියෙනවා මම යන හැම තැනම 'බොඩිගාඩ්ල' අරන් යනවා කියලා. මේ සිද්ධියෙන් පෙනුණා මම බොඩිගාඩ්ල නැතිව එතැනට තනියෙන් ගියපු බව. තනියෙන් හිටපු මට තමයි 12 දෙනෙක් ඇවිත් ආයුධත් එක්ක ගහන්නෙ.










  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: මම හිතුවා මාව මරයි කියලා Rating: 5 Reviewed By: Unknown