728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Saturday 27 July 2013

මිනිසුන් මියයති නමුත් නැවත නොඑති ...

සමහරෙකු පුනුරුත්පත්තිය විශ්වාස කරති, අදහති , නමුත් අප ගේ හිතවතුන් ,නෑසියන් ,හෝ කිසියම් සමීපතමයෙකු  නැවත ඉපදී  ඇති පිළිගත හැකි සාක්ෂියක් නොමැත .  මෙහිදී  මා පන්නිපිටියේ ධර්මපාලයේ සිප් සතර හදාරණ කුඩාම අවදියේදී  වරක් අපගේ පාසැලේ  එක්තරා සම්මන්ත්‍රණයකට පැමිණී මහාචාර්ය කළෝ ෆොන්සේකා කී කථාවක් මතකයෙහි ඉපිදේ .






එනම් එතුමා infact  යන වචනය අපහට තේරුම් කළ අයුරයි ...ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂය ,එනම්  බුදුදහමේ පරිදි කිසිවෙකු  කී  පමණින් ,ඇසු පමණින් ...නොව  තමාට මැ  එය තම සතු ඉන්ද්‍රියයනට දැනී , හැඟී  ගිය විටකදී පිළිගත යුතුය යන නියමය ,මා එදා සිට අදහමි .
පසුගියදා  මා  දන්නා හඳුනන තවත් එක පුද්ගලයෙකු මිය ගියේය .දිනපතාම මිනිසුන් මියයති ,ඉපදෙති,,මේ මොහොතේත් එයම මේ ලොව කොතැනක හෝ සිදුවෙමින් පවතී ...නමුත් මිනිසත් බව ලබා අප ඉපැදී සිටින මේ භාවයේදී  කිනම් හෝ යහපත් දෙයක්  තමාගේ කුමන හෝ දක්ෂතාවයකින් ඉටුකළ අප දන්නා හඳුනන අයෙකු මියගිය බව අපට දැනගැනීමට ලැබීම  තරම් වූ  මා සිත  කළඹවාලන්නට තරම්  වූ තවත් දෙයක් නම් නොවෙයි .තවත් අටුවා ටීකා අවැසි නොවෙයි මා මේ කීමට සැරසෙන්නේ  " මොරිස් " ගැනයි .මොරිස් කී පමණින් අපේ බොහොමයක් ඇත්තන්ට සිතට එනු ඇත්තේ එදා  කොළොම්තොට වසා  සිටි  මොරිස් මයිනර් කාර් ,හෝ ටැක්සි ගැන විය හැකිය .අදටත් එදා ඒ අපේ රටේ අස්සක් මුල්ලක් නෑර  කාගේත් වාහනය  වූ මයිනරයේ  නටබුන් ඇතැම් පළාත් වල අහුමුලු ගරාජ් වල දකින්නට ඇත .
එවැනි නිශ්චල වස්තුවකට දක්වන තරම් වූ ගරුසරුවක් සැලකිල්ලක්  නොමැතිව අපේ රටට සිය දක්ෂතාවයෙන් ඉමහත් සේවයක් කළ උදාරතමයෙකු ,කලාකරුවෙකු නිහඬවම නික්ම ගොස් තිබුණි .
ඔහුගේ අවසාන ඉල්ලීම වූයේ ,තෑගි භෝග කිසිවක් නොව තමා  බැලීමට පැමිණ කථා බහ කර යන ලෙසයි .එවන් වූ සාතිශය දුක්බර අසරණ ඉල්ලීමක් කෙරූ  මේ  එදා දැවැන්ත කලාකරුවා අන් කවරෙකුවත් නොව මොරිස් දහනායකයි .ඔහු එදා ඒ කී ඉල්ලීම මෙසේවිය ...
http://www.lankanews.org/2013/06/blog-post_1901.html#more
කී  දෙනෙකු ඔහුගේ ඉල්ලීම ඉටු කළා  දැයි  මා  නොදනිමි .නමුත්  එදා මොරිස් දහනායක  මා සේවය කළ  ස්වාධීන රුපවාහිණියට ඔහුගේ ගීත රූපගත කිරීම සඳහා පැමිණි විට හෝ  ඔහු සහභාගී වූ සජීවී වැඩසටහන් වලට  දහස් ගණන් ප්‍රේක්‍ෂකයන්  දුරකථන ඇමතුම් දුන් අයුරු මට සිහිවේ .ඔහුගේ හඬ පැහැදිළිය ,ගැඹුරුය ,  යහපත් යමක් නිතරම සමාජයට දීමට ඔහු උත්සහ ගත්තේය .
මෙත් මල් පිබිදේවා ...සිත් තුළ  මෙත් මල් පිබිදේවා ..ගීතය තෝරා  ගත්තේ එහෙයිණි ...එදා සිටි කලාකරුවන් සැවොම එසේය, අද මෙන් පැරැණි ගීත භක්ෂකයන් එදා සිටියේ නැත, මේ කාලකන්ණි රැප් ගීත අමාරුව ලංකාවට  ගෙන එන්නේ ..අපගේ වටිනා ටවර් හෝල් නුර්ති ගීතයක් කාබාසිනියා කොට දැමීමෙනි ...
සිරි සංඝ  බෝධි මාළිගාවේදී ...
යන ගීතය ප්‍රථමයෙන්ම කාබාසිනියා කොට විනාශ කොට දැම්මේය...උන් යහතින්ය...උන් එදා බිහි කලේ සම්ප්‍රදායක් නොව රටට විනාශයකි ...එදා බිහිවූ නපුන්සක රැප් ගීත නිසා ඇතැම් අපගේ වටිනාකමක් ඇති කලාකරුවන්ද ,ඔවුන්ගේ වටිනා නිර්මාණයන්ද  තුට්ටු දෙකට ඇද දමන ලදී .වරක් අයි ,ටී ,එන් එකේදී හමුවූ මොරිස් දහනායකයන් කිව්වේ තමන්ට කොතරම් මුදල් ලැබුණද තම ගීත නව සම්ප්‍රධාය කියා නව සංගීත කණ්ඩායම් කාරයන්ට විකුණන්නේ  නැති බවයි ...ඒ ඉතින් ඔයාට සල්ලි තියෙන හින්දනේ...? ....මම නැගු ප්‍රශ්ණයට  ඔහු සිනහවෙමින් කිව්වේ..ඔතන තියෙන්නේ සල්ලි වලට වඩා  මල්ලී ...උන්ගේ ලණු  වලට අහුවීමක් ...ඔය සල්ලි යහමින් තියෙන විශාරද දෙමහල්ලොත් අහුවුණේ ...කියමින් ඔහු ඒ එදා නැගු සිනහව  ඔච්චමක් හෝ උපහාසයක් නොවන බැව් මාහට පසක් වුයේ ඊට කාළයකට  පසුවය ...ඔහු ගැයූ බොහෝ ගීතයන්ම හරවත් විය ...ඔහු රඟපෑ චරිතයන් දුෂ්ඨ වුවද ඔහු දුෂ්ඨයෙකු  නොවුණිය ....මෙවන් උසස් ගුණ දහම් රැකි සරළ ජිවිත ගෙවූ යහපත් මිනිසුන් යලි නොඑන පිණිස අපෙන් සමු ගමින් සිටියි ...යම් හෙයකින් පුනුරුත්පත්තියකින් ඔවුන් අපට බිළිදුන් ලෙසින් හමුවුවද ඒ මේ මොරිස් හෝ වෙනත් අප දන්නා අයෙකු යැයි හඳුනා ගැනීමට නොහැකිය ..සමහරවිට එය එසේනම් ..අප අපගේ පෙර ආත්මයේ සොහොන් කොතද මේ ආත්මයේ දකින්නට ඇත සමහරවිටෙක ....අපගේ මියගිය නෑසියන් අප අතරම ඉන්නටද පුළුවන ..නමුත් අප ඔවුන් නොහදුණයි ...කෙසේවෙතදු  මේ යථාර්ථය ඔස්සේම  තවත් නොලියාම  බැරි  යමක් වෙතට අවධාණය යොමුවෙයි ....එනම් ...?
අද අපේ මුළු රටම නන්නත්තාරව ගොස් ඇති සෙයකි .මනුස්සකම් පේන තෙක් මානයක  නැත .කලාව එස් ,එම් ,එස්, සුපර් ස්ටාර් වී අවසන්ය ,,බයිසිකල් චෙන් වැනි  මාලා  උන් පැළඳගෙන සිටිති ,නටමින්  අත්වල  ඇඟිලි  දෙකක් උඩට උසවා පෙන්වති ,අන්දෝමැයි ...රැවුල ගිනිකුරු කට්  තබාගත් උන් සිටිති,  කොණ්ඩය වවාගත් දින ගණන්  නාන්නේ නැතුව  සිටින   බොබ් මාලි  වැනි සුස්ති  ගායකයන්ගේ පිස්සුව  ඔලුවට ගත හරක් සිටිති  , අහුමුළුවල සිටි නොහැක්කෝ එදා දැවැන්ත කළාකරුවන්ගේ ගීත රැප් කරති, ඒවා රිඟින් ටෝන්ස් ලෙසින් විකුණති,වේදිකා වල බලහත් කාරයෙන් එදා සිටි අහිංසක කළා කරුවන්ගේ  ගීත ගයති... .නපුන්සක මාධ්‍ය අද යැපෙන්නේ එවන් නිශ්ප්‍රලාප විගඩම් මතිනි ,අද මාධ්‍ය තුල ඇත්තේ මිට දශකයකට එහා තබා මිට වසර 5 කට ඉහත ඉතිහාසය  පවා නොදත්ත  ,පලා ගිරව්ය ,නැතිනම් මාධ්‍ය නිඝන්ටයන්ය , උන් මේ ඩෙඟා නටන්නේ අපට උරුම වූ අපේ එදා සිටි කළාකරුවන් දොහොත් මුදුන් දී ඉතා භක්තියෙන්  ගෙන ආ දේශීය සම්ප්‍රදායන්ය ,සිංග්ලිෂ්  හෝ නොවන අමුතුම භාෂාවන් තෙපුළන පනික්කියන් ,  අද  අපගේ රටේ ඉසේ කෙස් තරමට බිහිවී ඇති  එෆ්,එම් ,රේඩියෝ  කබල් අටවාගෙන රටටම උන්ගේ පුන්නක්කු ගිල්වීමට යත්න දරති .මේ ටිකම අද අපේ රුපවාහිනී නාලිකා වලටද වී හමාරය,එකෙකු ගෙන ආ ඇමෙරිකන් ඉඩියොල් යන රූපවාහිනී වැඩසටහන සුපර් ස්ටාර් ලෙසින් ලංකාවට බෝ කරන ලදින්, එය ජාතික රුපවාහිණිය ,ස්වාධින රුපවාහිණිය පටන් අමු අමුවේ කොපි කරන ලද්දේ ඉතාම හිරිකිතවය .අද රටේ හැම ලබ්බකටම සුපර් ස්ටාර්ස් තරඟ  ඇත ...
මෙම කාලකන්නි මාධ්‍ය මෙහෙයවීම නිසාවෙන් , බිහිවී ඇති හොර ගායකයන්,ගායිකාවන්,වැනි සියලුම නොහැක්කන්  මෙන්ම  අඳුරේ මාධ්‍ය අතපත ගන්නාවූ  මාධ්‍ය ගැන මළපොතේ අකුරක් නොදන්නාවූ පුස්සන්  නිසා අප රට අද පා තබමින් යන්නේ විශාල අනතුරකටය .
අතැම් පිටපත කියවූ  පුවත් නිවේදකයන් සීරුමාරුවට  දේශපාලනයට ගොඩ බැස  ඇත,එක ටෙළියකින් ජනප්‍රියවූ ඇතැම් ගැහැණුන් පාර්ලිමේන්තු යවා ඇත .තවත් හරක් අද පළාත් සබා මන්ත්‍රී වරුන්වී අප රට විනාශ කරමින් සිටී .තාක්‍ෂණයෙන් ,භෞතිකමය දියුණුවක් ලැබූ පමණින් රටක් සංවර්ධනය නොවේ ,ඊට මිනිස් වටිනාකම් ද එකතු විය යුතුය .
අද ශ්‍රී නිමල් පද්ම කුමාර වැනි අපගේ එදා සිටි ඇති දක්ෂ කළාකරුවන් සිය වියදමෙන් අන්තර් ජාල ගුවන් විදුලි  පවත්වාගෙන යමින් අදටත්  සිය දැනුම හා පරිචය ඔස්සේ යහපත් සමාජයක් සඳහා යමක් කිරීමට උත්සහ ගනිති, අඩු ගන්නේ එවන් අයෙකුට  ගුවන්විදුලි නාලිකාවක් කිරීමට බලපත්‍රයක් කුහක දේශපාලුවන් ලබා දෙන්නේ නැත .රටටම කුඩු බෙදා හෝ කෘමිනාශක ගෙන්වා අපේ අහිංසක ගොවියන්ගේ  වකුගඩු විනාශකොට මරා  දමන හොර තක්කඩින්ට ,හා වෙනත් වාසී ඇති මැර  හොරුන්ට ඒවා ආණ්ඩුවෙන් ලබා දෙයි .
මුන් තව තවත් කරන්නේ නපුංසක ,පුස්සන් යොදවා සිය මාධ්‍ය  ආයතන තුලින් ජනතාවට ජරාව බෙදා හැරීමයි .වෙනත් රටවල මාධ්‍ය ආයතන සඳහා බලපත්‍ර නිකුත් කරන්නේ ඒ සඳහා පිළිගත් උගත් කමක් සහිත අය  සඳහා පමණි .
එමෙන්ම පවත්වාගෙන යාමේදීද  ,ඒ සඳහා ක්‍රමවත් නීති ,පද්ධතියක් ඇත, අපේ රටේ ඒ කිසිවක් නැත...ඇත්තේ අපේ මිනිසුන් රවටන්නාවූ මනරම්  ආශ්චර්යවත් කියුම්ය,චිත්‍රපට සංස්ථාවේ සභාපති වන්නේ  නීතිඥයෙකි ,මෙලෝ රහක් නැත,බොහෝ කළක් පටන් මේ සියල්ල ලිවීමට සිත සිටියත්,කෙතරම් ලීවද ඉන් පලක් නොවන බැවින් ,නොලියා සිටියෙමි, නමුත් ඇස් කන්  පියාගෙන සිටීමෙන් පළක් නොවන නිසා.ඒ සඳහා ජන වේදිකාවක් නිර්මාණය කළෙමි .ඊට වගකීමක් සහිතව කථිකාවතක්  ඔබටද එක් කළ හැකිය.

සුමිත් ජයන්ත ඩයස්

  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: මිනිසුන් මියයති නමුත් නැවත නොඑති ... Rating: 5 Reviewed By: Unknown