728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Saturday 13 July 2013

බැරිව මිහිදන් කරන්නට දේහය පියාගේ

බැරිව මිහිදන් කරන්නට දේහය පියාගේ වලිකති සහෝදර ඥාතීහු රොක්වී පොලිසියේ
පස්දරු පියකු මිය යෑමෙන් පසු ඔහුගේ දේහය මිහිදන් කළ යුතු ස්ථානය පිළිබඳ දරුවන් අතර ඇති වූ මතභේදයක් හේතුකොටගෙන දේහය දෙදින බැගින් දරුවන් දෙදෙනකුගේ නිවාසවල තබා ගරු බුහුමන් කොට දෙවරක් පාංශුකූලය දුන් පුවතක්  වාර්තා වේ.









මියගිය අයට පුතුන් හතර දෙනෙකි. එක් දියණියකි. ඔවුන් සැවොම විවාහකව වෙන වෙනම නිවාසවල පදිංචිව සිටී. මියගිය අයද එක් පුතකුගේ රැකවරණය යටතේ එම නිවෙසේ ජීවත් විය.

මීට මාස හයකට පමණ පෙර දියණිය පැමිණ පියා කැඳවාගෙන ගියේ සාත්තු සප්පායම් කරන බව පවසමිනි. ඇය පියා රැගෙන ගියේ යටි අරමුණක්ද ඇතිවය. ඒ පියාට රජයෙන් ලැබී තිබුණු ඉඩමක් ඇයගේ නමට ලියවා ගැනීමටයි.

කෙසේ නමුත් ඇය පියාට ඉතා හොඳින් සලකා ඇති අතර ඇයගේ ඉල්ලීම පිට පියාද රජයෙන් තමාට ලැබී තිබුණු ඉඩම දියණියට ලියාදී තිබේ.
කල්ගත වෙද්දී පියා මියගොස් ඇති අතර අභාවය ගැන අසා අනෙක් සහෝදරයන් හතර දෙනාද ඇයගේ නිවෙසට විත් හඬා ‍ෙදාඩා අවසානයේ පියාගේ දේහය ඔහු විසින් ඇයට ලියා දී තිබූ ඉඩමේ භූමදානය කිරීමට සූදානම් වී ඇත. එහෙත් එයට ඇය එකහෙළාම විරුද්ධ වී දේහය පොදු සුසාන භූමියේ මිහිදන් කළ යුතුයැයි පැවසුවාය.
එයින් කෝපයට පත් සහෝදරයන් දේහය අනිවාර්යයෙන්ම පියා විසින් ලියා දී ඇති ඉඩමේ මිහිදන් කළයුතු බව පවසා එම නිවෙසේ නැවත වරක් පස් නොපාගන බව කියමින් පිටවී ගොස් ඇත.

ඔවුන් පොලිසියට ගොස් පැමිණිල්ලක් කර සාධාරණය ඉටුකර දෙන ලෙසත්, තමන්ට සහෝදරියගේ නිවෙසට නොගොස් පියාට අවසන් ගෞරව දැක්වීමට හැකි ක්‍රමයක් කියා දෙන ලෙසත් ඉල්ලා තිබේ.

ඉල්ලීම්වලට කන්දුන් විවිධ පැමිණිලි අංශය භාර පොලිස් පරීක්ෂකවරයා සහෝදරිය ගෙන්වා පියා ලියාදුන් ඉඩමේ දේහය මිහිදන් කිරීම සාධාරණ බවට ඒත්තු ගන්වා ඇත.
එහෙත් ඇය පවසා ඇත්තේ එසේ කළහොත් ඉඩමේ වටිනාකම අඩුවන බවයි.
පසුව පොලිස් පරීක්ෂකවරයා යෝජනා කර ඇත්තේ දේහය සහෝදරියගේ නිවෙසේ දෙදිනක් තබා අවසන් ගෞරව දක්වා පාංශුකූලයද දී සහෝරදයන් හතර දෙනාගෙන් එක් අයකුගේ නිවෙසට දේහය රැගෙන ගොස් අවසන් ගෞරව දක්වා පාංශුකූලය දෙන ලෙසයි.

එයට කැමැති වූ සහෝදරයන් ඒ අනුව ක්‍රියාකොට අවසාන දිනයේ යළිත් පොලිස් පරීක්ෂකවරයා හමුවී පියාගේ දේහය මිහිදන් කළ යුතු ස්ථානය පිළිබඳ විමසා ඇත.
ඒ අනුව පොලිස් පරීක්ෂකවරයා නැවත වරක් සහෝදරිය ගෙන්වා ඇයට තවදුරටත් කරුණු පැහැදිලි කිරීමෙන් පසුව ඇයට පියා ලියාදුන් ඉඩමේ දේහය මිහිදන් කිරීමට කැමැති කරවාගෙන ඇත. ඉඩමේ වටිනාකමට හානියක් නොවන පරිදි දේහය මිහිදන් කරන ලෙසට පොලිස් පරීක්ෂකවරයා සහෝදරයන්ගෙන් ඉල්ලා ඇති අතර එයට ඔවුන් කැමැත්ත දක්වා ඇත.

අවසානයේ සහෝදරයන් අමනාපකම් අමතක කර සහෝදරියින් වැලඳගෙන හඬා ‍ පොලිසියෙන් පිටවී ගියේ පියාගේ අවමංගල්‍ය ඉතා ඉහළින් පැවැත්වීමට කතිකා කරගෙනය.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: බැරිව මිහිදන් කරන්නට දේහය පියාගේ Rating: 5 Reviewed By: Unknown