728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Sunday 7 July 2013

චන්ද්‍රිකා ‘මැඩම්’ එක්ක දේශපාලනය කරනවා… ‘මැඩම්’ හිතන්නෙත් මං වගේ...

තම පක්ෂයේ දේශපාලන අරමුණු සහ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා ගේ දේශපාලන අරමුණු සමාන බැවින් ඇය සමග එක්ව ඉදිරි මැතිවරණ වලට තරග කිරීමට බලාපොරොත්තුවක් ඇති බව හිටපු හමුදාපති ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පවසයි.

මේ වන විටත් ඊට අදාළ සාකච්ඡ ආරම්භ කර ඇති බවද යාපනයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියේය.
‘චන්ද්‍රිකා මැඩම්ගෙ කට්ටියක් අපි එක්ක කතා කලා. අපි කොහොමත් චන්ද්‍රිකා මැඩම් එක්ක දේශපාලනය කරන්න පසුබට වෙන්නෙ නෑ මොකද මැඩම්ගෙ මේ කාලෙ තියෙන දේශපාලන අරමුණු අපේ පක්‍ෂයෙ දේශපාලන අරමුණුවලට හුඟක් සමානයි. අපි ඔක්කොම තේරුම් අරගෙන තියෙනව කවුද රට විනාශ කරන්නෙ අපට තියෙන ලොකුම පිලිකාව මොකක්ද කියල. චන්ද්‍රිකා මැඩමුත් හිතන්නෙ අපි හිතන විදිහටම තමයි. ඒ නිසා අපිට ඉදිරියෙදි එකතු වෙලා වැඩ කරන්න පුළුවන්’ යයිද ඒ මහතා එහිදී කියා සිටියේය.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: චන්ද්‍රිකා ‘මැඩම්’ එක්ක දේශපාලනය කරනවා… ‘මැඩම්’ හිතන්නෙත් මං වගේ... Rating: 5 Reviewed By: Unknown