ධුරයෙන් විශ‍්‍රාම ගත් දිනයේම නිල නිවස බාර දුන් එකම ගුවන් හමුදාපතිවරයා හර්ෂ අබේවික‍්‍රම මහතා බව ගුවන් හමුදාව පවසයි.
ගුවන් හමුදාවේ 13 වැනි ගුවන් හමුදාපතිවරයා වශයෙන් කටයුතු කළ එයාර් මාෂල් හර්ෂ අබේවික‍්‍රම මහතා අද දිනයේ විශ‍්‍රාම යයි.
34 වසරක සේවා කාලයක් සපුරා ඇති අබේවික‍්‍රම මහතා උතුරු නැගෙනහිර ක‍්‍රියාන්විතයන්හි දක්‍ෂ ගුවන් නියමුවකු වශයෙන් කටයුතු කර ඇති අතර, සුපර් සොනික් තාක්‍ෂණය සහිත යානයක් පැද වූ පළමු ගුවන් නියමුවා වශයෙන් ගුවන් හමුදා ඉතිහාසයට එක් වී ඇත.
වසර තුනක ගුවන් හමුදා ධූරයේ හෙබවූ ඒ මහතා ඊයේ නිල නිවස ද නව ගුවන් හමුදාපතිවරයා වෙත බාර දෙමින් නිල නිවසින් ඉවත් වූ බව ද ගුවන් හමුදාව කියයි.
එයාර් වයිස් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා නව ගුවන්හමුදාපති ලෙස පත් කර ඇත.
නව ගුවන් හමුදාපති අද වැඩ භාර ගනී
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව ගුවන් හමුදාපති වශයෙන් එයාර් මාර්ෂල් කෝලිත අරවින්ද ගුණතිලක අද (28 දා) වැඩ භාර ගනී.
ගුවන් හමුදා මාණ්‌ඩලික ප්‍රධානී වශයෙන් කටයුතු කළ එයාර් මාර්ෂල් ගුණතිලක ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 14 වැනි ගුවන් හමුදාපතිවරයා වේ.
බණ්‌ඩාරවෙල සාන්ත තෝමස් සහ කොළඹ රාජකීය විද්‍යාලයන්හි අධ්‍යාපනය හදාරා 1980 වසරේ පාඨමාලා අංක 08 යටතේ කෙඩෙට් නිලධාරියකු ලෙස ගුවන් හමුදාවට බැඳුණු හෙතෙම ගුවන් නියමුවකු හා නියමු උපදේශකවරයකු ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. 2008 වසරේ සිට 2011 වසර දක්‌වා ගුවන් හමුදා මෙහෙයුම් අධ්‍යක්‌ෂ වශයෙන්ද හෙතෙම කටයුතු කළේය.
සිරිමෙවන් කස්‌තුරිආරච්චි

0 comments:
Post a Comment