ඒවා අතර පුද්ගල පහරදීම් හා රජයේ දේපල අනිසි භාවිතය පිලිබද පැමිණිලි වැඩි වී තිබේ.
දකුණු හා බස්නාහිර පලාත් සභා මැතිවරණය උණුසුම් වෙමින් පවතින මේ මොහොතේ කැෆේ සංවිධානයට හා පැෆ්රල් සංවිධානයට මැතිවරණ නීති උල්ලංගනය කිරීම් රැසක් පිලිබද පැමිණිලි ලැබී ඇති අතර පොලීසිය වෙත ලැබෙන පැමිණිලි සීමා කිරීමකට ලක් වී ඇති බවත් වාර්තා වේ. කෙසේ නමුත් බස්නාහිර පලාතේ ගම්පහ දිස්ත්‍රික්කයට තරග වදින හිටපු ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග හා නිමල් ලන්සා අතර දැඩි තරගයක් දක්කට ලැබෙන අතර දෙදෙනාම වෙනුවෙන් රජයේ දේපල පරිහරණයට ලබා දී තිබෙන අතර නිමල් ලන්සා මෙවර වැඩිම වියදමක් දරණ අපේක්ෂකයා වීමට වැඩි ඉඩකඩක් ඇත.
ඔහු වෙනුවෙන් වාහන 5000ක් පමණ මැතිවරණ ප්රචාරක ස්ටිකර් අලවා ඇති අතර එය නීතියට අනුව දඩුවම් ලැබිය යුතු වරදකි. වාහන සැරසීමට අවසර ඇත්තේ අපේක්ෂකයාගේ වාහනය පමණි. ඊට නොදෙවෙනි ප්‍රසන්න රණතුංගද වාහන 3500කට අධික ප්‍රමාණයක හා ත්‍රී රෝද රථ 5000ක තම මැතිවරණ පුවරු ප්‍රදර්ශනය කොට ඇත.
ප්‍රසන්න රණතුංග විසින් ඔහුගේ කිසිදු නිල වාහනයක් නැවත ලබා දී නොමැති අතර ඒවා අමු අමුවේ ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් යොදවා ඇත. නිමල් ලන්සා මෙවර මහ ඇමතිධුරය වෙනුවෙන් මෙලෙස වියදම් කරන අතර ඔහුගේ ඡන්ද ව්‍යාපාරයට රු. මිලියන 100ක මුදලක් රජයේ ප්‍රභල අමාත්‍යවරයෙකුගේ පුත්‍රයෙකු විසින් ලබාදී ඇති බවද සදහන් වේ.
කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් උදය ගම්මන්පිල හා මංජුල බුද්ධදාස අතර දැඩි තරගයක් දැකීමට හැකි වුවත් උදය ගම්මන්පිල මෙවර සංධානයෙන් වාර්ථාගත මනාප සංඛ්‍යාවක් ලබාගනු ඇතැයි සියළු දෙනා විස්වාස කරන්නේ සන්ධාන අපේක්ෂකයන් අතුරින් ඔහු සන්ධානයේ හෝ නිදහස් පක්ෂයේ සමාජිකයෙකු නොවන නිසාවෙනි.
විමල් වීරවංශ විසින් ඔහු වෙත රු. මිලියන 20ක මුදලක් ලබාදී ඇති අතර රැකියා 300ක්ද බෙදා දීම සදහා ලබාදී තිබේ. ඊට හේතුව මංජුල බුද්ධාදාස පැරදවීමට ඇති අවශ්‍යතාවයයි. ඒ වෙනුවෙන් ඔහු දැඩි ලෙස කැපවනු දැකිය හැක. මංජුල බුද්ධදාස මෙවර ප්‍රථම වතාවට ඡන්දය සදහා ඉදිරිපත් වන්නේ කඩුවෙල පුරපති ජී එච් බුද්ධාදාසගේ පුත්‍රයා ලෙසය.
ඔහු මැතිවරණය වෙනුවෙන් මෙවර අපේක්ෂකයෙකු සංවිධානය කල දැවැන්තම රථ පෙලපාලිය සංවිධානය කලේ මෝටර් රථ 500කට ආසන්නව යොදා ගනිමිනි. ඔහුගේ රථ වල පිංතුර ඇලවීම සදහා අනුග්‍රහකත්වය දරන්නේ කඩුවෙල ව්‍යාපාරික සංගමය හා නුගේගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකි. ඔහුද වාහන 4000කට අධීක ප්‍රමාණයක ස්ටිකර් අලවා ඇත්තේ ඩිස්කවරි හමර් ප්‍රාඩෝ හා මිල අධික වාහනද ඇතුලුව වේ.
මැතිවරණ ව්‍යාපාරය තුල තහනම් කර ඇති සැරසිලි වැඩිම ප්‍රමාණයකට හිමිකම් ලබන්නේ මංජුල බුද්ධදාස හා නිමල් ලන්සා වේ. ඔවුන්ගේ ආධාරකරුවන් සිදුකරන ලද පහරදීම් කිසිවක් පොලීසිය විසින් භාර නොගන්නා බවත් එසේ පැමිණිල්ලක් කිරීමට පැමිණියහොත් එකී පුද්ගලයාගේ විස්තර ලබාගෙන නැවත පහරදීම් සිදු කරන බවත් පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
0 comments:
Post a Comment