හොරණ මන්ත්‍රි ධුරයට සාගර පලන්සූරිය මහතා පත්වීමෙන් පසු සියලු දෙනාම මුහුණ දුන් සංකීර්ණ ගැටලුවක් වූයේ මහජන සම්බන්ධතා පුළුල් කර ගැනීමේ කාර්යභාරයයි. මැතිවරණ සටනේ මෙහෙයුම් මධ්‍යස්‌ථානය වූයේ විද්‍යාරත්න පිරිවෙනයි. අනෙකුත් කාර්යයන් ක්‍රියාත්මක වූයේ මිල්ලෑවේ මහ ගෙදරිනි. විද්‍යාරත්න පිරිවෙන එදා ඉඩකඩ අතින් ඉතා සීමිත විය. අනෙක් අතට මන්ත්‍රීවරයකුගේ මහජන සම්බන්ධතා කාර්යාලයක්, පොදු ස්‌ථානයක් වූ පිරිවෙන්හි පවත්වාගෙන යැම ද සුදුසු නොවීය.
හොරණ ඡන්ද කොට්‌ඨාසයේ මිල්ලෑවේ මහගෙදර පිහිටා ඇත්තේ බල ප්‍රදේශයේ ඉමක වීම තවත් ගැටලුවකි. ඌරගල නම්බපාන ඉංගිරිය ප්‍රදේශවාසීන්ට විශේෂයෙන් මිල්ලෑවට යැම ඒම ඉතා අපහසුය. වීදියගොඩ වැල්මිල්ල ප්‍රදේශවාසීන්ටද ගමනාගමන පහසුකම් අතින් මහත් ගැටලු තිබිණි. අද මෙන් පොදු ප්‍රවාහන පහසුqකම් ද නැත. හොරණ පානදුර පාරේ පිහිටි වික්‍රමනායක පරපුරට අයත් නිවාසයෙහි එවකට පැවැතුණේ තක්‍ෂිලා මධ්‍ය මහා විද්‍යලයේ පිරිමි නේවාසිකාගාරයයි. දැනට ශ්‍රී ල. නි. ප. ප්‍රධාන කාර්යාලය පවත්නා ගොඩනැගිල්ල ආදායම් පාලන නිලධාරී කාර්යාලය විය.
නවක මන්ත්‍රීවරයාගේ මහජන සම්බන්ධතා කාර්යාලය හොරණ නගර මධ්‍යයේ ගොඩනැගිල්ලකට අයත් කාමරයක පවත්වාගෙන යනු ලබන්නේ නම් ගැටලු රාශියකට විසඳුම් ලැබේ. මෙම ගැටලුව නිරාකරණය කරමින් ජී. ඩී. එල්. ගුණවර්ධන මහතාට (වත්මන් රයිගම් කෝරළ සමාජ සේවා සංගමයේ සභාපති, හදිසි මරණ පරීක්‍ෂක සාම විනිසුරු) අයත් නගර මධ්‍යයේම පිහිටි කාමරයක නව මන්ත්‍රීවරයාගේ මහජන සම්බන්ධතා කාර්යාලය අති උත්සවාකාරයෙන් විවෘත කෙරිණි.
හොරණ නගර මධ්‍යයේ පිහිටි තෙල් පිරවුම්හලට මඳක් ඈතින් පිහිටි මෙම කාමරය පසුව (ජ්‍යෙෂ්ඨ අමාත්‍ය) රත්නසිරි වික්‍රමනායක මහතාගේ මහජන සම්බන්ධතා කාර්යාලය වශයෙන් ඉතා සුළු කාලයක් පැවතුණු වග ජී. ඩී. එල්. ගුණවර්ධන මහතා වරක් පැවසුයේ හොරණ අතීත සිද්ධීන් ගැන කතා බහ කරන අතරතුරදීය. පසුව හොරණ කඩවීදියේ උප තැපැල් කාර්යාලය මෙම ස්‌ථානයෙහි ආරම්භ කෙරිණි. ගුණවර්ධන මහත්මිය පළමුවන උප තැපැල් ස්‌ථානාධිපතිනිය වශයෙන් සේවයෙහි නියුක්‌ත වූවාය. අද එම ස්‌ථානයෙහි හෝටලයක් පැවැත්වෙයි.
අද මෙන් සමාජ තලය දේශපාලනකරණයට ලක්‌ව නොතිබීම නිසා එවකට මහජන සම්බන්ධතා දිනය එතරම් කාර්යබහුල නොවීය. දරුවන් ජනප්‍රිය පාසල් වෙත යෑවීමේ මැරතන් තරගයක් එකල නොතිබිණි. රැකියාවක් ලබා ගැනීම සඳහා මන්ත්‍රීවරයාගේ රෙකමදාරුව එකල අවශ්‍ය නොවීය. එකල රාජ්‍ය සංස්‌ථා, සංයුක්‌ත මණ්‌ඩල නොවීය. මාර්ගයට මගී බස් රථයක් ලබා ගැනීම, නිවාස ණය ලබා ගැනීම, බැංකු ණය ලබා ගැනීම, ශිෂ්‍යත්ව ප්‍රදානය, අභ්‍යාස පොත්, විෂයය පොත්, පෙර පාසල් උපකරණ, ක්‍රීඩා උපකරණ, විවිධ අංශයන්හි මාරුවීම් පත්වීම් පිළිබඳ අර්බුද, පොහොර සහනාධාරය, සමෘද්ධි ප්‍රතිලාභ, බීජ වී ලබා ගැනීම, ගෙවතු වගාවට පැළ බෙදාදීම, මහජන ආධාර ලබාගැනීම පිළිබඳ ගැටලුවලට විසඳුම් සොයා, සරණ පතා මහජනතාව මන්ත්‍රී හමුන්නට පැමිණියේ නැත.
රජයේ ඉඩම් බෙදාදීම, පදිංචි වීම, නිවාස ගොඩනැඟීම, ගමට පොදු සේවාවන් ලබා ගැනීම ආදී සීමිත කරුණු උදෙසා මන්ත්‍රීවරයාගේ අවධානය යොමු විය යුතුව තිබිණි. අද මෙන් එදින ද විවිධ නිලධාරීන්ගේ අමන ක්‍රියාවන් ගැන දූෂණ හා අක්‍රමිකතා ගැන ඉහළ බලධාරීන්ට දන්වා යෑවීමේ පෙත්සම් ව්‍යාප්ත වී තිබිණි. පහළ ශේ්‍රණියේ විශේෂයෙන් පොලිස් කොස්‌තාපල්වරුන්ගේ අබුද්ධිමත් ක්‍රියාපටිපාටිය එකල ද පැවතිණි. මේ නිසා මහජන පෙත්සම් නිතර සාකච්ඡාවට බඳුන් විය.
ගමේ පාර සැදුණේ ගම්සභා නියෝජිතයාගේ (මැම්බර්) ප්‍රධානත්වයෙනි. නගර සභා සීමාවේ මාර්ග ගොඩනැගුණේ නගර සභාපතිගේ එකඟත්වය අනුවය. පොලිස් ස්‌ථානවල අද මෙන් පරිසර ඒකක තිබුණේ නැත. පරිසර ගැටලු ද නැත. සැන්ටිපෝට් මහත්තයා (මහජන සෞඛ්‍ය පරීක්‍ෂක) ගමට ආවේ නැත. කිසියම් කෙනෙකුට බෝවන රෝගයක් වැළඳුනහොත් සැන්ටිපෝට් මහතා කෙසේ හෝ රෝගියා වෙත පැමිණෙන්නේ රෝග බෝවීම වළක්‌වා ගැනීමට අවශ්‍ය එන්නත් ප්‍රතික්‍රියාව ද ස්‌ථානගත කරමිනි. මේ නිසා අද මෙන් ප්‍රදේශයේ සෞඛ්‍ය ගැටලු දේශපාලනකරණයට ලක්‌ව නොතිබිණි.
මහජන සම්බන්ධතා කාර්යාලයෙහි සතියට නියමිත දවසක් වෙන් කර ගෙන හොරණ මන්ත්‍රී මහජනතාවට වඩාත් සමීප වූයේය. සාගර නොමැති දිනවලට මුණිදාස වික්‍රමනායක මහතා නොවරදවාම කාර්යාලයෙහි රැඳී සිටියේය.
2500 සම්බුද්ධත්ව ජයන්තිය අති උත්සවාකාරයෙන් පැවැත්වීමට මහජන එක්‌සත් පෙරමුණ රජය දීප ව්‍යාප්ත වැඩසටහනක් ඇරඹීය. සංස්‌කෘතික කටයුතු අමාත්‍යාංශයක් ශ්‍රී ලංකාවේ පළමුවරට ආරම්භ කර තිබූ හෙයින් සම්බුද්ධත්ව ජයන්තියේ සියලු කාර්යයන් මෙම අමාත්‍යාංශයට පැවරිණි. රයිගම් කෝරළයේ සියලු විහාරස්‌ථානයන්හි 1956 වෙසක් පුන් පොහෝදා සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් සුවිශේෂ පිංකම් මාලාවක් සංවිධානය කෙරිණි. හොරණ රජමහා විහාරස්‌ථානය ප්‍රධානව සියලු විහාරස්‌ථානයන්හි පැවැත්වූ සම්බුද්ධ ජයන්ති උත්සව මාලාවට රජය නියෝජනය කරමින් නව මන්ත්‍රී සාගර පලන්සූරිය මහතාට සහභාගි වීම අනිවාර්යය වූයෙන් එම කාල සීමාව කාර්ය බහුල වූ වග කිව යුතු නොවේ.
හොරණ එක්‌සත් බෞද්ධ සමිතිය මගින් වෙසක් පෝය යෙදුණු දින කිSපයෙහි දර්ශනීය තොරණක් වෙළෙඳපොළ ඉදිරිපිට ප්‍රදර්ශනය කෙරිණි. සතියක් පුරා මෙම දර්ශනීය තොරණ නැරඹීමට ප්‍රදේශවාසීහු පැමිණියහ. බත් දන්සැලක් ද පැවැත්විණි. 1956 වෙසක් පෝදා සවස හොරණ විවෘත කිරීමේ අවස්‌ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ තොරණ මන්ත්‍රී සාගර පලන්සූරිය මහතාය. නගරාධිපති ඩබ්ලිව්. ඇම්. පොන්සේකා මහතා නගර සභික මහත්වරු සාගර මන්ත්‍රී ඉතා උණුසුම් ආකාරයෙන් පිළිගත්හ. ඉන්පසු විදුලි බුබුළු දල්වා තොරණ විවෘත කෙරිණි.
විදුලි ජෙනරේටරයක් මගින් එකල නගර සභා සීමාවට විදුලි එළිය සැපයිණි. එකල විදුලි ජෙනරේටරය පිහිටි ගොඩනැගිල්ල පිහිටා තිබුණේ වත්මන් නගර සභා ශාලාවට (දෙමහල් ගොඩනැගිල්ලට) අයත් බිම් තීරුවෙහිය. නගරයේ වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ ආධාර මුදලෙන් සංවිධානය කෙරුණු බත් දන්සලට අද මෙන් මධ්‍යම පාන්තිකයන් පැමිණියේ නැත. දන්සල් තුළට ගොස් බත් කෑම මධ්‍යම පන්තික බහුතරයක්‌ම විවිධ හේතු මත ප්‍රතික්‍ෂේප කළහ. එහෙත් මධ්‍යම රාත්‍රිය පසුවන තෙක්‌ම මෙම බත් දන්සල ජනාකීර්ණව පැවතුණි. අද මෙන් නව යොවුන් වියේ තරුණ තරුණියන් පෝලිමේ ගොස් සෝබනයට බත් කෑමක් එකල ශ්‍රී ලංකාව පුරා තිබුණේම නැත.
හොරණ මන්ත්‍රී සාගර පලන්සූරිය මහතාට ද 1956 ජුනි මාසය කාර්ය බහුල වකවානුවක් විය.
1956 ජුනි 5 දා අගමැති බණ්‌ඩාරනායක මහතා විසින් රාජ්‍ය භාෂා පනත ඉදිරිපත් කළේය. පැය විසි හතරකින් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීම මහජන එක්‌සත් පෙරමුණේ ප්‍රධානතම මැතිවරණ පොරොන්දුවක් වූ වග අපි දනිමු. ම. එ. පෙ. බලයට පත් කළ විශේෂයෙන් සඟ වෙද - ගුරු- ගොවි - කම්කරු බලවේගය ඉතා වේගයෙන් නෙත් සිත් යොමු කර ගෙන තිබුණේ රාජ්‍ය භාෂා පනත නියෝජිත මන්ත්‍රී මණ්‌ඩලයට ඉදිරිපත් කරන තෙක්‌ය.
මෙම පනත ඉදිරිපත් කළ දා පෙඩරල් පක්‍ෂයේ නායකයෝ සහ ද්‍රවිඩ සංගමයේ නායකයෝ පාර්ලිමේන්තු මන්දිරය අබියස ගාලු මුවදොර දී උපවාසයක් ආරම්භ කළහ. ජාතික සටනක් නොව ජාතිවාදී අරගලයක සියලු අංගෝපාංගයන්ගෙන් යුක්‌ත වූ ගාලු මුවදොර පිටියෙන් ආරම්භවීමේ රාවය ගුවන් විදුලියෙන් මුළු රට පුරාම ප්‍රචාරය විය. සත්‍යග්‍රහකරුවන් ගාලුමුවදොරින් ඉවත්කිරීමට පොලිස් බලය යෙදවීමත් සමග ජාතිවාදි කලබල රටේ පැතිර යන්නට විය. දෙමළ කඩ සාප්පු විනාශ, කිරීම්, කොල්ලකෑම් ගිනි තැබීම්, පහරදීම් දහස් ගණනින් වාර්තා විය. මේ සම්බන්ධව වෙනම විස්‌තර ඉදිරිපත් කළ යුතු වේ.
එකල හොරණ නගරයේ ද දෙමළ ජාතිකයන්ට අයත් ව්‍යාපාර කිහිපයක් ම තිබිණි. හොරණ නගර මධ්‍යයේම සරස්‌වතී ස්‌ටෝර්ස් පිහිටා තිබිණි. අඟුරුවාතොට මාර්ගයේ ප්‍රසිද්ධ වෙළෙඳපොළ ඉදිරිපිට වෛත්‍යලිංගම් ස්‌ටෝර්ස් සහ තවත් වෙළෙඳසලක් පැවැතුණි. එහෙත් එම වෙළෙඳසල්වලට පහරදීමක් සිදු නොවූයේ හොරණ ජනතාව තුළ පැවැති සමගි සම්පන්න භාවය මුල්වීමෙනි. විශේෂයෙන් හොරණ පළාත් ආණ්‌ඩු සභාපති ඩබ්ලිව්. ඇම්. පොන්සේකා මහතාගේ වැඩි අවධානයත් රජය පොලිසියට වහාම ක්‍රියාත්මක වීමට දුන් නියෝගයත් නිසා ගැටුම් මතු වූයේ නැත.
අද මෙන් නොව එකල නගරය වටා පිහිටි ඇල්ලකන්ද, හොරණවත්ත, ඉලිඹවත්aත, කටුහේන වතු යායවල දෙමළ ජාතිකයෝ බහුලව ජීවත් වූහ. යහලකැලේ වත්ත, තලගලවත්ත, මිල්ලෑව වත්ත, ඔලබොටුව කන්දවත්ත, ඇදුරගල, කළුපහණ, රයිගම්වත්ත, පොරෙස්‌ටර්, ටැම්පෝ, නියුචැටල් වතුයායන්හි කම්කරු වෘත්තීන්හි යෙදී සිටියේ දෙමළ ජාතිකයන්ය. එහෙත් එම දෙමළ ජාතික පවුල් සිංහල ජනතාව සමග සමගියෙන් ජීවත් වූහ. ඉඳහිට එහෙං මෙහෙං සුළු ගැටුම් මතු වුවද ඒවා වර්ධනය වීමට තරම් සංවිධාන ජාලයක් ගොඩනැඟී නොතිබුණි.
සිංහල, දෙමළ භාෂාවට සමතැන් දිය යුතු යෑයි ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා ප්‍රමුඛ සමසමාජ මන්ත්‍රීවරු සිය ස්‌ථිර ප්‍රතිපත්තිය මතම නියෝජිත මන්ත්‍රී මණ්‌ඩලයේදී සාරගර්භ ඉදිරිපත් කිරීම නිසා යම් යම් ගැටුම් මතු වුවද හොරණ සම සමාජ පාක්‍ෂිකයෝ ඒ මතවාදයන් ඔස්‌සේ හඹා නොගියහ.
හොරණ මන්ත්‍රී සාගර පලන්සූරිය මහතා ද සිංහල භාෂා පනත වෙනුවෙන් විවාදයට සම්බන්ධ වූවේය. ගාලු මන්ත්‍රී අධ්‍යාපන ඇමැති ඩබ්ලිව්. දහනායක මහතා මෙම විවාදයේදී පැය 11 ක් පුරා දීර්ඝ සාරගර්භ කතාවක් පවත්වමින් පාර්ලිමේන්තු ඉතිහාසයේ විශිෂ්ට වාර්තාවක් ද තැබූ වග සුවිශේෂව සටහන් කළ යුතු වේ.
භාෂා ප්‍රශ්නය සමග මතු වූ ජාතිභේද වාදයත් ඉන් මතු වූ නොසන්සුන්තාවත් කාලයක් පුරාම දක්‌නට ලැබිණි. මෙහි යම් යම් සිද්ධීන් ද හොරණ ප්‍රදේශය තුළ ද ඇති වූ වග රහසක් නොවේ. මෝටර් රථ වාහනවල නොම්මර තහඩුවට ශ්‍රී අකුර භාවිත කිරීමට රජය ගත් තීරණය ද මහත් ව්‍යසනයකට මුල් විය. හිටපු අගමැති දොඩන්ගස්‌ලන්ද පාර්ලිමේන්තු මන්ත්‍රී සර් ජෝන් කොතලාවල මහතා මෙම වකවානුවේ වැඩි කලක් වාසය කළේ එංගලන්තයේ පිහිටි ඔහුට අයත් ගොවිපළෙහිය. "සර් ජෝන් එංගලන්තයේ නරි දඩයමේ ගිහිල්ලා" යි ඔහුගේ ප්‍රතිවාදීහු මෙසමයේ ප්‍රචාරය කළ අතර ඒ සම්බන්ධ කාටුන් චිත්‍ර ද ලේක්‌හවුස් හා ටයිම්ස් ආයතනයේ පුවත්පත්වල පළවිය. මෝටර් රථවාහන කොමසාරිස් විසින් ශ්‍රී අකුර වාහන සඳහා නිකුත් කිරීමට අවශ්‍ය පරිපාලන කටයුතුවල නියුක්‌තව සිටියේය. සර් ජෝන් කොතලාවල මහතාගේ මන්ත්‍රී ධුරය ඔහු ඉතා වගකීමෙන් ආරක්‍ෂා කර ගත්තේය. එසේ පැමිණි අවස්‌ථාවේ සර් ජෝන් කොතලාවල මහතා මිලට ගත් මෝටර් රථයට ඔහු 1 ශ්‍රී 1 නම්බර තහඩුව ද ලබා ගත්තේය. මෙම විශේෂ පුවත එකල පළ වූ සිංහල, ඉංගී්‍රසි, දෙමළ පුවත්පත්වල මුල් පිටුවෙහි විශේෂ ශීර්ෂයක් යටතේ පළවිය. හොරණ ප්‍රදේශයේ ඇතැම් ව්‍යාපාරිකයන් 1 ශ්‍රී කාණ්‌ඩයේ මෝටර් රථ වාහන මිලට ගත් නමුත් ඒ පිළිබඳව අපට විශේෂ මතකයක් නැත.
ඒ සමග උතුරේ හා නැගෙනහිර පළාත්වල ශ්‍රී විරෝධී ව්‍යාපාරයක් ද ආරම්භ විය. ඒ පළාත් දෙකට ධාවනය කළ ශ්‍රී අකුර සහිත වාහන නවතා ශ්‍රී අකුරේ තාරගෑම දක්‌වා ශ්‍රී විරෝධී ව්‍යාපාරය උත්සන්න විය. හොරණ දෙමළ ජාතිකයන්ගේ වෙළෙඳ ආයතනවල ශ්‍රී අකුර ලිවීමට සමහර ජාතික ප්‍රේමීහු මහන්සි ගත්හ. දෙමළ භාෂාවට සුදුසු තැන ලැබෙන පරිදි නීති රීති සකස් කර ගෙන අගමැති බණ්‌ඩාරනායක මහතාගේ නියෝජිත මන්ත්‍රී මණ්‌ඩලයේදී ප්‍රකාශ කළේය.
මේ පිළිබඳව නැඟුණු දේශපාලන සාකච්ඡාවකදී දොස්‌තර ඊ. ඇම්. වී. නාගනාදන් අගමැති බණ්‌ඩාරනායක මහතාගෙන් කෙටි සරල එහෙත් ගැඹුරු අර්ථාන්විත ප්‍රශ්නයක් නැඟුවේය.
"දෙමළ භාෂාවට සාධාරණ තැනක් ස්‌ථිර වශයෙන්ම ලැබිය යුතු බව ඔබතුමා පිළිගන්නේද?"
"මගෙ නීති දැනුම දැන් පුස් කාලා" යෑයි කෙටි එහෙත් දූරදර්ශී පිළිතුරක් බණ්‌ඩාරනායක මහතා සිය තීක්‍ෂණ බුද්ධියෙන් යුතුව ප්‍රකාශ කළේය.
බන්ධුල ආර්. ගුලවත්ත

0 comments:
Post a Comment