සුද්දන් විසින් දකිනු ලැබූ සිංහලයන් කව්ද යන්න නොමැකෙන පියසටහන් මෙවරත් සටහන් තබයි.
මේරටේ මිනිස්සු මැරෙන්නට බොහෝ අකමැත්තෝය. බිය ඇත්තෝය. ලෙඩ වූ විට යකුන්හට කරන අනේක විධ බලි බිලි හා පුද කංකාරිවලින්, එය දත හැකිය.”
රොබට් නොක්ස් අපේ රටේ වැසියන් දුටු තවත් විදියකි ඒ. ලෙඩ වූ විට ගැමියන් එවැනි දෑ කළ බව සැබෑවකි. එහෙත් සමස්තයක් ලෙස ගෙන බැලූ කල්හි සිංහලයෝ මැරෙන්නට බිය ඇත්තෝ නොවෙති. වීර මද්දුම බණ්ඩාර චරිතයම ඊට කදිම නිදසුනකි. ඒ හැරුණු විට රට දැය වෙනුවෙන් දිවි පුදා කටයුතුª කළ අභීත සිංහලයෝ එදත් අදත් මේ පොළොව මත සිටියහ, සිටින්නාහ.
යමෙකු අසනීප වූ විටෙක තොවිල්පවිල් කරවීම එකල පමණක් නොව මෙකල ද ඇතැමෙකුගේ සිරිතය. තොවිල් පවිල් කෙරෙන්නේ මනසේ යහපතටය. මිථ්‍යා විශ්වාස වුවද, එය ඔවුන්ගේ මනසට සහනයකි. වෙද හෙදකම් නොකර මිථ්‍යා විශ්වාසවල පමණක් එල්බ සිටින්නන් වැටෙන්නේ ලොකු අමාරුවක බව ඉතිහාසය පුරා ඇති සිදුවීම්වලින් ඔප්පු වී තිබේ.
අනෙක් අතට මැරෙන්නට බිය මිනිස්සු නැත්තේ කොහේද? නොක්ස්ගේ පියා නොක්ස් නැවත නැව් නැඟී සිය මවුබිමට යාම වළක්වා සිටියේ තම ආරක්ෂාව ගැන සිතාය. එය තවදුරටත් විග්‍රහ කළහොත් නොක්ස් ගේ පියාත් තම ජීවිතය ගැන බියවිය. සිය පුත්‍රයා නවත්වා ගැනීම වරදක් බව ඔහුට හැඟුණේ සිය මරණ මංචකයේදීය.
විවිධ කෝණයන්ගෙන් සිංහලයන් දකින නොක්ස්, ”සිංහලයෝ වෛරක්කාරයෝ නොවෙති”යි පවසයි. සිංහලයන් අතර වෛර ඇති නොවන්නේ නොවේ. එහෙත් ඒවාට වැඩි ආයුෂ නැත්තේය. එකල සිංහලයාගේ කල කෝලාහලයක දී ලේ ගැලීමක් දක්නට ලැබෙතොත් ඒ ඉතා කලාතුරකිනි. පිහි ආදියෙන් ඇන කොටා නොගන්නා සිංහලයන් අනෙකාට පහරක් ගැසුවද එය ද ඉතා කලාතුරකිනි.
එහෙම සිංහලයන් හිටපු රට...! රටකට ගිය කල....! යැයි නොක්ස් ගේ මේ විස්තර කියවන අපට හිතෙන්නේ නිතැතිනි.
එකල සිංහලයෝ ‘සොරකම’ හෙළා දුටු බව ද නොක්ස් එක් තැනක සටහන් තබයි.
”දුසිරිත් අතරින් ඔවුන් ඉතාම අඩු වශයෙන් යෙදෙන්නේ සොරකමෙහි බව කිව හැකිය” යැයි නොක්ස් පැවසුව ද, ඒ කියමන, මෙකලට නම් කිසිසේත් වලංගු නැත. කරෙහි පැලඳි රන් මාලයක් පමණක් නොව වැටක එල්ලෙන එළවුළු කරලක්, කෙසෙල් කැනක් රැක ගැනීම පවා මෙකල නම් අසීරු කරුණකි. එක් ගෙවත්තක සිටවා තිබූ ‘දෙල් පැළයක්’ ද සොරු ගලවාගෙන ගොස් තිබූ ප්‍රවෘත්තියක් මෑතකදී අසන්නට ලැබිණ.
කේ.ජයතිලකයන් සිය’පුංචි පැළේ ගස වෙනා’ කෘතියෙහි සොරකම ගැන සටහනක් තබා තිබුණේ මෙලෙසය.
”රටක් දියුණුව කරා ගමන් කර ඇති ආකාරය! එදා නූගත්කම රජ කළ කාලයේ මේ පින්තූරය ඇතුළු පින්තූර රාශියක් එල්ලා තිබුණේ විවෘත ශාලාවේ කුළුණු වලය. අද ඒවා කාමර තුළ දමා දොරගුල්ලා ආරක්ෂා කළ යුතු වී ඇත. මෑතදී කිහිපවතාවක්ම පාසලේ බඩුමුට්ටු සොරකම් කර ඇත. එදා ස්ථාන තුනක් සොරුන්ගෙන් ආරක්ෂා වී පැවතිණ. ඒ පන්සලත්, පාසලත්, ගොයම් කෙතත්ය. දරුණුම සොරෙක්වත් සොරකම සඳහා මේ තැන්වලට ඇතුළු නොවීය.”
කේ.ජයතිලකයන් ගේ ප්‍රකාශය දෙස බලන විට සොරකම ගැන අමුතුවෙන් කිවයුතු දෙයක් නැත. පන්සල්වල පිංකැට පමණක් නොව පිළිම වහන්සේ පවා සොරකම් කරන්නෝ ද, පිළිම වහන්සේ හාරා නිදන් සොයන්නෝ ද මෙකල අඩුවක් නැතිව සිටිති.
ජයතිලකයන්ගේ මේ සඳහනත් සමඟ මතකයට නැඟෙන්නේ ඔහු විසින් එම කෘතියෙහි ම සිංහලයන් ගැන තැබූ තවත් අපූරු සටහනකි.
”විකට නම් පට බැඳීමෙහිලා සිංහලයෝ අති දක්ෂයෝ ය. චරිත ලක්ෂණ ගති පැවතුම් හෝ හැඩරුව අනුව අර්ථවත් විකට නම් පට බැඳීමෙහිලා, විශේෂයෙන් ගැමියෝ අති ශූරයහ.”
ජයතිලකයන් කිසිදිනෙක ප්‍රායෝගික දේශපාලනය කරපින්නාගෙන නොසිටිය ද මියෙන තෙක් ඔහු ඒ ගැන මනා අවබෝධයකින් ජීවත් වූ විද්වතෙකි. එබැවින් දේශපාලන ලෝකයේ යෑංහෑලි ගැන පවා ඔහුට හොඳ අවබෝධයක් තිබිණි. විකට නම් පටබැඳීමට අතිදක්ෂ යැයි කියූ සිංහලයෝ 1988 වනවිට මේ හැකියාව අබිබවා යාංහෑලි ගෙතීමේ සමත් බව ඔහු පවසයි. එවක සිිටි අගමැති හා ජනාධිපති වටා ගෙතුණ එබඳු යාංහෑලි එකතු කළා නම්, ප්‍රමාණයෙන් පුංචි පැළේ ගස වෙනා කෘතියට නොදෙවැනි කෘතියක් මුද්‍රණය කළ හැකි බවද ඔහු පවසා තිබුණි.
නැවතත් නොක්ස් වෙතම හැරෙන්නට සිතෙන්නේ ඔහු සිංහලයා ගැන සිය විසි අවුරුද්දක අපූරු හැඟීම් සිය කෘතියෙන් අපූරුවට විදහාපාන බැවිනි. වරෙක ඔහු සිංහලයා සමාන කරන්නේ පෘතුගීසිකාරයාටය. එය මෙලෙසය.
”තීක්ෂණ බුද්ධියෙන් හා ප්‍රතිභාන ශක්තියෙන් ද උපාය ඥානයෙන් හා කල්පනා ශක්තියෙන් ද චාටුවෙන් පිරී ගිය ආචාරශීලී කතාවෙන් ද සිංහලයෝ බොහෝ සෙයින් පෘතුගීසින් හට සමාන වෙති. ඔව්හු මස් මාංශ පමණක් නොව මද්‍යපාන ද පමණ දැන බොති....”
සිංහලයන් ගැන ලියන්නට නොක්ස්ට බොහෝ දේ ඇත්තා සේය.
”සිංහලයෝ අලංකාරය ප්‍රියකොට සලකති. අලසකම නිසා කටයුතු අතපසු කරති. කිසියම් කාර්යයක් ඉතා ඉක්මනින් කරවා ගැනීම ද ඉතා අපහසු කරුණකි. හොඳට කන්නට බොන්නට හා අඳින්නට පලඳින්නට කැමැත්තෝය. නිද්‍රාවට ද වැඩි වෙලාවක් ගත නොකරති.”
මහාචාර්ය විල්හෙල්ම් ගයිගර්, නොක්ස් තරම් සිංහලයා විග්‍රහ කරන්නට නොගිය ද යම් තැනකදී ඔහු සිංහලයා තේරුම් ගැනීමට යම් වෑයමක් දරා ඇති බව පෙනී යයි. සිංහලයාගේ සිත තේරුම් ගැනීමට වෙර දැරුව ද එය කළ නොහැක්කක් යැයි පවසා තිබූ ගයිගර් සිංහලයාගේ ඇතැම් ක්‍රියාකාරකමකින් ඔහු මැන ගැනීමට වෑයම් දැරූ සෙයකි. ”මා තේරුම්ගත් පරිදි මෙහි ස්වදේශිකයන් ඉතාම නිහතමානීව ලද දෙයින් සතුටුවීමට හුරු පුරුදු වූ මිනිස්සු වෙති”යි, (ගයිගර් දුටු ලංකාව) ඔහු වරෙක පවසන්නේ එබැවිනි.
සිංහලයාගේ ආහාර රටාව ගයිගර්ගේ මේ නිගමනයට එක් හේතුවකි. ඔහු පවසන්නේ සිංහලයෝ ආහාර ගැනීමේදී බත්, අල, බතල වර්ග හෝ ධාන්‍ය, පලතුරු වැනි දෙයකින් ගත මෙන්ම සිතත් පුරවා ගැනීමට දක්ෂයෝ බවය. ඒ බව තවදුරටත් සනාථ කරන කියමනකි මේ.
”ගිනි මද්දහනේ වුවද සුළු ආහාරයකින් සැනසී තමාගේ රාජකාරිය මැනැවින් ඉටු කිරීමට මොවුහු මැළි නොවති. විනාඩි කීපයක් ආහාර ගැනීමට ගතකිරීමෙන් පසුව කිසිදු විවේක කාලයක් ගැන හැඟීමක් හෝ නැතිව ඕනෑම ශක්ති සම්පන්න කාර්යයකට ඔව්හු සැමවිටම සූදානම්ය. කිසිම විටෙක අධික තෙහෙට්ටු ගතියක් නොපෙන්වන අතර සැම විටම මුව සරසාගෙන වැඩෙහි නිරත වෙති.”
සිංහලයාගේ හැසිරීම සම්බන්ධයෙන් එලෙස විග්‍රහයක යෙදෙන ගයිගර් ඊළඟට විස්තර කරන්නේ එකල, ගසට පොත්ත මෙන් බද්ධ වී තිබූ සිංහලය හා ඔහුගේ කෘෂිකර්මය ගැනය.
’සිංහලයෝ’ අවිවාදයෙන් ම නිරායාසයෙන් මෙන් ‘ගොවියෝ’ වෙති යන්න ඔහුගේ එක් නිගමනයකි. කෘෂිකර්මයෙහි අතිදක්ෂකම් පාන්නට සිංහලයා සමර්ථය.
මහෞෂධයන් සඳුන් කැටයක් මිට මොළවාගෙන උපන්නා නම් සිංහලයන් උපන්නේ කුඹුරු වගාව අත මිට මොළවාගෙනය. කුමනාකාරයකින් හෝ කෘෂිකර්මයට සම්බන්ධ නොවූ සිංහලයෙක් එකල සිංහලයේ නොසිටියේය. 1895 ලංකාවට පැමිණි ගයිගර් දක්වන අදහස් එබඳුය. ඔහු මෙකල සිටියේ නම් අපේ කුඹුරු යායවල් කීයක් ගොඩවී ඇත්ද, පුරන් වී ඇත්ද යන්න දැක කම්පාවට පත්වෙනු නියතය.
සිංහලයන් ගැන ජෝන් ඩේවි පවසා තිබූ ඇතැම් සඳහනක් ද මෙහිදී සඳහන් කළ යුතු යැයි සිතේ.
සිංහලයන් පෘතුගීසීන්ට බෙහෙවින් සමාන ජාතියකැයි පැවසුවේ නොක්ස්ය. එහෙත් ඩේවි පවසන්නේ අප අතිශයින් සමාන වන්නේ හින්දුන්ට බවයි. සිංහලයන්, කිසිදු යුරෝපීය වර්ගයක් සමඟ නියම ලෙස සංසන්දනය කළ නොහැකි අතර ආචාරශීලී භාවයෙන් හා හැසිරිම සම්බන්ධයෙන් අතිශිෂ්ට මනුෂ්‍යයන්ට වඩා පහත් බව ඩේවිගේ අදහසය.
සිංහලයන් පහත් යැයි කියන්නේ ඩේවිය. ඒ ඔව්හු අතිශිෂ්ට ජාතියක් යැයි හඟවමිනි. අතිශිෂ්ට ජාතියක් කිසිදිනෙක තමන්ට අයිති නැති දේශයක් කිසිවිටක බලහත්කාරයෙන් සූරාගෙන කමින් සිය ජාතියේ බඩ වඩා නොගනී. එසේ නම් ඩේවි නියෝජනය කළ අතිශිෂ්ට යැයි කියාගන්නා ජාතිය සිංහලයාට ද වඩා පහත් විය යුතුය.
ඔහු වරෙක සිංහලයා ගැන තබන්නේ මෙබඳු සටහනකි.
”ඔවුන්ගේ චරිතය සමස්තයක් ලෙස ගත් කල, පහත්, නිවට හා චපල (වැනෙනසුලු) යයි මම සිතමි...”
ඩේවි සිංහලයන් ගැන දරන මේ මතය ගැන තවදුරටත් විග්‍රහ කිරීම අපගේ අදහස නොවේ. එය නොමැකෙන පියසටහන් පාඨකයා වෙතම බාර කරන්නෙමු. කෙසේ වුවද ඔහුගේ ගැලවීමටදෝ ඔහු සනිටුහන් කළ මේ වාක්‍යය ද මෙහි සටහන් කරමු.
”යමකුට තම අඹ යාළුවා නිරවශේෂයෙන් හැඳින ගැනීම දුෂ්කර නම් යම් ජාතියක්, විශේෂයෙන් සිංහලයන් වැනි සුළු හැඳුනුම්කම් ඇති, සුළු ඇසුරක් ඇති විනිශ්චය කිරීම පිළිබඳ ඉතා අසම්පූර්ණ අවස්ථා ඇති මනුෂ්‍ය වර්ගයක් හඳුනාගෙන ඔවුන්ගේ චරිත ස්වභාවය ගැන මතයක් ප්‍රකාශ කිරීම කොතරම් දුෂ්කර ද?”

0 comments:
Post a Comment