රනිල්ටත්, වැදු අම්ම-අප්පාටත් අමු තිත්ත කුණුහරුපයෙන්....එළඹෙන පළාත් සභා මැතිවරණය සඳහා හෙට දහවල් 12.00ට පෙර සකසා අවසන් කර භාරදිය යුතු නාම යෝජනා සකස් කිරීමේදී ඊයේ දිනයේ එක්සත් ජාතික පක්ෂ නාමයෝජනා මණ්ඩලය මහත් ගැටුම්කාරී අවස්ථාවන් කිහිපයක්ම ඇති තිබේ.
කොළම නගරාධිපතිවරයා ක්රියා කරන්නේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඕනෑ එපාකම් අනුව බවට රවී කරුණානායක මහතා ඇතුළු කොළඹ දිස්ත්රික් එජාප ආසන සංවිධායකයන් සියළු දෙනාම චෝදනාව කර ඇත.
එජාප ප්රධාන නායක රනිල් වික්රමසිංහ මහතා තමාගේ කෝටාවෙන් නම් කල තිදෙනා වූ එස්.එම්. මරික්කාර්, නන්ද මුත්තෙට්ටුවගම හා එක්සත් කාන්තා පෙරමුණේ සභාපතිනි ඩයනා ගමගේ නම් කිරීමත් සමඟ රවි කරුණානායක මහතා මරික්කාර්ට දැඩි විරෝධය දක්වා සිරිකොතෙන් පිටව ගොස් ඇත.
ඊට පෙර නායක රනිල් වික්රමසිංහ මහතාට ඔහුගේ මළගිය මවට සහ පියාට අමු තිත්ත කුණුහරුපයෙන් බැණ වැදී තිබේ. ඊයේ දිනයේ නාම යෝජනා මණ්ඩලයේ කටයුතු අවසාන වනතුරුම රවී කරුණානායක මහතා කිසිවෙකුගේ දුරකථනවලට ප්රතිචාර දක්වා නැත.
මේ අතර එජාපයෙන් දකුණු පළාත් සභාව සඳහා අත්සන් කිරීමේදී එම පක්ෂ ගාල්ල දිස්ත්රික් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේගුණවර්ධන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්රී ගයන්ත කරුණාතිලක යන මහත්වරුන් අතර දැඩි මත ගැටුමක් හටගෙන තිබේ.
ගයන්ත කරුණාතිලක මන්ත්රීවරයාගේද මිත්රයෙකු මෙවර දකුණු පළාත් සභාවට එජාපයෙන් නාම යෝජනා ඉල්ලා ඇති අතර ඔහුට නාම යෝජනා ලබාදෙන්නට එ.ජා.ප. නායකත්ව මණ්ඩලය හා නාම යෝජනා කමිටුවද එකඟත්වය පළ කර තිබුණද වජිර අබේගුණවර්ධන මහතා අදාළ පුද්ගලයාට නාම යෝජනා ලබාදීමට එරෙහිව පක්ෂ නායකත්වයට හා නාම යෝජනා කමිටුවට බලපෑම් කර ඇත.
ගයන්ත මන්ත්රීවරයාද සිය මිතුරා වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටින අතර තත්වය පාලනය කිරීම සඳහා රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් වෙනම සාකච්චාවක් පවත්වා ඇත
0 comments:
Post a Comment