"සමාජය බලාපොරොත්තු වන කරුණු දෙකක් තිබේ. හැකිතාක් ශරීරය පිණවන සැප පහසුකම්වලින් යුක්‌තව විසීම එකකි. මානසික සුවය අනිකයි. සමාජයේ සෑම උත්සාහයක්‌ම, සෑම ව්‍යාපාරයක්‌ම මේ දෙක ළඟා කර ගැනීම පිණිස වේ. ඉගෙන ගන්නේ, රක්‍ෂාව කරන්නේ, නොයෙකුත් අලුත් උපකරණ නිපදවීමට විද්‍යාඥයන් වෙහෙසෙන්නේ, ඊට වඩා හොඳින් පාලනය කිරීමට දේශපාලනඥයන් තරගකරන්නේ, මනුෂ්‍යයාගේ ශාරීරික සැපය වැඩි වැඩියෙන් දියුණු කිරීමටය. එම උපක්‍රම බලාපොරොත්තු වන තරමට සාර්ථක නොවන්නේ උත්සාහ වඩන්නවුන්ගේ අසමර්ථකමකින් නොව ශරීරය පිනවීමේ අවසානය සීමාවක් හෝ තෘප්තියක් හෝ නැති බැවින්ය."
ඒකදේවවාදී කතෝලික, ක්‍රිස්‌තියානි, ඉස්‌ලාම් සේම බහුදේවවාදී හින්දු දහමට අනුව ද මිනිසා යනු මැවීමකි. දෙවියන්ගේ නිර්මාණයකි. එහෙයින් මිනිසා, මිනිස් ජීවිතය එකී මැවුම්කාර දෙවියන්ගේ හස්‌තයට යටත්ය. මිනිසාගේ මෙලොව භූමිකාව, ක්‍රියාකාරිත්වය, චින්තනය තමන් මැවූ දෙවියන්ට අනුගතව විය යුතුය. කළයුතුය. තම ඉල්ලීම්ද දුක්‌ගැනවිලිද ඉදිරිපත් කළ යුත්තේ එකී සර්වබලධාරී දෙවියන්ටය. ඒ සඳහා පල්ලිය, කෝවිල, යාඥ ස්‌ථානය ආදී නිශ්චිත ස්‌ථාන ද වෙයි. මිනිසා දෙවියන් සමඟ සම්බන්ධ කරන පූජකයෙක්‌ද එහි හිඳියි.
"ප්‍රංශ දාර්ශනික රෙන්දෙකාර්ත් 'මම සිතමි එහෙයින් මම ජීවත් වෙමි' යි කීය. එම වැරැද්ද අද බොහෝ අය අවබෝධ කර ගනිමින් සිටිති. අප මෙසේ කිව යුතු වන්නේය.
'මම නොසිතමි! එහෙයින් මම ජීවත්වෙමි'
අප කලණ මිත් කුලියාපිටියේ ශ්‍රී ප්‍රනාන්දු මහතා වරෙක අප සමඟ මෙවන් ප්‍රකාශයක් කළේය.
"මේ ලෝකයේ මිනිසුන් විසින් පිළිතුරු සොයනු ලබන ප්‍රශ්න දෙකක් තිබෙනවා. ජීවිතය යනු කුමක්‌ද? ජීවත් වන්නේ කෙසේද යනු ඒ ප්‍රශ්න දෙකයි. එහෙත් බොහෝ මිනිසුන් විසින් නිරන්තරයෙන් ප්‍රශ්න කරනු ලබන්නේ සහ පිළිතුරු සොයනු ලබන්නේ ඉහත කී දෙවැනි ප්‍රශ්නය පිළිබඳව පමණයි. එවිට ජීවිතය සහ ජීවත්වීම ඉතා අසීරු දෙයක් බවට පත්වෙනවා. ඉතා සුළු පිරිසක් පමණක් ජීවිතය යනු කුමක්‌ද යන ප්‍රශ්නයට පමණක් පිළිතුරු සොයනවා. එවිටත් ජීවිතය සහ ජීවත්වීම අසීරු දෙයක් බවට පත්වෙනවා. එහෙත්, යමෙක් ජීවිතය යනු කුමක්‌දැයි තේරුම්ගෙන, ඒ අනුව ජීවත් වන්නේ කෙසේදැයි අවබෝධ කොටගෙන එසේ ජීවත් වන්නට වුවහොත් ඔහුගේ ජීවිතය සහ ජීවත්වීම ඉතා පහසු දෙයක් බවට පත්වෙනවා."
මානව ඉතිහාසය තුළ යට කී ප්‍රශ්න දෙක තරම් මිනිසා විසින් නිරන්තරයෙන් ඇසූ, පිළිතුරු සෙවූ, භාෂණයට, ලේඛනයට ලක්‌කළ සංවාද කළ වෙනත් ප්‍රශ්න දෙකක් නොමැති තරම්ය. මිනිසාට අනෙක් සත්ත්වයන්ට වඩා සුවිශේෂී බුද්ධිභාවයක් තිබීම එයට හේතුවක් විය හැක. මිනිසා නිරතුරුවම තමා කවුද? යන්න දැන ගැනීමේ නොතිත් ආශාවකින් හා කුතුහලයකින් පෙළීම තවත් හේතුවක් විය හැක.
දුරාතීතයේද මිනිසුන් විසින් එකී ප්‍රශ්න අසන ලද බවට වන සඳහනක් තෛත්තිරිය උපනිෂද් (III, I.I) හී මතු දැක්‌වෙන පාඨයෙන් හෙළිදරව් වෙයි.
"යමකින් මේ භූතයෝ ඉපදෙත්ද ඉපදී යමක් නිසා ජීවත්වෙත්ද මරණයේදී යමකට ඔහු පිවිසෙත්ද එය දැනගන්නට ආශා වෙව"
එමෙන්ම, මිනිසා විසින් ඉතිහාසය පුරා යට කී ප්‍රශ්න දෙක සඳහා නානාවිධ වූ පිළිතුරු ඉදිරිපත් කරනු ලැබ ඇත. ඒවාහි මූලික පදනම විවිධ ආගමික, දාර්ශනික, බටහිර විද්‍යානුගත, පෞද්ගලික, දේශපාලනික සේම සෞන්දර්යානුගත දැක්‌ම යනාදිය වේ. ඒවා එකිනෙකට පරස්‌පර සේම ඇතැම් විට ඒවා කිහිපයක සංකලනයක් සේ ද ඉදිරිපත් කරනු ලැබ ඇත. එවායින් මිනිස් ජීවියකු මිනිස් මවකගේ කුස ඔත් දින පටන් හෝ මෙලොව ජනිත වූ දින පටන් හෝ මරණය තෙක් ඔහුගේ ක්‍රියාකාරිත්වය, ඔහුගේ ජීවිතය සේ සැලකෙයි. තවත් විටෙක ඔහුගේ ක්‍රියාකාරී ජීවිතය ලෙස එකී කාල වකවානුව පමණක් නොව මරණින් මතු ඉදිරි කාලයද උපතට පෙරාතුව තිබූ කාලයද සැලකෙයි.

තමා මැවුම්කරණයට ලක්‌වූවෙකැයි සිතන මිනිසා නිරන්තරයෙන් තම ජීවිතය සේ දකින්නේ, තමාට ඉහළින් සිටින තම මැවුම්කාර දෙවියන්ගේ ආධිපත්‍යයට නතුවූ තම ආත්මයයි. තමායි. හෙතෙම එකී ආත්මයේ සජීවීත්වය සේ හඳුනාගන්නේ එකී මැවුම්කරුවාණන් තමා වෙත දුන් ප්‍රාණ වායුවයි. ජීවයයි. කෙදිනක හෝ තම මොලොව මරණයෙන් පසු තම මැවුම්කරුගේ අවසන් විනිශ්චය මත තමන් සදාකාලික ස්‌වර්ගයේ සැපයට හෝ සදාකාලික අපායේ දුකට හෝ පමුණුවනු ලබන බව එකී මිනිසාගේ විශ්වාසයයි.
එවන් පුද්ගලයකු විසින් ජීවිතය යනු කුමක්‌ද? ජීවත් වන්නේ කෙසේද යන ප්‍රශ්නවලට දෙනු ලබන පිළිතුරු අනිවාර්යයෙන්ම ඉහත කී අභිමතයන් අනුව සිදුවෙයි. බටහිර විද්‍යානුගත විග්‍රහයට අනුව එය පදාර්ථයන්හි එකතුවකි. විධිමත් ක්‍රමවේදයකට අනුව එකට එක්‌වන පදාර්ථය, සමායෝජනය වීම නිසා "ජීවත්වයත්" ඒවාහි මනා සමවාය නිසා ජීවී ක්‍රියාකාරිත්වය හෙවත් ජීවියාගේ පැවැත්මත් සිදුවී පදාර්ථයෙහි බිඳවැටීමෙන් ජීවියාගේ අවසානයත් සිදුවෙයි.
බුදුදහමට අනුව මෙලොව මිනිස් ජීවිතය යනු නවගාමී අනිත්‍ය දුක්‌ඛ අනාත්ම වූ ජීවියකුගේ සසරෙහි තාවකාලික නවාතැන් පොළකි. අනවරාග්‍ර, එනම් කෙළවරක් නැති සසරෙහි සරන්නකුගේ තවත් එක් භවයකි. එසේ භවගාමී වීමට හේතුව ඔහුගේ අවිද්‍යාව හා තෘෂ්ණාවයි. බුදුදහමෙහි එය මෙසේ දැක්‌වෙයි.
"මහණෙනි, මෙසසර අනවරාගය, අවිද්‍යාව නීවරණ කොට ඇති, තෘෂ්ණාව සංයෝජන කොට ඇති සසර සැරිසරන සතුන්ගේ මුල් කෙළවර නොපැනෙයි."
එසේ මුල් කෙළවර නොපැනෙන මිනිසාගේ මොලොවෙහි මිනිස් ජීවිතයේ ආරම්භය සහ එහි විකාශනය පිළිබඳව විවරණය අග්ගඤaඤ සූත්‍රයෙහි සඳහන් වේ. වාශිෂ්ඨ හා භාරද්වාජ යන ශ්‍රාවක දෙනම අමතමින් ගෞතම බුදුන්වහන්සේ විසින් එකී සූත්‍රය දේශනා කරන ලද බව සඳහන් වේ.
අග්ගඤaඤ සූත්‍රයෙහි අන්තර්ගතය, දැක්‌ම සහ විවරණය පිළිබඳව ලොව පුරා විවිධ උගතුන්, ලේඛකයන්, ගිහි - පැවිදි පඬිවරුන් විසින් ලේඛනය සහ භාෂණය කරනු ලැබ තිබෙයි.
බුදුදහමට අනුව මොලොව මිනිසා මිනිස් ජීවිතය යනු අභ්‍යන්තර බඹලොවින් මෙහි පැමිණ, මෙහි වැඩී හටගත් ජීවියෙකි. ජීවිතයකි.
හින්දු සංකල්පයට අනුව මිනිස් ජීවිතය යනු උපතේ දී මහා බ්‍රහ්මගෙන් වෙන්ව මෙහි වැඩී, මරණින් පසු, නැවත මහාබ්‍රහ්ම සමඟ එක්‌වන නොවෙනස් වන ආත්මයක් සහිත දෙයකි. හින්දු දැක්‌මෙහි එන " සර්වං ඛල්විදං බ්‍රහ්ම" "සියල්ල බ්‍රහ්මන් වේ" යන පාඨයෙන් යටකී අදහස මනාව තහවුරු වෙයි.
අනාත්මය, පංචනියාම ධර්ම, ආත්මය, සසර භවය, පුනර්භවය, පූර්වභවය, පුනරුත්පත්තිය, මැවුම්වාදය, මහාබ්‍රහ්ම, දෙවියන් වහන්සේ, භෞතික හා රසායනික ද්‍රව්‍ය හා ක්‍රියාවලි, විඤaCදාණය, පරිණාමවාදය, ප්‍රවේණිය, මනුෂ්‍යත්වය ආදී වචන මිනිස් ජීවිතය පිළිබඳව යටකී විග්‍රහයන් ඉදිරිපත් කරනු ලැබීමේදී ඒවා පැහැදිලි කිරීමට යොදා ගනු ලැබෙයි.
මිනිසාගේ උපත, පැවැත්ම, මරණය, ඇරඹුම, අවසාන නැවැත්ම ආදී දැ පිළිබඳ නොතිත් කුතුහලයෙන් සිටින මිනිසා සෑම විටම ඉහත කී විග්‍රහයන් මගින් උත්සුක වූයේ ඒ පිළිබඳව විවරණය කිරීමටය. එහෙත් එය තේරුම් ගැනීමට, තේරුම් කිරීමට උත්සාහ කරන කවර හෝ ලෞකික මිනිසකුගේ එකී විවරණය ඔහුගේ දැනුමට, දැක්‌මට, ඒවාහි වපසරියට, තම පංච්න්ද්‍රයන්ගෙන් ලැබෙන සංවේදනයන්ට අනුව පදනම් වෙයි. සීමා වෙයි.
සෑම මිනිසකුම තම ජීවිතය ගෙවන්නට බලාපොරොත්තු වන්නේ කාය සහ මනෝ සුඛවිහරණය ලබමිනි. තම ජීවිතය කවරක් හෝ වේවා උපතේ සිට මරණය තෙක්‌ම හෙතෙම එය නිරන්තරයෙන් බලාපොරොත්තු වෙයි. එය ලද විට සතුටු වෙයි... නොලද විට දුක්‌වෙයි.
විශිෂ්ට උගතකු, චින්තකයකු, ලේඛකයකු, භාෂකයකු සහ අවිහිංසාවාදී මිනිසකු වූ ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්තුමන් විසින් විරචිත "මට හිතෙන හැටි සහ වෙනත් ලිපි" නමැති ග්‍රන්ථයේ මෙසේ වූ සඳහනක් වෙයි.

මිනිස් සමාජය විසින් කය සහ කය පමණක්‌ම සුඛවිහරණය කරන්නට තම අතෘප්තිමත් මනසිsන් නිරන්තරයෙන් උත්සුකවීම මිනිස් ජීවිතයේ අසතුටට හේතුවක් බව ඉන් කියෑවෙයි. යම් මිනිසකු තම කයෙහි පමණක් සුඛ විහරණය ගැන සිතීම සහ තම මනස ආධ්‍යාත්මික නැඹුරුතාවකට යොමු නොකිරීම, ඔහුගේ ජීවිතයේ අතෘප්තියට සහ බිඳ වැටීමට ප්‍රධාන හේතුවක් වෙයි. මන්ද කය කෙතරම් පෝෂණය කළද නඩත්තු කළද ජීවිතය ගෙවීමත් සමඟ නිරන්තරයෙන් එය මහලු බවටත්, රෝග පීඩාදියටත් බිඳ වැටීමටත් බඳුන්වන හෙයිනි.
මිනිසා යනු එක් සෛලයකින් ඇරඹී දශලක්‍ෂ සංඛ්‍යාත සෛල ප්‍රමාණයක සමායික එකතුවක් බවට පත්වන්නක් ලෙස ගැනීමෙන් පමණක් වන දැනුමකින් බිහිවන මිනිසකු පහසුවෙන් යට කී බිඳ වැටීමට හසුවිය හැක. බටහිර විද්‍යාවේ කලල විද්‍යාව මගින් මිනිස් ජීවිතයක් මෙලොව ජනිත වීමේ ක්‍රියාවලිය එලෙස ද්‍රව්‍යානුගතව විග්‍රහ කරයි.
බටහිර විද්‍යානුගතව "මිනිස් ජීවිතය" පිළිබඳව වන මූලික විග්‍රහය, එකී ජීවියාගේ වර්ණ දේහවල පිහිටි ජාන හා රසායන විද්‍යානුකූල පදනම මත හා ඒ මත පමණක් පදනම් වෙයි. එමගින් මිනිස් ජීවියකුගේ උපත, පැවැත්ම, ක්‍රියාකාරිත්වය, චින්තනය, බුද්ධිය, ප්‍රතිභාව හෙවත් ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන් භෞතිකයට ඌණනය කරනු ලැබෙයි.
බටහිර විද්‍යානුගතව "සිත" ද විවිධ රසායන ද්‍රව්‍යවලට හෙවත් භෞතික පදාර්ථයට ඌණනය කෙරෙයි. එහෙයින් සිතෙහි මෙතෙක් හඳුනා නොගත් ක්‍රියාකාරිත්වය යනු විද්‍යාව විසින් මෙතෙක් හඳුනා නොගත් රසායන ද්‍රව්‍ය බව එහි දැක්‌මයි. එහෙයින් බටහිර විද්‍යානුගතව මිනිස් ජීවිතය යනු මුළුමනින්ම පදාර්ථය හෙවත් භෞතිකයම පමණකි.
එහෙයින් බටහිර විද්‍යාවට අනුව මිනිස් ජීවියකු හඳුනාගැනීම යනු එකී ජීවියා සුසැදි භෞතික පදාර්ථ හඳුනාගැනීමයි. එනම් එකී ජීවියාගේ දේහයේ රුධිර සංසරණ පද්ධතිය, ශ්වසන පද්ධතිය, ස්‌නායු පද්ධතිය, අස්‌ථි හා පේශි පද්ධතිය, ආහාර ජීර්ණ පද්ධතිය ආදියද ඒවා එකිනෙක සමවාය කරන එකී ශරීරය තුළ වන විවිධ රසායනික ද්‍රව්‍ය පිළිබඳවද අවබෝධ කර ගැනීමයි.
මිනිස් ජීවිතයක මෙලොව උපත හා එකී ජීවියා පිළිබඳව අද ලොව පුරා ප්‍රචලිත කොට ඇත්තේ යට කී බටහිර විද්‍යානුගත කලල විද්‍යා විග්‍රහය සහ බටහිර මානව කාය විද්‍යාවයි.
'ගර්භාෂය තුළ දිගහැරෙන මානව වංශ ප්‍රවේණිය" නමින් කුලියාපිටියේ ශ්‍රී ප්‍රනන්ද මහතා විසින් ඔහුqගේ 'හෙළ ඉතිහාස සලකුණ සහ ඉතිහාසය පිළිබඳ බෞද්ධ දෘෂ්ටිය' නමැති කෘතියෙහි විග්‍රහයක් ඉදිරිපත් කරනු ලැබ තිබෙයි. ඒ සඳහා ඔහු පාදක කොට ගන්නේ අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන්ව ඇති කරුණුය. එහිදී හෙතෙම මෙසේ කියයි.
"ස්‌ත්‍රී ගර්භාෂය නිසා එහි වැඩෙන දරුවා අති සූක්‌ෂම ශරීරයෙක සිට අනුක්‍රමයෙන් වැඩෙමින් ගැබ මේරීමද ගර්භාසයHd කාලය තුළ වැඩෙන දරුවා මෙලොවට බිහිවීම ද සෘතු, බීජ, කම්ම, දම්ම, චිත්ත යන පංච විධ නියාමයන්ට අනුවම සිදු වේ. හැඩ ගැසේ. මේ ධර්මතාවල ක්‍රියාකාරිත්වය සැමදා එක ලෙසම සිදුවන්නේ ද නොවේ හෙවත් ඒවා නියතීන් ද නොවේ. එහෙයින් එහි ආත්මීය වශයෙන් ගත හැකි ධර්මයක් නැත.
ස්‌ත්‍රී - පුරුෂ සංසර්ගය නිසා හට ගැනෙන ධාතුමය සංයෝගය සත්ත්වයකු බිහිවීමට අවශ්‍ය රූපිමය ආකෘතියක් පමණි. එය සත්ත්වයකු නොවේ. සත්ත්ව සංඥව ඊට ලැබෙන්නේ එකී රූපිමය කලලය ග්‍රහනය කර ගන්නා නාම ධර්මයන් විසිනි. එය ගර්භාෂය කරා බැහැරින් පැමිණෙන කර්මානුරූප ශක්‌තියකි. එය ච්‍යqති - උත්පත්ති සමග වූ ප්‍රතිසන්ධිගත ක්‍රියාවලියකි. මෙය බැහැර බඹලොවකින් පොළොවට පැමිණෙන 'බඹ පුතකු' වැනිය. මේ 'බඹ පුත්' තෙමේ මානව ආකෘතියට බැස ගනිමින් ඊට අනුකූලව මානවයකු බවට වෙනස්‌වීමට පටන් ගනියි...
ප්‍රාථමික කලලය වැඩෙන මව් කුසය විවට්‌ට ස්‌ථායි කල්පයේ ආරම්භක අවධියේ ලක්‌ෂණ පහළ කරයි. එහි හිරු සඳු නොපැනේ. දසතින්ම අඳුරුය. ඝණ මීදුමෙකින් වැසී ගියාක් බඳුය....
විශ්වයේ වෙනත් ලොවකින් පෘථිවිය දෙසට පැමිණි 'සත්ත්වයා' මෙනි. ගර්භාෂ බිත්තියෙහි ඇලී යාම රස පොළොව වළඳමින් පෘථිවි පෘෂ්ඨය මත පිහිටියා වැනිය....'
එසේ ගර්භාෂ බිත්තියෙහි ඇලෙමින් තම ජීවිතය අරඹන එකී ජීවියා තම මරණය තෙක් නිරන්තරයෙන් ලොව සමග ඇලෙ යි. ඒ තම සිත පාදක කොට ගනිමිනි. එසේම ලොවෙහි වන අපට ජීවිතය ගැන සිතන්නේද අපට ජීවිතයක් ඇති බව පසක් වන්නේද එකී සිතෙනි. සිතෙහි සිතුවිලිවලිනි. එහෙත් මිනිස් ජීවිතය විඳගනිමින් ජීවත්වීමට ඇතැම්විට මෙකී සිතම, මෙකී සිතුවිලිම බාධාවක් වන අවස්‌ථාද බොහෝය. අප විසින් හඳුනා ගනු ලබන මිනිස් ජීවිතය සැබෑවටම දැනෙන්නේ කවර අවස්‌ථාවේදීද? පූජ්‍ය මණ්‌ඩාවල පඤ්Æවංස හිමියෝ සිය 'ප්‍රතිචීනාවලෝකන' කෘතියෙහි එය මෙසේ සඳහන් කරති.

සැබෑ ලෙසම අපට ජීවිතය දැනෙන්නේ, ස්‌පර්ෂ වන්නේ අප සිතුවිලි ජාලයෙන් මිදී මොහොතක් හෝ ගතකරන අවස්‌ථාවේදීය. ක්‍රිෂ්ණ මූර්ති තුමාගේ කියමනක් මහගමසේකරයෝ මෙසේ උපුටා දක්‌වති.
'මිදී සිත සිතිවිල්ලෙන්
නිහඬවීමයි සමාධිය නම්
සුන්දරත්වයෙන් පිරි ලෝකයක
ආලෝකය හා නේක වර්ණ මැද
අන්ධයකු වැනිය තොප
නොමැති කල සිත තුළ සමාධිය'
ඉන්කියවෙන්නේ යමකු මෙලොව ජීවත්වීමේදී තම ජීවිතයද ලෝකය විඳීමට නම් තම සිතෙහි සමාධිය ඇති කොටගත යුතු බවයි. විවිධ සිතිවිලිවලින් ඔද්දල් වන සිතකට, කැළඹෙන සිතකට එකී සිතිවිලිවලින් නිදහස් වීම තරම් සුවයක් තවත් වේද?
ආචාර්ය ඊ. ඩබ්ලිව්. අධිකාරම්තුමන්ට අනුව මනුෂ්‍යයාට සතුටු ජීවිතයක් ගත කිරීමට නොහැකි කරදර සහිත ජීවිතයක් ගෙවීමට සිදුව ඇත්තේ මිනිසාගේ මූලික අවශ්‍යතා ලබාගැනීම සඳහා කෙරෙන කාර්යයන් නිසා නොවේ. තම නිවස, වස්‌ත්‍ර ආදිය සහ තමාගේ අවශ්‍යතා, අවශ්‍යතාවේ ප්‍රමාණයට අනුව නොව අනෙකකුට ඇති හෝ ඊට වඩා ඉහළින් ලබා ගැනීමට උත්සාහ කිරීමෙනි. එමෙන්ම ධනවත් වීමේ ආසාවෙන් හෝ ධනයෙන් ලබාගත හැකි ඉන්ද්‍රියයන් පිනවීම, බලය, ආධිපත්‍ය, කීර්තිය ලබාගැනීම සඳහා හෝ මුදල් උපයන්නට පටන් ගත් විටය. වෙනත් දේවල්ද මෙපරිදිමය. මනුෂ්‍ය ජීවිතයට හිමි දැ පිළිබඳව මිනිසා තුළ ස්‌වයං වාරණයක හෝ ස්‌වයං සීමාවක නොසිටි විට, එකී දැ තමා වෙත ලැබුණ ද ඔහුට හිමිවන්නේ සතුට නොව දුක යි."
ජීවිතය යනු කවරක්‌ද යන පැනයට යටත් කවර හෝ විග්‍රහයකට අනුගත වී හෝ නොවී හෝ සිතන්නෙක්, ඒ අනුව හෝ තමාට රිසි අයුරින් හෝ ලොවෙහි ජීවත් වෙයි.
අයෙක් තමන් නිර්මාණය කළ දෙවියන් වහන්සේගේ කැමැත්ත පරිදි ද තවකෙක් වෙනත් ආගමික හෝ දාර්ශනික හෝ විග්‍රහයකට අනුවද ජීවත් වෙති. ඇතැමෙක් තමන් පිළිගන්නා කවර හෝ සමාජ දර්ශනයකට, දේශපාලන දර්ශනයකට, මතවාදයකට දැක්‌මකට අනුව හෝ ඒවාහි සංකලනයකට අනුව හෝ ජීවත් වෙති.
මිනිස් ජීවිතය යනු මෙළොව පදාර්ථයෙන් සැදුණකිá එය මෙළොවෙහි පැවත විනාශයට පත්වන, හෙවත් මරණයට පත්වන දෙයකි. එනම් එය භෞතිකවාදී දෙයක් පමණකි, එහෙයින් ජීවත්වීම යනු එකී භෞතිකය, මිනිස් කය (මනසද සහිත) හැකිතාක් සන්තර්පණය කිරීමය යන මතය ඇතැමෙක් දරති.
හැකිතාක් කය පිනවමින් කා බී, හැඳ පැළඳ ගේ දොර, ඉඩ කඩම්, යාන වාහන වැනි දැ තමා නතු කොට ගනිමින්, ඒවා පරිහරණය කරමින් පමණක් ජීවත්වීම ඔවුන්ගේ ජීවත්වීමේ ක්‍රමයයි.
ඉහත කී දැක්‌ම විසින් පැන නැඟෙනු ලැබෙන ප්‍රශ්න බොහෝය. යමකුගේ ජීවත්වීම යනු හුදෙක් කාය සන්තර්පණය පමණද? නානා විද ද්‍රව්‍ය තුළින් හා ඒවා තමා සතු කරගනිමින් බහු භාණ්‌ඩිත වීමද? ඒ සඳහා ලොව පෙළමින් ධනය සෙවීමත් එසේ සොයාගත් ධනය ඒ සඳහා යෙදවීමත් ද? අන්‍යයන් පිළිබඳව කිසිදු තැකීමක්, දයාවක්, අනුකම්පාවක්, කරුණාවන්ත බවක් නොමැතිව තමා පමණක් පෝෂණය වීමද? ලොව යනු සියලු සජීවී සහ අජීවී දැහි එකතුවක් සහ ඒ සියල්ලටම උරුමකම් ඇති තැනක් නොව 'මම' යන පුද්ගලයාට පමණක් අයිති දෙයක් යෑයි ගනිමින් ඒ සියල්ල ආක්‍රමණය කරමින් ද්‍රව්‍ය පරිභෝජනය කිරීම ද? ලොව අන්‍යයන් කෙරෙහි තම ආධිපත්‍ය පැතිරවීමද? එනයින් නැගෙන ප්‍රශ්න විමසා බැලූ විට ඉන් පැහැදිලි වන්නේ, මිනිස් ජීවිතය සහ ජීවත් වන්නේ කෙසේ ද යන ප්‍රශ්න හමුවෙහි යට කී පිළිතුරු දැක්‌වීම ලෝකයේ බරපතළ අවුල් වියවුල් ඇති කිරීමට හේතුවන බවයි.
මෙම ලිපියට ප්‍රස්‌තුත වූ ප්‍රකාශය ඉදිරිපත් කරන ලද, ශ්‍රී ලාංකේය කෘතහස්‌ත චින්තකයකු, දාර්ශනිකයකු හා ලේඛකයකු වන කුලියාපිටියේ ශ්‍රී ප්‍රනාන්දු මහතා පවසන පරිදි ඔහු විසින් එකී ප්‍රශ්න දෙකට ලබාදුන් පිළිතුරු මගින් තම ජීවිතය හෝ ජීවත්වීම මෙතෙක් ඔහුට ගැටලුවක් නොවිණි. ඔහු විසින් සොයාගත් පිළිතුරුවලට මූල පදනම වූ කලී බුදුදහමයි, එහි දැක්‌මයි, එහි ආලෝකයයි, එහි මාර්ගයයි, එහි චරණයයි. අප විසින් මතු දක්‌වනු ලබන්නේ ඔහුගේ එකී පිළිතුරුයි.
"මෙහි ජීවය වැඩෙන්නේ ඉබේම නොවේ. අකාරණාව, අහේතුකව නොවේ. මහා පිපුරුමකින් හෝ මහා මැවීමකින් හෝ නොවේ. හුදු මහා භූත කෙරෙන් පැන නගින සෘතු විපර්යාසාදී හේතුවෙන් සිදුවන ස්‌වයං සිද්ධි ක්‍රියාවකින් නොවේ. ධර්ම ස්‌වතන්ත්‍රවාදීව නොවේ. ජීවය නැති තැනකින් ජීවයක් හට ගැනීමෙන්ද නොවේ. එය විශ්ව සත්ත්ව සන්තතියෙන්ම කැඩී එන ප්‍රතිසන්ධියෙකි. බීජ, උතු, ධම්ම, කම්ම, චිත්ත නියාමයන්ගේ සුසංයෝගයෙනි.
යමකුට උපතින් ජීවිතයක් ලැබෙයි. උපත යනු ඵලයකි. එහිදී එය හේතුවක් නොවන අතර හේතුවක ඵලයකි. උපතට හේතුව කුමක්‌ද යන්න සාමාන්‍ය මිනිස් චින්තන විෂය ඉක්‌මවා යන්නකි. එහෙයින් සාමාන්‍ය මිනිස්‌සු එයට හේතුව නොවිමසති. එහෙත් විවිධ ආගමික කර්තෘන්, දාර්ශනිකයන්, චින්තකයන්, උගතුන්, බටහිර විද්‍යාඥයන්, දේශපාලන න්‍යායාචාරීන්, විසින් ඒ සඳහා විවිධ පිළිතුරු ඉදිරිපත් කරනු ලැබිණිá ලැබෙයි. එයට ගෞතම බුදුන්වහන්සේ විසින් දුන් පිළිතුර හැර අන් සියලු පිළිතුරු උපතට ඒක හේතුවක්, ජීවිතයේ පටන් ගැන්මක් සහ අවසානයක් ගැන කෙරෙන විග්‍රහයන්ගෙන් සමන්විත වෙයි. එහෙත් ලොවෙහි පවත්නා ජීවිතයේ සියලු දැ ඒක හේතුවක් මත නොව බහුහේතු මත පදනම් වන බව ඉතා පැහැදිලිය. එහෙයින් ජීවිතය, උපත සහ මරණය ආදිය ද කිසිසේත් ඒක හේතුක නොවන බව පැහැදිලිය.
ජීවිතය බහුහේතුක බව කියන බුදුදහම ජීවියකු යනු ඇරඹුමක් හෝ අවසානයක් හෝ නොමැති සසරෙහි සරන, නොවෙනස් වන ආත්මයක් නැති අයෙකි. එවැන්නකුගේ මෙලොව උපත, ජීවිතය සහ මරණය යනු අප දකින අතරමැද තත්ත්වයකි. එකී ජීවියාගේ යළි යළි උපත, පැවැත්ම හා මරණය, එනම් සසර බොහෝ දුක් සහිතය.
තත් කරුණු සලකා බැලීමේ දී බුදුදහම මගින් මිනිසාට, මිනිස් බුද්ධියට, මිනිස් චින්තනයට, මිනිස් හදවතට සුවිශේෂීබවක් ලබා දී ඇත. එනම් මිනිස් ජීවිතය, ජීවිත ගමන මැවුම්කරුවකු, අණකරන්නකු, මෙහෙයවන්නනකු, පමුණුවන්නකු, උසුලාගෙන යන්නකු, න්‍යායාචාර්යවරයකු නොහොත් වෙනත් කිසිදු බාහිර බලයකින් මුළුමණින්ම මෙහෙයවන්නක්, හසුරුවන්නක් නොවන බවයි. එහි ඇරඹුම සහ අවසානයද එසේ නොවන්නක් බවයි.
ගෞතම බුදුන්වහන්සේ අනුදැන වදාරන්නේ තම ගමන අවසන් කොටගෙන දුකින් මිදීමේ පූර්ණ ශක්‌තිය, බුද්ධිය, දැක්‌ම, ප්‍රඥව, ක්‍රියාකාරීත්වය ඇත්තේ තමා තුළම බවයි.. එනම් මිනිසා තුළම බවයි. දිගු සසර සරමින් තම අභිමතාර්ථ සාධනයෙහිලා පෙරුම්දම් පුරණ බෝසත්වරයකු වුව ලොව්තුරා බුද්ධත්වය සාක්‌ෂාත් කොටගැනීම උදෙසා මිනිස් භවයකට සපැමිණිය යුතුය. මිනිසකුගේ මිනිසත්බවේ සුවිශේෂී මා හැඟියාව වන්නේ එයයි.
ජීවිතය යනු කුමක්‌ද, ජීවත් වන්නේ කෙසේද යන්න ප්‍රශ්නවලට නිසි පිළිතුරු ලබාදෙමින්, ඒ අනුව ජීවත්වන, නිවන ලබාගැනීම ඒකායන අරමුණ කොටගත් මිනිසකුගේ චින්තනය, දැඩිව හා කාර්යය ඔහුටත් පොදු සමාජයටත් ඉන් මුළු ලෝකයටත් බොහෝ වැඩදායී වේ. මන්ද? එකී අරමුණ කරා යා යුතු මග යන්නකුගේ ජීවිතය ප්‍රඥව, කරුණාව, මෛත්‍රීය, දයාව, උපේක්‌ෂාව ආදී උපරි මිනිස් ඥනයන්ගෙන් ප්‍රභාවත් වන හෙයිනි.
එහෙයින් ව්‍යාපාර අර්ථයෙන් පවතින එකී පුද්ගලයාගේ ජීවිතයේ සහ ලෝකයේ නිවීමටත් එසේ එළැඹි මාර්ගයෙන් තම භව ගමන පරමාර්ථික වශයෙන් අවසන් කොට ගැනීම හෙවත් නිවන සාක්‌ෂාත් කර ගැනීමටත් මිනිසකුට හැකියාව ලැබෙයි. එවන් වූ පුද්ගලයා තමා ලද මිනිස් ජීවිතයෙහි යට කී ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු ලබාදුන් මිනිසෙක් වෙයි.
වෛද්‍ය ලලිත් විඡේසිංහ
සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි
මහ රෝහල, මහනුවර

0 comments:
Post a Comment