පහතරට ගැමි නාටකයට තෝතැන්නක් වු හික්කඩුව පෙදෙසෙහි දී ධම්ම ජාගොඩ හෙවත් ධර්මපාල කළහේ ජාගොඩ ජන්ම ලාභය ලැබී ය. නිතර බලිතොවිල් හඬ ඔහු සවන් වැකිණි. මද්දලයේ හා පහතරට බෙරයේ හඬ ඔහු සවනට හුරුවූයේ සිය ගමට ආසන්න තල්පාවිල ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ නාඩගම් පවුල් කිහිපයක් නිසා ය.
බලි ගායනා හඬ ද ඇදුරන් ගේ රැඟුම් ද නැරැඹීම මඳකට අමතක කළ ධර්මපාල අධ්‍යාපනය සඳහා ගාල්ල මහින්ද විද්‍යාලයයට යොමු වූයේ ය. ජ්‍යෙෂ්ඨ විභාගය සමත් ව මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සැලැසුම් ශිල්පියකු ලෙස සේවාවට පැමිණි ඔහු 1961 - 1962 පමණ කාල වකවානුවේ දී එකී දෙපාර්තමේන්තුව ඇතුළත සාහිත්‍ය හා නාට්‍ය සංගමයක් පිහිටුවා ගත්තේ ය.
ඔහු නාට්‍ය නිෂ්පාදනය සඳහා පිවිසෙන්නේ ද ඒ අතරතුර ය. වෑයිහේනේ ගාමිණී හෝල්හි රැඟුම් පාන්නට පැමිණෙන තියටර්කරුවන් හා සමීප ඇසුරක් පැවැත්වූ ධම්ම “කැකිල්ලේ රජ්ජුරුවෝ - තම්මැන්නා, සාගලී” වැනි නාට්‍ය ද නිෂ්පාදනය කෙළේ ය.
අනතුරු ව ඔහු ජී.ඩී.එල්. පෙරේරා ගේ කලා පෙළට සම්බන්ධ වී “සක්කරවට්ටම්” නාට්‍යයට රංගනයෙන් දායක විය. මේ කාලය ඇතුළත ඔහු නාට්‍ය රාශියක රඟපෑවේ ය. ඒ අතර හෙන්රි ජයසේන ගේ ‘කුවේණි’, ආනන්ද සමරකෝන් ගේ ‘රන් එතනා’ වැනි නාට්‍ය ද විය.
නාට්‍යයක් රඟ දක්වන දිනයන්හි ඔහු සිය රාජකාරියෙන් නිවාඩු ගෙන ඉතා කල්පනාකාරී ව ඊට සූදානම් විය. ඒ කැපවීමේ ස්වභාවයත් දැඩි අධිෂ්ඨානයත් ඔහු ගේ දිවියෙහි අවසන වනතෙක් ම ඒ අයුරින් ම දැකගත හැකි විණැ යි ධම්ම ගේ සමකාලීනයෝ පවසති.
ප‍්‍රසිද්ධ වේදිකාව සඳහා ධම්ම අතින් බිහි වූ ප‍්‍රකට ම නාට්‍යය වන්නේ “වෙස් මුහුණ” යි. ඒ 1966 දී ය. ඇමෙරිකා නාට්‍යකරුවකු වූ චෙනට් විලියම් ගේ නාට්‍යයක අනුවර්තනයක් ලෙස ධම්ම ලියා අධ්‍යක්ෂණය කළ එහි ප‍්‍රධාන චරිතයට පණ පෙව්වේ සුනේත‍්‍රා සරච්චන්ද්‍ර ය.
1966 වසරේ නිෂ්පාදිත හොඳ ම නාට්‍යය ලෙස තේරුණු මේ නාට්‍යය සඳහා ඒ වසරේ හොඳ ම නිළියට හිමි සම්මානය සුනේත‍්‍රා සරච්චන්ද්‍ර හිමිකර ගනිද්දී හොඳ ම නළුවාට හිමි සම්මානය හිමි කර ගත්තේ ධම්ම ජාගොඩ යි. අයිරාංගනී සේරසිංහ, සිරිල් වික‍්‍රමගේ, රුක්මණී දේවී වැනි නළු නිළියන් රැසක ගේ රංගන දායකත්වයෙන් එළි දැක්වුණු නාට්‍යයකි එය.
බි‍්‍රතාන්‍ය ලීගයේ ආධාර ඇති ව එංගලන්තයේ නොටින්හැම් රංගායතනයෙහි අධ්‍යෂණය හා රංග කාර්යය ඉගැන්වීම පිළිබඳ පාඨමාලාවක් හැදෑරූ ධම්ම ඒ අතරතුර විවිධ රටවල සංචාරයෙහි යෙදෙමින් විවිධ නාට්‍ය නරඹමින් නාට්‍ය ශිල්පීන් මුණ ගැසෙමින් බොහෝ අත්දැකීම් ලබා ගත්තේ් ය.
අනතුරු ව ලංකාවට පැමිණි හෙතෙම 1970 දී රංග ශිල්ප ශාලිකා නම් නාට්‍ය පාසල ලයනල් වෙන්ඩට්හි ආරම්භ කෙළේ ය. එවකට එබඳු ශිල්ප ශාලිකාවක් මෙරට අන් තැනෙක ඇරැඹී නොතිබුණු බව ද පැවසිය යුතු ය.
‘රංග අභ්‍යාස’ යන්න කුමක් දැයි පවා නොදත් අපට එය හඳුන්වා දීමේ පූර්ණ ගෞරවය ධම්ම ජාගොඩට හිමි විය යුතු ය. රංගන ශිල්පියකු ශරීරය ශක්තිමත් කරගන්නේ කෙසේ ද, හුස්ම ගැනීම ක‍්‍රමවත් කර ගන්නේ කෙසේ ද යන්න හඳුන්වා දී, ඒ අංශ අධ්‍යයනයට මඟ පාදා දුන්නේ මේ පුරෝගාමියා ය.
රංග අභ්‍යාසවලට එපිටින් යන මානසික දියුණුවක් නළුවකු ගෙන් බලාපොරොත්තු වූ ධම්ම, ලංකාවේ රංගනයට හැකියාව ඇති සම්පත්වලින් උපරිම ප‍්‍රයෝජන ගැනීමට උත්සුක විය.
සිය ශිල්ප ශාලිකාව සඳහා හෙන්රි ජයසේන, නාමෙල් වීරමුනි, අයිරාංගනී සේරසිංහ, චන්ද්‍රසේන දසනායක ආදීන් ගේ සහාය ද ලබා ගැනීමට හේ අමතක නො කෙළේ ය.
ගාමිණී හත්තොටුවගම, තිස්ස කාරියවසම්, සුචරිත ගම්ලත්, ජේ.බී. දිසානායක වැනි උගතුන් ගේ දේශන වලින් මෙකී ශිල්ප ශාලිකාවේ අධ්‍යාපනය ලැබූවන් දැනුමින් පෝෂණය කිරීම ද මෙමඟින් සිදුවිය. එමතු ද නො ව මිරැන්ඩා හේමලතා, බැසිල් මිහිරිපැන්න, සුනන්ද මහේන්ද්‍ර වැනි ප‍්‍රවීණයන් ගේ දායකත්වය ද ඔහු ගේ කාර්යය සඳහා මහත් පිටුබලයක් විය.
තම රංග ශිල්ප ශාලිකාවෙන් පිටවී යා යුත්තේ හුදෙක් බොල් නළුවන් නොවේ යැයි සිතූ ධම්ම, තම ශිල්ප ශාලිකාවට රංගනයේ ප‍්‍රවීණයන් ගේ හා විද්වතුන් ගේ අනුග‍්‍රහය ද උපකාරය ද ලබාගත්තේ ය. මේ කාලවකවානුවේ දී ධම්ම අතින් විශේෂ නිර්මාණ කිහිපක් බිහි විය.
මහාචාර්ය තිස්ස කාරියවසම් විසින් ලියන ලද ‘පෝරිසාදයා ගේ පරස්තාව‘ වැනි නිර්මාණ ඒ අතර විය. ධම්මසේන පතිරාජ විසින් රචනා කැරුණු ‘කොරා සහ අන්ධයා’ නම් නාට්‍ය විනාඩි 45 ක් පුරා නළුවන් දෙදෙනකු පමණක් රංගනයෙහි යොදවමින් වේදිකාගත කිරීමට ඔහු සමත් විය. ඒ නළුවන් විස්මයජනක ලෙස වේදිකාවේ හැසිරැවීමට ධම්ම සමත් විය. එය විශිෂ්ට ගණයේ නිෂ්පාදනයකැ යි කීම සාධාරණ වන්නේ ඒ නිසා ය.
රංග ශිල්ප ශාලිකාවෙන් බැහැරව හෙතෙම කොළඹ විශ්වවිද්‍යාලයත් සමඟ එක් ව 1971 කැරැල්ල පාදක කර ගනිමින් ‘මළවුන් නැඟිටීම’ නම් නාට්‍යය නිෂ්පාදනය කෙළේ ය. එහි සුවිශේෂත්වය වූයේ හඬ හා ශබ්ද විවිධාකාරයෙන් යොදා ගනිමින් පේර්ක්ෂකයා තුළ ප‍්‍රබල කම්පනයක් ඇති කිරීම ය.
විවිධ ප‍්‍රදේශවල ගැමි ගී, ජන ගායනා, දේශන වැනි දෙයින් ලබාගත් දැනුම ස්වකීය රංගනය මෙන් ම නිර්මාණයන්හි ප‍්‍රශස්ත බව ඇති කිරීම සඳහා යොදා ගත්තේ ය.
එවකට පැවැති ආණ්ඩුව නාට්‍ය කලාව පාසල් විෂය නිර්දේශයට එක් කිරීමට ගත් තීරණය නිසා ඒ සඳහා අවශ්‍ය ගුරුවරුන් පුහුණු කිරීමේ වගකීම පැවැරුණේ කොළඹ විශ්වවිද්‍යාලයය වෙත ය. ඒ සඳහා තෝරාගත යුතු හොඳ ම පුද්ගලයා ලෙස කොළඹ විශ්වවිද්‍යාලය විසින් තෝරා ගැනුණේ ධම්ම ජාගොඩ ය.
කොළඹ සරසවියට ඒ සඳහා අවශ්‍ය පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාව සැකැසීමේ දී ද දායක වූයේ ධම්ම ය. අනතුරුව පාසල් විෂය නිර්දේශය සංවර්ධනය කිරීමේ දී ද ධම්ම විශාල දායකත්වයක් ඒ සඳහා ලබා දී ඇත.
විද්‍යාර්ථයන් බිහි කිරීමේ ඔහු ගේ කැමැත්ත කෙබඳු ද යත් ඒ සඳහා අවශ්‍ය පොත පත ලිවීමෙහිලා උගතුන් පොලඹවන්නට හේ උත්සුක විය. ඊට හොඳ ම සාධකය වනුයේ නාට්‍ය හා ‘රංග කලාව‘ කෘතිය හා රංග ශිල්ප ශාලිකාවේ දේශනයන් එක්කොට පසුකාලීන ව මුද්‍රණය වූ ‘නාට්‍ය ප‍්‍රවේශය’ය.
මහාචාර්ය සුචරිත ගම්ලත් ගේ මේ කෘතින්හි ධම්ම ගෙන් ලද අනුපමේය සහය පසසා තිබීමෙන් ඒ බව පැහැදිලි වෙයි. තව ද අද අප අධ්‍යයනය කරන නාට්‍ය හා රංග කලාව ධම්ම ජාගොඩ අතින් ඔපමට්ටම් වූ මිනි කැටයකැ යි කීම නිවැරැදි ය. රංගන ශිල්පියා භාෂාවෙන් හා සාහිත්‍යයෙන් පෝෂණය නොකොට ඔවුන් ගෙන් නිසි ඵල නෙළා ගැනීම අපහසු බව ධම්ම ඇදහී ය.
අධ්‍යාපන දෙපාර්තමේන්තුව සමඟ එක් වූ ඔහු නාට්‍ය හා රංග කලාවට අවශ්‍ය පාරිභාෂික වචන මාලාවක් ද සකස් කෙළේ ය. වසර 45 කෙටි ජීවිත කාලයක් තුළ ඔහු ගේ මහත් මෙහෙවර අතර ටෙලි නාට්‍යය දේශීය අනන්‍යතාවන්ගෙන් පෝෂිත කලා මාධ්‍යයක් බවට පත් කිරීම ද වෙයි.
ටෙලි නාට්‍යයක් ලෙස ‘සසර’ නම් ජනපි‍්‍රය වේදිකා නාට්‍යය රූපවාහිනියට නිෂ්පාදනය කළ ධම්ම අනතුරු ව වේදිකා නාට්‍ය බොහොමයක් රූපවාහිනිය වෙනුවෙන් නිෂ්පාදනය කරමින් සෝමවීර සේනානායක හා එක් ව ටෙලි නාට්‍ය කලාව ගොඩනැංවීමට වෙහෙස වූයේ ය.
එය අරුතින්, රුවින් සපිරි නිරූපණ මාධ්‍යයක් ලෙස හඳුනා ගෙන කටයුතු කළ මෙබඳු යුග කාරක මෙහෙයක් කළ කලාකරුවකු ගේ අපේක්‍ෂා හා කි‍්‍රයා පිළිවෙළ නැවත විමංසනය කරමින් කටයුතු කිරීමට කාලය එළැඹ ඇත.

0 comments:
Post a Comment