728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Wednesday, 26 February 2014

ජනාධිපති, ප‍්‍රභාකරන්ට පැන යන්න ඉඩ දුන්නා.. ඒත් මං ගැහුවා – ෆොන්සේකා

යුද්දයේ අවසන් දින කිහිපයේ දින දෙකක සටන් විරාමයක් ජනාධිපතිවරයා විසින් ලබා දුන්නේ කොටි නායක ප‍්‍රභාකරන්ට පැනයන්න යයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂ නායක සරත් ෆොන්සේකා පවසයි.

ඔහු මෙසේ පැවසුවේ කළුතර පැවති අන හමුවක් අමතිමිනි. එහිදී ෆොන්සේකා මහතා මෙසේද කීය.
‘2009 වසරේ ජනවාරි මස අගදී ජනාධිපතිවරයා මට කිව්වා දවස් දෙකක සටන් විරාමයක් දෙමු කියලා. මම බෑ කිව්වා. ඒත් ඇහුවේ නෑ. තමන්ගේ හිතුමතේ පැය 48ක සටන් විරාමයට ප‍්‍රකාශයට පත්කළා. ඒකෙන් මොකද වුණේ.
31වැනිදා රැ ප‍්‍රභාකරන් යුද පෙරමුණේ ඉදිරි ආරක්ෂක වළල්ලට දැඩි ප‍්‍රහාරයක් එල්ල කළා. මගේ සෙබලූන්ට පසුබහින්න සිද්ධ වුණා. ඒක මම දකින්නේ බටහිර බලපෑම්වලට මේ රටේ නායකයා ප‍්‍රභාකරන්ට පැන යන්න දුන්න අවස්ථාවක් ලෙසයි.
ඒත් රටේ වාසනාවකටද කොහෙද ප‍්‍රභාකරන් පැන ගියේ නෑ. ඒ වෙනුවට ඔහු උත්සාහ කළේ අවස්ථාවෙන් ප‍්‍රයෝජන අරගෙන අට පහර දෙන්න. ඒ ප‍්‍රහාරයේදී මගේ සෙබළු 500ක් පමණ මිය ගියා. තවත් මීටර් 300ක් පසුබසින්න සිදුවුණා නම් අපි අදත් ඒ යුද්ධයෙන් පීඩා විදිනවා.
එදා මම මෙහෙයුම් මැදිරියට වී දින ගණනක් යුද්ධය මෙහෙයවලා පෙබරවාරි 04 පාන්දර කොළඹ ඇවිත් යන්තම් මුහුණ හෝදගෙන නිදහස් උත්සවේට සහභාගී වෙනකොට මේ නායකයා ජොලියේ කයිවාරු ගහනවා. ඒත් මම ඒ වෙලාවේ හිටියේ ඔළුව රත්වෙලා’
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ජනාධිපති, ප‍්‍රභාකරන්ට පැන යන්න ඉඩ දුන්නා.. ඒත් මං ගැහුවා – ෆොන්සේකා Rating: 5 Reviewed By: Unknown