ප්‍රංශයේ ශ්‍රී ලංකා කාන්තා සංගමයේ අවමංගල්‍යාධාර ඒකකය විසින් නව වැනිවරට සංවිධානය කෙරෙන සංගීත ප්‍රසංගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම උත්සවය සඳහා සහභාගි වීමට ප්‍රවීන ගායක ශිල්පිණී රූපා ඉන්දුමතී මහත්මියට ආරාධනා ලැබී තිබේ.
ගායන දිවියට අඩසියවසක් පිරීම නිමිත්තෙන් රූපා ඉන්දුමතී මහත්මියට උපහාර පිණිස මෙම ප්‍රසංගයට ආරාධනා ලැබී තිබෙන අතර එම සංගමයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක ලක්ෂමන් හේවාවිතාරණ මහතා විසින් ඇය වෙත මෙම ආරාධනය පිළිගන්වා ඇත. ලබන මාර්තු මාස නමවැනිදා සවස පැවැත්වෙන මෙම ප්‍රසංගය සහා විදෙස් ගායන ශිල්පීන් ශිල්පිණියන් රැසක් සහභාගී වීමට නියමිතය. මැදපෙරදිග සංචාර රැසකට තම ගායන දිවිය තුළ සහභාගී වී ඇති රූපා ඉන්දුමතී මහත්මිය යුරෝපා සංචාරයක නිරතවන පළමු අවස්ථාවද මෙය වේ.
0 comments:
Post a Comment