මෙරට කතෝලික පක්ෂයක් සෑදිය යුතු යයි අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ඇතුළු බිෂෝප්වරුන් සහ ආණ්ඩුවේ කතෝලික ඇමතිවරුන් සහභාගී වූ විශේෂ සාකච්චාවකදී යෝජනා වී ඇතැයි වාර්තා වෙයි.
මෙම සාකච්චාව හලාවත,තලවිල ශාන්ත ආනා පල්ලියේ පවත්වා ඇති අතර ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකු විසින් ඉදිරිපත් කල මෙම යෝජනාව මුස්ලිම් කොංග්‍රසය ලංකා කම්කරු කොංග්‍රසය ඇතුළු පක්ෂ උදාහරණ ලෙස දක්වමින් සාධාරණීකරණය කර ඇතැයිද පැවසේ.
අදාළ පක්ෂ වලට ආගමික පදනම මත කටයුතු කිරීමට හැකි නම් කතෝලික ආගමිකයන්ට වෙනම පක්ෂයක් තිබීමේ කිසිදු වරදක් නැතැයිද එම ඇමතිවරයා මෙහිදී අවධාරණය කර තිබේ.
කෙසේ වෙතත් මෙහිදී කාදිනල්තුමා මේ යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කර ඇති අතර කතෝලික ආගම විකෘති කරමින් කටයුතු කරන මූලධර්මවාදී සංවිධාන වලට එරෙහිව කටයුතු කිරීමේ වැදගත්කමක්ද අවධාරණය කර තිබේ

0 comments:
Post a Comment